සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! විශේෂයෙන්ම දමිළ සිනමා රසික රසිකාවියන් පුන පුනා බලා සිටි තවත් අපූරු වගේම උසස් රසවින්ඳනයක් ලබාගන්නට පුලුවන් වේවි යැයි විස්වාසය පෙරදැරි කොටගෙන නොඉවසිල්ලෙන් බලාගෙන සිටි Horror, Mystery, Thriller වර්ගීකරණයට අයත් දමිළ සිනමාපටයක සිංහල උපසිරැසි නිර්මාණයක්…

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! විශේෂයෙන්ම දමිළ සිනමා රසික රසිකාවියන් පුන පුනා බලා සිටි තවත් අපූරු වගේම උසස් රසවින්ඳනයක් ලබාගන්නට පුලුවන් වේවි යැයි විස්වාසය පෙරදැරි කොටගෙන නොඉවසිල්ලෙන් බලාගෙන සිටි Horror, Mystery, Thriller වර්ගීකරණයට අයත් දමිළ සිනමාපටයක සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟිනුයි අද මා මෙලෙසින් වෙබ් අඩවියට වෙත පිය මනින්නේ.! එසේනම් තවත් කතා නැතුව අපි බලමු චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක්.!
දමිළ සිනමා රසික රසිකාවියො කවුරුත් දන්න කෙනෙක් තමයි ජනප්‍රිය සිනමා අධ්‍යක්ෂක Atlee Kumar කියන දකුණු ඉන්දීය දමිළ සිනමාවම විටින් විට හොල්ලන චරිතය.ඔහුගේ වැඩ ගැන තවත් මතක් කරලා දුන්නොත් බයිස්කෝප් සිංහලෙන් අපද සිංහල උපසිරැසි ලබාදී තිබෙන ඔහු අධ්‍යක්ෂණය කර තිබෙන Raja Rani 2013,Theri 2016,Mersal 2017,Bigil 2019 යන සිනමා පටයන් හතර දක්වන්නට පුලුවන්.! ඔබ දමිළ සිනමා රසිකයකු නම් මේ වෙද්දි ඉහත සිනමාපටයන් හතරම නරඹලත් ඇති. නමුත් අද මා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙන ආ මේ Andhaghaaram 2020 සිනමා පටයේ නිෂ්පාදනය සිදුවුනේ ඔහුගේ අතින් හැබැයි අධ්‍යක්ෂණය නම් සිදුවුනේ V. Vignarajan කියන අධ්‍යක්ෂකවරයාගේ අතින් මුලින්ම චිත්‍රපටියේ නිෂ්පාදකවරයා ගැන කියන්න හේතුවනම් උනේ මේ අධ්‍යක්ෂකතුමාගේ පලවෙනි සිනමා නිර්මාණය මේ චිත්‍රපටය නිසාත් Atlee Kumar වගේ ප්‍රවීණයෙකු යටතේ නිර්මාණය උන මේ සිනමාපටය කිසිදු සැකයකින් තොරව හොඳ රසවින්ඳනයක් ලබාගන්නට පුලුවන් එකක්ය යන කරුණු කාරණා පැහැදිලි කර දීම සඳහාත්ය.! කෙසේ නමුත් අධ්‍යක්ෂකවරයාගේ පලවෙනි සිනමා නිර්මාණය මෙයද කියා ඔබත් මවිතවනවා නොඅනුමානයි ඒ තරම්ම උසස් මට්ටමට ඇතැම් සිනමාපට වල මෙන් අවසානය ගැන මුල සිටම කිසිම නිර්ණය කිරීමක් කිරීමට නොහැකි වන ලෙස ප්‍රේක්ෂකයා ඇද බැඳ තබාගන්නට මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වගේම රචනයද කල V. Vignarajan සමත් වෙලා තියෙනවා යැයි මා කියනා කාරණාවට චිත්‍රපටිය බැලුවොත් ඔබත් එකඟ වේවි.
