Watch Trailer

Furious (2017) AKA Legenda o Kolovrate (2017) Sinhala Subtitles | අළුයට සැගවුන රයිසාන් නරගයේ පළිගැනීම…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

චීනයෙන් රුසියාව වෙත මාර වෙන්න තමයි මේ සුදානම් නමුත් මේ පැනිල්ල රටකින් රටකට පනින පැනුමක් විතරක් නෙමෙයි කාල තරණයක්…. කොටින්ම ක්‍රි.ව. 1237 වගේ ඈත කාලයකට, සත්‍ය සිදුවීම් සහ රුසියානු ජනප්‍රවාදයේ එන මේ සටන පිලිබඳ සඳන් නොයෙකුත් කතාන්දරය ඇසුරෙන් නිර්මාණය වුන මේ සුපිරි ක්‍රියාදාම යුධමය චිත්‍රපටය, Vikings,…

චීනයෙන් රුසියාව වෙත මාර වෙන්න තමයි මේ සුදානම් නමුත් මේ පැනිල්ල රටකින් රටකට පනින පැනුමක් විතරක් නෙමෙයි කාල තරණයක්…. කොටින්ම ක්‍රි.ව. 1237 වගේ ඈත කාලයකට, සත්‍ය සිදුවීම් සහ රුසියානු ජනප්‍රවාදයේ එන මේ සටන පිලිබඳ සඳන් නොයෙකුත් කතාන්දරය ඇසුරෙන් නිර්මාණය වුන මේ සුපිරි ක්‍රියාදාම යුධමය චිත්‍රපටය, Vikings, Game of Thrones, Spartacus බලන කෙනෙකුට නම් බොහොම හිතට අල්ලන නිර්මාණයක් වේවි…. නමුත් ඒ කතා කියන්න කලින් පොඩ්ඩක් ඇත්ත අතීතය ගැන දැනගෙන ඉමු…

රයිසාන් රාජ්‍ය සලකුණ

මුලින්ම රයිසාන් රාජ්‍ය ගැන කතා කරනවා නම් ක්‍රි.ව. 1097 වන තෙක් චර්නගෝව් රාජ්‍යට අයිතිව තිබ්බ මේ ප්‍රදේශය ක්‍රි.ව. 1097 දී තමයි යරෝලාව් ස්වාසොතලාවිච් යටතේ වෙන්නම රාජ්‍යක් ලෙස තමුන්ගේ නම ඉතිහාසයට එකතු කරගන්නට කටයුතු කරන්නේ. රයිසාන් හි ආදිපාදවරයා (කුමාරයා) ලෙස නම් කෙරුණ පුද්ගලයෙකු අත බලය රැදුන මෙම දේශයේ කතාව බොහොම විට යුද්ධත් එක්ක තමයි බැදිල තියෙන්නෙ, කොටින්ම 1186 – 1208 දක්වා කාල පරාසය තුල මුල නගරයම දෙවරක් පොලොවට අළු කර දමන්නට සිදු වුන සිවිල් යුද්ධ සහ සතුරු කරදර තිබ්බ කිව්වොත් මම නිවැරදි.

