Watch Trailer

Ender’s Game (2013) Sinhala Subtitles | හොඳම බලාපොරොත්තුව… [සිංහල උපසිරසි සමඟ]

වසර 50කට පෙර, ෆෝමික්ස් නම් පිටසක්වළ හමුදාවක් විසින් පෘථිවියට ප්‍රහාරයක් එල්ල කලා. ඒ හේතුවෙන් අහිංසකයින් මිලියන දහයක් පමණ මිය ගියා. පෘථිවියේ මිනිසුන් හා ෆෝමික්ස් වරුන් අතර ඇති වූ යුද්ධයේ දී අපේ මහා සෙන්පතියා වූ මේසර් රැකම්ගේ දක්ෂ කම හා පරිත්‍යාගය හේතුවෙන් පෘථිවි වාසීන් සමූලඝාතනය වීමෙන් වැළකුනා. එදින…

Ender's Game - 2013වසර 50කට පෙර, ෆෝමික්ස් නම් පිටසක්වළ හමුදාවක් විසින් පෘථිවියට ප්‍රහාරයක් එල්ල කලා. ඒ හේතුවෙන් අහිංසකයින් මිලියන දහයක් පමණ මිය ගියා. පෘථිවියේ මිනිසුන් හා ෆෝමික්ස් වරුන් අතර ඇති වූ යුද්ධයේ දී අපේ මහා සෙන්පතියා වූ මේසර් රැකම්ගේ දක්ෂ කම හා පරිත්‍යාගය හේතුවෙන් පෘථිවි වාසීන් සමූලඝාතනය වීමෙන් වැළකුනා. එදින සිට ෆෝමික්ස්වරුන්ගේ නැවත පැමිණීම කෙරෙහි අපි ඉතා හොඳින් සූදානම් උනා. එහිදී ජාත්‍යන්තර බළඇණිය තේරුම් ගත්තා ලෝකයේ සිටින දක්ෂතම ළමයින් තමයි පෘථිවියේ හොඳම බලාපොරොත්තුව කියලා. ඔවුන් එම ළමයින්ව තෝරගෙන බළඇණියට බඳව ගත්තා. එම ළමයින් යුධ-ක්‍රීඩා කරමින් හැදී වැඩුණා, ඔවුන්ගේ තීරණ සහජ ඥානයෙන් ගත් තීරණාත්මක හා නිර්භය ඒවා උනා.

මගේ නම එන්ඩර් විගින්. මමත් එසේ බඳවා ගත් ළමයින්ගෙන් කෙනෙක්. අනිත් ළමයින්ගේ නැති විශේෂත්වයක් අපේ සෙන්පති තුමා මා තුලින් නිතරම දකිනවා. මගෙන් සිදු වන ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් පවා ඔහු දකින්නේ වෙනස් ම ආකාරයකටයි. මගේ සෙන්පති තුමා බලාපොරොත්තු‍ වෙන්නේ මමත් මේසර් රැකම් මෙන් අපේ පෘථිවි වාසීන්ව පිටසක්වල ආක්‍රමණයෙන් ගලවා ගන්නා වීරයෙකු වනු ඇති කියායි. මේ මගේ කතාවයි.

ඔන්න යාළුවනේ ඔයාලට තවත් සුපිරි බොක්ස් ඔෆිස් වාර්තාවක් තැබූ ක්‍රියාදාම හා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයිති සුපිරි සළරුවකට සිංහල උපසිරැසි යොදලම අරගෙන ආවා. IMDb වෙබ් අඩවියේ 7.2/10ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ සිනමා නිර්මාණය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතරින් 33 වෙනියට රැඳී සිටීමට තරම් සුපිරි චිත්‍රපටියක්. 2013 නොවැම්බර් පලවෙනිදා ඇමරිකාවේ තිරගත වීම ඇරඹුණ මේ සළරුව ආරම්භක සතියේ විතරක් ඩොලර් මිලියන 27කට අධික ආදායමක් ලබන්නත් සමත් වෙලා තියෙනවා.

