Watch Trailer

Creed II (2018) with Sinhala Subtitle | ප්‍රහාරකයා යළිත්! [සිංහල උපසිරසි සමඟ]

රොකී බල්බෝවා! මතකද 70, 80, 90 දශකයන්හි සහ 2006 වර්ශයේදි සිනමාව තුලින් බිහිවූ ඒ අසහාය බොක්සින් ක්‍රීඩා තරුව? වර්තමාන නව පරම්පරාවේ අය නම් රොකී බල්බෝවා කියන්නෙ කවුද කියලා නොදන්නවා වෙන්නත් පුලුවන්. හැබැයි, 70, 80, 90 දශකයන්හි ඉපදුණු කෙනෙක් නම් ෆිලඩෙල්ෆියාවෙ බොක්සිං පුරාවෘත්තය ගැන නොදැන ඉන්න විදියක් නැහ…

රොකී බල්බෝවා! මතකද 70, 80, 90 දශකයන්හි සහ 2006 වර්ශයේදි සිනමාව තුලින් බිහිවූ ඒ අසහාය බොක්සින් ක්‍රීඩා තරුව? වර්තමාන නව පරම්පරාවේ අය නම් රොකී බල්බෝවා කියන්නෙ කවුද කියලා නොදන්නවා වෙන්නත් පුලුවන්. හැබැයි, 70, 80, 90 දශකයන්හි ඉපදුණු කෙනෙක් නම් ෆිලඩෙල්ෆියාවෙ බොක්සිං පුරාවෘත්තය ගැන නොදැන ඉන්න විදියක් නැහැ. 2006 වර්ශය දක්වාම චිත්‍රපට හයක දිගුවක් ලෙසින් පැමිණි රොකී චිත්‍රපට මාලාව සඳහා රංගනයෙන් දායක වුණේ අපි කොයි කවුරුත් හොඳින් දන්න කියන Sylvester Stallone නම් රංගධරයා විසින්. ලොව පුරා සිනමා ලෝලින් විසින් රම්බෝ චරිතය ආදරයෙන් වැලඳගත්තෙ මොන විදියටද, ඒ හා සමානවම ආදරයකින් වැලඳගත්ත චරිතයක් තමයි රොකී බල්බෝවා කියන්නෙ. රොකී චිත්‍රපට මාලාවේ හැම චිත්‍රපටයක්ම ලොව පුරාම අතිශයින්ම ජනප්‍රිය වුණා. සම්මාන පිට සම්මාන දිනා ගත්තා. Sylvester Stallone ගේ රම්බෝ උන්මාදය සේම, රොකී උන්මාදයද අස්සක් මුල්ලක් නෑර ලොව පුරාම පැතිර ගිය අයුරු සමහරවිට ඔබට තවමත් මතක ඇතුව නිසැකයි.

රොකී චිත්‍රපට මාලාවේ හයවෙනි චිත්‍රපටයෙන් පස්සෙ පොඩි වෙනසක් සිද්ධවුණා. ඊට වසර නමයකට පස්සෙ, ඒ කියන්නෙ 2015 වර්ශයේදි තවත් රොකී චිත්‍රපටයක් නිකුත් වුණා. හැබැයි, ප්‍රධාන චරිතය වුණේ නම් සුපුරුදු පරිදි රොකී බල්බෝවා නෙමෙයි. මතකද Rocky II චිත්‍රපටයෙදි රොකී බල්බෝවාගෙ ප්‍රධාන ප්‍රතිවාදියා වෙච්ච ඇපලෝ ක්‍රීඩ්ව? ඒ වගෙම තමයි, Rocky IV චිත්‍රපටය බැලුවා නම් දන්නවා ඇති, ලෝක ශූර ඇපලෝ ක්‍රීඩ් මිය ගියා කියලත්. ඉතිං, 2015 වසරේ නිකුත් වෙච්ච චිත්‍රපටයට පාදක වෙන්නෙ, ලෝක ශූර ඇපලෝ ක්‍රීඩ්ගෙ අවජාතක පුතෙකු වන ඇඩොනිස් ක්‍රීඩ්ගෙ සම්ප්‍රාප්තිය. ඇයි මං මෙතනදි අවජාතක කියන වචනය පාවිච්චි කලේ? ඇඩොනිස් ක්‍රීඩ් කොහොමද බොක්සින් ක්‍රීඩාවට යොමුවන්නෙ? ඇඩොනිස් ක්‍රීඩ් කොහොමද ෆිලඩෙල්ෆියාවෙ බොක්සිං පුරාවෘත්තය වෙන රොකී බල්බෝවාව හම්බවෙන්නෙ? රොකී බල්බෝවා කොහොමද තමන්ගේ ප්‍රධානම ප්‍රතිවාදියෙක් වෙච්ච ඇපලෝ ක්‍රීඩ්ගෙ පුතාගෙ පුහුණුකරුවා වෙන්නෙ? ක්‍රීඩ් කියන තාත්තගෙ වාසගම විතරක් අරගෙන ආපු පොඩි කොල්ලෙක් කොහොමද ඔහුගෙ ඇඟේ දුවන්නෙ බොක්සිං ලෝක ශූර ඇපලෝ ක්‍රීඩ්ගෙ රුධිරයම තමයි කියලා මුලු ලෝකෙටම ඔප්පු කරලා පෙන්නන්නෙ? මේ දේවල් දන්නෙ නැත්නම් ඔක්කොටම කලින් ගිහිල්ලා Creed (2015) චිත්‍රපටය නරඹලා ආවොත් හොඳයි.

