Watch Trailer

I Am Sam (2001) | පිය සෙනෙහසින් බිඳක්…..[සිංහල උපසිරැසි සමඟ]

ලෝකේ හැම වෙලේම කියවෙන දෙයක් තමයි මව් සෙනෙහස. ඒ ගැහැණු පිරිමි භේදයකින් තොරව ලොකු කුඩා හැමෝමට පොදු දෙයක්. අම්මා කෙනෙක් දරුවෙකුට දක්වන ආදරය පටන් ගන්නේ ඒ දරුවා තමන්ගේ කුසට ආපු දවසේ ඉඳන්. තමන්ගේ කුස තුල මොන වගේ දරුවෙක්ද ඉන්නේ කියන දේ නොදැන ඒ දරුවට පණ දෙන්න තරම් ආදරය කරන අම්මෙක් ලබන්න මේ ලිපිය කියවන හැමෝ…

I Am Sam (2001)

ලෝකේ හැම වෙලේම කියවෙන දෙයක් තමයි මව් සෙනෙහස. ඒ ගැහැණු පිරිමි භේදයකින් තොරව ලොකු කුඩා හැමෝමට පොදු දෙයක්. අම්මා කෙනෙක් දරුවෙකුට දක්වන ආදරය පටන් ගන්නේ ඒ දරුවා තමන්ගේ කුසට ආපු දවසේ ඉඳන්. තමන්ගේ කුස තුල මොන වගේ දරුවෙක්ද ඉන්නේ කියන දේ නොදැන ඒ දරුවට පණ දෙන්න තරම් ආදරය කරන අම්මෙක් ලබන්න මේ ලිපිය කියවන හැමෝම වාසනාවන්ත වෙන්න ඕනේ. එහෙම කියන්න හේතුව  මව් පදවිය නොලබන්න කොහෙත්ම  සුදුසුකම් නැති මාර දූවරු  දැන් දැන් ඒ පදවියට ඇවිල්ලා ඒ උතුම් පදවිය හෑල්ලුවට ලක් වෙන්න අරගෙන. ඒක දෙපිරිසටම පොදුයි මම කිව්වේ යක්ෂයන්ටත් වඩා තිරිසන් වැඩ කරන  දරුවන්ගේ කරුමෙට පියවරු වෙන තාත්තලත් නැතුව නෙමේ. මෑතක ලංකාව තුලින් අපිට අහන්න ලැබුන දේවල් අම්මෙක් තාත්තෙක් හිතකින් කරයිද කියලවත් හිතා ගන්න බැරි තරම්. ඒ නිසා අනාගතේ දෙමව්පියෝ වෙන්න එහෙමත් නැතිනම් දැනට දෙමාපියන් වෙලා ඉන්න හැමෝටම මේ සලරුව කදිම ආදර්ශයක් වේවි. දරුවෙකුට අම්මෙක් තාත්තෙක් දෙන ආදරය අම්මගේ හරි තාත්තගේ හරි කියලා වෙන් කරන එකට නම් මම විරුද්ධයි. මොකද ඒ දෙන්නම තමන්ගේ දරුවට විව්ධාකාරයෙන් තමන්ගේ සෙනෙහස දක්වනවා. ඒ ආදරය තරම් උතුම් දෙයක් මේ ලෝකේ කොහෙවත් නැහැ.  මම මේ මුලින් කිව්වේ අද උපසිරැසි ලබාදෙන චිත්‍රපටයට ප්‍රවේශයක්. මීට කලින් වාසල සහෝ මේ ගැන ලිපියක් ලියල තිබ්බත් ඊට තවත් යමක් එකතු කලොත් මේ චිත්‍රපටයට තවත් ගෞරවයක් වේවි කියලා හිතුන නිසා  පොඩ්ඩක් ලියන්න හිතුවා. 

