Watch Trailer

Gold (2018) with Sinhala Subtitles | ජාතියක් එක්කළ රන් පදක්කමේ සිහිනය! [සිංහල උපසිරැසි සමඟ]

මේක නිකම්ම නිකම් හින්දි චිත්‍රපටයක් එහෙම නෙමේ. 2018 වර්ෂයේ බොලිවුඩයේ තිරගත වුන චිත්‍රපට අතරින් ඉහළින්ම තියන එකක්. ඒ කියන්නේ නොබලා අතාරින්න බැරි එකක්. ආක්ෂේ කුමාර්, මෝනි රෝයි(කව්රුත් දාන්න ශිවන්යා) සහ කුනාල් කපූර් වල නළු නිලියන්ගේ රංගන දායකත්වයෙන් හැඩවෙලා තියනවා මේ චිත්‍රපටය. IMDb මීටරය 7.7 දක්වා කර…


මේක නිකම්ම නිකම් හින්දි චිත්‍රපටයක් එහෙම නෙමේ. 2018 වර්ෂයේ බොලිවුඩයේ තිරගත වුන චිත්‍රපට අතරින් ඉහළින්ම තියන එකක්. ඒ කියන්නේ නොබලා අතාරින්න බැරි එකක්. ආක්ෂේ කුමාර්, මෝනි රෝයි(කව්රුත් දාන්න ශිවන්යා) සහ කුනාල් කපූර් වල නළු නිලියන්ගේ රංගන දායකත්වයෙන් හැඩවෙලා තියනවා මේ චිත්‍රපටය. IMDb මීටරය 7.7 දක්වා කරකවන්නත් සමත් වෙලා තියනවා. ඒ වගේම ඉතිහාසය පදනම් කරගෙන නිමවූ ප්‍රකාශනයක්.

කතාව පාදක වෙන්නේ 1948 සිද්දියකින්. නමුත් ඇත්තම කිව්වොත් අපිට ඊටත් එහා අතීතයට යන්න සිද්දවෙනවා. මේ 1936 අගොස්තුව. ජර්මනියේ බර්ලින් නගරයේ ඉන්දියානු ජාතීන් “බ්‍රිතාන්‍ය ඉන්දියානු පිළ” නමින් ඔලිම්පික් හොකී තරඟයට ඉදිරිපත් වෙනවා. නමුත් බ්‍රිතාන්‍යට යටත් විජිතයක් ලෙසින්. ඔවුන්ට එදා තියෙන්නේ වෙනම ජාතික කොඩියක්. නමුත් ඒ කණ්ඩායමේ කළමණාකරු ඇතුළු සියලුදෙනාගේම හිතේ තියෙන්නේ ඔවුන්ගේම ජාතික කොඩිය. නීති විරෝධී වුනත් තපන් හොරාට තියාගෙන ඉන්න ජාතික කොඩිය දිහා බලාගෙන තුන් වන වතාවටත් ඔවුන් ලබාගන්න හොකී ඔලිම්පික් ජය සමරන්නේ ඔවුන්ගේම ජාතික කොඩිය දිහා බලාගෙන. ඔවුන් හැමෝම එදා සිහිනයක් දකිනවා ඒ නිදහස් නිවහල් රටක් විදියට ඔලිම්පික් රන් පදක්කම දිනලා ඔවුන්ගේම ජාතික ගීය පසුබිමෙන් වැයෙනකොට ජාතික කොඩිය ඉදිරියේ ආචාර කරන්න. 1936 න් පස්සේ නැවත ඔලිම්පික් පැවැත්වෙන්නේ 1948 වර්ෂයේ. ඉතිං ඉබාගාතේ යමින් හිටිය තපන්ට දැනගන්න ලැබෙනවා ඔලිම්පික් පැවැත්වෙනවා කියල. ඒ ආරංචිය ලැබෙනකොට ඔවුන් බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබාගනිමින් ඉන්නේ. ඉතිං තපන්ට සිහියට නැගෙනවා ඔවුන් එදා බර්ලින් වලදී දුටුව සිහිනය. ඔහු නැවතත් කරලියට එන්නේ කණ්ඩායම් කළමණාකරු විදියට නැවත කණ්ඩයමක් හැදීමේ අරමුණත් එක්ක. ඔහුට හැකිවෙනකොට ඔලිම්පික් වලට සරිලන කණ්ඩායමක් හදාගන්න ඉන්දියානු පකිස්ථානු ගැටුම් ආරම්හ වෙනවා. මෙයින් කණ්ඩායමට සිද්දවන්නේ විශාල පහරක්. තවත් මාස තුනයි ඉතිරිව තියෙන්නේ ඔලිම්පික් වලට.

