ඉතින් කොහොමද යාලුවනේ මේ මගේ පලවෙනි උපසිරස ගැන්වීම. අඩුපාඩු කම් නම් ඇති එක නිසා.මේ film එකට sub එක කරන්න අවසර දුන්න එකට මුලින්ම රොයිලි ප්‍රනාන්දු අයියට ස්තුතිවන්ත වෙන්න ඕනේ. හැමදාම biscope web ඒකෙන් මන් film download කරනවා. එක නිසා මටත් හිතුන මේවගේ සේවයක් කරන මේ web එකට මත කොහොම හරි මගේ දායකත්වය දෙන…

ඉතින් කොහොමද යාලුවනේ මේ මගේ පලවෙනි උපසිරස ගැන්වීම. අඩුපාඩු කම් නම් ඇති එක නිසා.මේ film එකට sub එක කරන්න අවසර දුන්න එකට මුලින්ම රොයිලි ප්‍රනාන්දු අයියට ස්තුතිවන්ත වෙන්න ඕනේ. හැමදාම biscope web ඒකෙන් මන් film download කරනවා. එක නිසා මටත් හිතුන මේවගේ සේවයක් කරන මේ web එකට මත කොහොම හරි මගේ දායකත්වය දෙන්න ඕනේ කියල. එහෙම හිතල තමයි මං මේ ෆිල්ම් එකට sub එක කරන්න පටන් ගත්තේ. A/L result ඇවිත් කැම්පස් ලියුම එනකන් බලන් ඉන්න නිසා free time එකක් තිබ්බ sub එක කරන්න. එත් ඉතින් දවසින් දෙකෙන් කරන්නනම් හම්බුනේ නැ සතියක් විතර ගිය මට sub එක කරන්න.
මං ගැන දැන් කිවුව ඇති. මන් දැන් චිත්‍රපටය ගැන කියන්නම්. චිත්‍රපටියේ නම තමයි A Very Harold And Kumar Christmas මේක comdy චිත්‍රපටයක්. මේක ඇමරිකාවේ තිරගත වීම ආරම්භ කලේ 2011 වර්ෂයේ.මෙම චිත්‍රපටය imdb rating 6.4ක් සහ imdb votes 24,035ක් හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.2011 වසරේ නිකුත් වූ ඉතාමත්ම විනෝදාත්මක චිත්‍රපටයක් ලෙස මෙම චිත්‍රපටය හැඳින්විය හැකියි. විනෝදාත්මක චිත්‍රපට ප්‍රිය කරන රසිකයන් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක් විදිහට මෙම චිත්‍රපටය හඳුවන්න පුලුවන්. එත් තව වැදගත් දෙයක් කියන්න ඕනේ ඒ තමයි මේ චිත්‍රපටියේ ඇතුලත් වන සමහර දර්ශන පොඩි ළමයින්ටනම් එතරම් සුදුසු වෙන්නේ නැ. කතාව ගැන කියනවනම් හැරොල්ඩ් කියන්නේ හොඳ විවාහ ජීවිතයක් ගත කරන සාර්ථක ජපන් ජාතික ව්‍යාපාරිකයෙක්. නත්තල සැමරීම සඳහා ඔහුගේ බිරිඳගේ පියා සහ නෑදෑයින් ඔවුන්ගේ නිවසට පැමිණෙනවා. හැරොල්ඩ් තම මාමණ්ඩියගේ හොඳ හිත එතරම් දිනාගත් කෙනෙක් නෙවෙයි. එම නිසා ඔහු උත්සාහ කරන්නේ අක්මැත්තෙන් වුවත් මාමණ්ඩිය සතුටු වන ලෙස ක්‍රියා කරන්නයි. නත්තල් උත්සවය සඳහා හැරොල්ඩ්ගේ මාමණ්ඩිය ඔහු සෑහෙන කාලයක් තිස්සේ නඩත්තු කරමින් හැදූ නත්තල් ගසක්(ෆර් ගසක්)ද රැගෙන එනවා. මේ නත්තල් ගස ඔහුට ඉතා වැදගත් එකක් බව ඔහු පවසනවා. නත්තල් ගස සැරසීම හැරොල්ඩ් හට භාර කරන නෑදෑ පිරිස උත්සවයක් නැරඹීමට යනවා. මේ අතරතුරේදී හැරොල්ඩ් පමණක් නිවසේ සිටිද්දී ඔහුගේ පැරණි ගජ මිතුරෙක් වන කුමාර් නම් ඉන්දියානු ජාතිකයා ඔහුගේ නිවසට පැමිණෙනවා. ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙක් වගේම යන යන තැන විනාශකාරී ක්‍රියා සිදු කිරීම පුරුද්දක් කරගත් කෙනෙක්. ඔහු අතින් හැරොල්ඩ්ගේ මාමණ්ඩිය ගෙනා නත්තල් ගස පිළිස්සී විනාශ වෙනවා.