අපි මේ කතා කරන කාලය වෙනකොට මොන්ගෝලියානු අධිරාජ්‍ය ලෝකය පුරාම තමුන්ගේ අණසක පතුරවමින් ලොවම ලෙයින් නහවමින් තිබ්බ කාලයක්. මොවුනේ ප්‍රබලතම පාලකයෙකු වුන බාටු ඛාන් තමයි අපේ කතාවට අදාළ මොන්ගෝලියානු අධිරාජ්‍ය වන්නෙ. ඔහු ක්‍රි.ව. 1207 සිට 1255 දක්වා කාලය තුල මොන්ගෝලියානු අධිරාජ්‍ය පාලනය කල අතර ඔහු ලොව ප්‍රසිද්ධ Golden Horde හි නිර්මාපකයා ලෙසත් ඉතිහාස පොත්වල සඳහන් වෙනවා… නමුත් ඔහුගේ කතාව ඊට වඩා තවත් බොහොම ස්වර්ණමය සලකුණු ඇතුලත් කතාවක් කොටින්ම ඔහුගේ සීයා වෙන්නේ වෙනින් කවුරුවත් නෙමෙයි ජෙන්ගිස් ඛාන් අධිරාජ්‍ය… ක්‍රි.ව. 1227 දී ඔහුගේ මරණයත් එක්ක ඔහුගේ අධිරාජ්‍ය කොටස් 6 කට කඩා ඔහුගේ පුතුන් වෙත බෙදා දෙනු ලැබුවා නමුත් ජෝචී නම් වූ ඔහුගේ වැඩිමහලු පුතණුවන් මේ රාජ්‍යන් හයේම ප්‍රධාන පාලන කේද්‍රය වෙමින් මොන්ගෝලියානු අධිරාජ්‍ය ව්‍යාප්තිය සඳහා කටයුතු සුදානම් කරන්න තමයි නියමිත වුනේ… නමුත් තම පියාගේ වියෝවෙන් මාස 6 ක් ගිය තැන ඔහුත් මරණයට පත් වෙනවා. ඔහුගේ වැඩිමහලු පුතා තමයි අපි පෙර කතා කල බාටු ඛාන්. පියාගේ මරණයත් එක්ක ඔහුට මොන්ගෝලියානු අධිරාජ්‍ය බටහිර දේශ සීමාව ආසන්න භුමිය පැවරෙනවා, අද ලෝක සිතියමෙන් කතා කලොත් ඒ රුසියාවෙන් කොටසක් සහ කසාක්ස්තානය. ඇත්තටම ඔහුගේ ඉතිහාස කතාව බොහොම දිග එකක් ඔහුගේ ජයග්‍රහණ ඔහු ලෝකයට දායාද කල දේවල් කියන්න ගියොත් වෙනම ලිපියක් ලියන්නට සිද්ධ වේවි ඒ නිසාවෙන් මම මේ ලිපිය පුරාවට තැන කිහිපයක වෙනත් පිටු වෙත යන්නට මගක් තියා යන්නම්, ඔබ උනන්දු නම් මේ ඉතිහාස කතා දැනගන්න ඔබට පුළුවන් ඒ ලින්ක් හරහා ගිහින් තවත් විස්තර දැනගන්න… දැන් අපි හැරෙමු අපේ චිත්‍රපටයේ වීරයා දිහාට…

ඉව්පටී කොලොව්රට් වෙනුවෙන් රයිසාන් නගරයේ නිර්මාණය කර ඇති පිළිරුව

ඉව්පටී කොලොව්රට් නම් වන ඔහු නැගෙනහිර ස්ලාවික් ජනප්‍රවාදයේ එන වීර චරිතයක් ඔහුගෙ වරිතය ඇත්තටම අයත් වෙන්නේ බගතීන් නම් (Bogatyr) මාධ්‍ය කාලින යුගයේ රණ ශුරයන් ගොන්නට. ක්‍රි.ව, 1200 දී රයිසාන් හිදී උපත ලැබු බවට සඳහන් මොහු ඉතිහාස ගත වෙන්නේ මොන්ගෝලියානු අධිරාජ්‍ය බාටු ඛාන් සමඟ තමුන්ගේ නගරය වන රයිසාන් විනාශ කිරීම වෙනුවෙන් කල සටන නිසාවෙන්… එම සටනේ දී ඔහු පෙන්වූ නිර්භිකතම ගැන සැබවින්ම රුසියානු ජනප්‍රවාදය තුල කවී ගී ලියවිලා තියනවා විතරක් නෙමෙයි, චිත්‍ර සහ අද කාලයේ සිනමාවත් ඔහු වෙනුවෙන් තමුන්ගේ කාලය කැප කරල තියන එකේ ලේසී පහසු කෙනෙක් වෙන්න බැහැ නෙව ඔහු…

