Watch Trailer

House of the Dragon [S01 : E01] Sinhala Subtitles | මකරුන්ගේ රජදහන [සිංහල උපසිරසි] 18+

මේ අවුරුද්දේ ඔයාලා වැඩියෙන්ම හයිප් එකේ හිටිය සීරීස් එක මොකද්ද කියල ඇහුවොත් භාගෙට භාගයක් දෙන උත්තරේ තමයි “House Of The Dragon.” 2011 දි George R. R. Matin මහතා ලියූ පොත් පාදක කරගෙන ආරම්ඹ වෙලා, සීසන් 8 ක් පුරා ලොව වටා මිලියන ගණනකගේ ආදරය සහ ප්‍රසංශාව දිනාගන්න “Game Of Thrones” සමත් වුණා. HBO නාලිකාවෙ…

මේ අවුරුද්දේ ඔයාලා වැඩියෙන්ම හයිප් එකේ හිටිය සීරීස් එක මොකද්ද කියල ඇහුවොත් භාගෙට භාගයක් දෙන උත්තරේ තමයි “House Of The Dragon.” 2011 දි George R. R. Matin මහතා ලියූ පොත් පාදක කරගෙන ආරම්ඹ වෙලා, සීසන් 8 ක් පුරා ලොව වටා මිලියන ගණනකගේ ආදරය සහ ප්‍රසංශාව දිනාගන්න “Game Of Thrones” සමත් වුණා. HBO නාලිකාවෙ මිලියන ගණනක් වියදම් කරල නිර්මාණය කරපු GoT කොච්චර ප්‍රසිද්ධියක් දිනාගත්තද කියනව නම්, ඒ කාලෙදි GoT නොබලපු කෙනෙක් හිටියෙ නැති තරම්.

ඉතිං GoT දිනාගත්ත සාර්ථකත්වය නිසා HBO ලා තීරණය කරනවා මේ කතා මාලාව පාදක කරගෙන යුනිවර්ස් එකක්ම ගොඩනගන්න. එහි ප්‍රතිපලයක් වදිහට තමා Game Of Thrones පළවෙනි ස්පින් ඕෆ් එක වුණු “House Of The Dragon” අද රිලීස් වුනේ.

හැබැයි මේ ටීවි සීරීස් එකෙන් අපිට හුරුපුරුදු චරිත නම් බලාගන්න ලැබෙන්නෙ නැහැ. මොකද HotD නිර්මාණය වෙන්නේ GoT වල ප්‍රීක්වල් සීරීස් එකක් විදිහට. ආසන්න වශයෙන් Game Of Thrones හි සිදුවීම් වෙන්න කලින් සියවස් දෙකකට පෙර වුනු සිදුවීම් අරගෙන House Of The Dragon උබ හමුවට එනවා.

House Of The Dragon සීරීස් එකට පාදක වෙන සිදුවීම් මොනවද?

GoT වලදි අපිට බලාගන්න ලැබුණේ ටාගේරියන් වංශයේ අවසන් උරුමක්කරුවන් කිහිප දෙනාගේ කතාවනේ. ඒත් HotD කාලය වෙද්දී වෙස්‍ටරෝස්වල ඉන්න ටාගේරියන් වංශය අනිත් කිසිම වංශයකට ළඟාවෙන්න බැරි තරම් බලයක් ගොඩන්ගාගෙන සිටි කාලයක්.GoT වල හිටියේ ඩ්‍රොගොන්, රේගර් සහ විසේරියන් කියල මකරු තුන්දෙනෙක් පමණක් වුනත් House Of The Dragon කාල සමයේ වෙස්ටරෝස් අහසේ මකරුන් 19 කට් අධික ප්‍රමාණයක් සැරි සරනවා. ඉතිං මේ තරම් බලයක් තමන් වටේ රැස් කරගෙන හිටිය නිසා ටාගේරියන්වරුන්ට අතක් තියන්නවත් කිසිම කෙනෙක්ට හැකි වුණේ නෑ. නමුත් එහෙමයි කියලා ටාගේරියන් වංශය සොයාගෙන විනාශය ඒමෙන් වැළකී තිබුනෙ නෑ. ටාගේරියන් වංශවතුන් අතර සිහසුණට උරුමකම් කියන්නන් කිහිප දෙනෙක්ම සිටා නිසා ඔවුන් බල කෑදරකමින් එකිනෙකා හා ගැටෙන්න ගත්තා. මේ ගැටුම්වල ප්‍රතිපලය වුනේ වංශවතුන් සහ අවසන් මකරුන් සෑහෙම දෙනෙක්ගේ මරණය සනිටුහන් කළ ටාගේරියන් සිවිල් යුද්ධය සිදුවීමයි.

