Watch Trailer

Chakravyuha (2016) with Sinhala Subtitle | අසාධාරණය දැක දැක ඇස් පියාගෙන ඉන්නෙ කොහොමද…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ වතාවේ අරගෙන එන්නේ ක්‍රියාදාම ඝනයට අයත්වන කන්නාඩ චිත්‍රපටයක්.සාමාන්‍ය කන්නාඩ චිත්‍රපටයක් නෙමෙයි.IMDB දර්ශකයේ 8.4 ක ඉහලම අගයක් හිමිවුණ, කන්නාඩ පවර් ස්ටාර් Puneeth Rajkumar ප්‍රධාන නළු භූමිකාවට පණ පොවන සුපිරිම චිත්‍රපටයක්.හින්දි චිත්‍රපටයක් නම් ශාරුක් ඛාන්, අමීර් ඛාන්, සල්මන් ඛාන් වගේ ත…

Chakravyuha (2016)

ඔන්න එහෙනම් මේ වතාවේ අරගෙන එන්නේ ක්‍රියාදාම ඝනයට අයත්වන කන්නාඩ චිත්‍රපටයක්.සාමාන්‍ය කන්නාඩ චිත්‍රපටයක් නෙමෙයි.IMDB දර්ශකයේ 8.4 ක ඉහලම අගයක් හිමිවුණ, කන්නාඩ පවර් ස්ටාර් Puneeth Rajkumar ප්‍රධාන නළු භූමිකාවට පණ පොවන සුපිරිම චිත්‍රපටයක්.හින්දි චිත්‍රපටයක් නම් ශාරුක් ඛාන්, අමීර් ඛාන්, සල්මන් ඛාන් වගේ තමයි, කන්නාඩ චිත්‍රපටයක් නම් ඉතින් Puneeth Rajkumar තමයි කියලා කන්නාඩ චිත්‍රපට නරඹන අය හොඳටම දන්නවා.2015 වර්ෂයේ නිකුත්වුන Rana Vikrama චිත්‍රපටය ඒකට හොඳම උදාහරණයක් විදියට දෙන්න පුළුවන්.ඒ වගේම වර්තමාන තෙලිඟු සිනමාවේ ඉහලින්ම වැජඹෙන Junior NTR මෙම චිත්‍රපටය සඳහා ගීතයක් ගායනයෙන් දායක වීම විශේෂත්වයක් වෙනවා.ඊට අමතරව ප්‍රධාන නිළිය ලෙස Rachita Ram ද, දුෂ්ටයාගේ චරිතය සඳහා Yennai Arindhaal (2015) චිත්‍රපටය හරහා ජනප්‍රියත්වයට පත්වූ, Arun Vijay ද රංගනයෙන් දායක වනවා.

