හින්දි සිනමාව තුළ මා නැරඹූ සිනමාපට අතුරින් අමතක නොවන, නිර්මාණයක් ලෙස මෙම සිනමාපටය හැඳින්වීමට මා කැමතියි. මගේ මතකයේ හැටියට 70 දශකයේ මරදාන ක්‍රවුන් සිනමාහලේ මෙම සිනමාපටය නොකඩවා වර්ෂ තුනකට අධික කාලයක් තිරගත වූවා. එකළ ලංකාවේ ඈත ප්‍රදේශවල සිටි සිනමාලෝලීන් බොහොමයක් කොළඹට පැමිණ දිගු පෝලිම්වල පැය ගණනාවක්…
හින්දි සිනමාව තුළ මා නැරඹූ සිනමාපට අතුරින් අමතක නොවන, නිර්මාණයක් ලෙස මෙම සිනමාපටය හැඳින්වීමට මා කැමතියි. මගේ මතකයේ හැටියට 70 දශකයේ මරදාන ක්‍රවුන් සිනමාහලේ මෙම සිනමාපටය නොකඩවා වර්ෂ තුනකට අධික කාලයක් තිරගත වූවා. එකළ ලංකාවේ ඈත ප්‍රදේශවල සිටි සිනමාලෝලීන් බොහොමයක් කොළඹට පැමිණ දිගු පෝලිම්වල පැය ගණනාවක් සිට තමයි මෙය නැරඹීමට අවස්ථාවක් ලබාගත්තේ. අද කාලයේත් ඉතාමත්ම ජනප්‍රියව පවතින “මේරේ මිත්වා”, “තෙරේ නෙයිනා”, “ජිස්කෙ සප්නේ” වැනි හින්දි ගීත රැසක්ම මෙහි අඩංගුව පවතිනවා. ඉතාමත් සුන්දර සිනමාපටයක් නිසා මෙම පිටුවට පැමිණෙන සියලු දෙනාටම මෙය නැරඹීමට මා ආරාධනා කිරීමට කැමතියි. මෙම සිනමාපටය බයිස්කෝප් වෙබ් අඩවියට ඉදිරිපත් කිරීම සඳහා “අසංක ප්‍රදීප් රණතුංග” සොයුරා විසින් වැදගත් උපදෙස් බොහොමයක් සැපයූ බව ගෞරවයෙන් යුක්තව සිහිපත් කළ යුතුය. එමෙන්ම උපසිරසි නිර්මාණය කිරීම, ඒවා බාගත කරගත හැකි ස්ථාන පිළිබඳවද ඉතාමත් වැදගත් තොරතුරු එම සොයුරා විසින් මට නිරන්තරයෙන්ම ලබාදෙයි. ප්‍රථමයෙන්ම එයට ද මාගේ අවංක ස්තුතිය පුද කරන්නෙමි!
හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.5 ක අගය කිරීමක් පවතින, රාජේන්ද්‍ර කුමාර්, මාලා සිංහ, සුජිත් කුමාර් රංගනයෙන් දායක වි සිටින, ඉතාමත් කුතුහලයෙන් යුතු සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත වන්නේ සුරාජ්, කමලා දේවි සහ කාන්වාර්ය. රටේ ඉතා ප්‍රසිද්ධ කලාකාරිනියක්වන කමලා දේවි ඉතා දක්ෂ ගායන හැකියාවක් ඇති දිළිඳු තරුණයෙක් වූ සුරාජ් සමඟ ආදරයෙන් බැඳේ. කලායතනයේ හිමිකරු වූ කාන්වාර් කමලා දේවි විවාහකර ගැනීමේ අදහසින් පසුවෙයි. මේ සම්බන්ධය දැනගන්නා කාන්වාර් සුරාජ්ව මර දැමීමට තීරණය කරයි. මෙතැන් සිට පටන් ගන්නා ආදර ගැටළුව කෙසේ විසඳේද? එක් අයෙකුට ජීවිතය පුදන්නට සිදුවේද, එය නරඹලාම දැනගන්නට සුහදව ආරාධනා කරන්නෙමි!
