උදා වූ 2017 නව වසර හැම කෙනෙක්ටම සතුට, ජයග්‍රහණය, වාසනාව ගෙන එන සුබම සුබ නවා වසරක් වේවා කියලා ඔන්න මුලින්ම ප්‍රාර්ථනා කරනවා. 2017 අවුරුද්දේ මගේ අතින් උපසිරැසි ගැන්වුණු පළවෙනි චිත්‍රපටය විදිහටත්, මගේ පහළොස්වන උපසිරැසි නිර්මාණය විදිහටත්, 2017 අවුරුද්දේ බයිස්කෝප් වෙබ් අඩවියෙන් එලි දක්වන පළවෙනි “Super H…

උදා වූ 2017 නව වසර හැම කෙනෙක්ටම සතුට, ජයග්‍රහණය, වාසනාව ගෙන එන සුබම සුබ නවා වසරක් වේවා කියලා ඔන්න මුලින්ම ප්‍රාර්ථනා කරනවා.
2017 අවුරුද්දේ මගේ අතින් උපසිරැසි ගැන්වුණු පළවෙනි චිත්‍රපටය විදිහටත්, මගේ පහළොස්වන උපසිරැසි නිර්මාණය විදිහටත්, 2017 අවුරුද්දේ බයිස්කෝප් වෙබ් අඩවියෙන් එලි දක්වන පළවෙනි “Super Hero” කාණ්ඩයට අයත් චිත්‍රපටය විදිහටත් මං මේක නිර්වචනය කරන්න කැමතියි. මං හිතන්නේ ඔයාල ගොඩ දෙනෙක් මේකේ උපසිරැසිය දෙනකල් මග බලන් ඉන්න ඇති.
මුලින්ම මං හසන්ත අයියට ස්තූතිවන්ත වෙන්න ඕන මේක මට බාර දුන්නට. එයාම තමයි මට චිත්‍රපටයේ ඉංග්‍රීසි උපසිරැසියත් හොයලා දුන්නේ. ඉතිං ඔන්න කතාවේ නම වගේම කතාවත් මැක්සා නිසා, උපරිම හොඳින් උපසිරැසිය හදලා ඔයාලට දෙනවා.
වෙනදා වගේම කතාව ගැනත් ටිකක් කියන්නම්. මේ කතාවේ ප්‍රධාන චරිතයට ඉන්නේ මැක්ස් මැක් ග්‍රාත් (Ben Winchell). මැක්ස් කියන්නේ ටිකක් විතර අසාමාන්‍ය ලක්ෂණ පෙන්නුම් කරන තරුණ කොල්ලෙක්. පිට සක්වල සම්භවයක් ඇති එයාගෙ තාත්තාගෙන්, එහෙමත් නැත්නම් ජිම් මැක් ග්‍රාත්ගෙන් (Michael Doyle) තමන්ට උරුම උන ටැකියෝන් කියන විශේෂ ද්‍රවමය ශක්තියක් එයාගෙ ඇඟ ඇතුලේ තියනවා. මේ ශක්තියත් එක්ක එයාගෙ ජීවිතයේ වටිනාකම වැඩි වෙනවා වගේම එයාට එන ජීවිත තර්ජන ප්‍රමාණයත් වැඩි වෙනවා.
