Watch Trailer

First Man (2018) Sinhala Subtitle | මිනිස් සංහතියම වෙනුවෙන් යෝධ පියවර තැබූ මිනිසා! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් කට්ටියව මුණගැහෙන්න ආවේ මම සැහෙන්න කැමති විෂයක් සම්බන්ධව වගේම ඒ විෂය සම්බන්ධව සත්‍ය කතාවක් ඇසුරින් නිමවුණ පට්ට ෆිල්ම් එකක්. The Martian (2015) ෆිල්ම් එකෙන් පස්සේ ආයේ අභ්‍යවකාශ ගමන් සම්බන්ධව ෆිල්ම් එකක් අරගෙන එන්න ලැබුනේ නැහැ. කොහොම හරි ලද අවස්ථාවෙන් මාශියන් එකට නොදෙවනි එකක් අරගෙන එන්න අවස…

The Martian (2015)

ඔන්න ආයෙත් කට්ටියව මුණගැහෙන්න ආවේ මම සැහෙන්න කැමති විෂයක් සම්බන්ධව වගේම ඒ විෂය සම්බන්ධව සත්‍ය කතාවක් ඇසුරින් නිමවුණ පට්ට ෆිල්ම් එකක්. The Martian (2015) ෆිල්ම් එකෙන් පස්සේ ආයේ අභ්‍යවකාශ ගමන් සම්බන්ධව ෆිල්ම් එකක් අරගෙන එන්න ලැබුනේ නැහැ. කොහොම හරි ලද අවස්ථාවෙන් මාශියන් එකට නොදෙවනි එකක් අරගෙන එන්න අවස්තාව ලැබුනා මේ විදියට. ඒත් ඉතිං තිබ්බ වැඩත් එක්ක පොඩ්ඩක් පමා උනා උපසිරැසිය අරගෙන එන්න නම්. කොහොම නමුත් උදයංග සම්පත් මිත්‍රයාගේ උදව්වෙන් පුළුවන් ඉක්මනට වැඩේ ඉවරයක් කරගන්න ලැබුනා. උදයංගටත් ස්තුතිය පුදකරමින් ෆිල්ම් එකේ විස්තර වලට යොමුවෙමු.