ඉතින් යාළුවනේ.. මේසර් රැකම් කියන්නෙ කවුද? ඔහු කොහොමද ෆෝමික් වරුන්ගෙ ආක්‍රමණයෙන් පෘථිවිය බේරගන්නේ? ජාත්‍යන්තර බලඇණියට බඳවා ගන්නා ළමයින්ව කොහොමද ඔවුන් සටනට පුරුදු කරන්නේ? යුධ ක්‍රීඩා කිරීම මගින් මේ ළමයින්ව ඇත්තම යුද්ධයකට මුහුණ දෙන්න ඔවුන්‍ව සකසන්නෙ කොහොමද? එන්ඩර් විගින් අනිත් හැම ළමයටම වඩා විශේෂ වන්නෙ ඇයි? ෆෝමික් වරු තවත් වරක් පෘථිවිය ආක්‍රමණය කරාවිද? මෙවරත් ඔවුන්ව පෘථිවි වාසීන් විසින් පරාජය කරාවිද? කියලා කතාව බලලම දැනගන්න යාළුවනේ.

මේ දැනට දීලා තියන ටොරන්ට් වල වීඩියෝ එකේ කොරියන් හාර්ඩ් සබ් (Hard-coded Korean subs) තියනවා. නමුත් ඒක ෆිල්ම් එක බලන්නට බාධාවක් නොවෙයි. එහෙම බලන්න කැමති අය විතරක් දැනට බෑවට කමක් නෑ (වීඩියෝ තත්වය ඉතාමත්ම හොද තත්වයක පවතිනවා). හොඳ කොපියක් ආවම කොහොමත් අප්ඩේට් එකක් දෙනවනේ බයිස්කෝප් කණ්ඩායම.

හැමෝටම ජය වේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

10,143 downloadsDownload Enders-Game-2013.BR_.zip227 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

10,143 downloadsDownload Subtitles227 KB

94 comments

  1. ගයාන් රූකාන්ත

    ජය වේවා සහෝ ඔන්න ගත්තා එනකන් බලන් හිටපු බයිස්කෝප් එකක්

    1. ගයාන් රූකාන්ත

      ඔන්න කාලෙකට පස්සේ මන් පළවෙනිය වෙලෝ

    2. nirmal

      mata tawama palaweniya wenna beri unane.... :(

  2. sajith

    හහ් හහ් හාහාහා... මන් දෙකද...

  3. sajith

    මේක බලන්න හරිම ආසාවෙන් හිටියේ.. ස්තුතියි මචෝ...

  4. Aditha Praween

    එළකිරි සහෝ
    ඔන්න මාත් බානවෝ
    බොහොම ස්තුතියි

  5. දර්ශන හර්ෂ කුමාර

    එලකිරි සහෝ දෙනකම් උන්නේ....සබට ජය :P

  6. tharanga

    පට්ට මචං

  7. chamath cafe

    බොහොම ස්තුතියි

  8. quik

    thankssss

  9. asiri

    bohoma thuthi!!!

  10. isuru

    maxxxa :) maaxxxxaa :)

  11. rusuru | රුසිරු

    බොහොම තුති සහෝ :)

  12. jana

    බොහොම පින් සහෝ

  13. udara

    thanks bro

  14. නලින්

    අඩේ අප්පා දිනිදු අයියා! කොහොමත් මෙක එනකම් තමයි අප්පා පුල පුලා බලා හිටියා.

    ස්තුතියි කොරන්ඩ වචනත් නැහැ නොවැ..

    මෙවගේ එකක් බිඩියකින්ම බලන එක තමයි නුවනට හුරු ඕං! :D

    ජය වේවා !

