තාත්තා, ඔයා මාව දාල යන්නෙ නැහැ නේද අම්ම වගේ ? තාත්ත යන්නේ නැහැ, ඕවා. මම හැමදාම ඔයාගෙ ලගින් ඉන්නව.. මගේ අම්ම කොහෙද, ආච්චි? එයා සුරංගනාවියක් වෙලා, සුරංගනාලෝකෙට ගියා.. ඔයා සුරංගනා ලෝකෙට යන්නෙ කවද්ද? උඩ ඉන්න කෙනා කතා කරපු දවසක. ඔයත් සුරංගනා ලෝකෙට ගියොත්, කවුද මාව බලාගන්නේ ආච්චි? ඕවා කොයුන්චු තාමත් පාසල…

තාත්තා, ඔයා මාව දාල යන්නෙ නැහැ නේද අම්ම වගේ ?
තාත්ත යන්නේ නැහැ, ඕවා. මම හැමදාම ඔයාගෙ ලගින් ඉන්නව..
මගේ අම්ම කොහෙද, ආච්චි?
එයා සුරංගනාවියක් වෙලා, සුරංගනාලෝකෙට ගියා..
ඔයා සුරංගනා ලෝකෙට යන්නෙ කවද්ද?
උඩ ඉන්න කෙනා කතා කරපු දවසක.
ඔයත් සුරංගනා ලෝකෙට ගියොත්, කවුද මාව බලාගන්නේ ආච්චි?
ඕවා කොයුන්චු තාමත් පාසල් යන කුඩා දැරිවියක්.. මෙහෙමත් කොයුන්චු එහෙමත් නැත්නම් ඕවාගෙ තාත්තා මානසික ආබාධයකින් පෙලෙන අයෙක්.. එහෙම උනත් මෙහෙමත් ගේ හිතේ ඕවා ගැන තියෙන ආදරේ නම් කිසිම අඩුවක් නෑ.. මේ දෙන්නම එයාලගෙ ආච්චිත් එක්ක කන්දක් උඩ පොඩි ගෙදරකට වෙලා සතුටින් ජීවත් වෙනව. මේ ගොල්ලො මෙහෙම ඉන්න අතරෙ අසරන ඕවාගෙ තාත්ත මිනීමැරුමකට අසාධාරන විදිහට වැරදිකාරයෙක් වෙනව. ඒ හමුදාවෙ ඉහල නිලධාරියෙක්ගෙ දුවක් ඝාතනය කිරීම කියන වරදට.. හැබැයි මේ ඝාතනය එක පුද්ගලයෙක් දකිනව. ඒත් ඒ පුද්ගලයව සොයාගන්න බැරි වෙන නිසා මෙහෙමත්ට අන්තිමේදි බන්ධනාගාර ගත වෙන්න සිදුවෙනව.. මේ අවාසනාවන්ත සිදුවීමත් එක්ක ඕවා එයාගෙ ආච්චිත් එක්ක තනිවෙනව.
මේ දෙන්න ඕවාගෙ තාත්තා නැතුව කොහොම ජීවත් වෙයිද..? අම්ම නැති දුවෙක්ට තාත්ත කියන්නෙ මොන තරම් සම්පතක්ද.. ඉතින් ඕවා මේ දුක කොහොම විද දරාගනියිද? ඇත්තටම ඕවාගෙ තාත්තා වැරදිකාරයෙක්ද.. කවුද මේ හැමදෙයක්ම පිටිපස්සෙ ඉන්න කෙනා. එතකොට කෝ අර මිනීමැරුම දැකපු සාක්ෂිකාරය. ඒ මිනිහ මොන මලදානයකද ගියේ. ඕවාගෙ තාත්තා උසාවියෙන් වැරදිකාරයෙක් වෙයිද..? ඕවා එයාගෙ තාත්තව බේරගන්න මොනවද කරයිද? මේ හැමදෙයක්ම දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනව.