එතෙක්-මෙතෙක් ලෝක අභ්‍යවකාශ ඉතිහාසයේ ජනප්‍රියම චරිතය කවුරු කියලද හිතන්නේ? ආයේ කතා දෙකක් නැහැ ඒ තමා නීල් ආම්ස්ට්‍රෝං. “සඳ මත පා තැබූ පළමු මිනිසා.” ඉස්කෝලේ තුන,හතර පංතියේ ළමෙකුගෙන් ඇහුවත් කවුද මුලින්ම හඳට ගියේ කියල අනිවාර්යෙන්ම මේ නම උත්තරය විදියට ලැබෙන්නම ඕනා. මොකද කලින් කිව්වා වගේ මේ තමයි ලෝක ඉතිහාසයේ ජනප්‍රියම අජටාකාශගාමියා.. ඉතිං ඒ ගමන ගැන ලංකාවේ අපේ පත්තර වල ලියපු විදිය බලාගන්නත් පුළුවන් ඔන්න. සඳ ගමන පටන් ගන්න කලින් දවසේ ඉඳලා ගමන අවසන් උනාට පස්සේ දවසේ වෙනකම් පැරණි පුවත්පත් සටහන් මම මේකට එකතු කළා පිළිවෙලට. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනා සඳ ගමනේදී සෑහෙන්න ප්‍රසිද්ද සුළඟට ලෙලදෙනව වගේ පේන ඇමරිකන් කොඩිය ගැන විතරනේ. ඒත් මේ ගමනේදී පෘථිවි වැසියන් මෙහි පැමිණි බවත් සාමකාමී බවත් සටහන් කරමින් එවක ඇමරිකානු ජනපති රිචඩ් නික්සන්ගේ සහ අජටාකාෂගාමින් තිදෙනාගේ අත්සනින් යුතුව පුවරුවක් සඳේ පිහිටෙව්වා. එහෙම කලේ ඇමරිකන් ජාතිය විතරක් මේ දේට උරුමකම් කියන්නේ නැහැ කියන එක විදහා පාන්නත් සමස්ත පෘථිවියේම නියෝජනය දක්වන්නත් තමයි. ඒ විතරක් නෙමේ ඒ වෙනුවෙන් ලංකාව ඇතුළු විවිධ රටවල්වල ජාතික ධජයන් පවා අරගෙන ගිහින් තියෙනව. ඒ වගේම විවිධ භාෂාවන්ගෙන්, ලෝකේ රටවල් 73ක පමණ රජයන්ගේ සුබපැතුම් පණිවුඩ සටහන් සිලිකන් තැටියක් රෙදි මල්ලක් තුල බහා සඳ මතුපිට තියල ඇවිල්ල තියෙනවා.. අවාසනාවට ඒ අතරට අපේ සිංහල භාශාව ඇතුලත් වෙන්නේ නැහැ. ඒ අනුව ලංකාවට මේ ඓතිහාසික කටයුත්තට එකතු වීමට තිබෙන සුළු ඉඩ කඩක් අහිමි වෙනවා. ඒකට හේතුව තමා නාසා ආයතය විසින් ලංකාවෙන් සුභපැතුම් ලබාදෙන මෙන් කල ඉල්ලීම එවක අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ රජයෙන් ප්‍රතික්ෂේප කිරීම. අද සහ එදා කියල වෙනසක් නැතුව කිසිම වැටහීමක් නැතුව, ලෝකෙන් නිතරම සැගවෙන්න බලාපු පාලකයින් අපිට ඉන්න බවක් තමා මේකෙන් තේරුම් යන්නේ නම්. සැකයක් තියෙනවා නම් ඔන්න මම ඒ ලිපියත්, සඳ පුවරුව සහ සිලිකන් තැටියේ ජායාරුපයත් පහලින් දාන්නම්.හැබැයි ආචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා නාසා එකේ හිටිය නිසා හඳෙන් ගෙනාපු පස් සාම්පල පරික්ෂා කරන කණ්ඩායමක ප්‍රධානියෙක් විදියට යාන්තමට හරි ලංකාවේ පුරවැසියෙක් ඉන්නවා කියල කියන්න පුළුවන් මේ මහා ව්‍යාපෘතියේ.

The Martian (2015)

සඳ පුවරුව


The Martian (2015)

සිලිකන් තැටිය


The Martian (2015)

ලංකා රජයෙන් යැවූ රාජ්‍යත්‍රාන්තික ලිපිය

ෆිල්ම් එක ගැන විස්තර ටිකක් කියන්නම් එහෙනම්. මේ ෆිල්ම් එක මට අනුව එළඹෙන ඔස්කා සම්මාන නිර්දේශිත ලයිස්තුවේ රැඳෙන්න නියමිත ෆිල්ම් එකක්. Imdb 7.7ක අගයක් ලබාගත්ත මේ සුපිරි සිනමාපටයේ අධ්‍යක්ෂණය සිද්දවෙන්නේ,10 Cloverfield Lane (2016),La La Land (2016), Whiplash (2014) ආදී සිනමාපට සඳහා දයක වෙච්ච Damien Chazelle. සිනමාපටයේ ප්‍රධාන නළුවා වන නීල් ආම්ස්ට්‍රොං ලෙසින් එකතු වෙන්නේ Ryan Gosling විසින්. ආයේ කියන්න දෙයක් නැහැනේ එයා ගැන 😀 ඒ වගේම Claire Foy,Jason Clarke,Kyle Chandler, Corey Stoll ආදීන් එකතු වෙනවා. හැබැයි බොක්ස් ඔෆිස් ආදායම නම් ඩොලර් මිලියන 95ක් විදියට තමයි සටහන් වෙන්නේ. හැබැයි ඉතිං කුණු තක්කාලි අඩවියේ 88%ක විචාරක අගයක් ලැබිලා තියෙන නිසා මොන බොක්ස් ඔෆිස්ද බලන අය දැන්ම බලන්න ගන්නලා. තව කියවන්න කැමති අය ඉන්නවා නම් ඔහොමම කියවගෙන යමු පහාල්ට හෙමින් සීරුවේ.