Ivan Shurkhovetskiy අධ්‍යක්ෂණයක් වන මේ නිර්මාණය Dmitriy Paltsev, Sergey Yudakov, Evgeniy Raevskiy වගේ පිරිසක් අතින් තමයි පිටපත් රචනය වෙලා තියෙන්නේ. තිරයේ දකින මුහුණු වෙන්නේ Ilya Malakov, Polina Chernyshova, Aleksei Serebryakov, Aleksandr Ilyin Jr. සහ Yulia Khlynina වගේ පිරිසක්… 2017 වසරේ නොවැම්බර් මස 30 වැනිදා රුසියාවේ දී ප්‍රදර්ශනය ආරම්භ වුන මේ නිර්මාණය අයත් වෙන්නේ Action, History කියන කාණ්ඩ වලට… පැය 1 කුත් මිනිත්තු 43 ක් පුරා දියවන සටන් සපිරුණ, මේ ඓතිහාසික යුධ කාව්‍ය IMDB අවඩියේ 6.3 ක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගැනීමට සමත් වෙලා තියනවා.

කතාව වෙන්නේ මෙහෙමයි… රයිසාන් නගරය වට කරගත් මොන්ගෝලියානු අධිරාජ්‍ය එක්ක එකවර සටන් කරන්නට තමුන්ට බලයක් නැති නිසාවෙන් පාලනයේ සිටින රයිසාන් කුමරුවා තමුන්ගේ කුමරුවෙක් සහ ඔහුගේ ආරක්ෂක අංශයේ ඉහල තනතුරක් දරන කොලොව්රට් නයිට් වරයා ඇතුළු පිරිසක් යවනවා සාම සාකච්චා වෙනුවෙන්. මුලින් හොඳින් වැඩ සිද්ධ වෙන බව පෙනුනත් එක්වරම සියල්ල කණපිට හැරෙන්න ඔහුට අහිරාජ්‍ය ඉදිරියේම ප්‍රහාරයක් එල්ල වීමත් එක්කයි… කෙසේ හෝ එතනින් පැනගන්නා මේ දූත පිරිස හැකි උපරිම වේගයෙන් මහා හිම කුණාටුවක් අස්සේ තමුන්ගේ නගරය වෙත එන්නේ අනතුරු ඇගවීම හිත දාරගෙන… නමුත් ඒ එන ඔවුන්ට දකින්න ලැබෙන දර්ශනය ඔවුන් කිසිසේත් බලාපොරොත්තු නොවුවක්…

රයිසාන් නගරය මුළුමනින්ම විනාශ වී ගොසින්, එහි වැසියන් තැන තැන හිමේ ගල්වෙන මල සිරුරු බවට පත් වෙලා… ඔවුන් සතුව තවත් හමුදාවක් ඇත්තේ නැහැ ඔවුන්ට සිටින්නේ අධිරාජයා සමඟ හමුවට ගිය සෙබළුන් 20 දෙනෙක් වැනි සුළු පිරිසක් පමණයි… තමුන්ගේ නගරය, දේශය විනාශ කරන්නට වෙර දරන අධිරාජ්‍ය වෙනුවෙන් හිස නොනමන නයිට් වරයෙක් සහ ඔහුගේ පිරිවර සුදානම් වෙනවා දහස් ගණනක බට සේනාවක් එක්ක සටන් කරන්න ඒ අතිශය උපාය ශිලිව, විශිෂ්ඨ සටන් හැකියාවක් පෙන්වමින්… ඉතින් මේ වීරයන් සැබවින්ම නොනවා කරයි ද? ඔවුන්ගේ ඉරණම කොහොම වේවි ද? මේ සියල්ල ඔබට දැකගත හැකි වේවි… මේ කතාව බැලුවොත්…