නරබන්නන් මුල සිට අගට දැඩිව රදවාගන්න, සංවේදී කතා තේමාවක් රැගත් Miracle in Cell No 7 තුර්කි සිනෙමාපටිය මේ නමින්ම 2013 වර්ෂයේ තිරගත වූ කොරියානු චිත්‍රපටයක් අනුසාරයෙන් නිපදවා තිබෙනවා. නමුත් මෙහි සිද්ධි දාමය හාත්පසින්ම වෙනස් ආකාරයකිනුයි ගලා යන්නේ.
IMDB 8.2 ක් තරම් විශාල අගයක් ගැනීමට සමත්වුන, ලොව වටා ප්‍රේක්ෂකයන්ගේ නොමද හරසර ලත් මෙම සලරුව Aras Bulut Iynemli, Nisa Sofia Aksongur යන නලු නිලියන්ගේ රංගන ප්‍රතිභාවෙන් අලංකාර වී තිබෙනවා ..
Ask Laftan Anlamaz තුර්කි රූපවාහිනී කතා මාලාවත් සමග තුර්කි කතා සදහා අත්පොත් තැබූ මා එහි දෙවන පරිච්චේදය ලෙස Miracle in Cell No 7 මෙසේ ඔබ හමුවේ තබනවා. අවසාන වශයෙන් චිත්‍රපටියේ අපහසු කොටස් කිහිපයක් සදහා උපකාර කල හෙලිලි සහෝදරියවත් මතක් කරන ගමන් ඔබ සැමට ආරාධනා කරනව තීරනය කරන්න..
“පිය සෙනෙහස ඇත්තටම දෙවෙනිද මව් සෙනෙහසට”

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත් සඳහා ලබා දි ඇත.
3,865 downloadsDownload Miracle-in-Cell-No-7-2019-AKA-Yedinci-Kogustaki-Mucize.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
14 comments
Priyantha Dayakeerthi
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Priyantha Dayakeerthi
ඉතාමත් සුන්දර සිනමාපටයක්, මේ පෝස්ට් එකට එන ඔයාලා නරඹන්න මේක. මම මේ සිනමාපටය ඊයේ නැරඹුවා මාගේ නිවෙසේ අය එක්කම කන්වර්ට් කර රූපවාහිනියෙන්, ගෙදර අයත් පුදුම වුණා මෙවැනි ෆිල්ම් ලෝකේ තිබෙනවද කියලා. එයාලා දකින්නේ අපේ රූපවාහිනී පෙට්ටිවලින් දෙන "ජරාවල්" පමනක්නේ. මම නම් පුද්ගලිකවම මරා ගන්නා කොටාගන්නා ෆිල්ම්වලට කැමතිම නැහැ. ඉතින් සොයුර ඉදිරියේදී මෙවැනි ෆිල්ම් තවත් තෝරාගෙන සබ් දෙන්න. ඔබ කරන්නේ ඉතා මහඟු කාර්යයක්. ඩවුන්ලෝඩ් කරන ප්‍රමාණය ගැන හිතන්න එපා, කලාත්මක සිනමාපට ප්‍රිය කරනා අය වෙනුවෙන් ඔබට මාගේ ප්‍රණාමය!
W T Ajith
Best Classic movie, Thanks for that great work!
Sameeraudias
Machan deer hunter film ekata sub karannako imdb hoda ffilm ekak ekata kawrut sub karapu neti eka loku paduwak
Anonymous
හොඳ විදෙස් ෆිල්ම් එකක්, ස්තුතියි!
D P Gamage
මෙය ඉතාමත් සුන්දර සිනමාපටයක්. ස්තුතියි ඔබට! හැකිනම් ප්‍රංශ, ඉතාලි, තුර්කි, ඉරාන් වැනි රටවල ගලායන කතාවක් සහිත විදෙස් සම්මානලාභී සිනමපටවලට සිංහල සබ් දෙන්න.
DJSHAVEEN
Great machan me wage thawa film sub karanna bro
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dilee Raanthunga
kara sevda (endless love) ane me turkish tv series ekata sub dennako
Nishan
The miracle - 2015 ඒකේ සබ් දාන්නකො
Advertisement
හොඳ ෆිල්ම් එකක් වගේ. නරඹලා අදහසක් දක්වන්නම්, ස්තුතියි!