1930 අගෝස්තු 5 වැනිදා එක්සත් ජනපදයේ, ඔහියෝ ප්‍රාන්තයේ, වැප්කොනෙටා හිදී ස්කොට් සහ ජර්මානු සම්භවයක් සහිතව නීල් ආම්ස්ට්‍රෝං උපත ලබනවා. ඔහුගේ පවුලේ සොහොයුරියක් සහ සොහොයුරෙක් සිටිනවා. ඊට පස්සේ පදිංචිය සැරින් සැරේ වෙනස් කරන්න වෙනවා මේ පවුලේ අයට.අවුරුදු දෙකේදී තුනේදී විතර ආම්ස්ට්‍රොං තාත්ත එක්ක ළඟ තියෙන ගුවන්තොටුපලකට ගිය වෙලාවක එයාට පයිලට් කෙනෙක් වෙන්න ආසාව ඇතිවෙනවා.ආසාව කොහොමද කියනවා නම් අවුරුදු 15දී ගුවන්යානා පැදවීමේ සහතිකය ලබාගන්නවා. ඊට පස්සේ 1947දී ආම්ස්ට්‍රොං ගුවන් තාක්ෂනය ගැන ඉගෙනගන්න පර්ඩියු සරසවියට පිවිසෙනවා එහිදී ඔහු ගුවන් තාක්ෂණ ඉංජිනේරු විද්‍යාව පිලිබඳව උපාධිය දිනාගන්නවා. 1949දී කොරියානු යුද්දය ඇරඹිමත් එක්කම ගුවන් හමුදාවට බැඳෙන ආම්ස්ට්‍රෝං 1952දී ගුවන් හමුදාවෙන් ඉවත් වෙනවා. ඊට පස්සේ ජාතික ගුවන්විද්‍යා උපදේශණ කමිටුවට පත්වෙනවා පසු කාලීනව මේ ආයතනය තමා NASA එක බවට පත්වෙන්නේ. මේකෙදි අලුතෙන් හදන යානාවල අත්හදා බැලීමේ නියමුවෙක් විදියටත් මෙතුමා මේකේ වැඩ කරනවා

The Martian (2015)

The Martian (2015)
The Martian (2015)

1956 ජනවාරි 28 වෙනිදා විවාහ දිවියට පත්වුනාට පස්සේ තමා නීල් ආම්ස්ට්‍රෝංගේ ජීවිතය වෙනස් වෙන්න ගන්නේ.1966 මාර්තු 16 වෙනිදා ජෙමිනි යානයෙන් තමන්ගේ පළමු අභ්‍යවකාශ අත්දැකීම විඳගන්න සමත්වෙන මොහු පෘථිවි කක්ෂයට ඇතුල් වෙලා හදිසි තත්වයක් යටතේ පැය කිහිපයකින් නැවත පෘථිවියට ගොඩ බානවා. දෛවය ඔහොම ලියවෙනකොට 1969දි ඇපලෝ 11 සඳ ගමනේ වගකීම නිල් ආම්ස්ට්‍රෝං මත පැටවෙනවා. ඒ මයිකල් කොලින්ස් සහ එඩ්වින් ඔල්ඩ්‍රින් කියන අජටාකාෂගාමින් දෙදෙනාගේත් වගිකීම් එක්කම. 1969 ජුලි 16 වෙනිදා ඇපලෝ 11 යානය ගමන පටන් ගන්නවා. හඳට ගොඩබාන මොඩියුලයේ නියමුවා වෙන්නේ නීල් ආම්ස්ට්‍රොං, මෙහෙයුම් මොඩියුලයේ නියමුවා වෙන්නේ මයිකල් කොලින්. නීල් ආම්ස්ට්‍රෝං එක්ක එඩ්වින් ඔල්ඩ්‍රින් සඳ මතුපිටට ලූනා මොඩියුලය ගොඩ බානකොට මයිකල් කොලින් සඳ වටා කක්ෂ ගතවෙමින් රැඳී සිටියා.

