Watch Trailer

Funny Boy (2020) Sinhala Subtitles | අමුතු ඉලන්දාරියා! [සිංහල උපසිරසි]

සිංහලයෙක්!! මං දැනගත්තා සිංහලයෙක් කියලා මොකක්ද මං ඔයාට කිව්වේ? මේකි සිංහලයෙකුගේ කාරෙකේ ඇවිත් බහිනවා බැන්දේ නැති කෙල්ලෙක් කාරෙකේ දාගෙන එන්න, ඔය වගේ නොහික්මුණු වැඩක් කරන්න සිංහලයෙක්ම වෙන්න ඕන!! බලමුද අපේම චිත්‍රපටියක්? අපේ රටේ කෙනෙක් ලියපු, අපේ රටේ අය රඟපාන, අපිට සමීප අධ්‍යක්ෂිකාවක් අධ්‍යක්ෂණය කරපු,…

සිංහලයෙක්!!
මං දැනගත්තා සිංහලයෙක් කියලා
මොකක්ද මං ඔයාට කිව්වේ?
මේකි සිංහලයෙකුගේ කාරෙකේ ඇවිත් බහිනවා
බැන්දේ නැති කෙල්ලෙක් කාරෙකේ දාගෙන එන්න,
ඔය වගේ නොහික්මුණු වැඩක් කරන්න සිංහලයෙක්ම වෙන්න ඕන!!

බලමුද අපේම චිත්‍රපටියක්? අපේ රටේ කෙනෙක් ලියපු, අපේ රටේ අය රඟපාන, අපිට සමීප අධ්‍යක්ෂිකාවක් අධ්‍යක්ෂණය කරපු, අපේම රටේ රූගත කරපු. අපේම අපේම භාෂාවත් ඇහෙන අපේම චිත්‍රපටියක් බලමුද? අපේ කිව්වට මේක “අපේ නොවන අපේ” ජාතියේ චිත්‍රපටියක්. පැති කිහිපයකින් අපිට නෑකම් කිව්වට, මේක කැනඩා චිත්‍රපටියක්. සාමාන්‍ය එකකුත් නෙමේ. මෙවර ඔස්කා සම්මාන උළෙල වෙනුවෙන් කැනඩාව නියෝජනය කරපු ඒ විශේෂම චිත්‍රපටිය. එන්න ටිකක් මේ චිත්‍රපටිය ගැන දැනගෙන ඉමු.

ඔයා පරිවර්තන කියවන කෙනෙක් නම් හෝ පොත් අතර නිතර නිතර ගැවසෙන කෙනෙක් නම් “අමුතු ඉලන්දාරියා” නම් පොතක් දැක තියෙනවාට සැකයක් නැහැ. ශ්‍යාම් සෙල්වදුරෙයි මහතා විසින් රචනා වුණු සුගතපාල ද සිල්වා මහතා විසින් සිංහලයට පරිවර්තනය වෙච්ච මේ පොත බොහෝ දෙනාගේ අවධානය දිනාගත්තු පොතක්. කලින් සඳහන් කරා වගේ ශ්‍යාම් සෙල්වදුරෙයි කියන්නේ ශ්‍රී ලාංකික දමිළ ජාතිකයෙක්. ඉපදුනේ කොළඹ. ඒත් 1983දි සිද්ධ වෙච්ච කළු ජූලියත් එක්ක මූණ දෙන්න වෙන තාඩන පීඩන හමුවේ ශ්‍යාම් ඇතුළු මුළු පවුලම කැනඩාවට සංක්‍රමණය වෙනවා. අදටත් ඔහු පදිංචිව ඉන්නේ එහෙ. තමන්ගේ ජීවිතය සහ දේශපාලනික සාධකයන් ඇසුරු කරගෙන ඔහු 1994දි “Funny Boy” නවකතාව එළිදක්වනවා. ඒ කෘතිය තමයි සුගතපාල ද සිල්වා මහත්මයා අතින් සිංහලයට පරිවර්තනය වෙලා 2002දි “අමුතු ඉලන්දාරියා” විදිහට අපි අතට පත්වෙන්නේ.

මේ කතාව අපේම කතාවක් වීමට අමතරව තියෙන තවත් විශේෂත්වයක් තමයි මේකේ රඟපාන ශිල්පීන් පිරිස. ශ්‍රී ලාංකික, ඉන්දියානු, පාකිස්තානු, කැනේඩියානු එකී මෙකි බොහෝ රංගන ශිල්පීන් මේකට දායක වෙනවා. දැන් හිතනවා ඇති කවුද මේ ශ්‍රී ලාංකික පිරිස කියලා. මුලින්ම මතකයට එන්නේ නිම්මි හරස්ගම. ඇයව නම් නොදන්නා කෙනෙක් නැතුව ඇති. “ඉර මැදියම” සහ “ආකාස කුසුම්” වගේ චිත්‍රපටි වලින් ඇය ඇගේ රංගන කෞශල්‍ය මනාව පෙන්නලා තිබුණා. මේ Funny Boy සිනමා සිතුවමෙත් ඇය ඇගේ රංගන ප්‍රතිභාවයෙන් අපිට ලබා දෙන්නේ එසේ මෙසේ ආඩම්බරයක් නම් නෙමෙයි. තවත් නිම්මි හරස්ගම කියන්නේ කවුද කියලා නොදන්න අය ඉන්නවා නම් යූටියුබ් පැත්තට ගිහින් “Aunty Neeta” කියලා පොඩ්ඩක් හොයල බලන්න. අන්න දැන් නම් ඔලුවට ආවා නේද? ඉතින්, අපේ නිම්මිට අමතරව බ්‍රැන්ඩන් ඉන්ග්‍රාම් ප්‍රධාන චරිතයට පණ පොවනවා. මං හරි නම් ඔහු තමයි අපේ ප්‍රවීණ ගායිකා කොරින් අල්මේදා මහත්මියගේ පුතණුවන්. මේ කට්ටියට අමතරව රෙහාන් මුදන්නායක, ශිවන්ත විජේසිංහ, රුවින් ද සිල්වා, ඩබ්. ජයසිරි වගේ අයත් සෙසු චරිත වලට පණ පොවනවා. ඒ වගේම ඉන්දියාව පැත්තෙන් කවුරුත් දන්න සීමා බිස්වාස් වගේම වෙනත් රටවල් වලින් අලී කස්මි, අගම් දාර්ෂිත් ප්‍රධාන චරිත වලට හිමිකම් කියනවා.

