ඉතින් කොහොමද කට්ටියටම, ඔන්න මේ පාර මං ඔයාලට අරන් ආවා 2020 වසරේ පෙබරවාරි මාසයේ නිකුත් උන අළුත්ම පෝලන්ත නිර්මාණයක්. මුළින්ම කියන්න ඕන මේක නම් Erotic චිත්‍රපටයක්. ඉතින් ඒ කියන්නෙ 18+ අයට තමයි මේක සුදුසු වෙන්නේ. මේ චිත්‍රපටයට නිර්මාණය කරල තියෙන්නෙ Blanka Lipińska නම් ලේඛිකාවගෙ “365 dni” නැමති වැඩිම අලෙ…

ඉතින් කොහොමද කට්ටියටම, ඔන්න මේ පාර මං ඔයාලට අරන් ආවා 2020 වසරේ පෙබරවාරි මාසයේ නිකුත් උන අළුත්ම පෝලන්ත නිර්මාණයක්. මුළින්ම කියන්න ඕන මේක නම් Erotic චිත්‍රපටයක්. ඉතින් ඒ කියන්නෙ 18+ අයට තමයි මේක සුදුසු වෙන්නේ. මේ චිත්‍රපටයට නිර්මාණය කරල තියෙන්නෙ Blanka Lipińska නම් ලේඛිකාවගෙ “365 dni” නැමති වැඩිම අලෙවියක් වාර්තා කළ නවකතාව ආශ්‍රයෙන්. චිත්‍රපටය සම්පූර්ණයෙන්ම රූපගත කරල තියෙන්නෙ පෝලන්තයේ සහ ඉතාලියේ සුන්දර ස්ථාන වල. මංගල දර්ශණය පැවැත්වූ සතියෙම මිලියනයකට අධික ප්‍රේක්ෂක පිරිසක් මෙය නැරඹුවයි කියල තමයි වාර්තා වෙන්නෙ. මං කතාව ගැන ටිකක් කියල ඉන්නම්කෝ එහෙනම්.
මැසිමෝ තමයි අපේ කතා නායකයා වෙන්නේ. මැසිමෝ කියන්නෙ සිසිලියානු මාෆියා පවුලක කඩවසම් තරුණයෙක්. ඉතින් මැර කල්ලියක් විසින් තම පියාව ඝාතණය කිරීමේ සිද්ධියෙන් පසුව ඔහුට සිද්ධ වෙනවා ඔවුන්ගේ ව්‍යාපාර ඔහු පාලනයට ගැනීමට. ලෝරා කියන්නෙ වෝර්සෝ වල තරු පංතියේ හෝටලයක විකුණුම් අධ්‍යක්ෂකවරියක්. ඇයට සාර්ථක වෘත්තීය ජීවිතයක් තිබුණද ඇයගේ පෞද්ගලික ජීවිතය හරිම නීරස ඒකාකාරී එකක්. ඉතින් ඇය තීරණය කරනවා ඇගේ පෙම්වතා වන මාටිං සහ තවත් යහළුවන් කීප දෙනෙකු සමග සිසිලියේ සංචාරයක් යාමට. ඉතින් මෙම සංචාරය අතරතුරේදී ඇයව මැසිමෝ විසින් පැහැර ගැනීමට ලක්වෙනවා. පසුව මැසිමෝ ඇයව රඳවා තබාගෙන ඔහු හා පෙමින් බැඳීමට ඇයට දින 365ක් ලබා දෙනවා… ඉතින් අවසානයේ ලෝරා, මැසිමෝ සමඟින් පෙමින් බැඳෙයිද? සුන්දර නිර්මාණයක්. කවුරුත් නොසිතන අවසානයක් සහිත මෙම චිත්‍රපටය රස විඳින්න කියල හැමෝටම ආරාධනා කරනවා.