The Martian (2015)

The Martian (2015)

1969 ජුලි 20 වෙනිදා නීල් ආම්ස්ට්‍රෝං එක්ක එඩ්වින් ඔල්ඩ්‍රින් සඳ මත ඉතාම අසීරුවෙන් ගොඩ බහිනවා.හරියටම එදා රෑ 10.56ට නීල් ආම්ස්ට්‍රෝං ලුනා මොඩියුල් එකෙන් එලියට එනවා, ඇවිල්ල පෘථිවියෙන් කිලෝමීටර් තුන්ලක්ෂ අසු හතරදහස් හාරසියයක් දුරින් පිහිටි පෘථිවි චන්ද්‍රයා මත සිට සජීවීව සදා අමරණීය වූ ඒ උදාන වාක්‍ය, ” මෙය එක් මිනිසෙකුගේ කුඩා පියවරක් පමණක් වුවත්, මිනිස් සංහතියට යෝධ පිම්මක් වනු ඇත” යනුවෙන් ප්‍රකාශ කරනවා. එඩ්වින් ඔල්ඩ්‍රින් එක්ක පැය දෙකහමාරක් පමණ සඳ මතුපිට ගතකරන අතරතුර පස් සාම්පල් සමග පරීක්ෂණ කටයුතු සහ ජායාරුප විශාල සංඛ්‍යාවක් ලබාගන්නවා. ඊට පස්සේ 1969 ජුලි 24 වැනිදා හවායි ආසන්නයේ පැසිෆික් සාගරය මතට ඔවුන්ගේ යානය ගොඩ බානවා. සති තුනක් තිස්සේ නිරෝධායනය උනා කියල තමයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ මේ තුන්දෙනාටම ගරු සම්මාන රාශියක් හිමි වෙනවා විතරක් නෙමේ සෝවියට් දේශය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ඇතිවී තිබු සිතල අභ්‍යවකාශ සටන ඇමරිකාව ඒ විදියට ජයගන්නවා.. ඒ වගේම ඇමරිකාව වෙනුවෙන් අභ්‍යවකාශ ගමනට පුරෝගාමියා වුනේ මුලිකවම ඝාතනයට ලක්වුණ කෙනඩි ජනපති. සෝවියට් දේශය හා කෙරුණ සිතල අභ්‍යවකාශ සටනින් මේ විදියට දින්නට පස්සේ කෙනඩිගේ ස්මාරකය අසල මහජනතාව විසින් මල් කලඹවල් තියල ගෞරව දක්වලා තියෙනව.

The Martian (2015)

