Watch Trailer

Agora (2009) Sinhala Subtitles | අගෝරා නුවර හයිපේෂියා ආර්යාව [සිංහල උපසිරැසි සමග]

දමිත් තරංග සොහොයුරාගේ ලිපිය… මේ චිත්‍රපටයට හේතු වුන කතාව ඉතිහාසයේ එන ඇත්ත සිද්ධියක්. මෙය නිර්මාණය කරන්න මුල් වෙලා තියෙන්නේ ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය, එවකට තිබුනු විශාලතම පුස්තකාලය ක්‍රිස්තියානුවන් විසින් මුලුමනින්ම විනාසකිරීම හා ඉතිහාසයේ ප්‍ර‍ථම දාර්ශනික ගණිතඥවරිය වන හයිපේෂියා ට උරුම වුන ඛේදනීය ඉර…

දමිත් තරංග සොහොයුරාගේ ලිපිය…

මේ චිත්‍රපටයට හේතු වුන කතාව ඉතිහාසයේ එන ඇත්ත සිද්ධියක්. මෙය නිර්මාණය කරන්න මුල් වෙලා තියෙන්නේ ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය, එවකට තිබුනු විශාලතම පුස්තකාලය ක්‍රිස්තියානුවන් විසින් මුලුමනින්ම විනාසකිරීම හා ඉතිහාසයේ ප්‍ර‍ථම දාර්ශනික ගණිතඥවරිය වන හයිපේෂියා ට උරුම වුන ඛේදනීය ඉරණම යන සත්‍ය කතාව පාදක කරගනිමිනුයි. IV වන ශතවර්ශය අගභාගයේදී රෝම අධිරාජ්‍යයේ ගරා වැටීම ආරම්භ වුනා. ඊජිප්තුවේ ප්‍රාන්තයක් ඇලෙක්සැන්ඩ්‍රියාවටත් මේ බලපෑම දැනෙන්න පටන් ගත්තා. ලෝකයේ පුදුම හතෙන් එකක් යැයි සලකනු ලබන ඉතිහාස ගත ඇලෙක්සැන්ඩ්‍රියා ප්‍රදීපාගාරය සහ,ලෝකයේ ලොකුම පුස්තකාලයත් මේ බිඳ වැටීමට මුහුණ දුන්නා. ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය කියන්නේ නොයෙකුත් ආක්‍රමණ හමුවේ විවිධ ජාතීන් අතින් වරින් වර විනාශවීම් වලට ගොදුරු වුනු එකක් බව ඉතිහාසය පීරලා බලද්දී හොයාගන්න පුලුවන්. මේ පුස්තකාලය සංස්කෘතික පමණක් නොවෙයි. ආගමික සංකේතයක් වශයෙනුත් වැදගත් තැනක්. මිත්‍යාදෘෂ්ටික ආගම් විසින් ඔවුන්ගේ පාරම්පරික දෙවිවරුන්ට වැඳුම් පිදුම් කළ ස්ථානයකුත් වෙනවා. මේ වැඳුම් පිදුම් හා නගරයේ යුදෙව්වන් කරන වැඳුම් පිදුම් හා සමානව පැවතුනා. එවකට තවමත් ප්‍රචලිත නොවූ ආගමක් වන ක්‍රිස්තියානි ආගම තහනම්ව පැවතුනා.