ටාගේරියන් සිවිල් යුද්ධ හෙවත් Dance Of The Dragon

129 AC සහ 131 AC අතර කාලය තුළ සිදුවුනු විශාල යුද්ධය තමයි “Dance of the Dragon” ලෙස හඳුන්වන්නෙ. පළමු ඒරිස් ටාගේරියන් රජුගෙන් පසු සිහසුන මත ඉඳගැනීම වෙනුවෙන් ඔහුගේ දියණිය සහ පුතා වුනු Rhaenyra Targaryen සහ Aegon Targaryen අතර මේ යුද්ධය ඇති වුනා. මේ සටන දිහා බලන් හිටිය අනිත් ප්‍රබල වංශත් මේ පාර්ශව දෙක අතර බෙදිලා සටන් කරන්න පටන් ගත්‍ත නිසා අවසානයේදී මේක ප්‍රබල යුද්ධයක් බවට හැරුණා. ඉතිං අපි GoT වල දැකපු ලෝකයට පාර කැපූ මේ විශාල සටන තමා “House Of The Dragon” කතාවට පාදක වෙන්නේ. GoT වගේම තමා, සිහසුන වෙනුවෙන් යන මේ ගේම් එක ඇතුලේ වැදගත් චරිත බොහොමයක්ම ඉන්නවා. ඔවුන් කිහිප දෙනෙක් ගැනත් විස්තර බලමු.

• පළමු විසේරිස් රජු

විසේරිස් රජ් වෙන්න කලින් වෙස්ටරෝස් පාලනය කළේ ජෙහාරිස් නම් පාලකයෙක් විසින්. ජෙහාරිස්ට පුතුන් දෙදෙනෙක් සිටියත් අවසනාවන්ත ලෙස ඔවුන් දෙන්නම මිය යනවා. ඉතිං තමන්ගෙ අනුප්‍රාප්තිකයා විදිහට තමන්ගේ සහෝදරිය වුනු රේනිස් සහ විසේරිස් අතරින් කෙනෙක්ව තෝරගන්න වෙනවා. රෙනීස් වැඩිමල් උරුමක්කාරිය වුනත් ඇය කාන්තාවක් වුනු නිසා සිහසුන උරුම වෙන්නෙ විසේරිස්ට. මුල් කාලයේ සාමකාමී පාලනයක් අරන් ගියත් පසුව අසනීප වීම සහ තමන් ගන්න වැරදි තීරණ නිසා විසේරිස් දැවැන්ත ගැටුමකට හේතු වෙනවා.

• රෙණෙයිරා ටාගේරියන්

රෙණෙයිරා කියන්නෙ විසේරිස්ගේ වැඩිමහල් දරුවා. ටාගේරියන් සිවිල් යුද්ධයේ විශාල රෝල් එකක් ඇය කරනවා. රෙණෙයිරාට මකරෙක් සිටියා සහ ඇයගේ නම වුනේ සයිරැක්ස්.