ඉතින් හැමවෙලේම කියවෙන මව් සෙනෙහස වෙනුවට අද මේ කියන්න යන්නේ පිය සෙනෙහස කොතරම් උතුම් දෙයක්ද කියලා. මේ චිත්‍රපටය ගලා යන්නේ අසරණ තාත්තෙක් තමන්ගේ දූ පැටියා තමන්ට ලං කරගන්න දරන අහිංසක උත්සාහයක්. මේ තාත්තා අසරණයි කියන්න හේතුව ඔහු මනසින් කුඩා දරුවෙක් වගේ. ඔහුගේ සාමන්‍යය දැනීම මට්ටම ඉතාම පහල අගයක තියෙන්නේ. මේ තාත්තාට ඔහුගේ මේ ස්වභාවය නිසා මේ දරුවාගේ අම්මා දරුවා ලැබුන මොහොතේදීම දාලා යනවා. අර මම මුලින් කියපු ජාතියේ කෙනෙක් 😉 ඉතින් මේ තාත්තට සිද්ධ වෙනවා අලුත උපන් දරුවට අම්මෙක් සහ තාත්තෙක් වෙන්න. හිතන්න කොහොම අභියෝගයක්ද මේ වගේ මානසික ස්වභාවයක් තියෙන කෙනෙක් මේ පදවි දෙකේම හිමිකාරයා උනාම? මේ තාත්තා නමින් සෑම් එයාට ලැබෙන දුවගේ නම ලුසී. කොහොම හරි මේ තාත්තා කිසිම අඩුපාඩුවක් නොවෙන්න මේ දූ සිඟිත්තව බලාකියා ගන්නවා. එත් මේ තාත්තට ප්‍රශ්නයකට මුහුණ පාන්න වෙනවා. දියණිය ලොකු මහත්වෙනකොට එයාගේ සාමන්‍යය දැනීම තමන්ගේ තාත්තට වඩා ඉහල යනවා. එත් මේ දෙන්නා තාත්ත සහ දුව. ඒ ආදරයට මේක බාධාවක් නෙමේ එත් ආදරයට වඩා ඉහල ගිය කසිකබල් නීති මේ ආදරයට බාධකයක් වෙන්න යන්නේ. ඉතින් මෙන්න හැමෝටම බාරයි මේ අසරණ තාත්තා තමන්ගේ දුව තමන් ලඟට ගන්න කරන්නේ මොනවද බලන්න. අනිත් කාරණය තමයි මේක බලල ඇහැට කඳුලක් ආවේ නැත්තන් වහාම වෛද්‍යවරයෙක් ලඟට යන්න 😛  

ඒ වගේම පරණයි කියලා මේ චිත්‍රපටය අහක දාන්න එපා බලල නැතිනම් අනිවාර්යෙන් බලන්න. ඒ ගැන පේනවා ඇති IMDb අගය දිහා ටිකක් ඇහැ යොමු කලොත්. ලක්‍ෂයකට අධික පිරිසක් එයාලගේ ඉහල මනාපය පල කරන්න හේතුව එතැනින්ම ඔයාලට හොයාගන්න පුළුවන්. හැමදාම විද්‍යා ප්‍රබන්ධ ගහ මරා ගැනීම් වලට කොටු වෙලා ඉන්න ඔයාලගේ හිත සැහැල්ලු වෙලා හැඟීම් දැනීම් තියෙනවා කියලා දැනගන්න හොඳ අවස්ථාවක් මේක. මොකද අවසානයේ ඇහැ කොනින් හැලෙන කඳුළු බින්දුව තමයි ඒකට හොඳම සාක්ෂිය. තවත් කාරණාවක් මේ උපසිරසට සහය දුන්නු යශෝධ සහෝව අමතක නොකර බැහැ.  මේ චිත්‍රපටය අනුසාරයෙන් දමිල චිත්‍රපටයක් පවා නිර්මාණය වෙලා තියෙනවා. එත් ඊට වඩා තාත්වික නර්තනයක් ඔස්කාර් සම්මානලාභී Sean Pennගෙන් ඔයාලට දැකගන්න ලැබේවි.  ඉතින් මෙතනින් එහාට ඔයාලට බාරයි . නැවත හමුවෙමු. හැමෝටම ජයෙන් ජය!!!

