Watch Trailer

fanaa (2006) | ආදරයට අවසර නැති නිදහස් සටන්කාමියෙක් …! [සිංහල උපසිරැසි සමඟ]

අම්මෝ මාසයක් විතර බාල ගිරි දොසේ ලබ ලබා ඉදලා ඔන්න ඉවර කර ගත්තා. නම දකින්න ඇතිනේ ෆිලුමේ. නම කියූ පමණින් හැමෝම දන්න ෆිලුමක් තමා අද අරන් ආවේ. 2006 වසරේ නිකුත් වෙච්ච මේ නිර්මාණය කිසිම දුකක් නැතිව කොටි සියේ ආදයම් වාර්තාව තිබ්බ ෆිල්ම් එකක් රංගනයෙන් දායක වෙන්නේ ඉන්දියානු සිනමාවේ දැවැන්ත චරිත කිහිපයක්. Aami…

Fanaa 2006

අම්මෝ මාසයක් විතර බාල ගිරි දොසේ ලබ ලබා ඉදලා ඔන්න ඉවර කර ගත්තා. නම දකින්න ඇතිනේ ෆිලුමේ. නම කියූ පමණින් හැමෝම දන්න ෆිලුමක් තමා අද අරන් ආවේ. 2006 වසරේ නිකුත් වෙච්ච මේ නිර්මාණය කිසිම දුකක් නැතිව කොටි සියේ ආදයම් වාර්තාව තිබ්බ ෆිල්ම් එකක් රංගනයෙන් දායක වෙන්නේ ඉන්දියානු සිනමාවේ දැවැන්ත චරිත කිහිපයක්.

Aamir Khan (රෙහාන් )
kajol (සුනී)
Rishi Kapoor (සුනිගේ පියා)
Tabu (ත්‍යාගි)
Kiron Kher (සුනිගේ මව)
Sharat Saxena (ශුසිල් රාවත්)

කථාව – Shibani Bathija සහ Kunal Kohli
අධ්‍යක්ෂණය – Kunal Kohli (Teri Meri Kahaani )
නිෂ්පාදනය – Aditya Chopra (යශ් රාජ් ෆිල්ම් ආයතනය)

මේ වගේ ෆිල්ම් එකක සංගීතය ගැන කිවේ නෑ කියන්නේ කිසි ගතියක් නෑ. මම හින්දි සිනමාවේ අහන්න කැමති ගීත කිහිපය අතර මේ ෆිල්ම් එකේ ඇතුළත් ගීත සියල්ලම තියනවා මම හිතන්නේ හින්දි සිංදුවකට කෙනෙකුගේ “පාළුව, තනිකම, වේදනාව” නිවන්න පුළුවන්නම් මේ තමා එකට හොදම විසදුම කියලා. මෙහි පසුබිම් සංගීතයෙන් පවා විරහව වේදනාව පෙන්වන්න සංගීත අධ්‍යක්ෂණය උත්සහ දරලා තියනවා. මම හිතන්නේ ඔවුන් සාර්ථකයි කියලා. ඒ වගේම ඉන්දියාවේ ප්‍රධාන සම්මාන රාත්‍රීන් සැම එකකදීම වගේ මේ ෆිල්ම් එකේ ගීත සම්මානයට පාත්‍ර වෙලා තියනවා.

Filmfare Awards(2006)
Zee Cine Awards(2006)
IIFA Awards(2006)
Star Screen Awards(2006)

සංගීත අධ්‍යක්ෂණය- Jatin Panditසහ Lalit Pandit
ගී පද – Prasoon Joshi
ගීත ගායනය –
Chand Sifarish (Shaan & Kailash Kher)
Des Rangila (Mahalakshmi Iyer)
Dekho Na (Sonu Nigam & Sunidhi Chauhan)
Chanda Chamke(Babul Supriyo, Mahalakshmi Iyer,Aamir Khan & Kajol)
Mere Haath Main(Sonu Nigam, Sunidhi Chauhan, Aamir Khan & Kajol)