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති“, “ආයි මිලන් කී බේලා“, ඇන් ඊවිනින් ඉන් පැරිස්“, බූට් පොලිෂ්“, “සංගම්“, “සාති” “මෙරා නාම් ජෝකර්“, “අනාරි“, “දේව්දාස්“, “ආහ්“, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ“, හම් හින්දුස්ථානි“, “හම්රාස්” “සුරාජ්“ යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
යූ ටියුබ් හි මෙම සිනමාපටය නොමැති නිසා, මෙය මා විසින් අප්ලෝඩ් කළ වීඩියෝවකි. ඒ නිසා මා දක්වා ඇති මෙම https://drive.google.com/file/d/0B3BxOq2-_xCDaEZKMVV0OGJmTWs ලින්ක් එකෙන් බාගත කිරීමට අපහසු නම් ඒ අවස්ථාවන්හි දී භාවිතා කිරීම සඳහාම නිර්මාණයකර ඇති බයිස්කෝප් වෙබ් අඩවියේම උප වෙබ් අඩවියක්වන පහත ලින්ක් එකකින් දක්වා ඇති “බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන්” මෙය පසුවෙන් බාගත කරගත හැකි ලින්ක් දක්වා ඇත. ඒ ලින්ක් සොයා ඒවා සකස්කර මට සහයෝගය දුන් “සඳුන් ධනුෂ්ක” සොයුරාට ද මේ අවස්ථාවේ මාගේ ස්තුතිය පුදකර සිටින්නෙමි!
එමෙන්ම විශේෂ කරුණක් උපුටා දැක්වීමට මා තීරණය කළා. ඒ මන්ද මෙරට “ඩීවීඩී නිෂ්පාදනය කරන වෙළඳ ආයතන”, මෙම වෙබ් අඩවිය තුළින් ලබාගන්නා සිංහල උපසිරසි යොදා බොහෝ සිනමාපට අලෙවිය සඳහා බෙදාහරිනු ලබනවා. පසුගිය සතියේ මා විසින්ම සිංහල උපසිරසි යෙදූ පැරණි හින්දි සිනමාපට හතරක් අඩංගු කර තිබූ එක් ඩීවීඩී තැටියක් මිලදී ගෙන එය නැරඹුවා. ඇත්තෙන්ම කියන්නට ඉතාම කනගාටුදායකයි. එම සිනමාපට එකක්වත් නරඹන්නට හැකි පැහැදිලි තත්වයේ නැහැ. සියල්ල බොඳවෙලා වගේ පෙනෙන්නේ. එයට හේතුව 4.7 GB අඩංගු කළ හැකි තැටියට මෙම සිනමාපට හතරේ ධාරිතාවය ඉතා අඩුකර ඇතුළත් කර ඇති නිසා. අළුත් සිනමාපට සඳහා එසේ ධාරිතාවය අඩුකළත් එහි රූප පැහැදිලි තත්වයේ පවතිනවා, පැරණි සිනමාපටවල තත්වය එසේ නොවෙයි. එම නිසා කරුණාකර එම හානිය කරන්නට එපා! පැරණි සිනමාපට රසිකයන් මේ සිනමාපටවලට ඉතාමත්ම ආදරෙයි. නරඹා ඉවත විසි කරන්නේ නැහැ. නැවත නැවත නරඹන්නට ඒවා සුරක්ෂිතව තබාගන්නවා. ඒ නිසා එක තැටියකට සිනමාපට දෙකකට වඩා ඇතුළත් කරන්න එපා. එය එසේ නොවුණහොත් මෙම තත්වය එම සිනමාපටවලට කරන ලොකු හානියක්. මෙයට දායක වන්නන්ට, ඉදිරියේදීවත් එම කරුණ වෙත අවධානය යොමු කරන්න කියා මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ස්තුතියි!
මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන දාහත්වෙනි සිංහල උපසිරසිකරණයයි. මෙම සිනමාපටය සඳහා සිංහල උපසිරසි ලබාදෙන ලෙස බොහෝ දෙනෙක් ඉල්ලා සිටියා. එමෙන්ම පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960 දශකවල සිනමාපට සඳහා උපසිරසි නිර්මාණය කරන්න මම තීරණය කරලා තිබෙන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීම. එය ඉතා අගනා දිරිගැන්වීමක්. මෙතෙක් එසේ අදහස් දැක්වීමක් නොකළ අයට, ඒ සඳහා තමාගේ ඊ මේල් ලිපිනය භාවිතා කරමින් අදහස් දැක්වීමක් කරනා ආකාරය පිළිබඳව විස්තරයක් පහළ කමෙන්ටුවකින් දක්වන්නම්. ස්තූතියි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත සඳහන් පිටපත සඳහා අදාළ වේ.
293 downloadsDownload Geet-1970.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PriyanthaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
36 comments
KAVINDA GAMAGE
Chami.S
Thanks..
praneeth madu
බොහොම ස්තූතියි සහෝ
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි! මේ ෆිල්ම් එකේ තියන "mere mitwa" කියන ගීතයට මම හරි ආසයි.
ඇත්තටම මේ වගේ ලස්සන සිංදු හා සුන්දර කතා තියන පරම්පරා ගාණකට තවමත් රස විඳින්න පුළුවන් ඇඟේ ලේ පිරිසිදු කරන
මෙවැනි ලස්සන පැරණි හිංදි චිත්‍රපට වලට සබ් යොදා ඔබ කරන මේ සේවය නම් අතිශයින් ප්‍රශංසනීයයි සහෝ. මට එක වෙලාවකට හිතෙනවා, මමත් මේ වගේ මේ වගේ ලස්සන සිනමා නිර්මාණ හැදුන කාලයක ඉපදී හිටියානම් කියලා.
ඔබට ජයෙන් ජය වේවා!
බුදු සරණයි!
(මම ඔයාට ඊමේල් එකක් දැම්මා. පොඩ්ඩක් බලන්න)රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දහරා මුතු අමා
නියමයි අයියෙ. මේක දෙනකන් සෑහෙන කාලයක් බලන් හිටියා.
බොහොම ස්තූතියි උපසිරැසියට.RamesH
Ela..
Kulanjana Maduranga
niayamai…good work...thanks VITHANAGE saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
බොහෝම ස්තුතියි අයියේ උපසිරැසට..අර dvd ගැන කියලා තියෙන කතාවනම් සහතික ඇත්ත. සල්ලිත් දීලා බලන්න අරගත්තාම 3gp videos වගේ..මේ වගේම ඉදිරියටත් උපසිරැස ලබාදීමට හැකි වේවා කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
බුදුසරණයි..ජය වේවා..Jayanga
Sirawata kari ballo uba hari.
supun
Niyamai sub ekata sthuthi. Kong island skull film ekatai the mummy 2017 film ekatat sub dennako mewa awit dan tikak kal
Withanage Priyantha Dayakeerthi
Geet සිනමාපටය ඩවුන්ලෝඩ්කර ගන්නා සියලු සොයුරු සොයුරියන් වෙත,
මා මෙම සිනමාපටයට සිංහල උපසිරසි නිර්මාණය කර දැනට මාස කීපයක් වුවත් මෙම වෙබ් එකට යොමු කිරීමට නොහැකිව සිටියේ. ඒ මන්ද අන්තර්ජාලයේ ඒ සඳහා වීඩියෝවක් නොතිබූ හෙයින්. එයට විසඳුමක් ලබාදුන්නේ "අසංක ප්‍රදීප් රණතුංග" සොයුරායි. එයට මා ඇතුළුව මෙය නරඹන සියලුදෙනා ස්තුතිවන්ත විය යුතුයි.