ක්‍රිස්තු වර්ෂ හතරවන සියවසේදී දාර්ශනිකයෙක් මෙන්ම තාරකා විද්‍යාඥවරියක් වන හයිපේෂියා (Hypatia) විසින් ඇයගේ සොයා ගැනීම් පිලිබඳව තමන්ගේ සිසුන්ට උගන්වනවා. ඇයට හිතින් පෙම් කරන දෙන්නෙකුත් මේ අතර ඉන්නවා. ඇයගේ වහල් සේවකයා විදිමට ඉන්න ඩේවුස් (Davus) නමැති වහලා සහා පන්තියේ ඉගෙන ගන්න සිසුවෙක් වෙන ඔරෙස්ටස් (Orestes) කියන දෙන්නා තමයි ඒ. ඔරෙස්ටස් ප්‍රසිද්ධියේ ඇගේ සිත දිනාගන්න උත්සාහ කරන අතරෙදි ඇයට වෙන්වු වහල් සේවකයා සිතෙන් ඇයට පෙම්කරනවා. ඒත් ඇය පෙම් තරන්නේ එකම එක දේකටයි. ඒ තමයි තාරකා විද්‍යාව. නමුත් ටික කලක් යද්දී ආගම් අතර ගැටුම් ඇවිලෙන්න යනවා. මිත්‍යා ආගම් හා ක්‍රිස්තියානි ආගම් අතර ගැටුම් ඇති වෙද්දී ඇගේ පියා එයින් මිය යනවා. ඇයට තාරකා විද්‍යාව සම්බන්ධ අධ්‍යන කටයුතු වල නියැලෙන්න බාධා ඇතිවෙනවා. ඇයගේ ක්‍රියාකාරකම් දකින අය විසින් ඇයව මායාකාරියක්, දෙවියන්ට භක්තියක් නැති කෙනෙක් කියලා චෝදනා කරනවා. ඒ කාලෙදි වෙනස් අන්දමක දැනුමක් හොයාගෙන ගිය ඇයව මිනිස්සු දැක්කේ අන්න ඒ විදිහටයි. මායාකාරියක්, දෙවියන්ට භක්තියක් නැති කෙනෙක් කියලා ඇයව ඇය ගල් ගසා මරුමුවට පත් කරන්නේ ඉහත චෝදනා වලින් ඇයට නිදොස් වෙන්න බැරි වුන නිසා. නමුත් ඇය ඇත්තටම විද්‍යාඥවරියක් මිස වෙන කෙනෙක් නෙමෙයි.

IMDB දර්ශකයේ අගය 7.2ක් අරගත්ත මේ චිත්‍රපටය ගැන ඒ විස්තරය සටහන් කලේ ඉතිහාස කතාවක් බලද්දී ඒ සිද්ධි වල ඇත්ත විත්ති දැන ගෙන ඉන්නම ඕන. නැත්නම් බලන චිත්‍රපටය කිසිම රසයක් නැති එකක් බවට නිතැතින්ම පත්වෙනවා. 2009 වගේ කාලෙක ආපු පැය දෙකක් පුරා දිව යන ටිකක් පරණ චිත්‍රපටයක් වුනත් තමන්ගේ කාලය අපතේ යවන්නේ නැතිව බලන්න පුලුවන්. සැබෑ ඉතිහාස කතාව ඒ ස්වරෑපයෙන්ම ආවර්ජනය කරලා තියෙනවා කියලා බය නැතුව කියන්න පුලුවන්.

 

චමිදෙවා සොහොයුරාගේ ලිපිය…

පෘතුවිය ක්‍රියාකරනා හැටි හොයන ගැහැණියක්….
ඇයට සිතෙන් පෙම්බඳින ඇගේම වහල් සේවකයෙක්…. ඇයට උරුමකම් කියන කුමාරයෙක්….

මේ ඔක්කොම ජීවත් උනේ රෝම ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවල ක්‍රිස්තු වර්ෂ 400 විතර අතීතයේ. දාර්ශනික හා තාරකා විද්‍යාඥයෙක් ලෙස ප්‍රකට කාන්තාවක් වන Hypatia ගැනතමයි කතාව ගලා යන්නේ. ඇගේ පියාගේ අඩිපාරෙම යමින් තාරකා විද්‍යව උගන්වමින් ගවේශණ කටයුතු වල නියලෙන අතර ඇගෙන් ඉගන ගන්නා ඩ්ෆ්ග් කුමරු ඇගේ සිත දිනාගන්න උත්සාහ කරනවා. ඒ අතර ඇයට වෙන්වු වහල් සේවකයා සිතෙන් ඇයට පෙම්කරනවා. නමුත් මේ සියල්ල කණපිට පෙරලෙන්නේ ආගම් අතර ගැටුම් ඇතිවෙන්න ගත්තයින් පස්සෙයි.

එදා ආගම්වල බලපෑම මත විද්‍යාඥයන්ට විඳින්නට උන බාධාවන් ඇයටද උරුම වන හැටි බලන්න නම් බාගන්න වෙනවා….

ඔස්කාර සම්මාන දිනාගත් Rachel Weisz හා Max Minghella, Oscar Isaac රංගනයෙන් එකතුවෙන, IMDb වල 7.3/10 ගත්ත මේකත් ඔයාලගේ සිනමා එකතුවට අරගන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

7,257 downloadsDownload Agora-2009.zip41 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Damith-Rathnayake.gif මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-02-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

7,257 downloadsDownload Subtitles41 KB

65 comments

  1. සමන් කලුබෝවිල

    බානවා......අනිවා......බලපු ඔක්කොටම වඩා මෙක වෙනස්ම එකක් වගේ.... බලමුකෝ .... තැන්ක්ස්.....!!!