Creed (2015) රිලීස් වෙලා හරියටම අවුරුද්දකට පස්සෙ ඒ කියන්නෙ 2016 ජනවාරි වෙනකොට රොකී රසිකයින්ට තවත් සුබ ආරංචියක් අසන්නට ලැබුණා. ඒ Creed සීකුවල් එකකට යන බවට එහි අධ්‍යක්ෂකතුමා Ryan Coogler විසින් මාධ්‍ය හමුවේ තහවුරු කරල ප්‍රකාශ කරල තිබුණ. කොහොම වුණත් කූග්ලර්ට වගේම ජෝඩන්ටත් හිතුව තරම් ඉක්මනට වැඩේට අත ගහන්න බැරි වුණා මොකද බ්ලැක් පැන්තර්හි රූගත කිරීම් ආරම්භ වීමත් එක්ක. ඒක නිසා චිත්‍රපටය ටිකක් පස්සට දාන්න වුණා. ඔහොම ඉතිං කාලයක් ගත වුණා. ක්‍රීඩ් වැඩ පැත්තකට දාලා කූග්ලර් පැන්තර් එක්ක හෙට්ටු වෙනකොට රොකී රසිකයො මේ ගැන ටිකක් හිටියෙ දුකින්. කොහොම වුණත් පස්සෙ ඉතිං සියල්ලන්ගේම බලාපොරොත්තු මල් පන ගන්වමින් අධ්‍යක්ෂකවරයා මාරු වෙලා කාරිය වෙලා අවසානයේදි Steven Caple Jr කියන නවක අධ්‍යක්ෂකවරයා විසින් වැඩේට අත ගහන්නට සූදානම් වෙනව.. ඔන්න ඉතිං තිර පිටපතේ වැඩත් අහවර වෙනවා. ඒ වෙන කවුරුත් නෙවේ විශිෂ්ට රංගන ශිල්පියෙකු මෙන්ම දක්ෂ තිර පිටපත් රචකයකුද වූ Sylvester Stallone අතින්.. තිර පිටපතේ වැඩ අවසන් වූ විගස අධ්‍යක්ෂකතුමා විසින් නිවේදනයක් කරමින් ප්‍රකාශ කළේ ඩ්‍රාගෝගේ චරිතය සඳහා සුපුරුදු පරිදි Lundgren පණ පොවන බවයි. ඔන්න ඉතිං අවසානයේ 2018 මාර්තු මාසයේදි පිල්ඩෙල්පියාවල Creed II රූගත කිරීම් ආරම්භ වෙලා පුරා මාස 4 ක මෙහෙයුමකින් අනතුරුව අවසානයේ ඔන්න 2018 නොවැම්බර් 21 වෙනිද Metro-Goldwyn-Mayer Pictures මූලිකත්වයෙන් ඇමරිකාවේදි මුල් වරට තිරගත වෙනවා.

