Watch Trailer

Infinitely Polar Bear (2014) with Sinhala Subtitles|පවුලක් එකට තියාගන්න මොනවද අවශ්‍ය වෙන්නෙ.. [සිංහල උපසිරසි සමඟ]

වැඩේ බාර අරගෙන ගොඩක් කල් ඒත් මේකට හොඳ උපසිරැසියක් වගේම හොඳ කොපියක් එන්න හුඟක් කල් ගියා. කොහොමින් කොහොමින් හරි අද අරගෙන ආවෙ කිසිම කම්මැලි කමක් නැතුව හිනා වෙවී බලන්න පුලුවන් හරිම ලස්සන කතාවක්. මේක ඇවිල්ල IMDb දර්ශකයේ කොමඩි හා නාට්‍ය ලෙස වර්ගීකරණය කරනු ලැබූ සිනමාපටයක්. 2015 ජූනි 19 වැනි දින ඇමරිකාවේදී…

Infinitely-Polar-Bear-(2014)

වැඩේ බාර අරගෙන ගොඩක් කල් ඒත් මේකට හොඳ උපසිරැසියක් වගේම හොඳ කොපියක් එන්න හුඟක් කල් ගියා. කොහොමින් කොහොමින් හරි අද අරගෙන ආවෙ කිසිම කම්මැලි කමක් නැතුව හිනා වෙවී බලන්න පුලුවන් හරිම ලස්සන කතාවක්. මේක ඇවිල්ල IMDb දර්ශකයේ කොමඩි හා නාට්‍ය ලෙස වර්ගීකරණය කරනු ලැබූ සිනමාපටයක්. 2015 ජූනි 19 වැනි දින ඇමරිකාවේදී තිරගත වීම ඇරඹි පැය 1යි මිනිත්තු 30ක් පුරා දිවෙන මෙම සිනමාපටය Monsters vs. Aliens (2009), Diary of a Wimpy Kid: Dog Days (2012) වැනි සිනමාපට අධ්‍යක්ෂණය කල සම්මාන ලාභී අධ්‍යක්ෂකවරියක් වන Maya Forbes නමැති අධ්‍යක්ෂකවරිය විසින් රචනා කර අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමාපටයක්. මෙම සිනමාපටය සිනමාපට සම්මාන උළෙලවල් 5කින් සම්මාන 2ක් හිමි කරගෙන ඇති අතර තවත් සම්මාන 3කට නිර්දේශ වී ඇත. මේ කතාව ප්‍රධාන චරිත 4ක් වටා ගෙතුනු කතාවක්. The Avengers (2012), Now You See Me (2013), Shutter Island (2010) වනි සිනමාපට වලට රංගනයෙන් ධායක වූ ඔස්කාර් සම්මාන ලාභී Mark Ruffalo (කැම් ස්ටුවර්ට්/තාත්තා)   ලෙසත් Avatar (2009), Guardians of the Galaxy (2014) වනි සිනමාපට වලට රංගනයෙන් ධායක වූ සම්මාන ලාභී රංගන ශිල්පිනී Zoe Saldana (මැගී ස්ටුවර්ට්/අම්මා) ලෙසත් ප්‍රධාන ළමා චරිත ලෙස Imogene Wolodarsky (ඇමීලියා ස්ටුවර්ට්) ලෙසත් Ashley Aufderheide (ෆේත් ස්ටුවර්ට්) ලෙසත් මෙහි ප්‍රධාන චරිත වලට රංගනයෙන් ධායක වනවා. ඒ වගේම Mark Ruffalo මෙම සිනමාපටය වෙනුවෙන් 2016 Golden Globes සිනමා සම්මාන උළෙලේ හොඳම ඉදිරිපත් කිරීමේ නළුවාගේ සම්මානයටත් Zoe Saldana මෙම සිනමාපටය වෙනුවෙන් 2016 Black Reel Awards සිනමා සම්මාන උළෙලේ කැපී පෙනෙන නිලියගේ සම්මානයටත් නිර්දේශ වී තිබෙනවා. තවද මෙම සිනමාපටය මේ වන විට IMDb දර්ශකයේ 7.0/10 වැනි ඉහල අගයක් වගේමRotten Tomatoes ප්‍රේක්ෂක ප්‍රතිචාර 81%ක් දිනාගන්නටත් සමත්වෙලා තියෙනවා.