පොතට අනුව රෙණෙයිරාගේ පෙනුම

• ඩේමන් ටාගේරියන්

විසේරිස්ගේ බාල සහෝදරයා තමයි ඩේමන්. විසේරිස්ට පුතෙක් ලැබුණෙ නැත්තන්, මීළඟට නීතියෙන් කිරුළ හිමිවිය යුත්තේ ඩේමන්ට. ඒත් ඩේමන් නුරුස්සන හිතුවක්කාර කෙනෙක් නිසා කවුන්සිලයේ අනිත් අය ඔහුට වැඩි කැමැත්තක් නෑ. නමුත් ඩේමන් කොච්චර නොමනා වැඩ කළත් විසේරිස් ඔහුට ගොඩක් ආදරය කළා. ඩේමනුත් කැරැක්සිස් නමින් මකරෙක්ගේ ධාවකයෙක් වුණා සහ ඔහු මේ වෙද්දී “සිටි වොච්” නමින් හඳුන්වන හමුදාවේ අණ දෙන නිලධාරිවරයා ලෙස රජුට සේවය කරනවා.

ඉතිං මේ අද එපිසෝඩ් එකේ ඉන්න වැදගත් චරිත තුනක් විතරයි. ඉස්සරහට සෑහෙන චරිත සහ මකරුන් ගොඩක් කතා මාලාවට එකතු වීමට නියමිතයි. මේ සීරීස් එක වෙනුවෙනුත් ඉතාම දක්ෂ රංගන ශිල්පීන් පිරිසක් එකතු වෙනවා. විසේරිස් ලෙස Paddy Considine, රෙනේරා ලෙස Milly Alcock, ඩේමන් ටාගේරියන් ලෙස Matt Smith, ඇලිසන්ට් හයිටවර් ලෙස Emily Carrey රංගනයෙන් දායක වෙනවා. ඉතිං හිතුවත් වගේ අද House Of The Dragon කතා මාලාව HBO සහ HBO Max වලින් සාර්ථකව විකාශය වුණා. GoT වගේම තමා, මේ සීරීස් එකෙත් ලිංගිකත්වය, ප්‍රචණ්ඩත්ව හොඳටම ඉස්මතු කරල තියෙනවා. ඒ නිසා මේ සීරීස් එකත් 18 ට වැඩි අය නැරඹුවා නම් තමයි හොඳ.

මේ වෙද්දි IMDB තුළ මනාප 20,000 කින් සීරීස් එකට 9.1 ක අතිශය ඉහළ රේටින් එකක් වාර්තා කරල තියෙනවා. මේ අවුරුද්දේ ආපු සීරීස් අතරින් වැඩිම අගයක් මේ සීරීස් එකට ෆෑන්ස්ලා ලබාදීලා. ඒත් තාමත් ගොඩක් අයට සැකයක් ඇති මේ සීරීස් එකත් GoT වගේ ඉවර වෙයිද කියලා. මොකද සෑහෙන පිරිසක් GoT එන්ඩින් එකට කැමති වුනේ නෑ. ෆෑන්ස්ලා එකතු වෙලා පෙත්සම් පවා යවන මට්ටමටම අවසන් කොටස් කිහිපයක් පත් වුණා.

ඒත් HotD එහෙම නොවේවි කියල බලාපොරොත්තුවක් තියෙනවා. මොකද GoT සීරීස් එකේ වගේ නෙවෙයි, House Of The Dragon වෙනුවන් ඔරිජිනල් “A Song Of Ice And Fire” පොතවල රචකයා වුනු George R. R. Matin නුත් එකතු වෙනවා. අනික මේ වෙද්දිත් Dance Of the Dragons කතාව ලියවී අවසන්. ඒත් GoT වල අන්තිම සීසන් තුනම නිර්මාණය වුනේ ජෝර්ජ් පොත ලියල නොතිබුණු නිසා කතාවේ ක්‍රියේටර්ස්ලගෙ උවමනාව අනුව. මේ සීරීස් එක එහෙම නොවෙන නිසා පොත් තරම්ම සාර්ථක අවසානයක් HotD සීරීස් එකෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් කියල හිතමු.