මේ තිදෙනාම ඉන් පසුවත් නාසා ආයතනය එක්ක සමීපව වැඩ කරනවා. පසුකාලීනව නීල් ආම්ස්ට්‍රෝං විශ්වවිද්‍යාලවල ඉගැන්වීම් කටයුතුවල යෙදෙනවා. කොහොම නමුත් බොහොම නිස්කලංක දිවියක් ගතකරන ආම්ස්ට්‍රෝං 2005 දී James R. Hansen විසින් නීල් ආම්ස්ට්‍රොං මහතාගේ චරිතාපදානය එළි දක්වනවා, ඒ First Man: The Life of Neil A. Armstrong නමින්. මේ සිනමාපටයට පාදක වෙන්නෙත් ඔහුගේ මේ කෘතියම තමයි. 2012 වසරදී ඔහුට හෘද සැත්කමක් සිදු කරනවා. නමුත් ඔහුට තමන්ගේ ඉරණම වෙනස් කරන්න බැරිවෙනවා. හෘද සැත්කමින් සතියකට පමණ පසු 2012 අගෝස්තු 25 වෙනිදා, වසර 82ක් ආයුෂ වැළඳු පෘථිවියේ ජනප්‍රියම අජටාකාෂගාමියා, විශ්වීය මිනිසා, නීල් ඇල්ඩන් ආම්ස්ට්‍රෝං තම ජිවන ගමනට සමුදෙනවා… ඔහුගේ අවසන් කටයුතු සිදුවෙන්නේ 2012 සැප්තැම්බර් 14 වැනිදා. ඒ ඇමරිකන් නාවුක හමුදාවේ USS Philippine Sea (CG 58) දරන නැව මත අත්ලාන්තික් සාගරයෙදී රාජ්‍ය ගෞරව සහිතව පවුලේ ලඟම අයගේ සහභාගිත්වය පමණක් ඇතිව. බැරක් ඔබාමා නාසා ආයතනයේ වියදම් අඩු කිරීම සම්බන්ධව නීල් ආම්ස්ට්‍රෝං විසින් ප්‍රසිද්දියේ විරෝධය පානවා. එමගින් ඔබාමාගේ ජනප්‍රියතාවයට පවා බලපෑමක් වෙනවා. නමුත් ඔහු මියගිය පසු රට පුරාම ඇමරිකන් ධජ අඩ-කුඹු කොට තබන ලෙසත් ඉල්ලා සිටින බැරක් ඔබාමා, ඉහලම ගෞරව සහිතව නීල් ආම්ස්ට්‍රෝංගේ අවසන් කටයුතු කිරීමටත් මැදිහත් වෙනවා…

ඔහු මියගිය පසු ඔහුගේ පවුලේ උදවිය ඔහු වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරනවා. මම මගේ සටහන ඒ නිවේදනයේ කොටසකින් සමාප්ත කරන්නම්. එදා-මෙදාතුර පොළවෙන් නික්මී අභ්‍යවකාශ ගතවී, එතනින් නවතින්නේ නැතුව ඉන් එහාටත් නික්මී ආලෝක වර්ෂ ගණන් ඈත පිහිටා ඇති අනන්ත අපරිමාන විශ්වයතුල රැඳී ඇති රහස් සෙවීමට තම ජිවිතය කැපකල මිනිසුන් දහස් ගණනක් පමණක් නොව ලයිකා, බෙලා, ස්ට්‍රෙල්කා ආදී බලු වර්ගයාද ඒබල්, බාකර් ආදී වඳුරු වර්ගයත් එකී මෙකි නොකී තවත් සතුන් සිය ගණනක් වෙනුවෙනුත් මේ සටහන වලංගු බව මං විස්වාස කරනව.

” නීල් ආම්ස්ට්‍රෝං වෙනුවෙන් ගෞරව කිරීමට කුමක් කල යුතුද අසන අය වෙනුවෙන් මෙසේ පවසමු.
ඔබෙන් බලාපොරොත්තුවන ගෞරවය ඉතාම සරලය.
පැහැදිලි අහසක් ඇති රැයක ඔබ එළිමහනේ සිටින්නේ නම් ඔබ දෙස සිනහසෙමින් බලා සිටින සඳ දෙස බලන්න.
මේ අපුර්ව මිනිසා පිලිබඳව වූ ආදරණීය හැඟීමෙන් යුතුව ඔබත් සඳ දෙස බලා සිනහවන්න “

මුලාශ්‍ර උපුටා ගැනීම : groundviews.org වෙබ් අඩවිය සහ architecturez නමැති Flickr ජායාරූප ඇල්බමය

 

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB සහ BR පිටපත් සඳහා ලබා දි ඇත.

 

17,963 downloadsDownload First.Man_.2018.update.zip110 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට සහ “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27 [ ශාන් විමුක්ති ]
SUBMAKER RATING BY ADMINS

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03 [ උදයංග සම්පත් ]
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

17,963 downloadsDownload Subtitles110 KB

139 comments

  1. Praneeth priyadarshana

    Tks broo

    1. britney sara

      හොඳ වගේම , පරිපූර්ණ විස්තරයක් දැන ගත්තා..ජය...

