මේ අවුරුද්දේ නිකුත් වෙච්ච ලස්සනම ලස්සන මලයාලම් සලරුවකට සිංහල උපසිරැසිය අරගෙනයි මේ ගොඩවෙන්නේ. පුද්ගලිකවම මං නම් හරිම කැමැත්තෙන් රස වින්ද වගේම අවුරුදු කිහිපයක් තිස්සේ එනකම් මග බලන් හිටිය චිත්‍රපටියක්. එහෙම බලන් ඉන්න හේතුව තමා අවුරුද්දකට දෙකකට කලින් ඉඳන් නිකුත්වෙච්ච දැකුම්කලු පෝස්ටර් කිහිපයක්. එයින් එ…

මේ අවුරුද්දේ නිකුත් වෙච්ච ලස්සනම ලස්සන මලයාලම් සලරුවකට සිංහල උපසිරැසිය අරගෙනයි මේ ගොඩවෙන්නේ. පුද්ගලිකවම මං නම් හරිම කැමැත්තෙන් රස වින්ද වගේම අවුරුදු කිහිපයක් තිස්සේ එනකම් මග බලන් හිටිය චිත්‍රපටියක්. එහෙම බලන් ඉන්න හේතුව තමා අවුරුද්දකට දෙකකට කලින් ඉඳන් නිකුත්වෙච්ච දැකුම්කලු පෝස්ටර් කිහිපයක්. එයින් එකක් දෙකක් මගේ ෆෝන් තිරයත් ආක්‍රමණය කරා මාස කිහිපයක්ම. කොහොම කොහොම හරි දවසින් දවස කල් ගිහින් ඇන්ටනීගේ මේ අමුතු කතාව අපේ ඇස්මානෙට ආවා. පෝස්ටර් වල සුන්දරත්වය වගේම චිත්‍රපටියත් මට නම් ඊට දෙවැනි වුණේ නැහැ. අර අපි ඉස්සර විඳපු කොළ පාට මලයාලම් සිනමා රස එහෙමම දැනුනා. සමහරුන්ට නම් ඒක ඒ ඒ විදිහට වෙනස් වෙයි. ඉතින් බලලම රස විඳින්න, ඊට පස්සේ කතා කරන්න බැරියැ. ගොඩක් අය සිංහල උපසිරැසිය ඉල්ලලත් තිබුණ නිසා, අදින් පස්සේ කාටත් බාධාවක් නැතුව Anugraheethan Antony රසවිඳින්න පුළුවන්.
මේ කොරෝනා සමයේ ඉතා කලාතුරකින් අහන්න ලැබෙන දෙයක් Anugraheethan Antony එක්ක බැඳිලා තියෙනවා. ඒ තමා සිනමාහල් වල තිරගතකිරීමෙන් ආදායම් අතින් සාර්ථක වෙලා Hit එකක් බවට පත්වීම. මේ නිසා මේ චිත්‍රපටිය තවත් විශේෂ චිත්‍රපටියක් බවට පත්වුණා. Anugraheethan Antony තිරගත වෙන්නේ 2021 අවුරුද්දේ අප්‍රියෙල් 01වෙනිදා. Drama|Romance|Fantasy ගණයට අයත් වෙන මේ සලරුවට ජාත්‍යන්තර සිනමා දර්ශයකයෙන් 6.5ක අගයක් ලැබිලා තියෙනවා. Sunny Wayne | Gouri G Kishan | Suraj Venjaramood | Siddique | Indrans මේ සිනමාපටයට රංගනයෙන් ලස්සන දායකත්වයක් දෙනවා. ඒත් චිත්‍රපටියේ ජීවනාලිය කවුද කියලා දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා කියලා කියන්නම ඕන. ඒ වගේම චිත්‍රපටියට නැවුම් බවක් එකතු කරපු ඒ මියුරු සංගීතය ගැන සඳහනක් දාන්න අමතක කළොත් නම් ඒක කුහකකමක්.
පුංචි කම්පනයකට මුහුණ දෙන්න ලෑස්ති වෙන ගමන්, හැමෝටම චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරනවා. මේ චිත්‍රපටිය ජූලි මාසයේදී අන්තර්ජාලයට එකතු වෙලත් සිංහල උපසිරැසිය ගේන්න මෙච්චර ප්‍රමාද වුණාට සමාව ඉල්ලනවා. වැඩේ පස්සට යන්න ගොඩක්ම හේතුව චිත්‍රපටිය මැද දර්ශන දෙකක වගේ ඉංග්‍රීසි උපසිරැසියේ අඩුවක් තිබ්බ නිසයි. කොහොමහරි ඒ අඩුව සම්පූර්ණ වෙලත් වැඩේ තව තවත් ඇදී ඇදී තියෙද්දී තමා අපේ මලයාලම් ක්වීන් සුභාෂිණි අක්කා උදව්වට ආවේ. නැත්තම් තව මාසයකටවත් මේක ගේනවා බොරු. ඉතින් සුභාෂිණි අක්කට ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා කරපු උදව්වට. එහෙනම් සමුගන්නවා. තවත් උපසිරසියකින් හම්බවෙමු. ජයවේවා.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.
5,785 downloadsDownload AA-2021.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට සහ රේණුකා සුභාෂිණි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
31 comments
Anonymous
මයිකි
තැන්ක්ස් සබ් එකට
Naveen
උපසිරසියට තුති
Anonymous
තෑන්ක්ස් වේවා
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
Thanks for sub
Laka
උපසිරසියට බෝම තුති වේවා
තව මේවා ඕනාNeo
Thanks both
Keep it upAnonymous
thanks
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම ..!!
Kushan
Sub akta thanks
Anonymous
පට්ටම පරක්කුයි සබ් එක නම්
Sahan
උපසිරසියට ස්තුතියි
Anonymous
Sunny wayne මම්මුටි වගේමයි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
මේක HD කියල වෙනස් කරාන්න් හරි නේද, වැරදිල Web කියල දාල තියෙන්නෙ
DILmin
Sub ekata thanks!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Chami
Thank you
Idunil Weerasinghe
Thanks both
Lakmal
සිංහල උපසිරසියට ස්තුතියි
අලුත් ෆිල්ම් ඉක්මනින් දෙන්න බලන්නජනා
සිංහල උපසිරසියට ස්තුතියි
Nilush Angana
Sub ekata thanx
Anonymous
thanks dennatama
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම
ජය වේවා!!!Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
Thankz dennatma godak....
prasad
niyamai sahodaraya jayawewa.......
නිරෝෂ්
ස්තුතියි.ජයවේවා!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
Elazz