  15. හර්ෂ ලහිරු

    නියමයි සහො මේක ආපු ගමන්ම බෑවා
    ස්තුතියි සබ් එකට :P :P

  16. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අඩේ ඔන්න දිනිදු අංකල් පට්ට ෆිල්ම් එකක් ගෙනත්, මගේ එක ජාතියක ෆිල්ම් එකක්, මේකා මේ දවස් වල හිටු කියලා දෙනවා නේ..සීයා කෙනෙක් වෙන්න නේ යන්නේ ළඟදීම නේ...
    එල එල...සීයා කෙනෙක් වෙද්දී තෝර් දී ගන්න හැකි වෙයි මෙහෙම ගියොත්...මමනම් හොද එකක් එනකම් ඉන්නවා හොදේ..
    ජය වේවා...

  17. f_live

    නියමයි සහෝ

  18. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  19. සංක

    සබ් එකට ගොඩක් ස්තූතියි.

  20. harsha

    bohoma pin saho

  21. jack

    එල එල මචෝ. පට්ට මුවීයක්

  22. mihin ලංකා

    සුපිරි මචෝ

  23. was

    නියමයි බාන්න ඕනේ දැන්ම

    ජය!

  24. Amila

    මැක්සා කොල්ලා

  25. chami

    thxxxxxx

  26. දමිත් තරංග රත්නායක

    නියමයි සහෝ...ඔන්න අපිත් ගත්තා..පින්

  27. kalinga

    බොහොම පින්

  28. tharindu

    Meka denakann unnee sahoo...thanks sahoo sub ekatahh...onna ehenamm bagaththaa...

  29. “චූටී මල්ලි”

    එලස්
    මාත් ඉන්නවා Brrip එනකම්
    තව තවත් හොද එව්වට සබ් කරමු සහෝ
    සබට තුති
    ඔබට ජය..............

  30. me

    Thanks

  31. pathum

    ජය වේවා!!!

  32. wow

    wow,,, maru :D

  33. Lakmal

    ela macho onna apit gatta

  34. Isuru

    thanx

  35. nalinda

    thanks bro

  36. bee

    patta patta ela

  37. kani

    pin sidda wenna one me film eka nam dunnata Dinidu saho..
    mama sehenna balagena hitiya meka balanna..
    tnx...
    digatama sub denna..
    Good Luck..

  38. tikiri

    dinidu machan niyamai..ada saturday full fun ekak ganna puluwan

  39. indika

    thnq

  40. Ashan ravihansa

    macho sub ekata goadak thankz kalakata passe supiri ekak balanava.on...........

  41. Ashan ravihansa

    macho 750mb eke sub eka mach venne nane poddek balala updet karanavada

    1. දිනිඳු සම්පත්

      මම බලන්නම් මචං. jet audio වගේ එකකින් බලනවනම් සබ් එකේ ටයිමින් ඇජෙස්ට් කරගෙන බලන්න පුළුවන්.

    2. Ashan ravihansa

      K macho try ekak dila balannamko

  42. danushka

    bohoma sthuthi saho,,jaya wewa!!!

  43. Sanjaya

    ela Ela saho....Thanxxxxx

  44. prasanna

    thanks

  45. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි මේක එනකම් තමයි උන්නේ,බලමු සබ් කියවන්න හැකිනම් කරදරයක් නැතුව මේ කොපිය තියා ගන්නවා,නැත්නම් මකල හොඳ එකක් එනකම් ඉන්නව,ජයවේවා.

  46. ඇඩ්මින්

    750 MB (HDRip) කොපියට ගැලපෙන විදියට සබ් එක නිවැරදි කලා.

    1. Ashan ravihansa

      godak thnkz bro loku sevayak karanne ekata thankz karanda vashnath na mata ........

  47. eagle

    mata bdyak naddoooooooooooooooooo

    1. eagle

      nice work sahoooooooooooo

  48. Yashoda Hemal

    Thank u bohoma pin :D
    idiriyatath sub denna shakthiya dairya labewa siyaluma denata

  49. ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි මචෝ.....

  50. Shaggy

    මෙක නම් පට්ටම ෆිල්ම් එකක්. ආරම්භයේ සිට අවසානය දක්වාම කුතුහලයෙන් යුතුව බලන්න පුලුවන්.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.