  2. God4x

    Ela broo

  3. Charinda

    ෆිල්ම් එක ඩව්න්ලෝඩ් කරන්නත් කලින්ම කොමෙන්ට් එකක් දාන්න හිතුනෙ ලිපිය කියෙව්වාම. ෆිලුම නොබැලුවත් එක දැක්කම, ස්තුතියක් නොකරොත් මහ අඩුවක් වගෙ කියලම හිතට දැනුන. කොහොම උනත් අම්බනෙකට මහන්සි වෙලා මේ කරපු වැඩෙට පට්ටම පින්. ජය........

  4. charith wijekoon

    Sub thanks bro! Goosebumps sub enna ai parakku?

  5. ajith00129

    සුපිරි ලිපියක් ,බොහොම ස්තූතියි බ්‍රෝ

  6. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahoo sub ekataa...

  7. Ashan12345Bhhh

    Fatta macho

  8. Theshan077

    vatina lipiyak, sthuthi ...

  9. Ayesh Prashan

    Thank You

  10. shevin

    thanks saho

  11. Hashan

    watina wistharayak bro..sub ekata thnx..jaya wewa

  12. rockz2020

    ♥♥♥♥ගොඩක් ස්තූතියි සහෝ♥♥♥♥
    ♥♥♥♥♥♥♥♥ජයවේවා!♥♥♥♥♥♥♥♥
    -
    ♥Goosebumps 2: Haunted Halloween (2018)
    ♥Johnny English Strikes Again (2018)
    ♥BuyBust (2018)
    -
    ♥Bad Cat (2016)
    ♥The Little Vampire 3D (2017)
    ♥Luis & the Aliens (2018)

  13. Fanta

    සබට තුති
    Goosebumps 2
    Hunter killer
    Johnny english 2
    Backtrace
    All the devil's man
    Beyond white space
    Fantastic beasts 2
    The bouncer
    The house with a clock in its wall
    මේවාට ඇයි බ්න් සබ් දෙන්නේ නැත්තේ.. සබ් දීහල්ලකෝ

    1. Ravindu Rukshan

      ගංජා ගහලද බන් ඉන්නෙ The House With A Clock In Its Wall දීලා තියෙන්නෙ බලපං

  14. Subhash13

    පට්ට ලිපිය සහෝ

  15. උදයංග සම්පත් හතරසිංහ

    මුලින් සමීර එක්ක Chappaquiddick කියන විශිෂ්ට නිර්මාණයට දායක වෙන්න ලැබුණ. ඊට පස්සෙ විමා එක්ක First Man කියන මේ විශිෂ්ට නිර්මාණයට දායකත්වය දෙන්න ඉඩ ලැබුණ. උපසිරැසිකරණයේ දැවැන්තයින් දෙන්නෙක් එක්ක මේ වගේ ප්‍රබුද්ධ නිර්මාණ වලට මට දායක වෙන්න ලැබීම සෑහෙන ලොකු සතුටක්. ස්තූතියි සමීර, විමා දෙන්නටම

  16. gihan perera

    නියමයි මචෝ....පට්ට ලිපිය...ස්තුතියි උපසිරැසි දුන්නට මචෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  17. Jayakantha2007

    Superb .. Thanx Bro

  18. Nilush Angana

    Sub ekata thanx

  19. Shehan putha

    නියමයි සහෝ.....ඔබට තුති ....
    ජය වෙිවා !

  20. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  21. mayura_lanka

    mila kala noheki lipi tika kohenda bro hoyagathe.. monawa unath mekanam hitwenawedak. sub ekata bohoma thenx... rihgt cilick karana beri mokada ?