රූගත කිරීම් අතරතුර

ඇමරිකානු ඩොලර් මිලියන 50ක බරපැන දරමින් නිපදවූ මෙම චිත්‍රපටය ලොව පුරා තිරගත වීමෙන් අනතුරුව මේ වන විට උපයා ඇති මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 211.1කි. ක්‍රීඩ් මුල් චිත්‍රපටයටත් වඩා ආදායම් අතින් සාර්ථක වෙලා තියනවා කියන්නට පුළුවන්. එක අතකින් මේක ඉතාමත් සතුටු වෙන්න පුළුවන් කාරණයක් මොකද 2018 වසරේ එළිදැක්වුණු නම් දැරූ ඉහල බලාපොරොත්තු තියාගෙන හිටි චිත්‍රපට පොකුරෙන් බාගෙට බාගයක් බොක්ස් ඔෆිස් ආදායම් අතින් අති අසාර්ථක වෙනකොට ක්‍රීඩ් නිහඬව සාර්ථක ගමනක් ගිහිං තියනවා.

රොකී බැල්බෝවාගෙ චරිතය රඟ දක්වන විශිෂ්ට රංඟන ශිල්පී Sylvester Stallone සහ ඇඩෝනිස් ක්‍රීඩ්ගේ චරිතයට පණ පොවන Michael B. Jordan ට අමතරව අයිවන් ඩ්‍රාගෝගෙ චරිතය වෙනුවෙන් Dolph Lundgrenද මීට අමතරව සුපුරුදු පරිදි Tessa Thompson,Wood Harris,Phylicia Rashād, Andre Ward රංඟනයෙන් දායක වන අතර කතාවට අලුතෙන්ම එක්වන ඩ්‍රාගෝගෙ පුත් වික්ටර් ඩ්‍රාගෝගේ චරිතයට පණ පොවන්නේ Florian Munteanu වේ.

ප්‍රේක්ෂක මනාප 42 282ක් ලබාගනිමින් 7.5ක ඉහළ IMDB අගයක් රඳවා ගැනීමට සමත්කම් දක්වා ඇති මෙම සලරුව මීට අමතරව කුණු තක්කාලි දර්ශකයේ 84% ප්‍රතිශතයක්ද Metacritic දර්ශකයේ 66%ක ප්‍රතිශතයක්ද Google පරිශීලකයින්ගෙන් 96%ක මනාපයක්ද ලබාගන්නට සමත්ව ඇත.

ඩැනී “ස්ටන්ට්මන්” වීලර් හම්මෝ නම ඇහුවමත් බය හිතෙනව!! කාටද එයත් එක්ක හැප්පිල දිනන්න පුළුවන්? දවසක් පොඩි හීන්දෑරි කොල්ලෙක් මෙයා පුහුණුවෙන තැනට එනව. ඇවිල්ල හෙනම කලබගෑනියක් කරනව. අන්තිමේදි මේක කෙළවර වෙන්නෙ එක බොක්සින් සටනකින්. ඔට්ටුව කොලුවගෙ වටිනාම වස්තුව එයාගෙ මස්ටෑන් කාර් එක. කොලුවගෙ බොක්සින් මේනියාවෙ තරම එච්චරයි. එදා එයා පරදිනව. පණ වගේ ආදරය කරපු මස්ටෑන් එකත් එයාට නැති වෙනවා. ඒත් කොලුව එතනින් නතර වෙන්නෙ දිගටම සටන් කරනව. අන්තිමේදි කොලුව කෙළවර වෙන්නෙ ලෝක හෙවිවේට් ශූරයා වීමේ හීනය පේන මානය දක්වාම ඇවිල්ලා. දෛවයේ සරදම කියන්නෙ අන්තිම සටන තියෙන්නෙ ඩැනී ස්ටන්ට්මන් වීලර්. අමතක නොවෙන කලින් ප්‍රතිවාදියා. කොලුවගෙ මස්ටෑන් එක එදත් ඔට්ටුවේ. හැබැයි මෙදා කොලුව දිනනව. ඒ තමයි ක්‍රීඩ්. ලෝක හෙවිවේට් ශූරයා. ඔන්න ඔහොමයි ක්‍රීඩ්ගෙ මුල්ම අඩව්ව පටං ගන්නෙ.