කතාව ගැන කියනවනම් සුනී කියන්නේ අන්ධ කෙල්ලෙක් මොවුන් දිල්ලි (ජනාධිපති මන්දිරේ) වල තියන ප්‍රසංගයක නර්ථනයක් ඉදිරිපත් කරන්න යනවා. එහෙදි තමා සුනිට රෙහාන් හම්බ වෙන්නේ, ඔහු සංචාරකයන්ට මග පෙන්වන්නෙක්, කොහොම හරි මේ දෙන්නා ආදරෙන් බැදෙනවා. කොහොමද ඇස් දෙකෙන් දැකපු නැති කෙනක් එක්ක ආදරෙන් බැදෙනවා කියන එක. ඉතින් කොහොම හරි මේ දෙන්නා කසාද බදින්න තමා සුදානම් කොහොම හරි සුනිගේ ඇස් දෙකත් රෙහාන් මැදිහත් වීමෙන් සනීප කරනවා. ඉතින් සුනිගේ ඇස් දෙකේ සැත්කම කරන දවසේ රෙහාන් සුනිගේ දෙමාපියන් එක්කන් එන්න දුම්රිය පළට ගිය වෙලේ බෝම්බයක් පුපුරලා, මැරෙනවා හැබැයි කාටවත් අදුර ගන්න බෑ ඒ මැරිලා ඉන්නේ රෙහාන්මද කියලා. ඔහොම යනකොට, අවුරුදු හතකට පස්සේ නැවත අර මැරිච්ච රෙහාන් සුනිට හම්බ වෙනවා, හැබැයි සුනී රෙහාන්ව දැකලා නැති නිසා ඔහුව අදුර ගන්න බෑ. ඔහු ඉන්නේ ඉන්දියානු හමුදා ඇදුමකින් සැරසිලා, බොහොම බරපතල විදිහට තුවාල වෙලා. සුනිගේ ගෙදර දොරකොඩ වැටිලා, ඔය ඇති කතාව හැබැයි මම ඔය කිවේ කථාවේ ආදරය විරහව එකතු වෙලා තියන කොටස විතරයි. මේ කතාව ඇතුළේ තවත් බොහේ දේ තියනවා බලන්න, හිතන්න. ලොකු කුතුහලයකින් බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමා මේක.

ඉතින් මැරිලා කියලා හිතාගන හිටපු රෙහාන් කොහොමද හමුදා නිල ඇදුමකින් සැරසිලා අවුරුදු හතකට පස්සේ ජිවත් වෙන්නේ..? ඔහුට තුවාල වෙලා තියෙන්නේ කොහොමද..? ඔහු ඇත්තටම කවුද. ඔහු රෙහාන්මද..? මේ සිදුවීම් වලට සුනී කොහොම මුහුණ දෙයිද..? අවුරුදු හතකට කලින් එකතු වෙන්න කලින් විනාශ වෙලා ගියපු සුනී-රෙහාන් ආදර කතාව නැවත එකතු වෙයිද…? සැහෙන්න ප්‍රශ්න ගොඩක් පිළිතුරු සියල්ල පැය 2.48 පුරා බලා ගන්න පුළුවන්.

එහෙනම් අපි ගියා. නැවතත් ලස්සන ෆිලුමක් එක්ක මුණ ගැහෙමු එතෙක් ඔබට ජය….!!

on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය DVD පිටපත් සඳහා අදාල වේ.

4,656 downloadsDownload Fanaa.2006.baiscopelk.zip56 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,656 downloadsDownload Subtitles56 KB

5 comments

  1. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි ගයාන් සහෝදරයා..ජයවේවා !!!

  2. Ruvin

    BlueRay copy ekatath sub eka hadala denna puluwanda?

    1. Anonymous

      link ekak danna down kara ganna

  3. Anonymous

    ජය

  4. Thanuj Koralege

    බොහොම ස්තූතියි.ජය !

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.