කියන්නම ඕන මේ කතාව තුල තවත් කතාවක් දිව යනවා කොලොව්රට්ගේ අතීතය සම්බන්ධයෙන් මම ඒ ගැන මෙතන කිසිම දෙයක් සඳහන් කලේ නැහැ ඒ දෙයත් ඔබට දැකගැනීමට භාරයි… හොඳ කඩු සටන් ටිකක් දැකගත හැකි වේවි ඔබට මෙයින්… මේ රුසියාව නිසා කතවා දිවයන පසුබිම තනිකරම ස්ටර්ක් බල ප්‍රදේශය වන උතුරු පළාත වගේ, බොහොම හිමෙන් වැහිලා තියන බොහොම අමාරු ප්‍රදේශයක්, මේ සටන වෙනුවෙන් කොලොව්රට් ඒ භුමියේ වාසියත් ලබාගන්න හැටි ඔබට දැකගත හැකි වේවි… ඒ වගේම එක කුඩා දර්ශනයක් නිසා මෙය 18+ කියන්න සිද්ධ වෙනවා නමුත් ඒ තත්පර ගණනක් නමුත් අපි ඔළුව බේරගන්න ඕන නිසා ඔන්න ඒක 18+ ලෙස නම් කිරීමත් සිද්ධ කළා…

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අදහසක් දක්වා යන්න, දැන් ඇත්තටම බොහොම උපසිරසකරුවන් අතිශය කලකිරීමෙන් ඉන්න කාලයක් ඉස්සර වගේ නෙමෙයි ආයෙත් අපිට ලැබෙන අදහස් එන්න එන්නම අඩුවෙලා ගිහින්… ඔබ වෙනුවෙන් පැය ගණනක් වෙහෙසිලා මේ කරන කාර්යය වෙනුවෙන් ඔබට අපි වෙනුවෙන් විනාඩියක් වෙන් කරන්නට බැරි නම් එයින් ඇත්තටම කිසිම ප්‍රයෝජනයක් නැහැ හොඳ මේ දේ අපි ඉංග්‍රීසි උපසිරසක් අරගෙන මේ බලන දෙයක් බලල ඔබට කැමති හැටියකට බලාගන්න ඉඩ දෙන එක… ඉතින් එහෙම වෙන්න දෙන්න එපා කියල ඉල්ලීමක් කරනවා, මොකද අන්තර්ජාලය තුල දැන් ඇති අනිකුත් උපසිරස ලබාදෙන වෙබ් අඩවි වෙතත් ඔබ යනවා නම් දකින්න ඇති නෙව දවසකට ඒ තුල යන උපසිරස ප්‍රමාණය, ඉතින් අපේ පිරිසත් ඒ වගේ මේ ක්‍රියාව නවතා දැම්මොත් ඉතින්… ඒ ගැන හිතන්නට ඔබට භාරයි…

කලින් වගේම මෙහිත් පිටපතක් හොයාගන්න උදව් කල ඉමේෂ් මලේ ඔබට ස්තුතියි, පූර්ව ප්‍රචාරක පටය බලල ඉන්න කෝකටත්. එහෙනම් ආයෙත් උපසිරසක් එක්ක හමුවෙමු, එතෙක් ඔබට ජය වේවා !!!

පා.ලි.
කරුකාරල බාගන්න ලින්ක් නම් මෙතන ඉල්ලන්න එපා ඒ වෙනුවෙන් වෙනම වෙබ් අඩවියක් අපි නිර්මාණය කරල තියනවා baiscopedownloads නමින්, ගුගල් කරන්න ඔබට හොයාගන්න හැකි වේවි… අපි පළකර ටික වෙලාවකින් ඒ තුලින් ඔබට ටොරන්ට් හෝ ඩිරෙක්ට් ලින්ක් ලබාගන්න හැකි වේවි…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

186 comments

  1. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  2. madusanka

    නියමයි ජයෙන් ජයම වේවා..**

  3. Pradeepkumara

    Thanx brooooo....