    1. dammikazzz

      sub 1k banna be ne

  2. vidura

    පට්ට වගේ.බලමු බලමු.

  3. Asantha C

    ela film ekak wageee...........thank you weeewaaaaa......

  4. Anju

    dloding..thanx..!

  5. අම්ර

    බාගන්න උත්සාහ කරනවා.

  6. pramith

    mamath banawa elaaaaaaaaaaaaaaaaa

  7. සුභාෂ් ගුණවර්ධන

    ඔන්න බාන්න දැම්මා . . මම ආස වර්ගයේ එකක් වගේ . . තැන්කූ වේවා චමින්ද වාසලටත් බයිස්කෝප් එකේ හැමෝටමත් . .

  8. dil

    onna apith banawa..

  9. අකියා (aKILLER)

    බාමි බාමි .... තැන්ක්ස් වෙවා..........

  10. Dhanuka

    බාලම බලමුකො එහෙනම්...
    Thanks

  11. රොයිලි

    මොකෝ මේ අද වැඩියේ කමෙන්ට් දාලා නැත්තේ. අප්‍රියල් පළවෙනිදා නිසාවද්ද? :)

  12. susantha

    balamu mamath banava.thnx

  13. මැරයා

    එලම තමා මගෙ නෙට් ස්පීඩ් එක හදලා...දැන් බාන්න තමා තියෙනේ...

  14. ashan kandy

    ela ela.. mt banawa .. goda dawasakin awe බයිස්කෝප් eka patte.. banna බයිස්කෝප් goooooodai...

  15. NmL

    onna ehenam mamath banawa. Thank you very much you all.

  16. Bhgaye

    Mamath banawoooooooooooooooooo

  17. asitha perera

    GOOD JOB........

  18. asitha perera

    රොයිලි Sahoo........
    After 25th Feb (PYAAR IMPOSSIBLE (2010) No hindi movies...
    Apita Maxxa hindi movie ekak denna..
    thnx Baiscope......

    1. රොයිලි

      @ asitha perera,
      හ්ම්ම්ම් ඒකත් එහෙමද බලමු බලමු සහෝ. මොනා හරි කරන්න. :)

    2. Nadeera97

      Podi udawwak karannako aiye public enemies 2009 film eke sab eka dennako site eke thibunata download karanna bane

  19. Dimantha Jayasanka

    සන්වෙදී කතවක් ඩුක හිතෙනවා අන්තිමට

  20. fareen

    waradak ne film aka hodai

  21. Kasun.D

    Film eka niyami..

  22. premasiri

    its very difficult understand can u make a subtitle Sinhala or English .BIG THANK.

  23. kanchana

    mama meka baluwa machan ela move eka

  24. nuwan

    ko yakooooooo sinhala sub

  25. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||
    :P

    :) තුති……. :)

  26. palitha

    meke sub aka na..ne please sub aka denawada..??

  27. sasa

    ko sinhala sub eka ?

  28. දෙසවන්

    හැකි නම් මේක සබ් දෙන්න.
    ඉහළම වටිනාකමක් තියෙන කතාවක් . . . .

  29. Lakmal

    Sub eka dunnoth thawath watinawa neda....

  30. r.s samantha

    ai ban me wage watina film 1kata sub nodanne.
    melo rahak nathi samahara film walatath sub thiyanawa.
    puluwan ikmanata kawruhari sub denawanam loku pinak.

  31. tharindu gunarathna

    sinhala sub plz

    1. tharindu gunarathna

      wow thanks a lot

  32. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  33. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  34. malith

    Ela ela

  35. anonymoususer

    Thanks.

  36. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  37. Udara Damith Dissanayaka

    මේවගේ ඒවාට සබ් දෙනවට පින් දෙන්ඩ ඕනි

  38. madhusankha

    Thanks bro...

  39. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියක් කරන්න මේ වගේ ෆිල්ම් එකක් තෝර ගත්තු එකට. ඒ වගේම ලිපියටත්...... දිගටම මේ වගේ මග ඇරුන පරන හොද ෆිල්ම් වලටම සබ් දෙන්න. ඔබට ජය.........!

  40. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  41. Suranjan

    Thanks machan......jayawewa.......!

  42. kuma.lk

    Thanks.

  43. kasunkavinda

    thanks for sub

  44. raviz

    Thank for the information and the sub too.........

  45. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  47. AsithaDilruwan

    elama saho thanks

  48. gayanveranga

    Tnx for sub

  49. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  50. Nilesh

    supiri film ekak, meka beluvama miththya agama mokakda kiyala penava

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.