janaka bandaranayake
සිනමා පටයක් ඇවිසනම් ඔබ එය torrents වල සොයා බලන්න. මෙන්න torrents ගැන තිබෙන සිංහල වීඩීයෝවක්.
janaka bandaranayake
තව දෙයක්. torrents වලින් බාගත කරගැනිමේදි අදාල චිත්‍රපටය BRrip 1080p හෝ BRrip 720p පමනක්නම් download කරගන්න. චිත්‍රපටය 3GB පමන වේනම් සහ ඊට වැඩිනම් download කරන්න යන්න එපා.
janaka bandaranayake
ඔබතුමාගෙ Bicycle Thieves චිත්‍රපටය BRrip එකට වැඩ නොකරන නිසා එය BRrip එකට update කිරීමක් සිදු කිරීමට පුලුවන්ද?
janaka bandaranayake
බොහෝ තුති ඔබට මෙම සිනමා පටයට මහත්මයානෙනි.
Withanage Priyantha Dayakeerthi
Geet සිනමාපටය ඩවුන්ලෝඩ්කර ගන්නා සොයුරු සොයුරියන් වෙත,
මෙය බාගත කරගැනීමට, ඉහත දී ඇති මෙම ලින්ක් නාමය https://drive.google.com/file/d/0B3BxOq2-_xCDaEZKMVV0OGJmTWs කොපිකර ගූගල් වෙත ගොස් ඒ මත පේස්ට්කර සර්ච් කරන්න.
එසේම Comment දැමීමට අවශ්‍ය අයවළුන් ගත යුතු ක්‍රියාමාර්ගයේ අනුපිළිවෙල වන්නේ, Name යටතේ තමාගේ නම සඳහන්කර, Email යටතේ තමාගේ ඊ මේල් එක සඳහන්කර Comment යටතේ තමාගේ අදහස් එකතුකර Post Comment මත Click කරන්න. ස්තුතියි!nipun gunasekara
abiman ekath denawada aiye
Thilina
සින්දුව අහල තිබුනට ෆිල්ම් එක බැලුවේ අද. ඇත්තටම ලස්සන ෆිල්ම් එකක්. පට්ට. ෆිල්ම් එක බලලා ඉවර උන ගමන්මයි කමෙන්ට් එක දැම්මෙ :-D තවත් මේ වගේ ලස්සත ෆිල්ම් වලට සබ් දෙන්න සුබ පතනව ලොක්කා එලම ;-)
කසුන් හර්ෂණ
අප සැම මහත් බලාපොරොත්තුවකින් සිටි ඒ හින්දි සිනමා පටය,ශ්‍රී ලංකාව තුළ වැඩිම ප්‍රදර්ශන වාර ගණනක් ලබාගත්
හින්දි සිනමාවේ හැරවුම් ලක්ෂයක් වූ ඒ විශිෂ්ට නිර්මාණය
"Geet (1970)" බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මෙසේ උපසිරැසි ගන්වා පලකිරීම සම්බන්ධයෙන් මා හිතවත් ප්‍රියන්තට මාගේ උත්තමාචාරය.එසේම චිත්‍රපටයෙහි ඩිරෙක්ට් පිටපතක් සඳහා Link සැකසීමේ කාර්යය වෙනුවෙන් සහයෝගය ලබා දුන් අපගේ මිත්‍රයන් දෙදෙන වන අසංක ප්‍රදීප් රණතුංග සහ සඳුන් ධනුෂ්ක ඔබ දෙපලටත් ඉතාමත්ම පින්.මෙවැනි චිත්‍රපට තමා රටට අවශ්‍ය වන්නේ.මෙවැනි පැරණි හින්දි චිත්‍රපට නැරඹීමට අකමැති අයෙකු සිටීනම් මම ඔහුට හෝ ඇයට ආරාධනා කර සිටිනව මෙම චිත්‍රපටය වරක් නරඹන ලෙසට.