  4. darshana100

    ala machan

  5. mihiri

    thank tremores alut film ekata sub denna puluwanda loku deyak

  6. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  7. buddhika

    Thank you for Subtitle
    We really appreciate your work in baiscopelk
    It was a pleasure to be a part of baiscopelk

  8. Amila89

    Jaya weewa saho

  9. Prabhasoft

    බොහොම ස්තූතියි.... සහෝ.... ජය වේවා...!!!
    මේ ගැනත් ටිකක් හිතන්න. තරහ වෙන්නත් එපා. ඔබ සැමගේ සේවය අපට ලොකු උදව්වක්. නැත්නම් මේ සලරූ වල රූප විතරක් බලලා තේරෙන ඉංගිරිසියෙන්නේ කතාව බලන්නේ... ඔබත් ඔබේ සහෝදර සැමත් කරන මේ දෙයට ගොඩක් ස්තූතියි.
    ඒ වගේම අපි අදහසක් දැම්මට පිළිතුරක් වත් අපට ලැබෙනවානම් හොයි කියන එකයි මගේ අදහස.ඔබ කාර්ය බහුල ඇති මොකද කමෙන්ට් ලොකු ගානකට පිළිතුරු දෙන්න ලොකු කාලයක් ඕනනේ... ඒ නිසා හැමෝටම පොදුවේ හරි පිළිතුරක් දෙනවානම් මේ තත්වය හොඳ අතට හැරේවි. අඩුම තරමේ ලයික් එකක් වගේ දෙයක් වත්...
    තව දෙයක් ඔබේ උපසිරසි අප බලන්නේ බාගෙන ගිහින්. ඒත් ඒක බැලුවාම හිතෙනවා ඔයා ගොඩක් මහන්සි වෙලා.. අදහසක් දාන්න තිබුනනම් කියලා. ඒත් ඒ වෙන කොට සයිට් එකේ ඒ ෆිලුම ගොඩක් යට ගිහින් හොයන්න වෙනම වෙහෙසක් ගන්න ඕනි.සබ ගන්න කොටම අපිට කියන්න පුළුවන් ස්තූතියි කියල විතරයි.
    ඉතින් ඇඩ්මින්වරු හැමෝම ඒ ගැනත් හිතනවානම් මේ සයිට් එකත් එක්ක නිහඩව ඉන්න තවත් ගොඩක් පිරිසක් අදහස් දමාවි... ඔබ ඒ ගැන කියල තිබුන නිසා ඒ ගැන කියන්න හිතුනේ. මම ත් දැන් වසර 10 කට අධික කාලයක් බයිස්කෝප් එකත් එක්ක ඉන්නවා.. අලුත් ෆිලුමක් අාවත් සබක් එනකල් ඉන්නේ ෆිලුම බලන්නේ නැතිව..
    ඒසේනම් ඔයාලා හැමෝටම මේ සත්ක්‍රියාව දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.....
    බුදු සරණයි....!!! ජය වේවා....!!! සිංහල උපසිරසියට..
    මම ප්‍රභාත්....

    1. zeal

      පුභාත් කියපු දේ හරි.. මේ සයිට් 1කේ Notifications තීරුවක් දාන්න බැරිද.. ඒහෙම උනොත් මං හිතන්නෙ මග අැරෙන දේවල් බලාගන්න පුලුවන් වෙයි නේද.. අනික අපි දාපු කොමන්ට් 1ක කට රිප්ලයි කරත් අපි අායිත් දන්නෙ නෑ Notifications තීරුවක් අාවනම් මග අැරෙන 1ක් නෑ.. අදහසක් විතරයි.. මං දන්නෙ නෑ කරන්න පුලුවන් වෙයිද කියලා..
      සිංහල උපසිරැසියට නැවත වරක් ස්තූතියි.. දිගටම කරගෙන යන්න.. කරන සත් ක්‍රියාවන් ගැන පසු තැවෙන්න ඒපා... ජයෙන් ජයම වේවා.