කතාව ගැන කෙටි විස්තරයක් කියන්නම්.කතාවක් තියෙනවනේ, නීතිය රකින්න ඉන්න අයම තමයි වැඩියෙන්ම නීතිය කඩන්නෙත් කියලා.ඒ කියමන නැවතත් සිහිගන්වමින් ඉන්දීය රජයේ නීතිය භාරව සිටින ඇමතිවරයා සිය සහෝදරයා සමගින් හවුල් වී සිය හිතුමනාපයට පාලනය ගෙන යනවා.ඇස් පනා පිටම අවනීතිය රජකරවන මේ දුෂ්ට පාලනයට එරෙහි වීමට කිසිවෙකුටත් ශක්තියක් නැහැ.මෙහි එක්තරා ප්‍රතිපලයක් ලෙස නීති විද්‍යාලයේ ශිෂ්‍යයින් තුන් දෙනෙක් ඝාතනය වෙනවා.පාසල් ගුරුවරියක් වන මේ එක් ශිෂ්‍යයෙකුගේ මවක්, සිය දරුවාට සිදුවූ අසාධාරණය වෙනුවෙන් පාරට බහිනවා.නමුත් කිසිවෙකුගේ සහය මේ අසරණ මවට ලැබෙන්නේ නැහැ.දහසක් දරුවන්ගේ නෙත් පාදමින් ගුණ නැණ කියාදුන් මේ ගුරු මාතාවට, සිය එකම දරුවාට සිදුවූ අසාධාරණය වෙනුවෙන් කිසිවෙකුගේ පිහිටක් නොලැබීම දෛවයේ සරදමක් නොවන්නේ කෙසේද…මිනිසත් කමක් නොමැති, හුදෙක්ම නමට පමණක් මිනිසුන් පිරි සමාජයක ජනාකීර්ණ වීදියක සිය ප්‍රාණ සමවූ එකම පුතුගේ දේහය සමගින් මේ මව හුදකලා වෙනවා.නමුත් මේ මව සපත කරනවා.සත්‍යයේ නාමයෙන් කෙදිනක හෝ තම පුතුගේ දේහයට සාධාරණත්වයක් ඉෂ්ට වේවි යැයි කියා.නොබෝ කලකින්ම ඇයගේ ප්‍රකාශය සත්‍යයක්ම කරමින් එක්තරා නොහඳුනන බලවේගයක් කරලියට පැමිණෙනවා.කිසිවෙකුටත් අදහාගත නොහැකි පරිදි අදාලා පුද්ගලයින්ගෙන් දරුණු අන්දමින් පළිගන්නවා.අවනීතිය රජකරවමින් සාරධර්ම පිරිහෙමින් ඝනාන්ධකාරයෙන් වෙලෙමින් තිබූ සමාජයක්, ආලෝකය කරා රැගෙන යාමට පැමිණි මේ බලවේගය කුමක්ද…ඉතිරිය චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂක ඔබට භාරයි.

විශේෂයෙන්ම කියන්න ඕනේ, මේ චිත්‍රපටය සඳහා මෙතෙක් නිකුත් වෙලා තියෙන්නෙ එකම එක ඉංග්‍රීසි උපසිරසියක් විතරයි.ඇත්තටම ඒක උපසිරසියක් කියන්න බැරි මට්ටමේ එකක් කිව්වොත් නිවැරදියි.උපසිරසියේ බාගේකටත් වඩා අඩු පාඩු තිබුණා.කාල රේඛා නොගැලපීම්, සමහරක් දෙබස් නොමැති වීම, නොගැලපෙන දෙබස් ඇතුලත් කර තිබීම….වගේ ඒවා.ඉතිං හැකි උපරිම අයුරින් ඒවා නිවැරදි කරලා ඇති.නමුත් සමහර තැන් වල දෙබස් අඩු පාඩු තියෙනවා.ඒවා නිරාකරණය කරන්න තරම් කන්නාඩ භාෂාව පිලිබඳ දැනුමක් මට නැහැ.නමුත් කතාවේ රසයට හානියක් නොවෙන පරිදි හැකි තරම් දුරට දෝෂ නිවැරදි කළා.ඒ නිසා පුළුවන් තරම ඉවසීමෙන් බලන්න කියලා ඉල්ලා සිටිනවා. තවත් සුපිරිම චිත්‍රපටයකින් ඉක්මනටම හමුවන තුරා, සියලු දෙනාටම ජයවේවා…!

Chakravyuha (2016) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරැසිය සියලුම DVD පිටපත් සඳහා අදාළ වේ.

10,996 downloadsDownload Chakravyuha-2016.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

10,996 downloadsDownload Subtitles33 KB

36 comments

  1. Krishan NiShalya

    niyama film ekak wage...
    onna baanna dama...
    sub ekata Thankz....!
    digatama karagena yanna
    Good Luck.!
    ☺☺☺☺☺☺

    1. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

    2. Sisila Prasad

      මෙම comment එකෙහි නම මත click කර මාගේ ෆේස්බුක් ගිණුමට log වීමෙන් 500MB පිටපත සඳහා direct link එක ලබා ගත හැකිය.

  2. Kalum

    Sub akata thanx machan....