කලින් පලවූ ලිපිය 

“පියසෙනෙහසට කව් ගී ලියවුනා මදී….” ටි.එම්.ජයරත්නගේ මේ සිංදුව මතක් උනේ මේ ෆිල්ම් එක බලනකොටයි.පිය සෙනෙහස ගැන අපේ හදවතට කාතාකරන මේක අනිවාර්යෙන්ම බලන්න.නෙතට කඳුලක් නැගේවි…. ඔස්කාර් සම්මානලාභී Sean Pennගේ විශිෂ්ට රංගනය මේතුල කැපී පෙනෙනවා.ඒවගේම ළමා නිළියක් වන (දැන්නම් ගැටිස්සියක්) Dakota Fanningගේ රංගනය මගේ හිතට කොච්චර ඇල්ලුවද කිව්වොත් ඈ රඟපෑ බයිස්කෝප් තුන හතරක් එකදිගට බැලුවා… Sam (Sean) අඩු මානසික මට්ටමක් ඇති පුද්ගලයෙක්.පියෙක් වන දිනයේම ඔහු හා කුඩා දියණියව රෝහලේ තනිකර දමා බිරිය පලායනවා.දියණියව රැකබලාගන්න ඔහුට සිදුවෙනවා.මේ කාලය තුලදී ඔහුගේ දිනචර්යාව වෙනස්වී දියණිය වන Lucy (Dakota) හා ඔහු අතර දැඩි බැඳීමක් ඇතිවෙනවා.නොදැනීම කාලය ගතවි Lucy පාසල් යන වයසට එනවා.ප්‍රශ්න පටන්ගන්නෙ මෙතනින් තමයි.රජයේ නිළධාරීන් තීරනය කරනවා ඔහුට Lucyව රැකබලා ගන්න හැකියාවක් නෑ කියලා.ඇය ඔවුන්ගේ බාරයට ගන්නවා. නමුත් එකිනෙකාගෙන් වෙන්ව ඉන්නට දෙදෙනාටම නොහැකියි.ඒනිසා ඔහු නීතියේ පිහිට පතනවා Lucyව තමන් ලඟට ගන්න… ඉතිං ඉතුරුටික බලන්න බාගන්නම වෙනවා.සංවේදී කතාවක්.ඇහෙන් කඳුලක් වැටුනට කමක් නැත්නම් බාගෙන බලන්න….
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය චමි.දේ.වා. සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

I Am Sam (2001) on IMDb

 

 

900 MB (BR) කොපිය මෙතනින් බාගන්න

68A654E625972CA126A032CE6023A7443B10E8F3

1.90 GB (BR) කොපිය මෙතනින් බාගන්න

E1408AECA1FCCECC6BB60D24823B800E9D35C499 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

967 downloadsDownload I-Am-Sam-2001.zip139 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/hewa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

967 downloadsDownload Subtitles139 KB

72 comments

  1. chamila

    Mara case aka.. mata nam meka balanna be.. :(
    kohoma unath chamidewata thanks...

  2. පොතේ ගුරා

    @chamila ! ඇයි බන් බලන්න බැරි? :S

  3. හසී

    අනිවා බානවා......තැන්කූ :'(

  4. Chathu

    Balannama one film ekak....Thanks...:)

  5. නදී

    Sean Penn ඉන්න ෆිල්ම් එකක්නෙ. මරු ඇති.
    ස්තුතියි.

  6. රන්දික පෙරේරා

    මේක මම දැනට ටික කලයකට පෙර බලපූ චිත්‍රපටියක්. ආයිමත් බලන්න ඕන කියලා හිතුනා. ස්තූතී චමි.දේ.වා. සොහොයුරාට මේක මතක් කළාට.

    ටික දවසක් බයිස්කෝප් පැත්තේ එන්න හම්බවෙන්නෙත් නැති නිසා ඔන්න හැමෝටම සුභ පැතුවා.

    ජය වේවා...!!!

  7. චරිත

    මමත් මේක බලන්න ඕනි. මොකද මමත් දුවෙක් ඉන්න තාත්තා කෙ‍නෙක්. Thanks.

  8. දසයා

    බොහොම ස්තුතියි සහෝදරයා මේ ලස්සන ෆිල්ම් එකට. ඇත්තටම මවි සෙනෙයස තරම් පිය සෙනෙහස නොදැනෙනේ පියවරු ආදරය පෙන්නන්නෙ නැතිව හිතේ තියන් ඉන්න නිසාද?

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ මේ චිත්‍රපටිය ගැන ලිව්වට. බොහොම සංවේදී ලස්සන කතාවක් තියෙන චිත්‍රපටියක්. හැමෝම බලන්න. :P

  10. anthr6x

    ඉන්ටඩස්සන් එක හිතට ඇල්ලුවා.. මේ බානවා.

