Watch Trailer

Dead Heat (1988) Sinhala Subtitles | මරණින් මතු ජීවිතය… [සිංහල උපසිරසි]

හැමෝටම සුබ, සුව දවසක් වේවා කියලා කියන ගමන් ඔන්න මං අදත් තවත් චිත්‍රපටයකට උපසිරසි අරගෙන ආවා. 1980/90 දශක කියන්නේ ලංකාවේ සිනමාවේ උච්චතම කාලයයි. සිංහල සිනමාව වගේම විදේශ චිත්‍රපටත් හවුස්ෆුල් ගහපු යුගයක්. මිලේනියම් යුගය එනවත් එක්කම මේ තත්වය ටිකක් වෙනස් වුනා කිව්වොත් හරි. මෙන්න මේ හවුස්ෆුල් ගහපු යුගයේ ලං…

හැමෝටම සුබ, සුව දවසක් වේවා කියලා කියන ගමන් ඔන්න මං අදත් තවත් චිත්‍රපටයකට උපසිරසි අරගෙන ආවා.

1980/90 දශක කියන්නේ ලංකාවේ සිනමාවේ උච්චතම කාලයයි. සිංහල සිනමාව වගේම විදේශ චිත්‍රපටත් හවුස්ෆුල් ගහපු යුගයක්. මිලේනියම් යුගය එනවත් එක්කම මේ තත්වය ටිකක් වෙනස් වුනා කිව්වොත් හරි. මෙන්න මේ හවුස්ෆුල් ගහපු යුගයේ ලංකාවට ඉංග්‍රිසි චිත්‍රපට ගෙන්වූ නිව් ඉම්පීරියල් ටෝකීස් සමාගම ගැන මං මීට කලින් සිංහල උපසිරසි ගෙනා Martial Law චිත්‍රපටයේ ලිපියෙන් කතා කලා.

ඒ වගේම ඒ ආයතනය විසින් ලංකාවට ගෙන්වූ එකල ඉතාම ජනප්‍රිය වූ චිත්‍රපට රාශියක් විය. ඒ චිත්‍රපට වලින් ඉතාම සුළු ප්‍රමාණයක් විතරයි අන්තර්ජාලයේ තියෙන්නේ. ඒ සැම චිත්‍රපටයක්ම ක්‍රියාදාම චිත්‍රපට වන අතර Under Police Protection පළමු හා දෙවන කොටස, China O’ Brian, American Hunter වැනි චිත්‍රපට එකල ඉතාම ජනප්‍රිය විය. දිවා කාලයේ බැංකුවක සේවකයෙක් ලෙසත් රාත්‍රියේදී ඝාතකයෙක් ලෙස හැසිරෙන ඩෑන් ගේ කතාව The Banker එකල සැවෝයි සිනමා ශාලාවේ එක දිගට හවුස් ෆුල් 50 ක වාර්ථාවකට හිමිකම් කියා ඇත. තවද Melody in Love චිත්‍රපටය රියෝ සිනමා ශාලාවේ දින සියය පසුකර ඇත.

එකල දැන් වගේ චිත්‍රපට මුදාහරින මණ්ඩල නොතිබූ අතර සියළුම චිත්‍රපට මුදා හැර ඇත්තේ ජාතික චිත්‍රපට සංස්ථාව මගිනි. පළමුව චිත්‍රපටය රැඟුම් පාලක මණ්ඩලයට පෙන්වා ප්‍රදර්ශණයට සුදුසු ලෙස සහතික කර ඉන්පසු සීමිත සිනමා හල් කීපයකට මුදාහරිනු ඇත. සීමිත කියලා කිව්වේ දැන් වගේ ඩිජිටල් තාක්ෂණය නැති නිසා චිත්‍රපටය එන්නේ රීල් විදිහට. ඉතින් ඒවායේ පිටපත් සීමිත නිසා තමයි සිනමාහල් ගණනත් සීමිත වෙන්නේ. කොළඹින් පිටත සිනමා ශාලා වලට එන්නෙත් මේ රීල්ම තමයි. ඒ කොළඹ පට්ටගහලා දිව්වට පස්සේයි.

80/90 දශකයේ චිත්‍රපට ඉතිහාසයේ තවත් රස මුසු සිද්දි ගණනාවක් තියනවා කියලා ඒ පිළිබද මතකය අවදි කලේ නිව් ඉම්පීරියල් ටෝකීස් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ අනුරාධ බී. රැකව මහත්තයයි. අද වන විට ඒ මහතා ශ්‍රී ලංකා චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමයේ සභාපතීත්වයද දරනවා. මේ චිත්‍රපටයත් නිව් ඉම්පීරියල් සමාගම විසින් 89 වසරේ ලංකාවට ගෙන්වූ චිත්‍රපටයකි. මේ චිත්‍රපටය ගැන මතක් කිරීමේදී රැකව මහතාට මතක් වෙන්නේ මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන කාලයේ කොළඹ සිනමා හල්වල එලියේ දකින්න ලැබුණ දිගු ප්‍රේක්ෂක පෝලිම පිළිබඳව බව කීය.

