ඔස්කාර් සම්මාන සහ Golden Globe යන සම්මාන වලින් පුදන ලැබූ ලොව ලස්සනම හොලිවුඩ් කාන්තාවන් අතර තාමත් බැබලෙන, ඇමරිකාව තුල සිටින ප්‍රසිද්ධම කාන්තාවන් 11 දෙනා අතර සිටින Julia Roberts ප්‍රධාන රංගනයෙන් දායක වෙන ලස්සන, ඒ වගේම ටිකක් අමුතු, නාට්‍යමය පැත්තට බර බයිස්කෝප් එකක් තමයි අද අරගෙන ආවෙ. මේ චිත්‍රපටය ලොවප…

ඔස්කාර් සම්මාන සහ Golden Globe යන සම්මාන වලින් පුදන ලැබූ ලොව ලස්සනම හොලිවුඩ් කාන්තාවන් අතර තාමත් බැබලෙන, ඇමරිකාව තුල සිටින ප්‍රසිද්ධම කාන්තාවන් 11 දෙනා අතර සිටින Julia Roberts ප්‍රධාන රංගනයෙන් දායක වෙන ලස්සන, ඒ වගේම ටිකක් අමුතු, නාට්‍යමය පැත්තට බර බයිස්කෝප් එකක් තමයි අද අරගෙන ආවෙ. මේ චිත්‍රපටය ලොවපුරා තිරගතවීම් ආරම්භ කරනු ලැබුවෙ 2010 යේ අගෝස්තු මාසෙදි. ආදායම අතින් ගත්කල සාර්ථක චිත්‍රපටයක්. ඒ වගේම එකදිගට හොඳින් රසවින්දනය කරන්න පුලුවන් චිත්‍රපටයක්. විශේෂත්වය වෙන්නෙ මෙම චිත්‍රපටය ඇමරිකාව, ඉතාලිය , ඉන්දුනීසියාව, සහ ඉන්දියාව තුල රූපගත කර තිබීම. ඉතාලිය සහ ඉන්දුනීසියාවෙ දර්ශන නම් හරිම ලස්සනයි. ඒ වෙලාවෙ එහෙට යන්න හිතෙනවා.
කතාව වෙන්නෙ, Liz Gilbert ( Julia Roberts ) කියන්නෙ ලෝකෙ රටවල් තුල සංචාරය කර ඒ පිලිබඳව පොත් ලියන කෙනෙක්. ඇය එක් වරක් ඉන්දුනීසියාවට ගිය විටක, ඇයට පේන කියන්නෙකුගෙන් අහන්න ලැබෙන්නෙ ටිකක් අමුතු දෙයක් ඇගේ අනාගත ජීවිතය පිලිබඳවා. ඒ වගේම Liz ගේ ජීවිතය, පවුල් ජීවිතය අවුල් වෙනවා, ඇය තම සැමියාගෙන් දික්කසාද වෙනවා. ඇයට ජීවිතය ලොකු බරක් වෙනවා. ඒ එක්කම තමයි ඇය ඉතාලියට ගොස් ඊට පසු ඉන්දියාවෙ ආශ්‍රමයක් තුල භාවනා කිරීමට පටන් ගන්නෙ , මේ රටවල් දෙකේ කතාව ගලාගෙන යන හැටි හරිම අපූරුයි. විශේෂයෙන් ඉතාලියේ සංස්කෘතිය වගේ දේවල් මනාව පිලිබිඹු වෙනවා. අවසානයේ ඇය නැවතත් ඉන්දුනීසියාවට පැමිනෙනවා. එහිදී ඇගේ ජීවිතය සම්පූර්න වෙනස් වෙනවා. ඒ වෙනස මොකද්ද කියලා දැනගන්න චිත්‍රපටය බලන්නම වෙනවා.
මෙම චිත්‍රපටය Elizabeth Gilbert ගේ Eat, Pray, Love කියන නවකතා පොත අනුසාරයෙන් නිපඳවනු ලැබූ චිත්‍රපටයක්. මමනම් පොත් කියවලා නෑ. නමුත් අපේ හිතවත් බ්ලොග් කරු බින්කුගේ අදහසට අනුවනම් මේ පොතත් හරිම ලස්සනයි. පොත ගැන පොඩි විස්තරයක් බින්කු සහෝදරයා විසින් කමෙන්ටුවක් තුල ඉඳිරිපත් කරයි.
ලිපිය – දිනුෂ්ක උදාර (රොකියා)

36 comments
sameya
kasun
onna man ada 2nd .math film eka banwa.elakiri.
chamath
hmmmmmm adara kathawak neda ela ela kamak na onna saho math banna damma.ela thankssssssssss :D
chamila
♦ Shrek Forever After (2010)
♦ Resident Evil Afterlife (2010)
Mewa nam epa...... :(*ලසන්ත*
wowwwwwwwwww
අමල් ප්‍රසාද් සමරවීර
mewata nam mama wediya asath nehe :( eth kamak nehe... onna ohe bamukooooo.. thnxxxx rokiya!!
