Avatar: The Last Airbender [S02 : E02] Sinhala Subtitles කට්ටිට මේක තමා Avatar: The Last Airbender Live Action සීරිස් එකේ දෙවෙනි සීසන් එකේ අවසාන එපිසෝඩ් එක. තුන්වන සීසන් එකකුත් එනවා ලබන අවුරුද්ද දිහාවට එයි ඒක, ඒකෙන් කතාව අවසන් වෙනවා. ආපා නැති වුණාම ඈන්ග් දැනෙන වේදනාවයි, තරහයි කියන්නේ වචනවලින් විස්ත…
![]()
කට්ටිට මේක තමා Avatar: The Last Airbender Live Action සීරිස් එකේ දෙවෙනි සීසන් එකේ අවසාන එපිසෝඩ් එක. තුන්වන සීසන් එකකුත් එනවා ලබන අවුරුද්ද දිහාවට එයි ඒක, ඒකෙන් කතාව අවසන් වෙනවා.
ආපා නැති වුණාම ඈන්ග් දැනෙන වේදනාවයි, තරහයි කියන්නේ වචනවලින් විස්තර කරන්න බැරි තරම්. මේ අතරේ එයා ටොෆ් එක්කත් තරහෙන් වගේ හැසිරෙන්නේ ආපා ව හොයාගන්න බැරි වුණු අසරණකම නිසා. අන්තිමට, වෙන කරන්න දෙයක් නැතිම තැන, කණ්ඩායම තීරණය කරනවා පෘථිවි රජ්ජුරුවන්ගෙන් උදව් ගන්න.
මේ අතරේ බා සිං සේ නගරයේ තත්ත්වය හරිම භයානකයි. ලෝන්ග් ෆෙන්ග් තමන්ගේ බලය තහවුරු කරගන්න, ජෙනරාල් සුංව පවා රවට්ටලා තමන්ට ඕන විදිහට දේවල් සිද්ධ කරගන්නවා. කවුරුහරි එයාගේ බලයට අභියෝග කළොත් එයාලව විනාශ කරන්න එයා දෙපාරක් හිතන්නේ නැහැ. සෝකා කොහොමහරි සැලසුමක් හදනවා මාලිගාව ඇතුළට රිංගලා රජ්ජුරුවෝ හම්බවෙන්න. ඒත් ලෝන්ග් ෆෙන්ග්ගේ උප්පරවැට්ටි නිසා ඒ උත්සාහයත් ව්‍යර්ථ වෙනවා, ඈන්ග් ඉන්නේ හරිම පීඩනයකින්.
මේ අතරේ සුකෝගේ ජීවිතේ ලොකු වෙනසක් සිද්ධ වෙනවා. තද උණක් නිසා එයා සිහිවිකල් වගේ අතීතයේ කටුක මතකයන් එක්ක ඔට්ටු වෙනවා. අම්මවයි, අසූලවයි, තාත්තා ගැන තියෙන ඒ මතකයන් නිසා එයාගේ ඇතුළාන්තයේ ලොකු යුද්ධයක් තියෙනවා. ඒ සටනින් පස්සේ සුකෝ සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක් වෙනවා. එයා අයි රෝ මාමගේ තේ කඩේ වැඩ කරන සාමාන්‍ය කෙනෙක් විදිහට ජීවිතේ පටන් ගන්නවා. අයි රෝ මාමත් හරිම සතුටින් තමන්ගේ අතීත වැරදි හදාගෙන ‘සුදු නෙළුම්’ (White Lotus) සංවිධානයත් එක්ක ආයෙමත් එකතු වෙනවා.
කාලයත් එක්ක හැමදේම අවුල් ජාලාවක් වෙනවා. කණ්ඩායම විසිරිලා යනවා. කටාරා ඩයි ලී එකක සටන් කරද්දී සුකෝව මුණගැහිලා දෙන්නාම එකතු වෙලා සටන් කරනවා, ඒත් අන්තිමට එයාලා දෙන්නම අහුවෙනවා. ටොෆ් තමන්ගේ පවුලේ අයත් එක්ක සම්බන්ධ වෙනවා, සෝකාට සිහිය නැති වෙනවා. ඈන්ග් ඉන්නේ ලොකු හුදකලාවක, වගකීම්වල බර වැඩිකම නිසා එයාට ඒක දරාගන්න බැරි වෙනවා.
ඒත් ඉතින්, තමන්ගේම පතුලටම වැටිලා ඉන්න වෙලාවේ, ඈන්ග් බූමි රජ්ජුරුවන්ගේ ඉගැන්වීම් මතක් වෙනවා. “පොළොව යටින් බලන්න” කියලා බූමි දුන්නු ඒ ඉඟියත් එක්ක, ඈන්ග් ට හදිසියේම වැටහෙනවා ආපා ඉන්නේ නගරයට පහළින්, පොළොව යට හිරකරලා කියලා. ඕක තමා සිද්දිය කලින් වතාවේ සිද්ද වෙච්ච. එහෙනම් මේ අවසාන එපියත් එක්ක දෙවෙනි සීසන් එකේ සබ් Complete වෙනවා.
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,020 downloadsDownload Avatar-The-Last-Airbender.S02E07.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අතුල සංජීව
Subtitles
5 comments
Buddhika laKMal
Jeewana Lakshan
ස්තූතියි සහෝදරයා.
Sahan Gayantha
thanks a lot Athula saho sub ekata
Sandaru Nimsara
Thanks
Tharidu Sagara Sadalu
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement



මේක කම්ප්ලීට්වෙනකම්ම සබ් දුන්නට තෑන්ක්ස් සහෝ