රොජර් සහ ඩග් යනු ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ සිටින රහස් පරික්ෂක ගජ මිතුරන් දෙදෙනෙකි. කාලයක සිට නගරයේ සිදුවන කොල්ලකෑම් ගැන පරික්ෂන කරන මේ දෙන්නට මේ අපරාද සියල්ලම එකම රටාවකට සිදුවන බවත්, අපරාධකරුවන් ලේසියෙන් වෙඩි තබා අඩපන කල මරාදැමිය නොහැකි බවත් වැටහෙනවා. මේ අතර රෙබෙකා නම් මරණ පරික්ෂකවරියක් මගින් ඔවුන්ට ඩැන්ටේ නම් අසාමාන්‍ය ඖෂධ සමාගමක තොරතුරු හම්බවෙනවා. එහිදී හමුවන සුරූපී රැන්ඩි නම් කාන්තාව හරහා මේ ගජ මිතුරෝ දෙදෙනා මේ අභිරහසේ සුල මුල සොයා යනවා..

1988 මැයි 06 වන දා එක්සත් ජනපදයේ මුලින්ම තිරගත වූ මෙම චිත්‍රපටය එකල ආදායම් වාර්ථා අතින් සාර්ථකව තිරගත වූ චිත්‍රපටයකි. පිලිපීනයේ මෙම චිත්‍රපටය තිරගත වී ඇත්තේ Iron Cops නමින්ය.

මෙහි රොජර් මෝටිස් ලෙස Treat Williams සහ ඩග් බිගෙලෝ ලෙස Joe Piscopo රංගනයෙන් එක්වේ. ඊට අමතරව රැන්ඩි ජේම්ස් ලෙස Lindsay Frost, රෙබෙකා ස්මතර්ස් ලෙස Clare Kirkconnell, අර්නස්ට් මැක්නාබ් ලෙස Darren McGavin සහ ආතර් පී. ලෝඩර්මිල්ක් ලෙස Vincent Price ප්‍රධාන රංඟනයෙන් එකතු වේ. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Mark Goldblatt වන අතර නිෂ්පාදනය David Helpern සහ Michael L. Meltzer විසිනි.

(චිත්‍රපටය වෙනුවෙන් නිර්මානය කල පෝස්ටරය මෙය වන අතර මෙම පෝස්ටරයක් අදටත් සුරක්ෂිතව කුරුණෑගල නිව් ඉම්පීරියල් සිනමා ශාලාවේ ප්‍රදර්ශණයට තබා ඇත.)

විනාඩි 86ක ධාවන කාලයකින් යුත් Dead Heat චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 6.1ක්, Rotten Tomatoes 11% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 90%ක කැමැත්ත ලැබී ඇත.

එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිදුක් නිරෝගී සුව දවසක් වේවා.

 

~ ජය වේවා ~

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,090 downloadsDownload Dead-Heat-1988.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,090 downloadsDownload Subtitles44 KB

11 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ මේ වගේ ෆිල්ම්වලට සබ් දෙන එක නම් සුපිරි

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Priyantha Dayakeerthi

    රොෂාන් ජයසිංහ සොයුර,
    විදෙස් සිනමාවේ ජනප්‍රිය එකකට ඔබ මේ සබ් දීලා තියෙන්නේ. එකළ හොඳින්ම මතකයේ රැඳුනු එකක්. ඔබ සබ් දෙන බොහෝ සිනමාපට සිනමාවට කැමති අයගේ මතකයේ තිබෙන ඒවා බව විශේෂයෙන් මම පවසනවා. ඔබේ වෙහෙසින් නිමවූ මෙම උපසිරසියට මාගේ ස්තුතිය පිරි නමමි!

  4. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    දිගටම මෙවැනි චිත්‍රපට දෙන්න.

    හැකිනම් IMDB, AFI වැනි ලැයිස්තු වල මෙතෙක් ලබා නොදුන් චිත්‍රපට ලබා දෙන්න.

  5. Sohan Jayasooriya

    නියම ලිපියක් අයියෙ දන්නැති දේවල් ගොඩක් දැනගත්තා.. ස්තූතියි සබ් එකටත්..

  6. ශාමල් මනෝජන්

    පුලුවනි නම් Who Framed Roger Rabbit - 1988 චිත්‍රපටය ට උපසිරැසි දෙන්න

  7. D P Gamage

    ස්තුතියි ඔබට! හැකිනම් ප්‍රංශ, ඉතාලි, තුර්කි, ඉරාන් වැනි රටවල ගලායන කතාවක් සහිත විදෙස් සම්මානලාභී සිනමපටවලට සිංහල සබ් දෙන්න.

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  9. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  10. Dewadithya

    Thanks for sub!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.