Avatar: The Last Airbender [S02 : E02] Sinhala Subtitles මේ Avatar: The Last Airbender Live Action සීරිස් එකේ 02 නි සීසන් එකේ 06 වෙනි එපියට ගේන සබ් එක. කලින් උන සිද්දිය යටින් දාන්නම්… Aang කලින් Kataraව දුරස් කරපු එක ගැන හිතේ ලොකු වරදකාරී හැඟීමක් තියාගෙන හිටියේ. එයා හිතුවා කොහොම හරි මේ දේවල් හදාගන්…
![]()
මේ Avatar: The Last Airbender Live Action සීරිස් එකේ 02 නි සීසන් එකේ 06 වෙනි එපියට ගේන සබ් එක. කලින් උන සිද්දිය යටින් දාන්නම්…
Aang කලින් Kataraව දුරස් කරපු එක ගැන හිතේ ලොකු වරදකාරී හැඟීමක් තියාගෙන හිටියේ. එයා හිතුවා කොහොම හරි මේ දේවල් හදාගන්න ඕනේ කියලා. ඒත් Katara ඒ වෙනකොටත් Long Feng ට විරුද්ධව General Sung එක්ක එකතු වෙලා අරගලයකට බැහැලා හිටියේ. ඉතින් මේ කට්ටිය තීරණය කළා Fire Nation එක පරාද කරන්න පුළුවන් විදියක් හොයාගන්නත්, Sozin ගේ ධූමකේතුව එන්නේ කවද්ද කියලා දැනගන්නත් පුරාණ ‘Spirit Library’ එක හොයාගෙන යන්න. Professor Zei ගේ උදව් ඇතුව, Lower Ring එකේ තියෙන අමුතු ‘Spirit Scars’ ගැන ඉඟි හොයන ගමන් එයාලා ලොකු අවදානමක් අරගෙන ගමන පටන් ගත්තා. ඔය අතරේ Ba Sing Se වලත් තත්ත්වය දවසින් දවස බරපතළ වෙමින් තිබුණා.
ඔය අතරේ Toph ට Iroh හම්බවෙනවා. Iroh එයාට කියනවා තමන්ගේ පවුලට ඇත්ත කියලා, වෙනස් වෙන්න ඕන එඩිතරකම ඇති කරගන්න කියලා. ඒ වගේම Zuko ටත් Iroh හිතේ තියෙන දේවල් කියනවා. තමන් මොන මඟක ගියත් තමන් Zuko ට ආදරෙයි කියලා එයා Zuko ට සහතික වෙනවා. ඒ අතරේ Katara තමන්ගේ අකමැත්තෙන් වුණත්, ඉස්සර වෙච්ච දේවල් නිසා තියෙන අවිශ්වාසය පසෙක දාලා Jet ගේ උදව් ගන්නවා Library එක හොයාගන්න. අන්තිමේදී එයාලා Spirit World එකට ඇතුළු වෙලා ඒ පුස්තකාලෙට යනවා.
Library එක ඇතුලේදී Wan Shi Tong එයාලට තැනට යන්න ඉඩ දෙනවා, ඒත් තියෙන්නේ හරිම තද නීති. ඒ එක්කම හැමෝම තමන්ගේ ගමන් මාර්ග වලදී වැදගත් දේවල් ඉගෙන ගන්නවා. Aang ට Yangchen ගෙන් Avatar State එක පාලනය කරන හැටි ගැන උපදෙස් ලැබෙනවා. Toph ට දැනගන්න ලැබෙනවා Fire Nation එකේ බිම් මට්ටමේ පාලනය තාවකාලිකව නැති කරගන්න පුළුවන් ‘Day of Black Sun’ එක ගැන. හැබැයි මේ ගමන අවසන් වෙන්නේ හරිම අවාසනාවන්ත විදියට. Professor Zei එයාලව පාවා දෙනවා, ඒකෙන් Wan Shi Tong ට ලොකු තරහක් යනවා. ඒ වෙලාවේ Jet තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරනවා අනිත් අයව බේරගන්න. අන්තිමේදී එයාලා ආයේ යථාර්ථයට එන්නේ ගොඩක් තුවාල වෙලා, අසරණ වෙලා. ඒත් එයාලට දරාගන්න බැරිම දේ වෙන්නේ, ඒ වෙනකොටත් Appa අතුරුදහන් වෙලා කියන එක.
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,051 downloadsDownload Avatar-The-Last-Airbender.S02E06.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අතුල සංජීව
Subtitles
3 comments
Jeewana Lakshan
Sandaru Nimsara
Thanks
Tharidu Sagara Sadalu
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement



ස්තූතියි සහෝදරයා.