කාලයක් තිස්සේ සිංහල සබ් එක්ක ෆිල්ම් බලපු මට ලොකු ආසාවක් තිබ්බා සිංහල උපසිරැසිකරණයේ යෙදෙන්න. සිංහල සබ් එක්ක ෆිල්ම් බලද්දි කල්පනා කරපු දෙයක් තමයි මේවා කෙහොම කරනවා ඇත්ද කියලා.සිංහල උපසිරැසිකරණය ගැන මට පැහැදිලි වැටහීමක් ලැබුනේ බයිස්කෝප් එකේ උපසිරැසි සාදන ආකාරය ගැන කියවද්දි.ඒක හන්දා මාත් හා හා පුරා කියල…
කාලයක් තිස්සේ සිංහල සබ් එක්ක ෆිල්ම් බලපු මට ලොකු ආසාවක් තිබ්බා සිංහල උපසිරැසිකරණයේ යෙදෙන්න. සිංහල සබ් එක්ක ෆිල්ම් බලද්දි කල්පනා කරපු දෙයක් තමයි මේවා කෙහොම කරනවා ඇත්ද කියලා.සිංහල උපසිරැසිකරණය ගැන මට පැහැදිලි වැටහීමක් ලැබුනේ බයිස්කෝප් එකේ උපසිරැසි සාදන ආකාරය ගැන කියවද්දි.ඒක හන්දා මාත් හා හා පුරා කියලා ඕන් සිංහල සබ් එක්කට අත ගැහුවා.මේ ෆිල්ම් එක ගැන ලිපියක් රොයිලි සෙහොයුරා පල කර තිබුනත් එහි උපසිරැසිය නොතිබූ නිසාවෙන් මට හා හා පුරා කියලා ඒකට අත ගහන්න හිතුනා.
Evan Almighty චිත්‍රපටය 2007 වර්ෂයේදි තිරගත වුන එකක්.මේකේ සමහර චරිත Bruse Almight චිත්‍රපටයේ එන චරිත වලට සමානයි.IMDB දර්ශකයේ 5.4 කරකවන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා. Tom Shadyac අධ්‍යයක්ෂණය කල මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය ඔයාලා කව්රැත් හොදට අදුරන Steve Carell විසින් නිරෑපණය කරනවා.මීට අමතරව මෙහි Morgan Freeman, Jonah Hill, Ed Helms වැනි තරමක් ජනප්‍රිය නලුවන් මෙහි චරිත නිරෑපණය කරනවා.පටන්ගැන්මේ සිට අවසානය තෙක් හිනාවෙවී ආසාවෙන් කුතුහලයෙන් යුතුව මේක බලන්න පුලුවන්.
චිත්‍රපටය දෙසට හැරැනොත් ඉවන් බැක්ස්ටර් නම් මාධ්‍යය වේදියා ඡන්දයෙන් කොන්ග්‍රස් සභිකයෙකු බවට තේරි පත්වෙනවා.ඔහුගේ මැතිවරණ පෙරොන්දුව නම් ලෝකය වෙනස් කිරීම යන්නයි.ඔහුට ලැබෙන නිල නිවාසයේ පදිංචියට යාමෙන් පසු ඔහුට එක දිගට කොණ්ඩය දික්වීම, සතුන් ඔහු අනුගමනය කිරීම වැනි තවත් අමුතු සිදුවීම් වලට මුහුණ දීමට සිදුවෙනවා.මේ සිදුවීම් අස්සේ ඔහුට දෙවියන් පෙනී සිට බයිබලයේ එන නෝවා නම් පුද්ගලයාගේ කතාවේ ලෙස විශාල නැවක් සාදන ලෙසත් එම නැවට තම පවුලේ අය සහ සියලුම වර්ගවල සතුන්ගෙන් යුගලය බැගින් ඇතුලත් කරගන්නා ලෙස පවසනවා ඒ ඇයි කීවොත් සැප්තැම්බර් 22 දා වන විට මහා ගංවතුරක් ඇතිවෙනවා කියලා . මෙම සිද්ධිය පිලිබදව ඔහුගේ පවුලේ අය සහ මිතුරන් හා ප්‍රදේශයේ මිනිසුන් ඔහුට මානසික රෝගයක් යැයි සිතනවා.හාස්‍යය යම්තාක් පැවතුනත් මේක අනිවාර්යෙන් බැලිය යුතු ෆිල්ම් එකක්. එහෙනම් මේ කියන ගංවතුරක් එන්නේ ඇයි, මොහු ඇත්තටම නැවක් සාදයිද, එහෙමත් නැත්නම් ඔහුට ඇත්තටම මානසික ආබාධයක්ද යන්න ඔයාලම බලලා තීරණය කරන්න.