  11. චමී.දේ.වා.

    @චමිල,
    ඒ මොකෝ සහෝ....
    හොයාගෙන බලන්න කොහොමහරි....

    @පොතේ ගුරා,
    ඒකනේ....

    @හසී,
    අනිවා බලන්න...
    ස්තූතියි සහෝ...

    @නදී ,
    අනිවා...අනිවා....

    @රන්දික පෙරේරා ,
    ඒ මොකෝ ඒ....

    @චරිත,
    බලන්න...පස්සෙ කාලෙක දුවටත් පෙන්නන්න....

    @දසයා,
    මාත් හිතන්නේ එහෙමයි....

    @රොයිලි,
    උඹේ මගපෙන්වීම නිසයි මෙහෙමවත් ලියන්නේ.ඒකට මමයි තෑන්ක්ස් කරන්න ඕනා....

    @anthr6x,
    ස්තූතියි මචෝ....

  12. soysa

    Thank you chami..... mama kemathi me wage film walata....

  13. San J

    අපි ඉතින් හොද ස්ටෝරි අතඅරින්නෙ නෑනෙ. ඔන්න තැන්කූ කියල මේකත් බානවා.ඉහත කාලෙකදි මේ ස්ටෝරිය ගැන මගෙ යාලුවෙක් කිව්වා. ඒත් ඌ නම දන්නෙ නෑ. බයිස්කෝප් අඩවියට පින්සිද්ද වෙන්න හොයාගත්තා.

  14. Enri

    මොකද මේ සෙනසුරාදට මුකුත් නැත්තේ?

  15. Tharindud

    hmmmm

  16. Tharindud

    hodayi Thanxxx

  17. Suraj

    මමත් තාත්ත කෙනෙක් තාම මට මේක ඩවුන්ලෝඩ් කරන්න බැරි උනා. ම‍ම මේක බාගන්නම් අදම.

  18. soysa

    mara baiscop aka.... mara vidihata hithta alluwa...... hebai ada adha baluwe....

  19. 128

    .l.

  20. prami

    ela film ekak.adai balanna puluvan vune.jaya jaya we baiscopelk !!!!!!!!!!!!!!

  21. jeewithemal

    මම බලපු සංවේදිම ‍ෆිල්ම් එකක්... මුල සිට අවසානය දක්වාම අපේ හදවත මේ තාත්තා වෙනුවෙන් හඬා වැටෙන ‍ෆිල්ම් එකක්,,,, ඉතාම ලස්සන කවුරුත් නැරඹිය යුතු එකක්

  22. jana

    mame baluwa.wenesak athi film 1k.niyame kathawa.hamoma aniwaryen meka baliya youthu mai.thanx

  23. Ramraj

    සංවෙදී කථා වලට මම ටිකක් බයයි.

  24. indikson

    ගොඩක් සංවේදී කතාවක්. හිතට වදිනව.

  25. Air Bender

    ela ela,,,,downloading machan,,,,,,

  26. sudeera

    mamat asai anagatayata muna denna... thanks sahoo.

  27. ishanka

    Comment kiyawaddi asa hithenawa.. Balannama oni.. Pin Sidu Wewa Saho.................Ela Ela...

  28. Tinker

    i cant find the download link.. is it removed ???

  29. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) තුති……. :)

    1. තිසර නියෝ (Thisara Buddhika)

      නියමයි
      :P
      උපසිරැසියට තුති…… :)
      ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
      ඔබට ජය .. :)

  30. රොයිලි

    බොහොම ස්තූතියි ආසිරියෝ සහෝ සිංහල උපසිරැසියට. බලල තියෙන සංවේදීම කතාවක්. උපසිරැසිය එක්ක ආපහු බලන්න හින්දා බාගන්නම්. ජය෴෴ :P :P

  31. Kulanjana Maduranga

    mekata sub dunna 1k nm sahennna watinawa ASIRI saho....mmth balala thiyanawa....dn sub 1kath balanna puluwan...thanks saho.digatama sub denn jaya wewa......

  32. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි හෙවෝ උපසිරසට
    මේ ෆිල්ම් එක ගැන කිය කිය හිටියට සබ් එක කරාවී කියල හිතුවේ නම් නැහැ
    කියන හන්දම බලන්නම්කෝ,
    පොඩි කොපි නැතිදෝ....