උන්මාද අවපාතය නම් මානසික රෝගයෙන් පෙලෙන “කැම්”ට ඔහුගේ මෙම රෝගය නිසා රැකියාවෙන් ඉවත් වීමට සිද්ද වෙනවා. ඔහු රෝහල්ගත කල පසු ඇගේ බිරිඳ වන “මැගී” හට පවුලේ බර කරට ගැනීමට සිදු වෙනවා. ඔවුන්ගේ නිවස විකුණා බොස්ටන් නගරයට පැමිණෙන මැගී සහ දරුවන් දෙදෙනා කුඩා නිවසක ජීවත් වෙන්න පටන් ගන්නවා. මේ අතර “කැම්” ක්‍රමයෙන් සුවය ලබන අතර මැගී සහ දරුවන්ට ලොකු මුදල් අග හිඟ කමක් ඇතිවෙනවා. කැම් තරමක් සුව අතට පැමිණි බැවින් “මැගී” දරුවන් දෙදෙනාගේ වැඩ කටයුතු “කැම්ට” භාර දී හොඳ රැකියාවක් සොයා ගැනීමට අවශ්‍ය සුදුසු කම් සපුරා ගැනීමට ව්යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධිය හැදෑරීමට මාස 18කට නිව් යෝක් නගරය බලා පිටත් වෙනවා. මොකද “කැම්” සුව අතට පත් උනත් ඔහුට රැකියාවක් කිරීමට නොහැකි තත්වයක සිටින බැවින්. මේ අතර දරුවන් හා “කැම්” “මැගී” නොමැතිව ජීවත් වන ආකාරය වගේම “කැම්” තම බිරිඳව දිනාගැනීමට කරන දේවල්ද මේ පැය එකහමාර ඇතුලත ලස්සනට පෙලගස්වා තිබෙනවා. කතාව ඔක්කොම කිව්වොත් ඔයාලට බලන්න දෙයක් නැති වෙනවනෙ ඒ නිසා ඉතුරු ටික ඔයාලටම බලන්න කියල ආරාධනා කරනවා.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක්  😀  😀

 

Infinitely Polar Bear (2014)

 

 

691 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

15BFFE5FB53667615AAEE603DECAE718AAA27D2A

1.38 GB (BR) කොපිය මෙතනින් බාගන්න

8D7DB9FBDD5E23C59BEA7554DEEC76497D52C6D6 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,948 downloadsDownload Infinitely-Polar-Bear-2014-baiscopelk.zip104 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,948 downloadsDownload Subtitles104 KB

12 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks MALINGA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    subabama suba aluth awruddak wewa........

  2. Jack

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට...
    සුබ අලුත් අවුරුද්දක් වේවා.
    ජය..

  3. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Kaveesha

    Thnks saho sub ekata
    Hamotama suba aluth awuruddak wewa!!!!

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  6. සනත් ශ්‍රීමාල් පෙරේරා

    බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා සහෝට….

  7. Asiri

    වෙනස් විදියක ලස්සන කතාවක් තියෙන ෆිල්ම් එකක්.බොහොම ස්තූතියි සහෝ. ජය වේවා......

  8. ras

    Thank you...

  9. indika

    බොහෝම ස්තුතියි....

  10. hara

    torent link nam wada na sahoo
    thanx

  11. Sineth Gamachchige

    Patta lassana film ekak. Kaalekin thama me wage movie ekak dakinna kebenne.Eththama kiyana nam me sinamabpataya balanna lebeema mata nam wasanawak.
    Me film eka mama download karala mage lap eke gidak kal thibila eye thama beluwe.eththama kiwwoth deparak wunath balanna hithena lassan katawak.
    Kohoma namuth film eka hadapu aya nam ithama adaraneeya widihata me kathawabgoda nagala thiyenawa. Nalu niliuo tika pawa niyamata ragapanawa. Balan inna asayi. Mama samaanayen comment karanne nethi kenek. Me wage hithata wedunu kathawakata thama mama comment karanne.me comment eka kiyawana ona mankenek me film eka balanawa nam eka mata loku sathutak.
    Kohoma wunath mekata mahansi wela sab eka hadapu hasantha sahota sthuuthiya puda karanna ona.

  12. MAALnath

    Thanks ...................good luck ..................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.