මේක මගේ පලමු උපසිරැසිය හන්දා වැරදි අඩුපාඩු නම් බොහෝමයක් ඇති ඒවද පෙන්නලා දීලා කමෙන්ට් එක්කුත් දාලා යන්න සබ් එක ගැන.එහෙනම් ආයෙත් උපසිරැසියකින් හමුවෙමු.
රොයිලි ප්‍රනාන්දු සොයුරා පෙර පළකරනා ලද ලිපිය
ඇත්තටම මේ ෆිල්ම් එක මීට කලින් තිරගත වූ Bruce Almighty ෆිල්ම් එකේ තිබුනු සමහර චරිත අරගෙන නිපදවු ෆිල්ම් එකක්. ඒත් ඒක බැලුවේ නැහැ කියලා අවුලක් වෙන්නේ නැහැ..මෙන්න මෙහෙමයි කතාව..
එවන් බැක්ස්ටර් නම් රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයා කොන්ග්‍රස් මණ්ඩලයට ඡන්දය ඉල්ලා තේරී පත්වෙනවා. ඔහුගේ මැතිවරන තේමාව වුනේ ලෝකය වෙනස් කරමු යන්නයි. නමුත් එය කරනා ආකාරය ඔහු සඳහන් කරලා නැහැ.ඉතින් ඔහු ජයග්‍රහනයෙන් පසු තමාට වෙන්වුනු නව නිවසේ පදිංචි වී සිටින අතරතුර අමුතු අමුතු දේවල් වලට මුහුන දෙනවා.
- සතුන් ඔහු පසුපස ගමන් කරනවා කිසිම හේතුවක් නැතිව.
- රැවුල කපානිම වෙන විටම නැවත රැවුල තිබෙන ලෙසම වැවී තිබීම.
- ඔහුගේ නිවස ආසන්නයේ තිබෙන හිස් බිම් කොටස් අටක් ඔහුගේ නමින් මිලදි ගෙන තිබීම.
- ඉතාපැරණි ආකාරයේ ආයුධ සහ ලී වර්ග ඔහුගේ නිවසට තොගපිටින් ලැබීම.
- ඔහු යන සෑම තැනම නො. 614 පෙනෙන්නට තිබීම
ඉතින් ඔහු අන්දුන් කුන්දුන් වී සිටින විට දෙවියන් ඔහු වෙත පැමින පවසනවා බයිබලයේ සඳහන් වන කතාවක ඇති ලෙස විශාල නැවක් සාදන්න කියා. ඔහුගේ පවුලේ අයට සහ සියලුම වර්ග වල සතුන් දෙදෙනා බැගින රැගෙන යාමට හැකිවන ලෙස මක්නිසාද සැප්තැම්බර් 22 මහා ගංවතුරක් පැමිනෙන නිසා. මෙය පැවසූ විට පවුලේ අය සිතන්නේ ඔහු යමකිසි මොලේ ආබාධයකින් පෙලෙනවා කියායි..
ඇත්තටම මේක කොමඩි පැත්තට බර කතාවක්. ඒත් සම්පූර්ණයෙන්ම කොමඩියක් එහෙම නෙවෙයි. හිනාවෙන්න පුලුවන්. බොහොම ජනප්‍රිය නලුවන් දෙදෙනෙක් වන Steve Carell හා Morgan Freeman රගපාන මේ චිත්‍රපටය ඔයාල හැමෝම ආසාවෙන් බලයි කියල හිතනව. බාලම බලන්නකෝ….

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
5,662 downloadsDownload Evan-Almighty-2007.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිසර ධර්මපාල
Subtitles
52 comments
chamila
පික්චර් පිස්සා
මන් Bruce Almighty බලන්න සැහෙන කාලෙක ඉදන් බලන් ඉන්නවා. තාම බැරිවුනානෙ, කමක් නැ මේකවත් බලමු. ගුරාටයි , රොයිලිටයි තෑන්ක්ස් කිව්වා ...
Uraj Deemantha
හික්ස්.... :D එළ කතාව..... :) හැබැයි Bruce Almighty තරම් ගති නෑ......!! :P
Lahiru Randika
බාන්‍නයි සුදානම....