  22. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  23. Ravindu Rukshan

    පට්ට ෆිලුමක් තැන්ක්ස්

  24. Tharaka Nuwan Dilhara

    සබ් එකට ගොඩක් ස්තුතියි දෙන්නටම..
    ඉංග්‍රීසි ෆිල්ම් වැඩිය බලන්නේ නෑ මංනං
    අභ්‍යවකාශ කතා වලට පොඩි කැමැත්තක් තියේ.
    ඒ වගේම තවත් ආස හිතුනා ලිපිය කියෙව්වම..
    ස්තුතියි මෙවන් වටිනා විස්තරයක් ලබා දුන්නාට..
    ගන්නවා එහෙනම් ඔන්න..
    ජයෙන් ජය...!!!

  25. pathumsrathnayake

    film ekanm baluwe na lipiya kiyewwa thanks mchn film ek blnn hoda praveshayak....

  26. wasanthamax

    thanks !!!!!!

  27. prageeth

    thank you

  28. HummerDanu

    thanks bro.night school sub please

  29. luckysun

    Supiri saho film akata set sub akat aka mama nodana sahana dewal dana gata mage adhasa oya tawa esrahat sub karana lebawa god luck

  30. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  31. Bandaramudiyansi

    Jony ennam 2018 New ekatat sabtitel dannako

    1. Bandaramudiyansi

      * jony english

  32. kelumchathuranga

    thanks

  33. කෞශල්‍ය දුෂ්‍යාන්

    සබට තුති විමා.සදා ජය. :-P :-P

  34. Kulanjana Maduranga

    niyamai...subata thanks sahola...keep it up....

  35. Akash jayashinghe

    Thanx

  36. nsuvin

    Film ekata wadaa me lipiya wadagath wage. Bohoma sththi wechcha mahansiyata me wenuwen.

  37. charith wijekoon

    Thanx aiyala sub ekata ....! goosebumps haunted Halloween enna ai mechara paraku? Ane puluwnnam Katahari sub denna kiyanna.

  38. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..ඇත්තට ඊටත් වඩා ස්තූති කරන්න ඕනි මේ ලිපියට. ෆිල්ම් එකට වඩා සෑහෙන්න දෙයක් ලිපියේ තිබුනා.. අදද,එදාද කියලා වෙනසක් නෑ..අජූත දේසපාලුවෝ නිසා රටට ලැබෙන්න තිබුනු දාහක් දේවල් නැති වෙලා ගියා..!
    බුදුසරණයි..ජය වේවා..!

  39. Gayan Chathuranga

    thank you bro!

  40. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට වඩා මහන්සි වෙලා තියෙනවා මේ ලිපිය හදන්න.
    බොහොම rarely pictures ටිකකුත් එකතු කෙරුව එකෙන්
    ලිපියේ වගේම සම්පූර්ණ චිත්‍රපටයේම අගය වැඩි වෙලා තියෙනවා.
    බොහොම වටිනා කියන චිත්‍රපට වලට සබ් දෙන කෙනෙක් හැටියට හැමෝම ගරු කරන කෙනෙක් තමයි ශාන් කියන්නේ.
    ජයෙන් ජය ශාන් සහෝ.

  41. Nivom

    watnaa lipiyak

  42. Apavishka

    JOHNNY english sub eka danna

  43. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. Malshan12

    ලිපිය වටිනවා සහෝ,ජය.

  45. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....

  46. Darshitha

    SAHENA WATINA LIPIYAK.. PATTA AH...

  47. එල්.සී. දමැල්

    විමා ෆිල්ම් එකක් දුන්නොත් ඒ ලිපිය මගඇරලා කමෙන්ට් එකක් නොදා යන්න හිත දෙන්නෙම නැහැ. මේ පාරත් නොදන්න ඉතිහාසය ගැන තොරතුරු ගොඩක් ඉගෙනගත්තා. වටින චිත්‍රපටයක් තමයි දුන්නොත් දෙන්නෙම නේද? සහය වුණු උදයංගටත් සත්තුවන්ත වෙනවා.
    තවත් මෙවැනිම ලිපියක් කියවන්න බලාපොරොත්තුවෙන් නැවතත් ස්තුතියි කියනව :)

  48. aks

    Thanks...

  49. pradeep darshana

    Thank sub ekata

  50. nisala_d

    Thank you bro...!!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.