මෙය නැරඹුවහොත් ඔබ මෙවන් පැරණි හින්දි චිත්‍රපට සොය සොයා නැරඹීමට පෙලඹෙන බැව් මට ඉරහඳ මෙන් විශ්වාසයි.නමුත් මෙවන් චිත්‍රපට නරඹන සහෘදයා තුළ සංයමයක් තිබිය යුතුමයි.හොඳ සංවේදී හදවතක්,හොඳ වින්දන ශක්තියක් තිබේනම් ඔහු හෝ ඇය මෙම චිත්‍රපටය තුළින් මනා වින්දනයක් ලැබීම අනිවාර්යයයි. ඉතින් මෙම උපසිරැසි සපයන අපේ සොඳුරු උපසිරැසිකරුවාණන් වෙනුවෙන් ඔබ සැමගේ අදහස් Comment කර සහයෝගය දක්වා මෙම පැරණි හින්දි නිර්මාණ වැඩි වැඩියෙන් අප වෙත ගෙන ඒමට ශක්තිය ධෛර්යය ලැබේවායි බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මගේ පැතුම ඔහුට මෙසේ එක් කරනවා. ස්තූතියි.nipun gunasekara
niyamai aiye sub eka ikmanatama abima one
කසුන් හර්ෂණ
මාගේ තවත් එක් අහිංසක ඉල්ලීමක් තිබෙනවා. මා මිත්‍ර ප්‍රියන්ත සොයුරා සමගත් මෙය සාකච්ඡා කළා.එනම් හින්දි සිනමාවෙ එදා මෙදා තුර බිහිවූ තවත් විශිෂ්ට නිර්මාණ ලෙස සැලකෙන අභිමාන්,මධුමතී,ටාජ් මහල්,නයා දවුර් ආදී නිර්මාණයන් රසික අප සැම වෙනුවෙන් අප්ලෝඩ් කිරීම සම්බන්ධවයි.ප්‍රියන්ත සොයුරා සතුව පවතින සිංහල හාඩ් සබ් සහිත මෙම චිත්‍රපට වලින් සිංහල උපසිරැසිය SRT ලෙස වෙන්කර ගැනීමේ ක්‍රමයක් නැහැ.ඒ සඳහා පිලියමක් ඇතොත් ඒ සම්බන්දව දන්නා අයෙකුගේ උපදෙස් මා ඉල්ලා සිටිනවා.එසේ නොහැකි වුවහොත් අපට අන් ක්‍රමයකින් Link සාදා Direct පිටපත් ලෙස බාගත කිරීමට ඒවා "බයිස්කෝප් ඩවුන්ලෝඩ්" වෙබ් අඩවියට Upload කළ හැකියි. අසංක සොයුරා සහ සඳුන් ධනුෂ්ක සොයුරා ද සම්බන්ධ කොට ගෙන ඒ සඳහාද වැඩ පිළිවෙලක් සකස් කරනා මෙන් මා මිත්‍ර ප්‍රියන්ත ගෙන් ඉල්ලා සිටිනවා. මතු පරපුර වෙනුවෙන් මෙම මහඟු නිර්මාණයන් ආරක්ෂා කිරීම අප සැමගේම යුතුකමක්.ස්තූතියි.
jayahiru
ප්‍රියන්ත, ඔබ කරන සේවාව ඉතාමත් අනර්ඝයි. ඔබට ලැබුණු බාධකම තමා ඔබව ඇද මේ තැනට ගෙන ආවේ. අද ඔබට පින්දී මේ චිතපට රස වින්දමින් තම රෝග සුවපත් කරගන්නා රෝගීන්ද බොහොමයි. එම පිනද ඔබට ඒකාන්තයෙන්ම ලැබෙනවා. මනුස්ස වෙසින් හිඳ තිරිසන් ගති පෙන්වන අමනයන්ගෙන් අපට වැඩක් නෑ. අපි අපේ වැඩේ කරගෙන දිගටම යමු. ඔබට ජයෙන් ජය පතමි බුදු සරණයි !
