කට්ටිය කියනවනේ ක්‍රේල් කොණ්ඩයකටයි බෝල ඇස් දෙකකටයි පුළුවන් කියල කොල්ලෙක්ව පිස්සු වට්ටන්න.. ඒත් ඒ මායමට අහුවෙන්නේ නැති කොල්ලෝ ඉන්නවා. මේ කතාව අන්න ඒ වගේ ක්‍රේල් කොණ්ඩයකටයි බෝල ඇස් දෙකකටයි අවුරුදු 13කම අල්ලගන්න බැරිවෙච්ච කොල්ලෙක් ගැන.කොල්ලගේ නම තමා සයිමන්. ලියා එහෙමත් නැතනම් අපි මේ දවස්වල හොඳට දන්න හැ…

කට්ටිය කියනවනේ ක්‍රේල් කොණ්ඩයකටයි බෝල ඇස් දෙකකටයි පුළුවන් කියල කොල්ලෙක්ව පිස්සු වට්ටන්න.. ඒත් ඒ මායමට අහුවෙන්නේ නැති කොල්ලෝ ඉන්නවා. මේ කතාව අන්න ඒ වගේ ක්‍රේල් කොණ්ඩයකටයි බෝල ඇස් දෙකකටයි අවුරුදු 13කම අල්ලගන්න බැරිවෙච්ච කොල්ලෙක් ගැන.කොල්ලගේ නම තමා සයිමන්. ලියා එහෙමත් නැතනම් අපි මේ දවස්වල හොඳට දන්න හැනා. Katherine Langford තමා මේ බෝල කෙල්ල. ඉතිං කතාව ගැන කියනවනම් මුලින්ම සයිමන් ලියා කියන්නේ පොඩි කාලේ ඉඳලම යාළුවො දැන් මේ වෙනකොට දෙන්න ඉන්නේ හයි ස්කුල් එකේ. ඊට අමතරව තව යාලුවෝ දෙන්නෙකුත් මේ කාණ්ඩයට සෙට් වෙනවා. ඉතිං හතරදෙනාම ඉන්නේ එකට, බොහොම විනෝදෙන්.
ඉතිං අපේ ප්‍රධාන චරිතය සයිමන්ට අමුතු අමුතු අදහස් පහල වෙන්නේ, හරියට එක දිගට මාසයක් විතර හැරී පොටර් නළුවා ඩැනියල්ව එකම විදියකට හීනෙන් පෙනව වගේ දේවල්. ඒක මිනිහට සැහෙන ගැටළුවක්. ඉතිං මේ අයට තියනව තමන්ගේ රහස් ඕපාදුප දාන්න වෙනම වෙබ් සයිට් එකක්, ඒකෙ නිර්නාමිකව එක එක දේවල් දාන්න පුළුවන්. ඉතිං ලියා දවසක් සයිමන්ට කියනවා ඉස්කෝලේ එක්කෙනෙක් තමන් සමලිංගිකයි කියල පොස්ට් එකක් දානවා. ඊට පස්සේ යාළුවො හතර දෙනාව අවුල් ගොඩක පටලවන්න සයිමන් මුලික වෙනවා. ඒ මාටින් කියන තවත් පාසල් සඟයෙක් සයිමන්ව බ්ලැක් මේල් කිරීම නිසා. ඉතිං එහෙනම් මේ කතාවේ ගැටලුකාරී තැන් ලිහාගෙන කතාව නරඹන්න ඔයාලට ඉතුරු කරනවා.
ඉතිං ආයේ මං හිතන්නේ අවුරුදු ගානකට පස්සේ සමීරත් එක්ක සෙට් වෙලා කතාවකට සබ් කරන්න ලැබුනා. සමීර සබ් එක කරලා සතියක් විතර හිටියා මගේ කොටහ ඉවරකරගන්න. මක් කරන්නෙයි ඉතිං තියෙන වැඩ අස්සේ මේක ඉවර කරගත්තේ. එහෙමන් imdb 8.0 අගයක් ලබාගන්න සමත් වෙච්ච මේ වෙනකොට 2018 වසරේ ආදායම් ලැබුව ෆිල්ම් 100 ලිස්ට් එකේ ඉන්න සමත් වෙලා තියෙන මේ ෆිල්ම් එක ඉන්දියාවේ ප්‍රදර්ශනය තහනම් උනා. ඉතිං මේ ෆිල්ම් එකේදී සයිමන් ඊ මේල් හරහා තමයි පණිවුඩ හුවමාරු කරගන්නේ, ඒ [email protected] කියන විද්‍යුත් ලිපිනය හරහා.ඉතිං ඔයාලත් අවස්තාවක් තියෙනව මේකට පණිවුඩයක් යොමු කරන්න. එතකොට එකෙන් අපුරු පණිවුඩයක් ලැබෙයි. ඕන නම් කරලා බලන්නකෝ. ඒ වගේම මේකේ සමහර දර්ශන අධ්‍යක්ෂක කට් කිව්වට පස්සේ මේ හතර දෙනා ඇත්තටම යාළුවො විදියට විහිලු තහළු කරගන්නකොට ගත්තුවා කියලයි කියන්නේ. අධ්‍යක්ෂක කට් කියල කිව්වත් කමරමන් දිගටම ඒ හතරදෙනාව කැමරාවට අහුකරගෙන. ඒ වගේම තමා මේ කතාව පාදක කරගෙන තියෙන්නේ “Simon vs. The Homosapiens Agenda” කියන පොතෙන්. ඉතිං එහෙනම් ඔන්න අපි ගියා..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB සහ BR පිටපත් සඳහා ලබා දී ඇත.