ඉතිං අද සිට සතිපතා කොටස් දහයකින් මේ සීරීස් එක රිලීස් වෙනවා. ඇමරිකාවට ඉරිදා රෑ රිලීස් කළත් ලංකාවෙ අපිට නම් House Of The Dragon බලන්න වෙන්නෙ සඳුද උදේ 6.30 ට. Game Of Thrones සීරීස් එක ලොකු මහන්සිය දරලා කලට වෙලාවට රොයිලි අයියා අරන් ආවනේ. ඒත් මේ පාර ඔයාලත් එක්ක් වෙස්ටරෝස්වල සැරිසරන්න එකතු වෙන්නෙ මමයි. ඉතිං රොයිලි අයියා සබ් එක දුන්නු කොලිටියටම පුලුවන් ඉක්මණින් මේ සීරීස් එක කරන්න මම උපරිම උත්සහ කරනවා. එහෙනම් මෙතනින් අදට ලිපිය අවසානයි. දැන් ඔයාලට ටාගේරියන් අග්නියේ උණුසුම විඳගන්න අවස්ථාවයි මේ.

ප.ලි.: ඔයාලා දකින්න ඇති අද එන්න තිබුණ සීරීස් එකේ වෙබ් පිටපතක් ඊයේ අන්තර්ජාලයට නිකුත් කරල තිබුණා. මෙහෙම වුනේ මොකද කලින්ම කොපි එකක් ලීක් වුනු නිසයි. ඒ ඒ පිටපතේ විනාඩි 03 ක්ම දර්ශන අඩුයි. ඉතිං අද මම මේ දුන්නේ නිල වශයෙන් රිලීස් වුනු කතාවෙ කොටස් අඩු නැති කොපිය. ඒ නිසා මතක් කරල ඒකම අරගන්න කියලත් ඉල්ලනවා.

Fire Will Reign  S01E01: “The Heir Of The Dragon” Director: Miguel Sapochnik Writer: Ryan J. Condal Released Date: August 21, 2022 IMDB Rating: 9.0 Age Rating: TV-MA

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

40,312 downloadsDownload House.of_.the_.Dragon.S01E01.zip92 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

Subtitles

40,312 downloadsDownload Subtitles92 KB

74 comments

  1. Anonymous

    Supiriyak thmai

  2. Anonymous

    දානකම් බලන් හිටියෙ.බොහොම ස්තූතියි සබ් එකට.පුලුවන් නම් අබ්බ්‍රෙල්ලා ඇකඩමි එකෙ අලුත් සීසන් එකටත් සබ් එක කරන්න.

  3. Kavindu vindyana

    Thanks brother

  4. Salvatore Ackles

    Downloaded after just 39 seconds thanks for the sub bro ♥️

  5. විමා

    සබට තුති මලේ.

  6. Sam

    සුපිරියක් සගෝ...❤️

  7. Rukshan

    Thanks bro

  8. Anuja Lakshitha

    thanks kollo sub ekt

  9. Dinupa

    thank u bro lipiyatai sub ekatai

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  11. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  12. Anonymous

    රොයිලි අයියා එන්නැද්ද මේකට? අයියෝ

  13. Anonymous

    Thanks sub ekata

  14. Anonymous

    Bohoma sthutiy sub ekata

  15. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  16. Anonymous

    Nice

    1. Anonymous

      Ela

  17. යුරාන් ධනුක (දනුවා)

    සුපිරි මල්ලි
    බොහෝම ස්තූතියි

  18. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  19. Anonymous

    westworld eke sub ekath dennako ayye

  20. Isuru Dilanka

    ටිකක් විතර පරක්කුයි .ඒත් කමක් නෑ ....Thankou very much...

  21. sahangayantha

    thanks a lot saho sub ekata

  22. Anonymous

    den kan hitiye
    thanks

  23. lakshan

    thanks ...........................

  24. Madhawa Welagedara

    Thanks brother

  25. Heshan

    Thank you!

