කොහොමද යාලුවනේ හැමෝම හොඳින් ඉන්නවද? ඔන්න මම ඔයාලට තවත් කොරියන් කතාවක් අරන් ආවා. මේක ටිකක් අමුතු තේමාවක කතාවක්. ඔන්න එක ගෑණු ළමෙක් ඉන්නව. එයාට තියෙනව විශේෂ හැකියාවක්. මොකක්ද දන්නවද? එයාට හොල්මන් පේනව. තමන්ගේ ආශාවල් ඉටුකරගන්න බැරුව මැරිච්ච අය මේයාව හොයාගෙන ඇවිත් ඒව ඉෂ්ට කරල දෙන්න කියල කියනව. මගතොටේ ය…

කොහොමද යාලුවනේ හැමෝම හොඳින් ඉන්නවද? ඔන්න මම ඔයාලට තවත් කොරියන් කතාවක් අරන් ආවා. මේක ටිකක් අමුතු තේමාවක කතාවක්. ඔන්න එක ගෑණු ළමෙක් ඉන්නව. එයාට තියෙනව විශේෂ හැකියාවක්. මොකක්ද දන්නවද? එයාට හොල්මන් පේනව. තමන්ගේ ආශාවල් ඉටුකරගන්න බැරුව මැරිච්ච අය මේයාව හොයාගෙන ඇවිත් ඒව ඉෂ්ට කරල දෙන්න කියල කියනව. මගතොටේ යද්දිත් ගෙදර ඉද්දිත් මේ හොල්මන් මෙයාව හොයාගෙන එනව. මේක මෙයාට හරිම කරදරයක්. මොකද එහෙම එන හොල්මන් එයාලගෙ ඉල්ලීම් ඉටුවෙනකල්ම එයාව අතහැරල යන්නේ නෑ. ඒ වගේම මෙයා හරිම බයයි මේ හොල්මන් වලට. ඉතින් හැමෝගෙන්ම හැංගිලා තනිවෙලා වගේ තමයි එයා ජීවත් වෙන්නේ.
හදිස්සියේ පැමිණි අමුත්තා වෙන කවුරුවත් නෙවෙයි හී ජූ ගෙ නිවුන් සහෝදරියයි. ඇගේ සූදානම නැවතත් ජොන්ග් වොන් ව ලබා ගන්නයි.මේ කිසිත් නොදන්න ජොන්ග් වොන් ගෙ නැන්දගෙ සූදානම මේ රූමත් ධනවත් කාන්තාව ඔහුට විවාහ කරදෙන්නයි. තමන්ගෙ ආදරවන්තයව ආයෙත් ගෙන්වා ගන්න ගොන්ග් ෂිල් ඇගෙ හැකියාව නැත්නම් ඇයවම මැඩම් ගෝ ලඟ උගසට තියන්නයි සූදානම. ඒත් ඒ තරම් මහන්සි වෙලා ආපසු ගෙන්වන ජොන්ග් වොන් ගෙ මතකයේ කොතනකවත් ගොන්ග් ෂිල් ඉන්න බවක් නම් පේන්නේ නෑ…… මරණෙන් නැගිටින ජොන්ග් වොන්ට කියවීමේ හැකියාව අයෙත් ලැබෙනව. ඉතින් කතන්දරේ අවසානය දැනගන්න ඔහුට පුලුවන් වෙනව. ඒත් මේ අමුත්තිය ඇත්තටම හැනා ද? චා හී ජූද?
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,571 downloadsDownload MS-E13.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
1 comment
Anonymous
Advertisement



සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!