Jason Bourne, Extraction ටයිප් එකේ චිත්‍රපටියක් බලන්න කැමතිද ? හැබැයි තාත්වික ක්‍රියාදාම තියෙන. අද මම ගෙනාවෙ අන්න ඒ වගේ ප්‍රංශ ක්‍රියාදාම චිත්‍රපටියක්.. ත්‍රස්තවාදය පිළිබදව සංක්ෂිප්තයක් හරිම ලස්සනට ඔබ ඉදිරියේ දිග හරින නිර්මානයක්. කෙටියෙන් කිව්වොත් තිත්ත ඇත්ත මේකයි කියල තට්ටුවක් දාල පෙන්නන නිර්මානයක…

Jason Bourne, Extraction ටයිප් එකේ චිත්‍රපටියක් බලන්න කැමතිද ?
හැබැයි තාත්වික ක්‍රියාදාම තියෙන. අද මම ගෙනාවෙ අන්න ඒ වගේ ප්‍රංශ ක්‍රියාදාම චිත්‍රපටියක්..
ත්‍රස්තවාදය පිළිබදව සංක්ෂිප්තයක් හරිම ලස්සනට ඔබ ඉදිරියේ දිග හරින නිර්මානයක්. කෙටියෙන් කිව්වොත්
තිත්ත ඇත්ත මේකයි කියල තට්ටුවක් දාල පෙන්නන නිර්මානයක්.
ඇඩම් ෆ්‍රැන්කෝ (Alban Lenoir), බුද්ධි නිළධාරියකු වන කෲගර් (Thibault de Montalembert) යටතේ ප්‍රංශ රජය වෙනුවෙන් වැඩ කරන රහසිගත විශේෂ මෙහෙයුම් නියෝජිතයෙකි. ටියුනීසියාවේදී සිදුවන මෙහෙයුමක් අවසානයේ ප්‍රංශයට කැදවන ෆ්‍රැන්කෝ හට ප්‍රංශ අමාත්‍යයවරයකු වන මාර්කොනට්ගේ මග පෙන්වීම යටතේ කෲගර් විසින් ප්‍රංශය තුල සැගව සිටින සුඩාන් යුධ නායකයකු වන මොක්තාර් අල් තයීබ් (Kevin Layne) සොයා ඝාතනය කිරීමේ වගකීම පවරයි. ඔහුගේ ඉලක්කයට සමීප වීමේ පහසුව තකා ෆ්‍රැන්කෝ, ප්‍රංශ මැර කල්ලි ප්‍රධානියකු වන “වික්ටර් පැස්ටෝර්” (Eric Cantona)ගේ මැර කල්ලියට එකතුවේ. වික්ටර් පැස්ටෝර්ගේ කල්ලිය හා ඇමට්ගේ කල්ලිය අතර ඇතිවන දරුණු සටන් හමුවේ තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරන ෆ්‍රැන්කෝ හට විකටර්ගේ සිත දිනාගැනීමට හැකිවේවිදි ? වික්ටර්ගේ උදව්වෙන් ෆ්‍රැන්කෝ හට ත්‍රස්ත නායක මොක්තාර් අල් තයීබ් හසුකර ගැනීමට හැකිවේවිද ? කෲගර්, මාර්කොනට් හා අල් තයීබ් අතර ඇති රහසිගත ගනුදෙනුව කුමක්ද ?
Alban Lenoir ගේ විශිෂ්ඨ ක්‍රියාදාමවලින් පරිපූර්ණ වූ AKA(2023) IMDB 6.6 අගයක් ලබා ගැනීමට සමත්වී ඇත. අධ්‍යක්ෂනය හා තිර රචනය Morgan S. Dalibert විසින්. Alban Lenoir,Eric Cantona,Thibault de Montalembert,Kevin Layne රංගනයෙන් දායක වන වසරේ විශිෂ්ඨතම ක්‍රියාදාම චිත්‍රපටයක් වන AKA(2023) මග නොහැර නරඹන්න. චිත්‍රපටය තුල වැඩිහිටියන්ට සුදුසු දර්ශන අඩංගුවේ.
එහෙනම් තවත් සුපිරි නිර්මාණයක් අරගෙන ඉක්මනින්ම ඔයාලව බලන්න එන්නම්. එතකන් ඔයාල හැමෝටම සුභ දවසක්…
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
12,482 downloadsDownload AKA-2023.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
15 comments
Anonymous
Jayan
sub ekata godaak sthuthiii...puluwan nam "Retribution 2015" film ekatath sub eka dennako..
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි ඉෂූ සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Anonymous
thanks dear
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
නුවන් අසේල
Sub ekata thanks
Anonymous
Thanks jayawewa.....!
lakshan
thanks ....................
Praneeth Gunasekara
Magenuth Thanks ekak onna
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nishan
Thanx bro
බණ්ඩා
thanks මචං
Gayantha hasaranga Wijeywardhane
Supiriy
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Dewadithya
Thanks for Sub!
Advertisement
Waiting for this sub. Thank you...........