අපිට කවදාවත් තනිව ජීවත් වෙලා ඉන්න පුලුවන්ද? ටික දවසක් එහෙම පුලුවන් වුනත් ජීවිත කාලයම එහෙම ඉන්න පුලුවන්ද? අමාරුයි නේද? ඒත් විස්සක් තිහක් ඉන්න පවුලක් එක්ක ජීවත් වෙලා ඉන්න පුලුවන් නම් මොන තරම් අපූරුද?කොහොමට තියේවිද?ගෙදර එකම උත්සවයක් වගේ තියේවි. ඒ තමයි බ්‍රහ්මෝත්සවය. ඔන්න එහෙනම් තවත් තෙලුගු චිත්‍රපටයකට…

අපිට කවදාවත් තනිව ජීවත් වෙලා ඉන්න පුලුවන්ද? ටික දවසක් එහෙම පුලුවන් වුනත් ජීවිත කාලයම එහෙම ඉන්න පුලුවන්ද? අමාරුයි නේද? ඒත් විස්සක් තිහක් ඉන්න පවුලක් එක්ක ජීවත් වෙලා ඉන්න පුලුවන් නම් මොන තරම් අපූරුද?කොහොමට තියේවිද?ගෙදර එකම උත්සවයක් වගේ තියේවි. ඒ තමයි බ්‍රහ්මෝත්සවය.
ඔන්න එහෙනම් තවත් තෙලුගු චිත්‍රපටයකට උපසිරැසියක් අරන් ආවා. මේ චිත්‍රපටය පුරාවටම ඉස්මතු වෙන්නේ පවුලක් විදිහට ජීවත් වීමේ වැදගත්කම සහ පවුල විසිරී යාමට නොදී තබා ගැනීමට දරන උත්සහය ගැනයි. 2016 මැයි මාසේ නිකුත් වුන මේ චිත්‍රපටය Srikanth Addala ගේ අධ්‍යක්ෂණයක්. Prasad V. Potluri සහ Mahesh Babuගේ නිෂ්පාදනයක්. ප්‍රධාන චරිත වලට දායකත්වය දක්වන්නේ මහේශ් බාබු, කාජල් අගර්වාල් සහ සමන්තා විසින්.
කතාව
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන අජේ කියන්නේ විශාල පවුලක සාමාජිකයෙක්. සත්‍යරාජ් නැත්නම් අජේගේ තාත්තා තමයි මේ පවුලේ ප්‍රධානියා. මෙයාව ලඟින්ම ආශ්‍රය කරපු කෙනා තමයි අජේගේ මාමා. කොච්චර ලඟින් ආශ්‍රය කරත්, මෙයාට වැඩි සැළකිල්ලක් නැති නිසා එයා ඉන්නේ ටිකක් කනස්සල්ලෙන්. කොහොම හරි දේපළ අයිති කරගන්න හිතාගෙන එයාගේ දුවව අජේට බන්දලා දෙන්නයි මෙයාගේ අදහස තිබ්බේ. ඒත් හදිස්සියේම සත්‍යරාජ්ගේ යාලුවෙක්ගේ දුවෙක් පිට රට ඉඳන් එනවා මෙහේ නවතින්න. ඒ තමයි කාසි. දැන් ඉතින් තේරෙනවා ඇතිනේ සිද්දිය. ඔතනින් තමයි මේ පවුලේ ලොකු දෙදරා වැටීමක් සිද්ද වෙන්නේ. ඔය මම කිව්වේ කතාවේ මුල් ටික. මැදකදී මේකට තවත් කෙනෙක් එකතු වෙනවා. ඔය විදිහට කඩාවැටීමේ ලකුණු පහළවෙන මේ පවුල රැක ගැනීමට දරන උත්සාහය වටා තමයි මේ කතාව ගලාගෙන යන්නේ.