Dinushka Udara | රොකියා
@ chamila ; අපි ඉතින් හැමදාම කියනවා වගේ, හොඳ දේ ලබා ගන්න නම් ටිකක් ඉවසලා ඉන්න වෙනවා දැක්ක්කනෙ දකුණු පැත්තෙ දාලා තියෙන උපසිරසිත් එක්ක දෙන්න තියෙන ලිස්ට් එක, ඔබ ඔය ඉල්ලලා තියෙන චිත්‍රපට දෙකම ඒ ලැයිස්තුවෙ තියෙනවා. ඉතින් පොඩ්ඩක් ඉවසලා ඉන්න , Shrek Forever After (2010)එකනම් ෆා සහෝදරියගෙන් නොබෝ දිනයකදී ලැබෙයි. ඉවසලා ඉන්නා. දන්නවනේ හොඳමදේ බයිස්කෝප් සිංහලෙන් තුලින්ම විතරයි !
Udaya
maxxa . mama meka kalin bewa. ela....
බින්කු
මුලදී මම අනුමානය කරේ මේක එක්තරා විදියේ තවත් යෞවන ගැණු ළමයි කියවන තවත් නව කතාවක් ලෙස, නමුත් චිත්‍රපටිය එලි දක්වන්න කලින් පත්තරයක දමා තිබුණු විස්තර නිසා නංගිගෙන් ඉල්ලාගෙන කියෙව්වා. මැදට වෙන්නට මට තේරුනේ මේක නිකම් තාවකට වඩා විවාහය සහ කාන්තාවන්ගේ හිත වල දැනෙන හැඟීම් සහ කරදර වීම් ගැන කියවෙන කතාවක් බවත් පසුව ඒ ඒ අයගේ හිත වල දැනෙන කාන්සිය, සහ වැරදීම් තුලින් දැනෙන පාපොචණය වලින් නිදහසක් හොයන්න තැත් කරන හැටි කියවෙන බවයි. ඇත්තෙන්ම මේ පොත සම්මාන වලට පත්‍ර වෙන්නට එක හේතුවක් වෙන්න ඇති.
කවදත් වගේ චිත්‍රපටියට වඩා පොත හොඳ බවයි මට දැනෙන්නේ, චිත්‍රපටියට වඩා ගැඹුරු බැඳීමක් david Piccolo එක්කත් Andy Shiraz එක්ක අධ්‍යාත්මක සහ සමීප බැදීමක් ඇති වෙනවා වගේම ඉන්දියාවේදී Liz ඉඳගෙන ගන්න සහ Ketut කියන අවවාද ගොඩාක් වැදගත් වගේම ලස්සනය විස්තර කරලා තියෙනවා නමුත් චිත්‍රපටියට එක ගොඩ ගන්න අමාරු නිසා හෝ දිග ගැස්සෙන නිසා වෙනස්කම් කරලා තියෙනවා රසවින්දනයට බාධා නොවෙන්නට.
පොත් කියවන්නත් ආස අයට මම මේ පොතත් වරක් හෝ කියවන්න කියල අනුමත කරනවා, චිත්‍රපටිය බලල හෝ ඊට පසුවත් කමක් නෑ.
mewi
julia roberts ge film walata man hari asai..ea nisa meka aniwaryen baami.. thank u saho..
chamath
ela ela binku saho meka gana podak wsthara karata.ela math me baganna gaman.thawa tikai thiyenne.ela ballama coment karanamko nd thanks rokiya.ela wadak
වා.මු. නිලන්ත පියසිරි
මාත් මේක බාගෙන ඉන්නේ, වෙලාවක් එනතුරු බලන්න. කොහෙද මේ වැඩ නොවැ, ඉමක් කොනක් නැතිව. කෙසේ වෙතුදු විස්තරයට පිං.
chamath
rokiya saho Action Replayy menna me film ekath patta saho.mekath puluwanam danna.hindi film ekaka aniwa danna saho
chanaka
mama wediya drama films walata kemathi ne
meka tikak wenas wage
nkamata wage bala balanna ona
thanksDinesh
thank you!!!
Kavinda Rulz
bami
Supun
Kanthawange sithuwili terum ganna meka balalawath puluwan weida manda :-) isthuthi wewa
Ruwan
thnxs bro..........
AL1717
Thanks Wewa Balamu. Balama.
Jaya Wewaaa!!
Akalanka Yapa
elakiri
thanxUraj Deemantha
වාර්තාමය වගේ එකක්ද...?? කම්මැලි එකක් වෙයිද...?? කෝකටත් 340 MB කොපි එක බාලා බලනවා ... :D
dasun
anewa balanna onaJulia Roberts ne. akanemai dan Julia Roberts kochara wasak wethara adda danna kae edala ragapanawa ne.
ashan kandy
ane mekath ba ba wage :(
Nilanka
godak film gatta balanna velavak na . velavak avama okkoma balaanwa . mekath gannam
Ishara
How was the 340mb file? Shape quality ekakda?
Ishara
340mb is a little dark and looks crappy. But better than a CAM copy.
wachala
mama num me film ekata asa na.
baiscope eke thiyena gonma film eka.අසංක
මගේ වැඩෙත් දාන දාන ඹක්කොම බාන එකනෙ. 1.36GB නම් වැඩි තමා කමක්නැ ඔස්කාර් සම්මාන ලැබුන එකක්නේ එක නිසා බාලම බලනව
Ramraj
ම්හ්....බලමු.
ajantha
matath banna onnnnnaaaaa....
Sujja
beewemi..
sam
mekata sinhala sub denna koo... plzz.....
Rukshan Hanry
mama asa me wage ewata... eka hinda aniwa banawa..
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)Naween
තෑන්ක්ස් සහෝ.
dilanka
meke sinhala sub eka kawadada denne?
Advertisement
mama ada 1ka mamath banawa thanks saho......