මැක්ස්ගෙ තාත්තා මැරෙන්නේ මැක්ස් හරිම පොඩි කාලේ. ඒ කියන්නේ වයස මාස 8ක් වගේ වෙනකොට. මැක්ස්ගෙ තාත්තා මැරෙන්න කලින් එයා ගාව වැඩ කරපු ස්ටීල් (Steel) කියන පුංචි රොබෝ කෙනාට කියනවා තමන්ගේ පුතා ලොකු වෙලා මං අර කලින් කියපු ටැකියෝන් කියන ශක්තිය නිදහස් කරන්න ගත්තම එයාව ආරක්ෂා කරන්න කියලා. ඒකට හේතුව ටැකියෝන් කියන ශක්තිය ඕනවට වඩා වැඩි උනාම පිපිරිලා මැරෙන අවදානමක් තියෙන නිසයි, ඒ වැඩි ශක්තිය උරා ගන්න පුළුවන් ස්ටීල් වගේ පුංචි රොබෝලට පමණක් වීම නිසයි. පොඩි කාලේ ඉඳන් මැක්ස්ව ලොකු මහත් කරන මැක්ස්ගෙ අම්මා මොලී මැක් ග්‍රාත් (Maria Bello) මැක්ස්ව අරං රට වටේ යනවා එයාව අල්ට්‍රාලින්ක්ස් කියල හඳුන්වන, අතිශය භයානක යකුන් බවට පත්වෙන්න පුලුවන් රොබෝ වර්ගයකින් බේරගන්න. ඉතිං අල්ට්‍රාලින්ක්ස්ලට අමතරව කතාවේ තව ලොකු හතුරෙකුත් ඉන්නවා. එයා ගැන නම් මං ලිපියෙන් කියන්න කැමති නෑ. ඔයාලම බලන්නකෝ. මැක්ස් සහ ස්ටීල් එකට එකතු උනාම නිර්මාණය වෙන වීර චරිතයට තමයි Max Steel කියන්නේ.
අහ්හ්.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා, මැක්ස්ට ඉස්කෝලේදී ලස්සන ගෑණු ළමයෙකුත් හම්බවෙනවා සොෆියා (Ana Villafañe) කියලා. මැක්ස්ට ගොඩක් උදව් කරන සොෆියා අන්තිමේදී එයාගෙ ආදරවන්තියත් වෙනවා. වෙන කතා වල වගේ නෙමෙයි මේකේ කෙල්ල තමා කොල්ලා පස්සෙන් එන්නේ (අනේ වාසනාවන්). හරි එහෙනම් වැඩි කතා මොකටද? බලන්නකෝ මේක. කතාවේ IMDb අගය නම් එච්චර ලොකු නෑ. 4.6ක් වගේ තමයි වෙන්නේ. ඒත් කතාවට රසයට නම් ඒකෙන් බාධාවක් නෑ. Stewart Hendler කියන අධ්‍යක්‍ෂකවරයාගෙ නිර්මාණයක් උන මේ චිත්‍රපටය Science Fiction, Action කියන චිත්‍රපට කාණ්ඩ වලට අයත් වෙනවා. චිත්‍රපටය 2016 වසරේදී නිෂ්පාදනය කලේ අපි හැමෝම දන්නා සුප්‍රසිද්ධ Universal සමාගමයි.
එහෙනම් කතාව බලලා පුලුවන් නම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. චිත්‍රපටයේ කොපිය හොයා ගන්න අමාරු නම් මට FB මැසේජ් එකක් දාන්න, මං ලින්ක් එක දෙන්නම්.
හැම කෙනෙක්ටම ජයෙන් ජයම වේවා.!!!
Due to copyright issues, we do not provide any torrent links.
Max.Steel.2016.720p.BluRay.x264-GECKOS
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
14,071 downloadsDownload Max-Steel-2016.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/ChamikaraV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමිකර විදානගේ
Subtitles
85 comments
Pragath
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Sisila Prasad
උපසිරසියට බොහොම ස්තුතියි.
ජයවේවා!!!silent$
Thanxxxxxxxx sub....
Tharindu
Niyama wedak bokka.Thankz bn
Tharindu Yohan
niyama wedak bn.Thankz
නවින් නිසල්
◑◑◑◑මේකේ සබ් එක එනකම් තමා බලාගෙන ඉදියේ !! තැන්ක්ස් මචන් ◑◑◑◑
isuru
Max Steel 2016 720p BRRip x264 AAC-ETRG.tor
me කොපිය හරියයි ද
Chamikara Vidanage
ගොඩක් දුරට හරි යයි. ෂුවර් නැත්නම් මට FB මැසේජ් එකක් දාන්න, මං මගේ ලින්ක් එක දෙන්නම්.