නිම්මි හරස්ගම

Funny Boy අධ්‍යක්ෂණය කරන්නේ දීපා මෙහෙතා විසින්. ඒ නමත් අහලා පුරුදුයි නේද? ඔව් ඒ තමයි අපේ සරලා කාරියවසම් ජාත්‍යන්තරයට අරන් ගියපු Water නම් සිනමාපටය නිර්මාණය කරපු අධ්‍යක්ෂකතුමිය. මීට අමතරව ඇය අධ්‍යක්ෂණය කරපු Fire, Earth, Midnight’s Children වගේ සුපිරි නිර්මාණත් ඔයා රහ විඳලා ඇති. එහෙනම් ඇගේ මේ අලුත් නිර්මාණය ගැනත් ඔයාට අදහසක් ඇවිල්ලා ඇති.

Water චිත්‍රපටියේ සරලා කාරියවසම්, ජෝන් ඒබ්‍රහම් සමඟ

Funny Boy චිත්‍රපටියට ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.2ක අගයක් තමා ලැබිලා තියෙන්නේ. ප්‍රේක්ෂකයන්ගේ සහ විචාරකයන්ගේ මිශ්‍ර ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා. කලින් සඳහන් කරා මේ චිත්‍රපටිය මෙවර ඔස්කා සම්මාන උළෙල වෙනුවෙන් කැනඩාව නියෝජනය කළා කියලා. හොඳම විදෙස් චිත්‍රපටිය වෙනුවෙන් තරඟ කරන්න නියමිතව තිබුණත් මේ චිත්‍රපටියට ඒ සඳහා ඉඩක් ලැබුණේ නැහැ. ඒ මෙහි 50%ත් වඩා ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කර තිබීම හේතුවෙන් සංවිධායක මඩුල්ල විසින් මෙය තරඟයෙන් ඉවත් කරපු නිසා. කොහොමහරි සිනමාපටයක් විදිහට මගෙත් ඒ හැටි මනාපයක් නම් නැහැ මේකට. ඒත් අර අපේ කියන දේවල් වෙනුවෙන් මේක බලන්නම වටිනා නිර්මාණයක් කියලයි කියන්න තියෙන්නේ.

ආර්ජි.. කතා නායකයා..
කොල්ලෙක් උනාට ආර්ජි බහුතර කොල්ලන්ගෙන් වෙනස් කෙනෙක් වුණා
ඔහු කොල්ලෝ එක්ක සෙල්ලම් කරන්න කැමති නැහැ
කෙල්ලෝ එක්කයි වැඩියම සෙල්ලම් කරේ.
සෙල්ලම් කාර් වලට වඩා, බෝනික්කන්ටයි ඔහු ආදරේ කරේ.
අම්මා සාරිය අඳින හැටි, හැඩ වෙන හැටි
ඔහු හරිම ආසාවෙන් බලන් ඉන්නවා..
අම්මා නැතිකොට ඔහු තොල් පාට කරලා හැඩ බලනවා
හැමෝටම මේ කොල්ලව විහිළුකාරයෙක් ගානටයි පෙනුනේ.
ඉතින්, මේ තියෙන්නේ..
ඒ අමුතු ඉලන්දාරියාගේ ජීවිත කතාව..!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම WEB / HD පිටපත් සඳහා අදාළ වේ.

2,700 downloadsDownload Funny-Boy-2020.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

2,700 downloadsDownload Subtitles39 KB

15 comments

  1. -චානක ඉඳුනිල්-

    Thanks for sub brother, superb

  2. Anonymous

    film eka hodi kiyalada kiyannee

  3. Suranjan

    Thanks jayawewa.....!

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  6. නිරෝෂ්

    ස්තුතියි මයුර සහෝ.ජයවේවා !මේ සබ් එක ඔබෙන්ම ලැබුන එක වටිනවා

  7. මින්සුක

    බොහෝම ස්තුතියි සහෝ..හොඳ කතාවක් වගේ

  8. Nethini123

    බොහොම තුති උපසිරැසට...හොය හොයා හිටපු චිත්‍රපටයක්

  9. indika75

    thanks..

  10. Anonymous

    The priest malayalam ekta sub denna plzz

  11. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.