  3. රයන් ද සිල්වා

    සබ් එකට තුති සිසිල සහෝ ෆිලුම නම් සුපිරි බාන්ඩයක් වගේ
    ඔන්න බාන්න දැම්මා
    නැවත සිංහල උපසිරැසියකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

    Attack On Titan Part 2 එකට සබ් දාන්න සහෝ
    ඒක දෙනකල් බලන් ඉන්නේ

    1. Sisila Prasad

      අනිවා දෙනවා සහෝ.මේ දවස් ටිකේම නොහිතපු විදියට කාර්යබහුල වුණා.ඒකයි ෆිල්ම් එක ටිකක් පස්සට ගියේ.අනිවාර්‍යයෙන්ම සබ් එක දෙනවා.ඒක මගේ පොරොන්දුවක්.

  4. Sapumal Aloka Chandrasekara

    Thanx Sub ekata ... සිසිල ප්‍රසාද්

  5. praneeth madu

    ela mco keep going

  6. Thushanga Pramod

    thanks mcho

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  8. Kulanjana Maduranga

    niayamai…thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Kalana Wasala

    thanks for sub
    Tamilselvanum Thaniyar Anjalum (2016) me movie aktath sub dendako

  10. laksiri chaminda

    Yako link ekak dapallako data tika ewarai mewage link hoyala

  11. Mahesh

    Sub ekata thanx sahodaraya

  12. kasun Harshana

    Tripura 2015 holman film ekatath sub danawada kawuruhari. Aka patta film eka.

  13. mithun

    උම්බ නම් great මචන් සුපිරි ෆිල්ම් තම දෙන්නෙ .. හොදම,රෙටින් දකිද්දිත් අසයි.. මෙ දැන්ම බාල බලනව මෙක
    ඔයගෙ ලිපිත් great . උපසිරැසි ගැන්නුවට බොහොමත්ම තුති සහො .. ඔබට ජය . මෙ සතුට හැමදාම රැදෙව .. ඔබෙ ජිවිතෙ සියලු දෙ ඉටුවෙව.. අයෙමත් එමු හොදම,එකකින්

    1. Dhanushka Marasinghe

      yako ochchara baila gahanne, oke link eka dahanko aduma tharame katahari download karaganna puluwan wewine.

  14. maheshbabu

    patta filumakne...... meka denakan balan hitiye,,,,,,,, 2015,2016 aapu anith Kannada Films tikatath sub demu bro..............

  15. Lakmal Wanniarachi

    pawan kalyangea movie aka saha mahesh babuge movie aka sub akath deana.me movie akea sub akata tanx.

  16. buddhika

    ela macho...........niyamai...kannada telugu movie walata sub hambenawa adui..oya ewata sub dena eka gena thanx karanna ona..un supiri film gahanawa bn...puluwannam aluth film set eka balala sub demu..maru film tikak awa..jaya wewa..

  17. udana

    patta bro.... kannada film supiri... digatama karamu... ela ela... ubata jaya

  18. sandun

    me film eka download karanne kohmada mukuth pennanne naane download karanna...sub eka vitharaine thiyenne

    1. Dhanushka Marasinghe

      moda athal ban mewa. apita wadak nathi welawak thiyenawanam api film eka hoyaganna ona.

  19. NIRO

    thnx bro...onna banna damma

  20. Amila Mudalige

    Thanks saho sub ekta

  21. ලන්කන් අන්දරේ

    elam bro

  22. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Shiromal

    Thanks !!!!
    Someone upload "Brahmotsavam" movie subtitles

  24. kasun bandara

    i cannot see ..down load link for film download

  25. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  26. Sandun

    Thanks

  27. Nira

    Thnx.. Eth Kalin baiscopelk.com patta.dan moko me link eka nodenne.wate gihin ganna ona.. ona tharam torrent side walata dan yanna puluwanne. Kalin wagema denna.ethakotai watinne..

  28. navod

    download karanna denne ne ne bn

  29. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  30. Tharaka Lahiru

    tnq

  31. Anonymous

    Thnx for sub ...❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.