      •••ZEAL•••

    2. Hemantha De Silva

      True...

  10. samanr23

    බොහෝ ම ස්තූතියි සමීර බ්‍රෝ..........ජය.......

  11. dsdkavishka

    Thenks bro, fatta film eka

  12. samdsc

    Tnks bro

  13. Janakakumara

    Thanks bro

  14. hirusha ekanayake

    THANK for sub ... ESCAPE PLAN 2 ekt pluwn tharam ikmnt sub dennko

  15. nadeerads

    thanks bro

  16. suduu

    thnks broo. ash vs evil dead s3 sub eka puluwannam diyan

  17. ranga11112

    ස්තුති සහො..... සබ් එක ගත්තා

  18. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  19. chathurangakpc

    බොහෝම ස්තුතියි. සහෝදරය. ඔයා කල කිරිමෙන් ඉන්නවා කියා දන්නවා ඒත් ඔයලාගේ නිහඩ සේවය මුලු ලංකාවවටම ඉතා වැදගත්. ඔබට ජය .....

  20. Piumi ann

    aththama kiuwoth api film eka balanna thiyana hadissiyata sub eka download karan ohe yanawa eka waradi aththatama ada idan hamadama mama hama ekakatama comment karanawa thankz sub ekata saho

  21. Bobby

    Thank you very much Sameera

  22. lakmal16304

    Thanks

  23. zeal

    Thanx Sahoooo....

  24. gayanhab

    thank u very much... keep it up bro

  25. gihan perera

    ඕන ඕන....සිංහල උපසිරැසි නම් ඕන මචෝ.....කවුරු නැතත් අපි ඉන්නවා දිගටම.....මං හැමදාම ඔගොල්ලො උපසිරැසි කරන චිත්‍රපටි බානවා..දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝ....මෙිකත් දැන් බානවා...

  26. Samith Suranga

    Nice film bro... Mama kamatima jathiye film ekak....

  27. Hiran Senanayaka

    මේක පට්ට පාර ෆිලුමක්... සබ් එකට ස්තූතියි සහෝ.....

  28. amshirly

    thanx

  29. Prabodha Madhusankha Hettiarachchi

    Thank broooo sub ekata....

  30. James DC

    බොහොම ස්තූතියි සමීර සහෝ උපසිරසියට...

  31. Udara Damith Dissanayaka

    ලිපිය නියමයි

  32. තරිඳු පෙරේරා

    නියම වැඩක්‌ සහො හොද ලිපියක්‌ හොද උපසිරසයක් ස්තුති

  33. prabuddha

    ela bro..sub akata tanx

  34. Gathsara Umesh

    Bhoooom thnxxx ayyee..
    Api inwa hmdaaam....ayyl ekka..
    Digatm yan gmn ymu aye..

  35. Ran KE Almainz

    එල. බොහෙම ස්තුතියි...

  36. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  37. Ashanherath

    Thankz mvn sub ekata sameera bro dunna kiyanne patta paharak thama

  38. Thisara Dilshan

    Thanks bn...

  39. chanaka765

    thanks.............

  40. amishka

    ela sahoo digatama kranna jaya wewa!!!

  41. gihan123

    Sabata pattama thankz mcho,,,ubalata pin mcn ubalage watina kale kapakarala mehema sub karanawata...thankzz bro....

  42. darshana91

    tnx bro

  43. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  44. sampath n perera

    ane please nawathwannanam epa api semada oyalath ekka innawa
    oyala karana mema sewaya raththaran watinawa
    oba sematama budu saranai dewi pihitai.....

  45. kyasas

    thanx bro

  46. anuka

    Tjanx bro

  47. tishantha

    thanks dear...

  48. Rnisal

    Tnx brother ❤️❤️

  49. youd

    Thanx and well done

  50. youd

    tired finding movie related subs

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.