11,118 downloadsDownload Love.Simon_.2018.zip198 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” හා “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27 [ විමා ]
JOINING DATE – 2013-02-12 [ සමීර කරුණාරත්න]
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
55 comments
සනිඳු ලක්ඛිත
MRT97
Thanks mcn sub 1ta
Bandaramudiyansi
Wawww මෙක නොබල කොහොමද ....සුපිරිම වඩකාරයෝ දෙදෙනෙක් එකට එකතුවෙලා... නියමයි බොහොම සතුටුයි ......❤ ❤ ❤ ❤ ❤ ❤
❤ ❤ ❤ ❤ ❤ ❤
English සිනාමාවේ ගුනාත්මක උපසිරැසි සහ හොදම රසාස්වාදයෙන් පිරිපුන් චිත්‍රපට දෙන උපසිරැසි කරුවන් දෙදෙනෙක්ක්...........තැන්ක්ස්Prabodha Madhusankha Hettiarachchi
Thank sub ekata broooo......
samanr23
පට්ට බ්‍රෝ.....බලන් හිටියෙ මේක දෙනකන්.....
බොහෝ ම ස්තූතියි.....ජයෙන් ජය......THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
udawalawa@89
උඩ ෆිල්ම් එක බාන්න ටොරන්ට් ලින්ක් එක හොයාගන්නේ කොහොමද
විමා
බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් සයිට් එකෙන් ගන්න සහෝ
jagath55
Thanks
Kasun A.
upasiresiyata thuthi shan saho saha sameera saho.jaya!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Mevandhanushka
Thanks
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝල දෙන්නටම
ජය..!උදයංග සම්පත් හතරසිංහ
හැනා මගේ ලව් එක... <3 අනිවා බලන්න ඕනෙ..
දෙන්නටම ස්තූතියි හොඳේ.. ජය වේවා...!ranga11112
Thank you saho....me karana kepakirimata oyalata godak pin...
Theruwan saranaiKantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kulanjana Maduranga
niayamai…thanks sahola..sub ekata..digatama sub demu.jaya wewa……
Thamanna
හැනා හින්දා බැලුවාකිඩ් ෆෑල්ස් කොලුකාරයා
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
මේක download කරලා බලන් හිටියේ සබ් එක දෙනකම්....Viraj
sub ekata thanks sahola.. jaya wewa!!
SAjith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජ්යම වේවා...!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….
SanjulaJeter
thanks
dhanuha vk
thanks mchn. parakku wela hari br copy yak labuna eka watinawa
Damith Priyankara
thankzz sub ekata
San J
Thanks for the sub machan
sasala
thanks sub ekata
sampath n perera
සබ් එකට බොහොම ස්තූතියි
.comDevinda
උපසිරැසියට ගොඩක් ස්තූතියි
muditha gayan
Thankzzzzzzzz
Hesh
තෑන්ක්ස් සබ් එකට. මේකේ alex standall ඉන්නවා.
ferris wheel කියන්නේ මේරි ගෝ රවුන්ඩ් එකට නෙමෙයි කතුරු ඔන්චිල්ලාවට.
dinu_rana
Sub ekata thnkzz, puluwan nan midnight sun 2018 movie ekata sub ekak karanna eka lassana movie ekak.
Mawan Geethanjana
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.
Kanchaka
Thanks bro
Dewadithya
Thanks!!
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
malith
Ela ela
Rashmika dumidu
thanx bro
ZABEEL
niyamai
Sajithlakshan
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට
AsithaDilruwan
Ela saho thanks
Sathya Bandara
ස්තූතියි ඔයාට.. ඔයාගෙ මහන්සියට..
MAALnath
Thanks .............good luck ................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
tharidu sagara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට……
ජය වේවා!!!Virajperera
tnx bro
Pawan Vikasitha
නියම වැඩක්
Dilshan Kelum
Thanks machiii
Janithsapugoda
Hadatama jaya wewa thank bro sub ekata
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Rukshan37
Ela ela
Advertisement
බොහොම ස්තූති සහෝ උපසිරසට. හැනා ඉන්න නිසා බාලා තියාගත්තා. හැබැයි හොද ආදයමක් ලැබුවා කියලවත් IMDB 8.0ක් තිබ්බා කියලවත් දැනගෙන හිටියේ නෑ. ඒ කියන්නේ හිතුවට වඩා ෆිලුම හොදා!