ඉතුරු ටික කිවුවොත් නම් වැඩක් නැති වෙනවා ෆිල්ම් එකෙන් එක නිසා ඔයාල බලලම ඉන්න. මෙහි රගපාන ප්‍රධාන චරිත දෙකෙන් හැරෝල්ඩ් ලී ගේ චරිතය ජෝන් යොහාන් චෝ විසින් රංග පාන අතර star trek, amarican pie මොහු රංග ප ජනප්‍රිය චිත්‍රපට වේ. කුමාර් ගේ චරිතය කාල් පෙන් විසින්ද රංග පාන අතර නිල් පැට්‍රික් හැරිස් සහ ජනප්‍රිය නළු Danny Trejo (death race, spy kids, bullet, bad asses, predator) මෙහි රංගන දායකත්වය ලබාදේ.
5,122 downloadsDownload A.Very_.Harold.Kumar_.3D.Christmas.2011.baiscopelk.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මලිත් මධුශාන්
Subtitles
28 comments
Kulanjana Maduranga
malith
thanx aiyeee
shan
මේකනම් පට්ටම ෆිල්ම් එකක් බන් ..
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ.
සබට තුති මචන්.
ඉතුරු ෆිල්ම් දෙකටත් සබ් දීපන් මචන්...
malith
thanx aiyee
ඉසුරු දිල්ශාන්
පලමු උපසිරැසියට සුභ පැතුම් සහෝ!
ජය!!!!!!!පැතුමි ඉෂාර
බයිස්කෝප් මංසලට සාදරෙයෙන් පිළගන්නවා❗ අලුත් සහොගේ අලුත් වැඩක් නිසා නොබලත් බෑ... ක්‍රිරිස්මස් රැල්ලටම දීපු හිංදා කොහොමත් නොබලා බෑ... ඕං මාත් එහෙනං බාගත්තා... සබි එකට බොහොම ස්තුතියි සහො❗ ඉස්සරහටත් රැල්ලටම යමු ඈ... ;)
බයිස්කෝප් මංසලට ඡය වේවා❗✌fireballmovies
“මලිත් මධුශාන්” සොහොයුරාගේ මේ සපයා ඇති සබ් වලට හොදින්ම ගැලපෙන මූවී ෆයිලය නොමිලේ, වේගවත්ව ටොරන්ට් නැතුව බා ගන්න එන්න මගේ fireballmovies twitter ගිණුමට.
“මලිත් මධුශාන්” සොහොයුරාගේ පළමුවැනි උපසිරැසි නිර්මාණයට සුභපැතුම්.!!!
දිගු ගමනක ආරම්භයක්.එල්.සී.දමැල්
අඩවියට සාධරයෙන් පිළිගන්නවා...
පළමු උපසිරසට සුභ පැතුම් මලිත් සහෝ...
දිගටම උපසිරස දෙමු...
ජය...kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Dhanushka
Thankssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Deenu
Rome tv series eka denna barida katawathma
Chamara Balasuriya
එල සහෝදරයා තවත් මේ වගේ sub කරන්න........
ඉදිරි අනාගතයට සුභ.
බුදු සරණයි _/\_Nishan Tharaka
එල සහෝදරයා තවත් මේ වගේ sub කරන්න……..
ඉදිරි අනාගතයට සුභ.
බුදු සරණයි _/\_රොයිලි
බොහොම ස්තූතියි මලිත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Hasitha sadaruwan
Good job bro. wish your next endevors
Sithum
සබට තෑන්ක්ස්! දිගටම කරගෙන යමු සහෝ...
Jack
නියමයි මචෝ.
පලමු වැඩේට සුබ පැතුම්.
දිගටම වැඩේ කරමු.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..namesh
Thanks bro 1st sub ekata ......
Lakshitha
thnx saho sub 1te :D
Podi Malli
මේ සෙට් එකේ තව ෆිල්ම් 1ක් ඉතුරුයි ඒකත් කරපං...
පළවෙනි එකයි 3 වෙනි එකයි සබ් කරලා තියෙන්නෙ 2 ඉක්මනට දීපල්ලාlakshan
thanks machn...
sahan
Anith film 2th beluwa.. patta ah..go ahead
Uvindu
Thanks mcn...
Stranger
thanks
Hemanga
Supiriii
Maarama pinn
Ubala naththan film balala wadak naaSahan Gayantha
thanks a lot Malith saho sub ekata
Sujeewa Priyantha
Sub eka Extract karanna bahane, pls help
Ravindu Heshan - Admin
දැන් වැඩ කරනවා සහො
Advertisement

G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks MALITH saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........