  26. Anonymous

    House.of.the.Dragon.S01E01.720p.WEB.x265-MiNX
    me copy ekata sub eka yanne na

  27. Aegon

    සබ් එක පට්ට චොර මචන්. සබ් එකක් දාන එකත් වැඩක් තමා. උබේ සබ් එකේ කරලද කොහෙදෝ කරලා තියෙන්නේ.
    මේ වැඩේ රොයිලි අයියට දීපන්, අන්න වැඩ්ඩෝ. තේරුමක් ලස්සනට එන විදිහට සබ් කරපු එකෙක් ඉස්සර මේකේ හිටිය.
    අනික මේක රිලීස් උනු ගමන් අනිත් අතට වෙබ් කොපි බාලා බලන උන් ඉන්නවා. සබ් එක එනකම් ඉන්නේ නෑ. ඒක නිසා සබ් එක ගොඩක් කොපි වලට යන විදිගට දාපන්. ඒකත් දන්න කෙනෙකුගෙන් අහගනින්.

    1. විමා

      සබ් එකේ චොර තැන් ටික පෙන්නලා දුන්න නම් වැරැද්ද හදාගන්න තිබ්බ නේද?

      රොයිලිට මේකට සබ් කරන්න වෙන්නේ නැහැ කියපු නිසයි සචින්ත මේකට සබ් කරන්න බාරගත්තේ.
      මට නම් මේ සබ් එකේ කැතක් තිබ්බෙ නැහැ. ලස්සනට තිබ්බ. :)

      වේලාසන ලීක් වෙන අඩු කොලිටි කොපියට නෙමෙයි, ඔෆීෂියල් ටෙලිකාස්ට් වෙන හොඳ කොපියටයි සබ් එක තියෙන්නේ.
      සබ් එක ගන්නව නම් ගන්න, නැත්නම් වෙන ඕන තැනකින් අරගන්න පුළුවන් ඔයාට.
      මොකද අපි කවුරුත් ඔයාට මේක බලෙන් පෙන්නන්නෙ නැහැ.

  28. Achi

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌

  29. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  30. Anonymous

    thanks

  31. viraj

    thanks.......

  32. Rajitha

    Thanks jayawewa...!

  33. Anonymous

    බොහොම ස්තුතියි නියම වැඩක් .

  34. Sangeeth Prasad

    Great Job. Thank you so much

  35. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට තුති

  36. Udara Damith

    හේයි හයිඩ්‍ර

  37. Udara Damith

    සිගා සිගා

  38. Rashi Iddamalgoda

    Got බලන්නෙ නැතුව මෙක බලලා වැඩක් නැද්ද දන්න කෙනෙක් කියන්න.. plz..

    1. සචින්ත බෙනට්

      එහෙම කතාව නොතේරෙන එකක් නම් නෑ. ඒත් නියම ෆීලින් එක ගන්න GoT බැලුව නම් වඩා හොඳයි.

    2. yugan

      got balala inna bn ethakota tama supiri..

    3. Chinthaka Basnayaka

      අවුලක් නැ එහෙම මහලොකුවට කේස් එකක් නැ

  39. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  40. සංජන චමෝද්

    නියමයි මල්ලි. Keep up the good work.
    GOT බලලම මේක බලන්නම්.

    1. Sadeepa

      Got බලන්න කලින් මේක බලන්න. මේකේ තියෙන්නේ කලින් time period එකක්

    2. Anonymous

      yep GOT balala bladdi tama gathi

  41. Anonymous

    ade malli thanks so much. patta ahhhh umbalage sup aka

  42. Sanuk

    Thanks For the Sub

  43. JonDoe297

    ස්තූතියි සහෝ.. දිගටම දෙන්න.

  44. Anonymous

    Thanks for sub

  45. Anonymous

    2 වෙනි එපියටත් සබ් එක දාම් මචන් ඉක්මන්ට ❤️

  46. Anonymous

    2ni epiyat dennako

  47. Anonymous

    2 weni epiyath demu..jaya wewaa!!

  48. Anonymous

    niyamai machan aluth episode eke sub ekath ikmanin apita denna.

  49. Harsha

    Sub weda karanne ne, kohomada hada ganne

  50. Anonymous

    Rings of power එකත් දෙන්න..good luck

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.