Watch Trailer

Eko (2025) Sinhala Subtitles | ජීවිතාන්තය දක්වා සිර දඬුවම [සිංහල උපසිරැසි]

Eko (2025 Sinhala Subtitless ආයුබෝවන්, 2026ත් උදා උනා. ඔබ සැමට සුබ නව වසරක්. මෙන්න එහෙනම් අළුත් අවුරුද්දෙ ඉතා සිසිල් පරිසරයක ඉතා උණුසුම් මලයාලි චිත්‍රපටයක්. අපි පුරුදු වෙලා ඉන්නෙ චිත්‍රපටියක නලු නිළි ලැයිස්තුව බලල අපි කැමති නළුවෙක් හරි නිළියක් ඉන්නව නම් විතරක් ඒක බලන්න. එහෙම බලනව මේක මිස් වෙනවා. මො…

Eko (2025 Sinhala Subtitless

ආයුබෝවන්, 2026ත් උදා උනා. ඔබ සැමට සුබ නව වසරක්. මෙන්න එහෙනම් අළුත් අවුරුද්දෙ ඉතා සිසිල් පරිසරයක ඉතා උණුසුම් මලයාලි චිත්‍රපටයක්. අපි පුරුදු වෙලා ඉන්නෙ චිත්‍රපටියක නලු නිළි ලැයිස්තුව බලල අපි කැමති නළුවෙක් හරි නිළියක් ඉන්නව නම් විතරක් ඒක බලන්න. එහෙම බලනව මේක මිස් වෙනවා. මොකකද මේකෙ නළු නිළි ලැයිස්තුවෙ එහෙම ලොකු ලොකු නම් නෑ. ඒ උනාට රේටිං බැළුවම සහ කෝටි පහක බජට් එකකින් කෝටි 50ක් ඉක්මවල ආදායමක් හෙව්වම හිතා ගන්න පුළුවන් මේකෙ තත්වය. ඇත්තෙන්ම මේ වසරෙ එළියට ආපු දෑවැන්ත මලයාලි චිත්‍රපට එක්ක මෙවර සම්මාන උළෙලවල් වලදි ලොකු සටනක් මේක දෙනව කියන එක නම් විශ්වාසයි.

මේක අධ්‍යක්ෂණය කරන්නෙ කක්ෂී අම්මිනිපිල්ලේ, කිසිකින්ද කාන්දම් කියන ජනප්‍රිය චිත්‍රපට දෙක අධ්‍යක්ෂනය කල ඩින්ජිත් අයියදන්. සන්දීප් ප්‍රදීප්. බියානා මොමින්, සවුරබ් සච්දේවා, අශෝකන්, බිනු පාප්පු වැනි නළු නිළියන් තමයි මේකෙ රඟපාන්නෙ.

රමණීය ඉඩුක්කි කඳුකරයෙ මීදුමින් වැසුනු පරිසරයක තමයි මේ කතාව කැමරා ගත වෙන්නෙ. ටිකක් එල වීසා පුන්චිරාත් මතක් වෙනවා. ඒත් ඊටත් එහා ගිය අති සුන්දර පරිසරයක තමයි මේ කතාව දුවන්නෙ. සුනඛයන් පුහූණු කරන්නෙකු වෙන එක් පුද්ලයෙකුගේ අභිරහස් අතුරුදහන් වීම සහ ඔහු සෙවීමේ ක්‍රියා මාර්ග තමයි මෙහි තියෙන්නෙ. විටින් විට අපිව එහාට මෙහාට ගෙනිය්මින් කුතුහලයෙන් පුරවල අන්තිම මොහොතෙ තමයි උස්සල පොලවෙ ගහන්නෙ. ඒ නිසා මීට වඩා කියන්නෙ නෑ. බලලම ඉන්න. බලන්නම ඕනෙ එකක්.

එහෙනම් නැවත හමු වෙමු. ආයුබෝවන්

Eko (2025) Sinhala Subtitless

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP  පිටපත් සඳහා පමණක් වලංගු වේ.

4,442 downloadsDownload Eko-2025.zip50 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Eko (2025) Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

4,442 downloadsDownload Subtitles50 KB

3 comments

  1. රංගික සිනෙත් කාරියවසම්

    බොහොම ස්තුතියි බන්දුල සහෝ.සුපිරියක්.ජය

  2. Buddhika laKMal

    ස්තූතිය බන්දුල සහෝ සබ්එකට

  3. Tharidu Sagara Sadalu

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.