Watch Trailer

Check (2021) Sinhala Subtitles | මගේ දෛවය තීරණය කරන්නේ මමයි! [සිංහල උපසිරසි]

ආයුබෝවන්, පෙබරවාරි 26 වෙනිද නිකුත් වුනු තෙලිගු සලුරුවකට මෑතකදි වීඩියෝ පිටපත් නිකුත් වෙලා තිබුන. මේ සලුරුව සිංහල උපසිරැසි සමග නරඹන්න සලස්වන්නයි මේ සූදානම. අධ්‍යක්ෂනය Chandra Sekhar Yeleti මහතා සිදු කර ඇති අතර නිෂ්පාදනය V. Anand Prasad මහතා සමග ඔහුගේ Bhavya Creations චිත්‍රපට නිෂ්පාදන සමාගම විසින් සි…

ආයුබෝවන්, පෙබරවාරි 26 වෙනිද නිකුත් වුනු තෙලිගු සලුරුවකට මෑතකදි වීඩියෝ පිටපත් නිකුත් වෙලා තිබුන. මේ සලුරුව සිංහල උපසිරැසි සමග නරඹන්න සලස්වන්නයි මේ සූදානම. අධ්‍යක්ෂනය Chandra Sekhar Yeleti මහතා සිදු කර ඇති අතර නිෂ්පාදනය V. Anand Prasad මහතා සමග ඔහුගේ Bhavya Creations චිත්‍රපට නිෂ්පාදන සමාගම විසින් සිදු කර තිබෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණයට Nithiin සමග Rakul Preet Singh, Priya Prakash Varrier එක්වී තිබෙනවා. සෙසු චරිත සදහා Simran Choudary, Sampath Raj, Sai Chand, Posani Krishna Murali, Murali Sharma ඇතුලු නළු නිලියන් රැසක් දායක වී තිබෙනවා.

හිර ගෙදර බිත්ති හතර වගේ මේ සිමාව මැද,
යුද්ධයක් ඇති වෙනව…

Rook,
මෙයා ගමන් කරන්නෙ කෙලින් විතරයි.
මෙයාගෙ මාර්ගයේ තියන හැමදේම විනාශ කරනව.
මෙයාව මගහැරල යන්න නම් ධෛර්‍යයම් තියෙන්න ඕන.

Bishop,
මෙයාගෙ බැල්මෙන් අපිට ගැලවෙන්න අමාරුයි.
මෙයා ගැන හැමවෙලේම අවදානයෙන් ඉන්න ඕන.

Knight,
මෙයාගෙ නාස් ලනුව බුරුල් කරන්නෙ කොයි වෙලාවෙද,
තද කරන්නෙ කොයි වෙලාවෙද අවදානයෙන් ඉන්න ඕන,

Queen,
දැනුම, බුද්ධිය, ඉවසීම, උපාය මාර්ග,
මෙයාගෙ ගමනෙදි උපයෝගි කරගන්නව…
මෙයාට තමයි වැඩිපුරම බලය තියෙන්නෙ,
බොහොම බලවත්!

ජීවිත පරදුවට තවත් නමක්
තමයි Pawn(සෙබලා) කියන්නෙ,
ඉස්සරහට අඩියක් තියනව මිසක
ඒක ආපහු ගන්න හිතන්නෙ නැහැ.
පොඩියට ඉන්නව කියල හෑල්ලුවට හිතන්න එපා.
අවධානය දුන්නෙ නැතිනම් එයාගෙ ස්වරූපය වෙනස් වෙන්න පුලුවන්.

රාජ්‍යන් දෙකටම බලය, දුර්වලතා එකම එක වගේ.
වෙනස් වෙන්නෙ සෙල්ලම් කරන කෙනාගෙ බුද්ධිය මතයි.
කට අරින්නෙ එකම එක සැරයයි…
ඒ රජුව වට කරල …චෙක්… කියන වෙලාවට විතරයි.

කතාව පටන් ගන්නෙ, හසන් අල්වුදින්, හසන් අලී, අබ්දුල් සහ කරීම් අතුලු ත්‍රස්තවාදීන් පස් දෙනෙකුට උසාවිය විසින් මරණ දඩුවම නියම කරමි. පස්වැනියට කියවෙන නම කිසිම සම්බන්දයක් නැති බව ඔයාලටම තේරෙන්න ගනී. ආදිත්‍යා තවත් ත්‍රස්තවාදීන් හතර දෙනෙකු සමග මරන දන්ඩනය නියම වී සිර දඩුවම් පමුනුවනවා. ආදිත්‍යා කියන්නෙ දෙමාපියන් නැති ආශ්‍රමයක හැදුනු කෙනෙක්. සිරේට නියම වුවත් කොහොමින් හරි බෝම්බ ප්‍රහාරයක් නවත්වන්න තොරතුරු ලබා දීම හේතුවෙන් ආදිත්‍යාගෙ සිර කුටිය වෙනස් කිරීමට පාලකයා කටයුතු කරනවා. එතනදි තමයි ආදිත්‍යාට ජ්‍යොතිෂයට දක්ෂයි කියන ශංකර්ව සහ ස්‍රීමන් නාරායනාව මුන ගැහෙන්නෙ. මොන දේ වුනත් ත්‍රස්තවාදියෙක් කිව්වම මිනිස්සු තුල ඇතිවෙන්නෙ මොනවගේ ආකල්පයක්ද කියල අපිත් පෞද්ගලිකව දන්නවනෙ. අපිත් 30 අවුරුදු යුද්ධයකින් සහ ත්‍රස්තවාදී ප්‍රහාර වලින් බැට කාපු ජනතාවක් ඉන්න රටක්නෙ. ඉතින් ත්‍රස්තවාදී පට්ටමකුත් අරගෙන තමන්ගෙ ජීවිතේ ඉදිරි කාලය සතුටින් ගත කරන අභිප්‍රායක් ඇතුව තමයි ආදිත්‍යා සිර ගෙදරට පමුණුවන්නෙ. විනාඩි 140ක් පුරාවට ආදිත්‍යාගෙ කර්ම කතාව කොහොම ලියවෙයිද කියල චෙස් සෙල්ලම් කිහිපයකුත් රසවිදින ගමන් නරඹන්න පුලුවන්. තවත් මේ වගේ උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

ජය ශ්‍රී!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

25,282 downloadsDownload Check-2021.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

25,282 downloadsDownload Subtitles58 KB

23 comments

  1. Anonymous

    Meka nm bluwa mchn
    Khomawunth thanks mchn sub ekta
    Puluwn nm "operation java" ekta sub denna

  2. dunidu shehan.

    better call saul eke ituru tikta sub dnnko,

  3. Pasindu Madumal

    තව එකයි ..!
    සබට තුති චානක අයියේ ❤

  4. Anonymous

    ko bn me film eka site eke ne ne bn

  5. oshanda

    ස්තූතියි සහෝ... කාලෙකින්

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  7. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. Anonymous

    Thank you

  10. Anton Pradeesh

    Mata karaganna be

    1. Anonymous

  11. Anonymous

    thanx

  12. stoute

    thnx bokka sub ekt.
    man me site ekt awilla 20 wathawakata wadiya balanna athi me film eka daalada kiyala.
    comments 10 kara wada danna athi ....

    thank u soo much.

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  14. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  15. Anonymous

    thanks

  16. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  17. Anonymous

    Thanks bro.....

  18. Anonymous

    Thank you mchn

  19. Anonymous

    kathawa hodada

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. SANDARU

    Ek ftt bn .best of luck

  22. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.