තපන්ට සිද්දවෙන්නේ ආපහු පරණ තත්වෙටම වැටෙන්න. නමුත් ඔහුගේ පරණ මිත්‍රයෙක් එනවා උදව් අරගෙන. මේ යාළුවා එක්ක තපන්ට හැකිවේවිද මාස තුනකින් ආයෙම කණ්ඩායමක් හදාගන්න. ඔලිම්පික් වලට යන්න. රන් පදක්කම දින්නන්න, නිදහස් නිවහල් රටක් විදියට ඔලිම්පික් රන් පදක්කම දිනලා ඔවුන්ගේම ජාතික ගීය පසුබිමෙන් වැයෙනකොට ජාතික කොඩිය ඉදිරියේ ආචාර කරල ඔවුන් එදා 1936 වසරේ දුටුව සිහිනය සැබෑ කරගන්න.

මේක ඉන්දියාවේ ජාත්‍යාලය ඔදවඩන්න තැනුණු තවත් චිත්‍රපටයක්. සතුට. කඳුල. ජාත්‍යාලය. බලාපොරොත්තු. එක්ක ප්‍රේක්ෂකයත් ඉන්දියානු ජාතිකයෙක් බවට පත් කරන්න ඉන්දියානු ජාත්‍යාලය ඔදවඩන චිත්‍රපට වලට පුළුවන්. අන්තිමට “කමෝන් ඉන්දියා” කියන තත්වයට පත් කරන තත්වයට ප්‍රේක්ෂකයාවත් පත් කරන්න ඉන්දියානු සිනමාකරුවන්ට තිබෙන හැකියාව අනභිබවනීයයි.
මේ චිත්‍රපටයෙන් ලස්සන පණිවිඩයක් සමාජගත කරනවා. ඒක අපේ ලස්සන රටේ ඉන්න අවලස්සන හදවත් තියන දේශපාලඥයන් මිනිසුන් දකීවා යන්න මගේ ප්‍රාර්ථනය. නමුත් මෙවැනි සිනමා ප්‍රකාශණයක් නරඹන්න තරම්වත් ඔවුන්ගේ ඔළුගෙඩි නොමේරීම, රටට ආදරේ කරන රට හොඳ තැනක දකින්න කැමති මිනිස්සු කරපු කරපු පාපයක්.

“රටක් හැදෙන්නේ භූමියෙනුයි දේශ සීමා වලිනුයි නෙමෙයි.
රටක් හැදෙන්නේ ඒ රටේ හැමදෙනාම එක සිහිනයක් දකිනකොට.
ලඟා කරගන්න බැරි හීනයක් නෑ, අපි විශ්වාස කරනවනම් ඒ හීනේ ලඟා කරගන්න පුළුවන් කියල!”

කුල මල, ජාති භේද, ආගම් භේද, පක්ෂ පාට වලට එහා ගිහින් අපිටත් පුළුවන් නම් අපි එකම රටක් අපි ශ්‍රී ලාංකිකයෝ විදියට හිතන්න පුළුවන් නම් මේ රට මීට වඩා ලස්සන වේවි, මීට වඩා දියණු වේවි. ඒ හීනේ සියල්ලම එක්ව දකින්නට පුළුවන් වේවා!! යන්නයි මගේ ප්‍රාර්ථනය. ජයවේවා!!

විශේශ ස්තූතිය: තාරක නුවන් දිල්හාර.

Gold (2018) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා ගැලපේ.

 

16,530 downloadsDownload Gold-2018.zip66 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” හා “දිල්ශාන් කාලිංග” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-07-25
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

16,530 downloadsDownload Subtitles66 KB

86 comments

  1. විමා

    තුන්දෙනාට සබට තුති වේවා එහෙනම්
    බලන්න ගන්න ඕනා අදවත්
    ෆිල්ම් එක බාල අවුරුද්දක් විතර
    ලබන අවුරුද්දෙම ලැබෙයි කියල හිතන් උන්නේ

  2. කවිශල් රසින්ත (කවී)

    අම්මෝ... දෙනකන් මග බලාන උන්න ෆිලුමක්... බොහොම ස්තූතියි සබට අයියල දෙන්නටම...
    ජය වේවා....!!!

