Watch Trailer

Demolition Man (1993) With Sinhala Subtitles |විනාශකාරී මිනිසා.. [සිංහල උපසිරැසි සමඟ]

යාළුවෝ ඔක්කොටෝම සුභ දවසක් වගේම ලැබුවා වූ නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඉතිං ඔන්න මම ආවා මගේ පස්වෙනි උපසිරැසියත් අරගෙනම. මේක කරන්න නම් ටික කාලයක් ගතවුණා මොකද කියනවා නම් රැකියා කටයුතු නිසා විවේකය ටිකක් අඩුයි. ඉතිං මේ පාරත් තෝර ගත්තෙ ඉස්සර බලපු නියම චිත්‍රපටයක්. ඒකෙ නම D…

Demolition Man (1993)

යාළුවෝ ඔක්කොටෝම සුභ දවසක් වගේම ලැබුවා වූ නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඉතිං ඔන්න මම ආවා මගේ පස්වෙනි උපසිරැසියත් අරගෙනම. මේක කරන්න නම් ටික කාලයක් ගතවුණා මොකද කියනවා නම් රැකියා කටයුතු නිසා විවේකය ටිකක් අඩුයි. ඉතිං මේ පාරත් තෝර ගත්තෙ ඉස්සර බලපු නියම චිත්‍රපටයක්. ඒකෙ නම Demolition Man. හැමෝම දන්නවානෙ සිල්වෙස්ටර් ස්ටෙලෝන් නැත්නම් රැම්බෝ ගැන. එයා තමයි මේකෙ ප්‍රධාන චරිතෙට පණ දෙන්නෙ.මේක ගොඩක් ඉස්සර හදපු අනාගතේ වෙන දෙයක් ගැනයි කියවෙන්නෙ. පරිවර්ථනය ටිකක් දුෂ්කර වුණා. හේතුව මෙහි දෙබස් වල තිබුනේ ගොඩක් විද්‍යාත්මක වචන.

ඉතිං කතාව කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. ජෝන් ස්පාර්ටන් කියන්නෙ ලොස් ඇන්ජලීස් පොලිසියේ ඉන්න හොදම නිළධාරියෙක්. නමුත් මොහුව හැදින්වූයේ විනාශකාරී මිනිසා යන නමින්. හේතුව වෙන්නෙ ඔහුට පවරන යම් රාජකාරියක් ඔහු අකුරටම ඉටුකරන නමුත් ඒ නිසා විශාල වශයෙන් දේපළ හානි සිද්ධ වීමයි. මෙයාගෙ ප්‍රථිවාදියා වෙන්නෙ සයිමන් ෆීනික්ස් කියන දාමරිකයා. ඉතිං මොහුව අල්ලන්න ගිය වෙලාවක ‍ජෝන් ස්පාර්ටන් නොසිතූ විදිහට අහිංසක මිනිසුන් රැසකගේ ජීවිත අහිමි වෙනවා. ඒ හේතුවෙන් සයිමන් ඇතුළුව ඔහුටත් දඩුවම් ලැබෙනවා. දඩුවම තමයි වසර 70 ක් අයිස් කුට්ටියක සිරකර තැබීම. කාලයාගේ ඇවෑමෙන් වසර 36 කට පසු කිසියම් කුමන්ත්‍රණයකින් සයිමන් නිදහස් වෙනවා. එවිට තිබෙන්නෙ බොහෝම සාමකාමී සමාජයක්. වැරදි ක්‍රියා සිදුවෙන්නේ නෑ. අවි ආයුධ භාවිතයක් නෑ. ආරක්ෂක අංශ පවා අවි පාවිච්චි කරන්නෙ නෑ. එවැනි සමාජයකට නිදහස් වන සයිමන් තමුන්ගෙ පුරුදු දාමරිකකම් කරන්න පටන් ගන්නවා. නමුත් ඒ සමාජයේ පොලීසියට ඔහුව මෙල්ල කරන්න බැරිවෙනවා. ඔහුව මෙල්ල කරන්න ඔවුන්ගේ අවසන් තුරුම්පුව වන්නේ නැවත ජෝන් ස්පාර්ටන්ව නිදහස් කර සේවයේ පිහිටුවීමයි. ඉතිං මේ පාර ජෝන් මොනා කරයිද? වැඩේ ඉවරවෙලා ආපහු හිරකරයිද කියලා ඔයාලම බලන්නකෝ. කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා හොදේ. එහෙනම් ඉතිං ලබන් අවුරුද්දෙ තමයි ආයෙ මම එන්නෙ.

එතකං හැමෝටම සුබ නත්තලක් හා සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා.

Demolition Man (1993) on IMDb

 

 

850 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

F17E2C2FA664CC27955D0C23A4C35AF479E19EC5

1.84 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

1841444A343714B00F97B61B26421F8DC90D788C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,510 downloadsDownload Demolition-Man-1993-baiscopelk.zip118 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/IsuruKL.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු කල්හාර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,510 downloadsDownload Subtitles118 KB

12 comments

  1. ගිනි කුරුල්ලා

    මෙදා පොටේ මමයි එක.. ඒ නිසාමයි මේ කමෙන්ට් එකත් දාන්න හිතුනේ.. හැමදාම ෆිල්ම් අරගෙන සද්ද නැතුව යන්නත් හොඳ නෑනේ.. ෆිල්ම් එකත් එල ඇති නේද?
    ජයවේවා!

  2. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

    obatath suba aluth awruddak wewa.....

  3. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Kaveesha

    Thanks saho sub ekata

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  6. thisal

    තැන්ක්ස් ස්අබට මරු එකක් වගෙ

  7. සනත් ශ්‍රීමාල් පෙරේරා

    බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා සහෝට….

  8. Kapila Prasad Somadasa

    එල එල නියමයි ස්තූතිය සහෝ...

  9. Kalpa nipun

    ha ha fatta movie ekak thanks ah

  10. විනාශකාරී මිනිසා

    ඉසුරු සහෝ බොහොම ස්තුතියි සිංහල උපසිරැසිය ලබා දීම පිළිබදව, මෙව්වා හොද වැඩ.

  11. Hashan M. Priyadarshana

    Thank you saho sub ekata

  12. Supun M. Hettigoda

    තෑන්ක්ස් වේවා!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.