පසු සටහන
මම ගෙනාපු Nenu Local චිත්‍රපටයට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බා. දිගටම තෙළිගු චිත්‍රපට වලට උපසිරැසි අරන් එන්න තමයි කල්පනාව තියෙන්නේ. ඒ වගේම Dil Se එකටත් හොඳ ප්‍රතිචාර තිබ්බ නිසා අසූව අනූව දශකයේ පැරණි හින්දි චිත්‍රපට වලටත් ඉඩ ලැබෙන විදිහට උපසිරැසි අරන් එන්නම්.
මේ චිත්‍රපටය කරන්න කියලා මට බාර දුන්නේ සිසිල ප්‍රසාද් සහෝදරයා. මාත් ඉතින් දවසෙන් දෙකෙන් කරලා දාන්නම් කියලා බාරගත්තා. ඉංග්‍රීසි සබ් එක ගත්තට පස්සේ තමයි තේරුණේ ඒක ගොඩක් අඩුපාඩු තියන උපසිරැසියක් කියලා. තෙළිගු ටිකක් දන්න නිසා තේරුණා සමහර තැන් වල කියන එක නෙවෙයි උපසිරැසියේ තියෙන්නේ කියලා. කොහොම හරි ඒවත් හදාගෙන කරපු නිසා මේක ගේන්න නම් ටික කාලයක් ගියා. ඒත් පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්. හොඳ උපසිරැසියක් ආවොත් අප්ඩේට් එකක් දාන්නම්.
පටන්ගත්ත වෙලේ ඉඳන් ක්‍රියාදාම තියන චිත්‍රපටයක් නම් නෙවෙයි. ඒ වගේ චිත්‍රපටි හොයන අයට නම් මේක ගැළපෙන්නේ නෑ. එකම එක සටන් ජවනිකාවයි තියෙන්නේ. මේක සම්ප්‍රධායෙන් බැහැර වුනු චිත්‍රපටියක්. ඒ නිසා වෙනස් චිත්‍රපටි බලන්න කැමති අයට තමයි මේක හරියන්නේ. මොකටත් පූර්ව ප්‍රචාරක පටය බලලම ඉන්නකෝ.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
14,094 downloadsDownload Brahmotsavam-2016.zip125 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/fb-e1442892712231.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශසිත් සඳරුවන් (සඳේ)
Subtitles
23 comments
Nimesh Dinuranga
තරිඳු රසාංග
බොහොම ස්තුතියි සහෝ උපසිරැසිය ට.
ඉස්සරහටත් මේ වගේ ෆිලුම් වලට සබ් දෙමු!ජය!!Shehan prathapasinghe
elakiri machan jaya
Malan Madhushan
thankz machooooo, jaya wewaaa,,,
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
sam
Arjun reddy telugu film 1tath sub 1 dynko bn...sub 1ta thanks..
නවින් නිසල්
උපසිරසියට තුති... :) :)
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Priyanka
torrent link ekakuda comment ekaka dapallako kauru hari
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Priyanka
good job bro
Sachinth
Nithinge lie kiyana film akatath puluwan nam sub dennako ikmanata
thenura
please help kohomada meka download karanne
nowty
Ajith kumarge film 62k tiyenawa sinhala sub nathi nisa balala naha plz puluwannam ajith kumar, salmn khan,sharukkhan me ayage parana film walata sub denna
SUPUN KAVINDA
Sub akata thanks bro...
Tharaka Lahiru
tnq
Tharanga
Thanx bro
Gayan
Thank's
Amalka Himeshan
Sub ekata thanks machan smantha innavanam ona eka aniva banava ;)
rangika Kariyawasam
Thanks sub ekata saho..
Amal
Thanks for the Subtitles .....!!
Sanjaya Abeysundara
thnks bro!!
Advertisement

ඔන්න මම sub එක බෑව../////ප්‍රෙමම් 2017 telugu movie එකට sub එකක් දෙන්ඩ..