චිත්‍රපටයේ නිෂ්පාදකවරයා සහ අධ්‍යක්ෂකවරයා ගැන කීවාට පසු මෙහි ප්‍රධාන චරිතය රඟදක්වන මෑතකදි දමිළ සිනමාවේ දැඩි ලෙස කතාබහට ලක්වුන නළුවකු වන Arjun Das ගැන නම් කතා නොකරම බෑ. ඇත්තෙන්ම කිව්වේ දමිළ සිනමා ක්ෂේත්‍රය මෙන්ම දමිළ සිනමා රසිකයින් පවා ඔහුව අඳුනන්නේ ‘අන්බු’ කියන නමින් මා ඉහත කීවාක් මෙන් ඔහු ගැන වැඩි වශයෙන් කතාබහට ලක්වුනේ ඔහුට ‘අන්බු’ යන නාමය පවා ලැබුනේ පසුගිය වසරේ මහත් පෙරලියක් කල කාර්ති සිවකුමාර් විසින් ප්‍රධාන චරිතය රඟදැක්වු Kaithi 2019 දමිළ සිනමාපටය නිසාවෙන් එම චිත්‍රපටයේ මැනැවින් ප්‍රතිවීර චරිතය නිරූපණය කල ඔහු දමිළ සිනමා ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයක් ඇති කලා! ඔබ Kaithi 2019 බලපු කෙනෙක් නම් එය ඔබත් හොඳාකාරවම දැක ගන්නට ඇති. ඉතාමත් හොඳින් තමන්ගේ චරිතය සහ භූමිකාව වටහාගෙන චිත්‍රපටයට හොඳ සාධාරණයක් ඉෂ්ට කිරීමට සහ ඔහුගේ රංඟනය පිළිබඳව බලාපොරොත්තු තබාගෙන සිටි තම ප්‍රේක්ෂකයින්ගේද සිත් පිනවීමට Arjun Das නොහොත් ‘අන්බු’ සමත්වී තිබෙන බව පැහැදිලිවම කිවයුතුයි.
නිෂ්පාදක,අධ්‍යක්ෂක,ප්‍රධාන නළුවා යන ත්‍රිත්වය ගැන ඉහත ජේද වලින් කතා කරාට මේ චිත්‍රපටයේ සාර්ථක්වය උරදුන් තවත් පිරිසක් සිටිනවා නම් ඒ තමයි සෙසු රංඟන ශිල්පීන් ඔවුන්ද තම තමන්ගේ චරිතයන් පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන ඉතාමත් දක්ෂ ලෙසින් තම චරිතයන්ට උපරිම සාධාරණයක් ඉෂ්ටකර තිබෙන අනිවාර්යෙන්ම කිවයුතු අතර මේ වන විට අන්තර්ජාලයේ පවා ඇති Reviews වලින්ද ඒ බව මැනැවින් ඔප්පුවී තිබෙනවා. තවද පසුබිම් සංගීතය,ආලෝකකරණය,තිර රචනය යන අංගයන් වලටද මේවන විට සමාජජාලා මාධ්‍යන්හිද හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මා ලිපිය ලියන මේ මොහොත (වේලාව උදෑසන 8.22 යි) වන විට චිත්‍රපටය නිකුත් වෙලා දින දෙකක්වත් ගතව ගොස් නැති නමුත් මනාප 670 ක් ලබාගෙන IMDb අගය 10/8.3 ක් ලබාගැනීමට සමත් වෙලා තිබෙනවා.ඒ කෙසේ නමුත් මේ වන විට ලොවපුරා පවතින කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ මේ සිනමාපටයද සිනමා ශාලවලට නිකුත් නොකර ඉඳුරාම Netflix හරහා නිකුත් කිරිමට නිෂ්පාදන කණ්ඩායම කටයුතු කර තිබෙනවා.
සුපුරුදු පරිදි සිනමාපටය ආශ්‍රිත කරුණු කිහිපයක් අදත් ඔබට ඉදිරිපත් කලා, චිත්‍රපටයේ අඩංගු කතාව ගැන නම් මුකුත් කියන්නට බලාපොරොත්තුවක් නෑ,එහෙම කිව්වොත් ඔබගේ රසවින්ඳනයටත් එය බාධාවක් වෙන නිසා,චිත්‍රපටය ගැන පොදුවේ යමක් කියනව නම් Horror, Mystery, Thriller යන වර්ගීකරණයට අයත් චිත්‍රපටයක් සමාජජාලා මාධ්‍යන්හි චිත්‍රපට ඇතැම් චිත්‍රපට විචාරකයින් මෑතකදී නිර්මාණය වූ, මේ වසරේ නිර්මාණය වූ හොඳම Thriller සිනමාපටයක්ය ආදී වශයෙන් Andhaghaaram 2020 පිළිබඳ අදහස් දක්වනවා.චිත්‍රපටය කිසිම කම්මැලිකමකින් තොරව බලන්න පුලුවන් එකක් කියලත් මතක් කරලා දෙනවා වගේම මේ කාල වකවානුවේ පැමිණි බහුතරයක් චිත්‍රපට හා මෙය සංසන්දනය කරද්දි පැය 02 යි විනාඩි 51 ක ධාවන කාලයකින් සමන්විත මෙය ඔබට මීට පෙර වර්ෂ වල මෙන් සුපුරුදු සිනමා රසවින්ඳන අත්දැකීමක් ලබාදේවි යැයි මා විස්වාස කරනවා.! එසේ නම් සිංහල උපසිරැසිය දැන් ඔබට බාරයි චිත්‍රපටය බලලා සිංහල උපසිරැසිය ගැන ඔබගේ අදහස් උදහස් පහල කමන්ට් තීරුවේ දක්වනවා නම් අගය කරනවා. තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා..
