Watch Trailer

Ammani (2016) with Sinhala Subtitle | අම්මානී [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ….කොහොමද කියල ඇහුවට ඔයාල මං කවුද කියල නං දන්නැතුව ඇති. හැමදාම වෙන අය හදන සම් දාගෙන ෆිල්ම් බල බල ඉද්දි මටත් හිතුන සබ් එකක් හදල බලන්න. ඉතින් ආසාවටත් එක්ක හැදුව එකක්. මාස ගානක් බලන් හිටිය කවුරු හරි මේකට සබ් එකක් හදල දායි කියල. ඒත් දැම්මෙ නෑ කවුරුත්. මගෙ පලවෙනි එක නිසා අඩු පාඩු නං […]

කොහොමද යාලුවනේ….කොහොමද කියල ඇහුවට ඔයාල මං කවුද කියල නං දන්නැතුව ඇති. හැමදාම වෙන අය හදන සම් දාගෙන ෆිල්ම් බල බල ඉද්දි මටත් හිතුන සබ් එකක් හදල බලන්න. ඉතින් ආසාවටත් එක්ක හැදුව එකක්. මාස ගානක් බලන් හිටිය කවුරු හරි මේකට සබ් එකක් හදල දායි කියල. ඒත් දැම්මෙ නෑ කවුරුත්.

මගෙ පලවෙනි එක නිසා අඩු පාඩු නං ගොඩක් ඇති. ඉංග්ලිශ් සබ් ෆයිල් එක ට්‍රාන්ස්ලේට් කරපු නිසා සමහර තැන් වල නොගැලපීම් තියෙන්නත් පුලුවන්. ඒවට සොරි වෙන්න ඕනි ඉතින්.

හරි.. ෆිල්ම් එක ගැන බැලුවොත් මේක 2016 ඔක්තොම්බර් මාසයෙ ආපු දෙමළ ෆිල්ම් එකක්. IMDB රෑන්ක් එක 8.1/10 කි. ලක්ශ්මි රාමක්‍රිශ්නන් ගේ අධ්‍යක්ශනයක් වන මෙහි ප්‍රධාන චරිතයක් වන සෙල්ලම්මා චරියතයට පණ පොවන්නෙත් ඇයයි. ඇයට අමතරව අම්මානීගෙ චරිතයට සුබ්භලක්ශ්මි පණ පොවන අතර අනෙක් චරිත ජෝජ් මාරියන්, නිතින් සත්‍යා ශ්‍රී මහේශ් ඇතුළු නලු නිලියන් රංගනයෙන් දායක වෙලා තියෙනව.

කතාව ගත්තොත් මේක පටන් ගන්නෙ සෙල්ලම්මා මැරුන පනිවිඩය ගෙදරය යන තැනින්. හරි විදිහට ගියොත් අවසානෙ මුලින් පෙන්නල පස්සෙ කතාව පෙන්නන ෆිල්ම් එකක් මේකත්. ෆිල්ම් එක පුරාවට යන්නෙ සෙල්ලම්මගෙ කතාව. අම්මානී කියන්නෙ සෙල්ලම්මගෙ ගෙදර කුලියට ඉන්න කාත් කවුරුත් නෑ කියල හිතෙන කෙනෙක්. නමුත් කතාව මැද්දට යද්දි මුලදි හිතෙන දේවල් වෙනස් වෙනව. අන්තිමේට යද්දි තවත් වෙනස් වෙනව. අන්තිමේට කතාව ඉවර වෙන්නෙම වෙනමම දේකින්. කතාව තේරුම් ගන්න නම් මුල ඉදල අගටම හොදට බලන්න වෙනව. සමාජයේ දරුවො දෙමව්පියන්ට කරන දේවල්, දෙමව්පියෝ දරුවන් වෙනුවෙන් කරන දේවල් ඉස්මතු කරල පෙන්නල තියෙනව මේකෙ. ටිකක් කම්මැලියි කියල හිතෙනව සමහර වෙලාවට. ඒත් එහෙම නෑ. හොද කතාවක් ගලාගෙන යන ෆිල්ම් එකක් මේක.

එහෙනන් කට්ටිය බලලම කියන්නකෝ කොහොමද කියල.

​ඉක්මනටම තවත් ෆිල්ම් එකක් අරගෙන එන්නම්.

Ammani (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link.

Ammani (2016)[720p v2 HD – AVC – 5.1 – MP4 – 1.4GB – ESubs – Tamil]

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

711 downloadsDownload Ammani-2016.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Priyamal-Jayathilaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රියමාල් ජයතිලක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

711 downloadsDownload Subtitles38 KB

12 comments

  1. Kalum

    Sub akata Thanx Macho....

  2. එල්.සී. දමැල්

    සුභ පැතුම්.
    අඩවියට සාධරයෙන් පිළිගන්නව.
    ස්තුතියි උපසිරසට.
    ඊළඟ උපසිරසෙන් හමුවෙමු.

  3. Sisitha Harshana

    දෙනකම් බලාගෙන හිටපු චිත්‍රපටියක්. කිහිපදෙනෙක්ට පෞද්ගලිකවම මං ඉල්ලුම් කරා මේකට සබ් එක දෙන්න කියලා. බොහොමත්ම ස්තූතියි. ඉදිරියටත් මේ වගේ වටිනා චිත්‍රපට වලට සබ් දෙන්න කියලා ඉල්ලනවා. ආඅහ්හ්

  4. Kantha_DLA

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    .............. මාගේ ප්‍රණාමය........
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  5. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    1. Priyamal Jayathilaka

      thank you brother. aluth ekakuth atan gaththa ada.

  8. kumara

    meka phne eken download kragnna site ekak deepanko

  9. tharusha

    torrent eka hoyanna bariyo

  10. praneeth madu

    බොහෝම ස්තුතියි සහෝ

  11. malith

    Ela ela

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.