Erotic | Drama යන කාණ්ඩ වලට අයත් වෙන මෙම චිත්‍රපටය පුරා පැයකුත් විනාඩි 54ක් දිව යනවා. ඒ වගේම Imdb දර්ශකයේ 3.6ක අගයක් සහ Google පරිශීලකයන් 83% මනාපයක් මේ සඳහා ලබා දී තිබෙනවා. රේටිං ගැන නම් හිතන්නම එපා. මොකද Erotic නිසා. මෙහි මැසිමෝගේ චරිතය සඳහා Michele Morrone සහ ලෝරාගේ චරිතය සඳහා Anna Maria Sieklucka යන අය චරිත නිරූපණයෙන් දාකය වෙලා තිබෙනවා. ඒ වගේම අධ්‍යක්ෂණ කටයුතු සිදු කරල තියෙන්නෙ Barbara Bialowas සහ Tomasz Mandes යන අය විසින්. මෙහි බෙදාහැරීම් කටයුතු Next Film සහ Netflix විසින් සිදු කර තිබෙනවා.
ඒ වගේම කියන්න ඕන මෙහි අසැබි වචන (Slang) සැළකිය යුතු ප්‍රමාණයක් ඇතුලත් වෙලා තියෙනවා. ඉතින් නිර්මාණයට හානියක් නොවෙන්න පෙලක් තැන් වලට ඒවගේ සැබෑ තේරුමම යොදන්න සිද්ධ උනා. තවත් දෙයක් මේකට හරියටම ගැළපෙන ඉංග්‍රීසි උපසිරැසියක් තාම වෙබ් එකේ හොයා ගන්න නෑ. මං හිතන්නෙ පෝලන්ත නිර්මාණයක් නිසා වෙන්නත් පුළුවන්, ඉංග්‍රීසි උච්චාරණයත් වෙනස් නිසා. වෙබ් එකේ තියෙන ඒවගේ තේරුමයි මේ චිත්‍රපටයේ යන දෙබසයි ගොඩක් වෙනස්. ඉතින් මට සිද්ධ උනා ගොඩක් තැන් වලදි සවන් දීල උපසිරසිය යොදන්න. පුළුවන් තරම් ඔයාලට නිර්මාණය රසවිඳින්න පුළුවන් ආකාරයෙන් උපසිරැසිය කළා.
හරි එහෙනම් මං ගිහිල්ල එන්නම්. නැවත උපසිරැසියකින් හමුවෙන තුරු හැමෝටම ජය. බුදු සරණයි!

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම WEB පිටපත් සඳහා අදාළ වේ.
41,355 downloadsDownload 365-Days-2020.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ලක්ෂාන්
Subtitles
29 comments
Sohan Jayasooriya
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Udara Damith Dissanayaka
නියමයි
Anonymous
thanks machan
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!
Achi
බොහොම ස්තුතියි සබ් එකට ආදරෙයි
suranuwan
thanks bro...
indika75
thanks..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Suranjan
Thanks jayawewa....!
Anonymous
සුපිරි පිලුමක්.........අවසානය එපා වෙන්වා... දුකායි........
Nilush Angana
Sub ekata thanx
Anonymous
thanks machan......
nimeshdesilva
thankx mcn, wechcha mahansiyata....
nuwan
godak thanwala sub ekana, durwala sub ekak, hadaganna kiyanne
nuwan
mula tika witharai aduwak thiyenne, anith tika hodai, good job ....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahangayantha
thanks a lot saho sub ekata
Lahiru Maduwantha
suba eka niyamai thank you
Prabuddha Gangodawila
Thanks bokka
Dewadithya
Thanks for sub!
Anonymous
තැන්ක්ස්
Rishantha
Thanks Brother
Lakshan
Thnks
Bimbisha
Film එක අවුලක් ම නෑ. හොඳයි!
සිංහල උපසිරැසිය ලබාදුන්නාට චානක ලක්ෂාන් සහෝටත් බයිස්කෝප් වෙබ් අඩවියටත් බෙහෙවින් ම ස්තූතියි!
ජයෙන් ජය!Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Nishan
Thanx bro
Pradeep
Thanks bro
Advertisement
![365 Days (2020) Aka 365 Dni Sinhala Subtitles | දින 365ක සරාගී පෙම..! [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/365-Days-2020.jpg)
ගොඩක් මහන්සි වෙලා තියෙනව සහෝ.. අහගෙන සබ් එකක් කරනවා කියන එක ලේසි නෑ.. ගොඩක්ම ස්තූතියි මහන්සි වෙලා කරපු මේ සබ් එකට.. තවත් සබ් දෙමු.. ජය වේවා