” The Devil Is In The Details.! ”
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි.!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි TRUE HD පිටපත් සඳහා අදාළ වේ.
17,246 downloadsDownload ANDHAGHAARAM-2020.zip77 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
39 comments
තාරක නුවන් දිල්හාර
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
යුරාන් ධනුක (දනුවා)
බොහෝම ස්තූතියි අයියේ
ඩොක් අයියා
එහෙනම් බාගත්තා හොඳේ
Raveenbais
ස්තූතියි බං දෙනකම් බලං හිටියේ මේකේ හැම තප්පරයක්ම වැදගත් ඒ නිසා සබ අනිවාර්‍යයයි.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Pasindu Madumal
නියමයි, අයියේ
සබට තුති වේවා..! ❤️මයුර
තෑන්ක්ස් අයියේ. වෙඩි වගේ..
හෙටම බලනවාAnonymous
මාත් බලනවා එහෙමනම්ම්...ඉව් ඉව්
Prabodha20
Supirima film ekak
Shaggy
Thank you very much
Isuru
Sub denakan balan hitiye thanks ❤️ ❤️
Nelson Rodrigo
Good work friend, thanks for the sub
sajee
thank you ayye mn dakapu piliwalatama sub eka hadana kenek wish krnwa oyata
Deegayu Abeysekera
isthuthi
digatama karagena yanna
Nilush Angana
Sub ekata thanx
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
sampath n perera
thanks for sub
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
ඉබේටම මම ෆිල්ම් බලන්න පුරුදු වෙලා ඉන්නේ ‘‘M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා“ කරපු සබ් විතරයි වගේ. ඒකේ අදහස හොදම ෆිල්ම් කරන්නේ ඔයා නිසා. ඒ Standard එක දිගටම තියාගමු. තෑන්ක්ස් බ්‍රෝ.....
Anonymous
ඒ වගේම “තාරක නුවන් දිල්හාර“..
R_deshan
සබ් එකට තෑන්ක්ස් සහෝ...ෆිල්ම් එක හොඳයි ඒත් කතාව ඉදිරිපත් කරන්න අරන් තියෙන වෙලාව වැඩි නිසා මුල් හරිය කම්මැලි ගතියක් තියනවා.ඔක්කොම හොඳ සිද්ධි ටික අන්තිම විනාඩි 40දි වගේනෙ පෙන්නන්නෙ.මුල් පැය 2 අනවශ්‍ය විදියට දික් කරලා.කතාවෙ මුලු හරය අරන් බැලුවම මෙච්චර වෙලාවක් අදින්න ඕන නෑ කියල තමා හිතෙන්නෙ.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika75
thanks..
Anonymous
thank you sub ekata bro
Lasantharathnasirirox
Tnk U tnk U MTR සහෝ...බුදුසරණයි !! ජයවේවා !" " "
Prabodha Jayakody
Thanks.
Malith Samarawickrama
Thanks bro sub ekata.
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!jc udara
සිංහල උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි.ඔහොම්ම යං.
බුදු සරණයි ජයවේවා......රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan
අපි වගේ පැකේජ් ගහගෙන film download කරන අය වෙනුවෙන් film එකෙ අන්තර්ගතය ගැනත් පොඩි අදහසක් දෙන්න. නැත්නම් කිසි අයිඩියා එකක් නෑ. Trailer එකක් බලනව වගේ ෆිල්ම් එක හොදද බලන්න අපි එන්නෙ baiscope එකට. සබ් එකට ගොඩක් ස්තූතී....
Anonymous
Sub eka wda nane
Hiru
Sub eka weda nane
Shihan
Tnx
methma
meka balanne kohomada
Ravisara Dharmapala
Kathwa nam hidy kotas magarin ntywa balanna hithegnna amrui 2 parkwat balanna wewi hithaganna nam teren ne gon part kiyala atharin nathiwa balanna supiri film ekk thsnk bro sub ekt sub eka nimeta wada
Saranga J. Liyanagama
Thanks
WGRCWedagedara
thanks for sub
Advertisement
සුපිරී...
ජය...!!!