  3. Mayura

    තනි තරුවේ කුමන්ත්‍රණය හෙලා දකිනවා.. අපි මෙතනදි තරුවක් දකින්න බලාපොරොත්තු උනේ නෑ

  4. Milind@

    Thanks saho

  5. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි ......
    ජයවේවා ........

  6. chandika1975

    thank you for subtitle and keep it going

  7. Kanchaka

    Thank you

  8. nimanaka

    thanks brother

  9. Nalindaranasinghe

    thanks

  10. EvoX

    පට්ට සහො... සබට ස්තූති, දාලා විනාඩි 45 ර්ටින්ග් 10/10, ජය !!!

    1. EvoX

      හැබැයි වන් ස්ටාර් දුන්න එකනම් හරි මදිවගේ :/

  11. යුරාන් ධනුක

    බොහෝම ස්තුතියි සහෝලා දෙන්නටම
    සුපිරියක්නේ...... :D

  12. aks

    thanks...

  13. Nirosh C

    ස්තුතියි දෙපළටම,තියටර් එකෙනුත් බැලුවා,ආයෙ බලන්න ඕනෙ !

  14. dsdkavishka

    Thenks for sub

  15. gihan perera

    දානකන් බල බල හිටිය ෆිලුමක්....ස්තුතියි ස්තුතියි සහෝලා වෙච්ච මහන්සියට...දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  16. gayan215

    bohomaa sthuthi saho...

  17. Gandhaka Indrajith

    thanks for subtitle

  18. Asanka Nadishan

    thaks saho kalayak balan hitapu film ekaka

  19. Nerun Kalpajith Fernando

    ado Thank you <3

  20. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahoo sub ekata..

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. h123

    tnx for sub

  23. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝලා
    ජය

  24. ranga11112

    Thanks Bro..............

  25. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  26. Ayesh Prashan

    Thank You

  27. Chanaka_kasun

    බොහෝම ස්තූතියි හේවා ලුණුවිලගේ සොහොයුරටයි
    දිල්ශාන් කාලිංග සොහොයුරටයි

  28. Chanaka_kasun

    බුදුසරණයි

  29. sampath n perera

    obage adhahas ithamath
    agaya karanawa mama inneth ethena
    sub ekata thanks....

  30. Lasantharathnasirirox

    ස්තුතියි මේ උපසිරැසියටත්....

  31. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..එනකම් බලන් හිටපු ෆිලුමක් තමා..බුදුසරණයි..ජය වේවා!!!

  32. Aac3

    සබට thanks සහෝ... ජය වේවා..

  33. Dayalrw

    Thanks for the sub. Your last few sentences are more valid for us at the current situation.

  34. HTH

    thanks machoo sub eka enakan hitiyee

  35. Madhura prasad

    තුති වේවා සබ් එකට

  36. Samith Suranga

    සුපිරි

  37. Amila89

    නියම වැඩක්.thanks

  38. Achi

    Thanks

  39. sasala

    thanks

  40. ශසිත් සඳරුවන්

    සබට තුති දෙන්නටම...
    ඔන්න ගත්තා.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  41. NuwanK

    Thank u bro...

  42. IndunilN

    බොහොම ස්තුතියි සබ් එකට

  43. AmilaI

    ස්තූතියි දෙන්නටම

    තව තවත් ඉදිරියටම යන්න බයිස්කෝප් කණ්ඩායමටම සුබපතනවා

  44. Menaka Kariyawasam

    ela ela machan thanks sub ekata. sub denakan balan hitapu film ekak

  45. Kulanjana Maduranga

    subata thanks sahola....keep it up....

  46. thusithaltr

    තවත් අපූරු සිනමා නිර්මාණයක් සිංහලෙන් හැඩ ගැන්වූවාට තුති.

  47. wnrodrigo

    Good work friend, Thanks!

  48. ricadodamien

    Thank u Dilshan, Hewa brothers & baiscope team for the sub, it was Amazing.................. all the best to baiscope team ..................

  49. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  50. Nishantha jayalath

    Sub eka denakamma balan hitiye. Thanks bro.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.