pawan
Max Steel (2016) 720p HDRiP 850MB ShAaNiG
Web-බුවා
උඹලා බය නැතුව ඔය net එකේ තියෙන ඕන BR පිටපතක් ගනිල්ලා. ඔය හැම එකකම run time එක 1:32:37 යි. සබ් එක sync කරලා තියෙන්නෙත් ඒ run time එකට හරියන්න. ඉතිං තව මොන කතා ද lol. බොරුනම් බලහල්ලකෝ ඕන BR එකකට සබ් match වෙනවා. උනේ නැත්නම් මෙන්න මං ඉන්නවා මට බැනපන් lol. :D
ජය! :)
pawan
meka ganna
Web-බුවා
සමාව 1:32:27 යි. මේ වෙලාවට තමා හිතෙන්නේ edit පහසුකම තිබ්බනම් කියලා. :D :D :D
Sandun
pala yanna bn anna man ekak bala eke sub eka set wenna ne bn... mokak hari wisadumak mata mage gmail ekata ewapallako
Sandun
okata sub eka set wenna ne bn... aparade mage deta tika
Sandun
pawan kiyala thiyana eka thama bawe ekata sinhala sub eka set wenna ne..... 4GB ekanam banna be bn.... hena ganak YAVI BN MATA EKA bannanam bariyo..... anr kauru hari kenak adu ekak set karala dennakoooooo
Web-බුවා
පැහැදිලිව කියලා තියෙද් දී "net එකේ තියෙන ඕන BR පිටපතක් ගන්න"කියලා ඔබතුමා අහවල් එහෙකටද මඟුලේ යන hdrip එකක් බෑවේ? මගේ වැරැද්දක්ද lol? ඔබතුමා බෑව පිටපතේ run time එක පරීක්ෂා කරලා බලන්න. 1.31. තත්පර ගාණක් ඇත්තේ, ඒක අනිවා 1.32.27 නම් නෙමේ. එහෙම උනා නම් සබ් එක අනිවා match වෙන්න ඕන. ඉතිං hdrip එක විනාඩියක් විතර අඩුවෙන්නේ යන්නේ. ඉතිං අනිවා සබ් එක පරක්කු වෙලා යනවා ඇති. ඕක එච්චර නටන්න ඕන අවුලක් නෙමේ. ඔබතුමා පාවිච්චි කරන්නේ KM Player නම්, key board එකේ මෙන්න මේ " [ " ලකුණ පාචිච්චි කරලා බලන ගමන් සබ් එක ටිකක් පස්සට ගන්න. ගොඩක් දුරට හරියයි. ඒත් ඉතිං BR පිටපත් තියාගෙන hdrip වලින් films බලන්නේ අහවල් ආතල් එහෙකටද lol? :lol: මෙන්න මෙහෙම net එකේ search පාරක් දාලා මේ torrent එක ගන්න. file size එක පොඩි වුණාට, quality එක ගොඩක් හොඳයි. තව දෙයක් ඔබතුමා ඕනම film එකක් ගනිද් දී, සබ් එකේ දීලා තියෙන නමටම ගැළපෙන torrent එක ගත්තොත් විතරයි. සබ් match වෙන්නේ කියලා හිතන්න එපා. එහෙම දෙයක් නෑ. ඔය අගට තියෙන GECKOS, SHAANIG, SPARKS වගේ ඒවා නාමයන් විතරයි. වඩා වැදගත් දේ bluray/ BRrip, webdl, webrip. hdrip වගේ film එකේ පිටපත් වර්ගය යි. මොකද එකම film එක වුනත්, ඒ එකින් එකට ධවන කාලය වෙනස් වෙන්න පුළුවන්. ඉතිං සබ් එකේ sync එක තහවුරු වෙන්නේ ධාවන කාලය මත හිංදා මෙතැන දී ඒක තමා වඩා වැදගත්. අන්න ඒකයි කිව්වේ සබ් දීලා තියෙන්නේ brrip නම් hdrip ගන්න එපා කියලා. එතකොට කෙලවෙනවා තමා ඉතිං. හරි එහෙනම් මේක ගන්න.
Max Steel (2016) 720p BRRip 650 MB-iExTV torrent
ජය! :)
Udara Damith B/K
සහතික ඇත්ත බ්ලු රේ තියෙද්දී අහවල් එකකට HD ගන්නවද
සුරංගනාවියක් ඉන්නකොට යක්ෂණියක් බැන්ද වගේ වැඩක් නෙ කරලා තියෙන්නේpawan
KM player akata sub. aka add krla thathpara -55 adu kra ganna. key board ake me deken hada ganna {[ ]}
Web-බුවා
පට්ට වදන සහෝ! :D :D :D
ජය! :)
Hope
Thanks.. Download karalama balamu.
mithun
දෙනව කිවුවෙ sanasurada හරී. විස්වාස කරන් නෑ ඔන්න මම බ්ලුරෙ එක ඩව්න්ලොර්ඩින් කරා පැය බාගෙන්න් .. මටත් මෙක බලන්න අස හිතුන අහම්බෙන් වගෙ සබ් දෙනව කියල ආරංචියක් උන නිස වෙන ටිකක් බැලුව මෙ ටිකෙ බොහොම ස්තුතියි සහෝ..