ඒත් බාන්‍න තව ම බැරිවෙයි වගෙ.. මොකද මේ දවස් වල වැඩ අදිකයි..තෑන්‍ක්‍ස් කීවා.. ගූරා ට & රොයිලියට;;
kolla
පට්ට පට්ට ගුරො
පුලුවන් නම් රොයිලිට කියන්න සින්හල සුබ් ෆිල්ම් එකක් දාන්න කියලා තෑන්ක්ස් ;) :P :)DareDevil
Bruce Almighty නම් බලලා නෑ. ඒත් මේක සිරා film එකක්. හිනා වෙන්න පුළුවන්... (පට්ට Hummer එකක්නම් තියනවා...)
DragonD
" Bruce Almighty " එක්ක බලනකොට නම් මේක චා මැක්ස් !
ඒත් නරකම නෑ.................
meth
bala balanna ela film eka// :-D
පොතේ ගුරා
@chamila !ඕං ඇවිත් ඉන්නව..අල්ලගනින් මචන්!
@පික්චර් පිස්සා !Bruce Almighty ත් මැක්සා මචන්.. :)
@Uraj Deemantha !මට නම් කතා දෙකම එළ වගේ බන්..
@Lahiru Randika !එළ කිරි..වෙලාව ලැබෙන විදියට බාපන් මචන් ටික ටික..වෙල්කම් කීව ඕං!
@kolla !ළගදිම බුවා දෙනව කිව්ව මචන් එකක්! :)
@DareDevil !හික්z..ඔව් බන්..ෆිල්ම් දෙකම එළ..අනික් එකත් බලපන්..
@DragonD ! :D :D
@meth ! අනිවා මචෝ..
රොයිලි
@ chamila,
අම්මෝ බයෙත් බැහැ.
Gayan Udugama
Sub eka dennakoooo
Dileepa Nuwan
Sub eka na ne
udantha
හෆෝයි...ඕකත් බැලුවා...
එල කතාව....හිනා කාලා මැරෙනවා..Anonymous
ela niyameta thiyanawa
Hadda
patta
mon`aunat god``ak t`ahnx`
hiks`Ramraj
බැලුවේ නෑනේ මේක.බලමු නේද.
ce009
torrent eka nathoooooooooooooo
ශාන් විමුක්ති [විමා]
මෙන්න ආව එහෙනම් ඈ ;)
manju
wada nathooo wadakarana ekak diyallako hath ilawwe..:)
Ravisara Dharmapala
Pot player ekn blnda ekata wada krnwa
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) තුති……. :)
AK
co sub eka
NILUSHAN
sub eka na ne ....?
SJT
රොයිලි අයියා... සබ් ප්ලීස්
Kvdz lkshan
Ko sub eka nane plz sub eka denna saho
ආර් .වී෴
meke sub eka ko bn
sujiabey
ko meke subtital kohomada ganne
Thilanmadusha
Sub eka na ne bn
shehan_nonis
ko sub eka nathooo
kosala_2000k
ko sub aka nana
kalanasithumina
kooooooooooooooooooooooooooooooo
sandaru260@
koi huththo sub ekaa
Lakshansilva18
Plz mekata sub dennako
dhanukrish
ko sub nane
Sachith Udayanga
Ko sub eka nane.
Savinduvithakshana
සම් එක කෝ
prasadmadawa
sub dapan yakuuu
Virajcom
Sub neddooo
rvnd
ko bn subtitle eka? aye upload karapiyawww
Ravisara Dharmapala
Ai ud deela tynwa
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!(psarips(dot)one site eke thiyana
honda aluth movies walata sub denna plz..)indika75
පළමුවන උපසිරැසියට සුබපැතුම් !!!!බොහොම ස්තූතියි .
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....Ravisara Dharmapala
Thnks
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
කොමඩි අනිවා බලනවා...
දිගටම සබ් දෙමු...isuru srinath sjs
පලවෙනි උපසිරැසියට සුබ පතනවා !! බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ... ජය!!
rockz2020
පලමු උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම් සහෝ! ✊❤
බොහොම ස්තූතියි සිංහල සබ් එක වෙනුවෙන්. තව සිංහල සබ් ඕනෙ හොඳේ ✌ ;) දිගටම සබ් කරන්න ජය වේවා!
Vic the Viking and the Magic Sword (2019)
The Blackout (2019)එල්.සී. දමැල්
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා...
පළමු උපසිරසටත් උණුසුම් සුභ පැතුම්!
දිගටම උපසිරසකරණයේ යෙදෙමු :)
ජය! :DD.Chamara
bohoma sthuthi
Sandeep
Thanx sho sub ekata.. supiriyak
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALNATH
Thanks ..........good luck ............
Advertisement
කෝ ඕකා.... (රොයිලියා) ;D