  33. අදිත අවීන්

    හේවා අයියා කළා නම් සුපිරියටම ඇති .
    බලන්න අදහසකුත් තියනවා .
    බොහොම ස්තුතියි අයියා උපසිරැසියට !
    :D

  34. නලින්

    ස්තුතියි ආසිරියෝ...! අනිවා මෙහෙම කතාවක් කියලා දැන් නේ දන්නේ. නැවතත් ස්තුතියි! ස්තුතියි!!

    ජය වේවා!

  35. thisal

    තැන්ක්ස් වෙවා එල

  36. කේ.යූ.ජී. උදාර

    ඔන්න දැන්නම් මේක බලනවමයි කොල්ලො.........
    මේකට සබ් දුන්නට බොහොම ස්තූතියි ආසිරි.

  37. Vishwa

    Meka nam Supirima Story ekak thiyana Film ekak :) man kalin balala thiyanawa.. . .

  38. ගයාන් රූකාන්ත (ජෝනා)

    ආසිරි ප්‍රියන්ත කල උපසිරැසි ගැන්වීමක් :) :)
    කතාවත් හොදයි වගේ අනික ඉතින් ආසිරි කියන එකේ
    නොබලා කොහොමේයි ඔන්න ගන්නවා
    සබට තුති හේවෝ.. :) :)ජය!!

  39. thilina

    Me kiyala thiyena wodihata film 1 aith balanna asa hithenawa......tnx bro

  40. සමීර චතුරංග

    මේක නම් බලන්නම වටිනා එකක් වගේ..

    බලන්න නම් ඕනේ ආසිරියෝ..

    බලමුකෝ නෙහ්.

    ආසිරියා සබක් ගෙනල්ලා නොවැ කාලෙකින්.

    ජය!!

  41. ගයාන් ගමගේ

    ෂා බොහෝම වටින කියන චිත්‍රපටියක්නේ ආසිරි ගෙනැත් තියෙන්නේ...
    මම මේ චිත්‍රපටියෙම රී මේක් එකක් විදියට නිර්මාණය කළ
    ‍'දෙයිවා තිරුමගල්' කියන දෙමළ එක බලල තියෙනවා.
    ඒකත් හරිම අපූරුයි. ඒක එතරම් සාර්ථක නම්
    ඒකට පාදක වෙච්ච මුල් නිර්මාණය
    කොතරම් විශිෂ්ඨ නිර්මාණයක් වෙන්න ඇත්ද.
    සබ් එකට බොහොම ස්තූතියි ආසිරි...
    ඉඩක් ලැබුණු විගසින් ආසිරිගෙ සුපිරි සබත් එක්ක
    මේ සුපිරි නිර්මාණය නරඹනවා...

  42. sanjeewa

    thanks lokka

  43. sajeevi

    thanks

  44. realsumedha

    බොහොම ස්තූතියි..... සංවේදී තේමා රැගත් මූවීස් වලට තමයි මාත් කැමතිම....

  45. Tharindu

    Thank you very much saho...!!!

  46. ලක්ෂාන් නිලංක

    ela hewa aiye...sabata bohoma thuthi...jaya wewa...!

  47. Jack

    ස්තුතියි මචෝ සබ් එකට.
    මේ ටිකේම ඇක්ශන් ඒවමයි බැලුවේ.
    වෙනසකටත් එක්ක මේක හොදා.
    ජය.

  48. Nishantha

    Film Eka Balanna kalin Letter eka kiyewuwama Hadawatha cool wenawa. Film Ewka kohoma adda? Aniwa Me Danma Banawa. Tnx....................

  49. “චූටී මල්ලි”

    මන් ගාව මේඑකෙ දෙමල එක තියෙ
    ඒක නොබලා මේක බලනවා
    සබට තුති
    ඔබට ජය...........

  50. මයුර

    Deiva Thirumagal බැලුවට පස්සේ මමත් මේකට අහ ගහගෙන හිටියේ. කවුරුත් දෙයි කියලා නම් හිතුවේ නෑ.. කියන්න වදන් නැහැ ඉතින් සහෝ. මිලියන් වාරයක් ස්තුතියි !

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.