Indika
ප්‍රියන්ත සහෝ ... මම කාලයක් තිස්සේ හොයපු film එකක් මේක . ඔයාට ඇත්තටම ගොඩක් ස්තුති වන්ත වෙනවා ඔයා කරන මේ කාර්යයට. අපේ අලුත් පරන්පරාවට මේ වගේ විශිෂ්ට නිර්මාණ තව තවත් ලබා දීමට ඔයාට ශක්තිය ධෛර්ය ලැබේවා ....
නිර්මාණි විජේසිංහ
ගීත් එකේ සිංදු ගොඩක් ලස්සනයි. අපෙ නැන්දා කෙනෙක් හිටියා එයාගෙ කැමතිම ෆිල්ම් එකක් ඕක. එයා ලඟ තිබිලා බැලුවා පොඩි කාලෙ. මේ වගේ පරණ ඒවාට අපිට සබ් දෙනවට බොහොම පින්. කවුරුත් දෙන්නෙ නෑනෙ පරන ඒවාට.
Udaya Saman
Site ekata godak aduwak wela thibuna film ekak wagema lassana sindu tikak thiyana film ekak. Godak agayanawa obage kepawewmata
Shaun Maximus Dissanayake
Wow what a wonderful Job.....
වජිර රත්නායක
උපසිරැසියට සුබ පැතුම්. 1970 දශකයේ අතිශයින් ම ජනප්‍රිය වූ චිත්‍රපටයක් ගීත් චිත්‍රපටය. අද පවා බොහෝ ජනප්‍රිය, ඒවාගේම ඉතාමත් ම මිහිරි ගීත ගණනාවක් මෙහි අඩංගුයි. කාලෙකට කළින් රූපවාහිනියේ කීපවරක් විකාශය වුණත් දැන් වන විට උපසිරැසි සහිතව බැලීමට අවස්ථාව අඩුයි. ඔබේ උප සිරැසියෙන් ඒ අඩුව පිරිමැහේවි.
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----aselaravin
පැරණි චිත්‍රපටි වලට උපසිරැසි ලබා දීම නම් ඔබට නොනවත්වාම කරන්නටම වේවි…කෙටියෙන්ම කිව්වා ඕන් ...තව දෙයක් ඔබට හැකිනම් ශෝකාන්ත අවසානයක් පමණක් සහිත චිත්‍රපටි මා වෙනුවෙන් හෝ පමණක් උපසිරැසි නිර්මාණය කර දෙන්න ..බහුතරය කැමති ප්‍රීතිමත් අවසානයකට ...
Akalanka
Thnx bro.............
Withanage Priyantha Dayakeerthi
Face Book එකේ Priyantha Dayakeerthi ගිණුමට යන්න. එහි Old Hindi Movies With Sinhala Subtitals නාමයෙන් ඇති Group එකේ මෙහි වීඩියෝ ලින්ක් එක ඇත. එමඟින් මෙයට අදාළ නිවැරදි වීඩියෝව පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Dilshanmw
thanks subtitle ekata,
kati patang (1970) me filumata sub eka hadala dennaකවිඳු ජයවර්ධන
ලිපියේ තියෙන විදියටම පට්ට ලස්සන ෆිලුමක්...පැරණි සිනමාවද රස විදින අපිට ඔබ ලබා දෙන මේ උපකාරයට බොහොම ස්තුතියි..ඉදිරියටත් මේ වගේ වටිනා සිනමා නිර්මාණ ලබා දෙන්න..
උපසිරැසියට බොහොම ස්තුතියි..!!!ඔබට ජය!!!Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි දයා සහෝදරයා..ජයවේවා !!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thank you