හරි එහෙනං කතාව ඔයාලට බාර කරල යන්නයි මේ සූදානම යන්න කලින් විශේෂයෙන්ම ස්තූති කරන්න ඕන කෙනෙක් ඉන්නව ඒ තමයි අපෙ සිසිල ප්‍රසාද් සහෝ.. මොකද එයා තමයි ලිපියෙ උඩ කෑල්ල සම්පූර්ණයෙන්ම ලියා දුන්නෙ.. ඒවගේම මට මේ පිලුම අරං දුන්නෙත් සිසිල සහෝම තමයි ඒකට එයාට නැවත වාරයක් ස්තූති කරන ගමං මං නවතිනවා.. ජය වේවා.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB/HD/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

26,096 downloadsDownload Creed-II-2018.zip232 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

26,096 downloadsDownload Subtitles232 KB

77 comments

  1. Radeon

    SUB EKATA THANX BN JAYA WEWA

  2. Samitha gayan

    තැන්කූ වේවා..

  3. gihan perera

    ස්තුතියි ගොඩක් සහෝ....බලන් හිටියේ මේක දානකන්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා.....

  4. Dhanukz dilz 253546

    Tnx bro

  5. tv malli

    tnx bn sub ekta

  6. Thar96

    thanks bro!!

  7. chandika1975

    thank you for the subtitle.

  8. thilz

    thank uuu

  9. IsuruF

    thankz bro

  10. lahiru sadaruvan

    thank you so much brother

  11. Sandunprabath1230

    Thanks සහෝ සබට..දෙනකන්ම හිටිය එකක්

  12. sashindramax

    මේ සබ් එකට ස්තූතියි සහෝ

  13. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  14. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata...
    Jaya wewa..!

  15. Asanka Nadishan

    thanks saho

  16. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxx

  17. Pradeepkumara

    Thanx sahooo

  18. Madurasenaverathnajalaking

    Creed කියන්නෙත් ඇත්තටම හිටපු ඩැල් එකක් ද ❤️❤️❤️

  19. Suresh Madhusanka

    බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  20. Anujaya chathuranga

    mekatanam link one wenawa

    1. Anujaya chathuranga

      mekata neme t 34 ekata

  21. Hemal

    thank you bro

  22. Hogy

    ADarei pelenna

  23. sldcgamer01

    Thnq ❤️

  24. Chamara Diaz

    Thnks...

  25. Kulanjana Maduranga

    subata thanks

  26. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  27. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්.....
    සබ් එක එනකම් බලන් හිටියේ මේකට...
    සුපිරි ෆිල්ම් series එකක්....

  28. Harsha shameera

    Tks... Bro sub eka enakn Balan hitye...

  29. Bobby

    Thank you very much

  30. Kanchaka

    Thanks bro

  31. Shamal manojan

    බොහොම ස්තූතියි උපසිරැසියට. Rocky ෆිල්ම් 4 ට ම සිංහල සබ් තියෙනවා බයිස්කෝප් ඒකේ. මේක නෑ. පුළුවන් නම් මෙකටත් සබ් දෙන්නකෝ.

    Rocky Balboa - 2006

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. JAPBOY

    thank you very much and keep it up.

  34. යුරාන් ධනුක (ධනූ)

    බොහෝම ස්තූතියි සහෝ...
    සබ් එක දෙනකන් බලන් හිටියෙ... ජය වේවා !!!

  35. gayan215

    bohoma sthuthi saho...

  36. Asankasoisa

    Thanks brother

  37. subodha

    Thanks

  38. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  39. Ashanherath

    sub ekata thanks mcn rocky 5.6 sub na neda ban e dekata sub eka dendako......

  40. Madura Lakshan

    Thanks sub ekata Good luck

  41. Ashen Weerasinghe

    thank you bro

  42. aks

    Thanks...

  43. kolitha

    Thanx bro...✌️

  44. Pasindu ukwatta

    thks

  45. ශසිත් සඳරුවන්

    සබට තුති කිව්වා.
    ඔන්න ගත්තා..
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  46. Box123456789

    Thanks bro

  47. Supun shanika

    බලාගෙන හිටියේ බ්‍රෝ සබ් එක එනකම් ස්තූතියි බ්‍රෝ ජයවේවා

  48. wcr

    Thank you!

  49. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    සුපිරිම ලිපියක් නෙව දීලා තියෙන්නේ.
    ජයෙන් ජයම වේවා!

  50. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය! බලා ‌ගෙන හිටපු ෆිල්ම් එකක්

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.