සතුටුයි ආsunimal
Thanks machan sub..ekta puluwan nam link eka denna...mama banna baluwa hari haman ekak hamba une...na....fb eke mama yaluwek nowana nisa mata oyawa kelinma contact kara ganna ba link eka denna puluwan nam loku help ekak....
Chamikara
Mata Fb message ekak daanna mama ewannam. Torrent link methana share karanna amarui
Chamod Nishantha
Thanks aiye mekata sub dunnata .
Nirodha uthpala
Yako meke yts brrip deela sateyak geye na meanna suba deela elama vadak bro mehema issarahatath filuma avellla sanikava denna balamu ela subata thx digatama demu obata jaya bro
Ravindu Rukshan
thx sub ekata
Anjana Sadis
thankz macho sub eka denakan balan idiye
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Kulanjana Maduranga
niayamai…denakm balan hitapu filumak.thanks CHAMIKARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
සචින් අකලංක.
ස්තූතියි සහෝ සබට.
අසිත
elama saho thanks
ඉෂාන් මදුෂ
නියමයි.බොහෝම ස්තුතියි සහෝ
sudarshana
thanks saho sube ekata supiri niyamai digatama sube damu Jayavewa.......####$$$$
SriMkv
බොහෝම ස්තුතියි සහෝ
Download Link හොයාගන්න අමාරු අයට link SriMkvඩොට්Com එකේ දාල තියෙන්නේD.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
piyumal sanjeewa
බොහෝම ස්තුතියි සහෝ....
විමා
සබට බොහොම තුති මචං :D
Chamikara Vidanage
එල කිරි බොස් :)
nuwan
Thanks bro
සයුරු තරංග ලක්මාල්
Oyata godaknsthuthi saho sub ekata
෴jaya wewa෴Web-බුවා
නියමයි පට්ට බං. මේක පට්ට කතාව. imdb වලට කෙළවෙලා ගියාවේ. ඒකටත් එක්ක මං මේක 1080p එකෙන්ම බෑවා. :D
සබට ස්තූති වේවා සහෝ! :) morgan post එකේ දී කිව්ව කෙලියවල් දැන් ඔක්කොම හරි ගිහිං ඇති කියලා හිතනවා.ජය! :)
Chamikara Vidanage
ගොඩක් දුරට හොඳයි මචං :)
Web-බුවා
එහෙනම් එච්චරයි. :) :) :)
KAVINDA GAMAGE
thank you
Pubudu
Thanks Bro !!!!
එල්.සී. දමැල්
මේක ඒනකම් බලාගෙන උන්නෙ...
සබට තුති චාමිකරයො...
තවත් උපසිරසකින් හමු වෙමු...Amalka
බොහෝම ස්තූතියි උපසිරැසියට
Kavindu Malshika
thanks broooo
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා..!!Sandun Nishshanka
Sub ekata sthuuthi jayawewa
sami
Sub ekata tnx bro
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කවින්ද බුද්ධික
තෑන්කූ වේවා සහෝ..
Rohana
බොහොම ස්තුතිය සහෝ සබි එකට...!!!!
lakshan
බොහොම ස්තුතිය සහෝ සබි එකට
Amila Mudalige
Thsnks saho sub ekta
Chamara Priyadarshana Premasinghe
thanks bro
Dasitha147
bohoma sthuthie saho upasirasiyata! obata jaya!
Akila
Sub eka support krn nane machn wena sub ekk enna
sherlock galle
Thanks සබට තුති
ashan lankanath
thanks
Viraj Heshan
Thanks
Miyuru Dilanka
thanks
rush
tnx bro
Advertisement

Saba danakan hitiye..thaq sahoo