Watch Trailer

Gadar 2 (2023) Sinhala Subtitles | වෛරයේ ගිනිදැල්… [සිංහල උපසිරසි]

Gadar 2 (2023) Sinhala Subtitles 1947 වසරේ බෙදා වෙන් කිරීමේදී සිදු වූ මහා සංහාරය. පවුල් දහස් ගනනක් විනාස කර දැමුවා. ඒ විනාස වුනු ගෙවල් වලින් එක් ගෙයක් හිංදුස්තානයේ සිටි මුස්ලිම් ජාතික සකීනාගේ වුනා. පාකිස්තානය බලා පිටත් වූ දුම්රියෙන් සකීනාගේ පවුලම පිටත් වෙද්දී දුම්රියට නගින්න හිටිය අධික සෙනග නිසාම ස…

Gadar 2 (2023) Sinhala Subtitles

Gadar 2 (2023) Sinhala Subtitles

1947 වසරේ බෙදා වෙන් කිරීමේදී සිදු වූ මහා සංහාරය. පවුල් දහස් ගනනක් විනාස කර දැමුවා. ඒ විනාස වුනු ගෙවල් වලින් එක් ගෙයක් හිංදුස්තානයේ සිටි මුස්ලිම් ජාතික සකීනාගේ වුනා. පාකිස්තානය බලා පිටත් වූ දුම්රියෙන් සකීනාගේ පවුලම පිටත් වෙද්දී දුම්රියට නගින්න හිටිය අධික සෙනග නිසාම සකීනා මගැරුනා. සකීනා හිංදුස්තානයේ රැඳී සිටියදී සකීනාගේ අම්මයි තාත්තයි පාකිස්තානය බලා පිටත් වී තිබුනා. මේ අතරේ හිංදු කැරලි කරුවන් දුම්රිය ස්ථානයට පැමිනෙනවා. මුස්ලිම් ජාතිකයින් කපා කොටා මරා දමනවා. මල සිරුරු අතරේ හැංගිලා ඉන්න සකීනව බේර ගන්නේ සික් ජාතිකයෙක් වෙන, තාරා සිං.

තාරා සිං සකීනාව විවාහ කරගන්නවා.ඔවුන්ට දරුවෙක් ලැබෙනවා. මේ අතරේ සකීනා දැන ගන්නවා එයාගේ අම්මයි තාත්තයි පාකිස්තානයේ තවමත් ජීවතුන් අතරේ ඉන්න බව. සකීනා ඔවුන්ව සොයාගෙන යනවා. වීසා ප්‍රශ්නයක් නිසා තාරා සිං සහ ඔවුන්ගේ පුතාට යන්න ලැබෙන්නේ නැහැ. සකීනාගේ අම්මයි තාත්තයි සකීනට විවාහ යෝජනා ගෙන එනවා. ඒ තරේ තාරා සිං සහ පුතා තවත් යාලුවෙක් එක්ක නීති විරෝදී ක්‍රමයට පාකිස්තානයට එනවා. සකීනගේ තාත්තා තාරා සිංට විරුද්ද වුනත් අන්තිමේදී තාරා සිං සකීනත් එක්ක ආපහු හිංදුස්තානයට එනවා. ඒ තමන්ගේ මාමන්ඩිට මනුශ්‍යත්වයෙ පාඩමක් උගන්නලා.

ඒ Gadar පලවෙනි චිත්‍රපටියේ කතාව.

Gadar 2 චිත්‍රපටිය පටන් ගන්නේ 1971 අවුරුද්දෙන්.

මේජර් හමීද් ඉක්බාල්…

එක් හිංදුවෙක් නිසා.
හිංදුස්තානුවෙක් නිසා.
හිංදුස්තානයට ඔහු බොහොම වෛර කලා
නිදහස ලබන්න කලින් හමීද් ඉක්බාල්
බ්‍රිතාන්‍ය ඉන්දියානු හමුදාවේ කපිතාන් වරයෙක් වුනා.
එහෙම වෙලත් බෙදා වෙන් කිරීමේ මහා සංහාරයේදී
ඔහුට ඔහුගේ පවුලේ උදවිය
හිංදුස්තානුවන්ගෙන් බේර ගන්නට බැරි වුනා
ඒ නිසාම ඔහුගේ ආත්මය වෛරයෙන් පිරී ගියා.

හින්දූන් වෙනුවෙන්, හින්දුස්තානය වෙනුවෙන්.
ඔහුගේ ජීවිතයේ එකම අරමුනයි ඉතිරිව තිබුනේ
“ගස්වා-ඊ-හින්ද්!”
(ඉන්දියාව ආක්‍රමනය කර යටත් කරගැනීම).”
තාරා සිං සොල්දාදුවෝ හතලිස් දෙනෙක් මරලා දාලා
හිංදුස්තානයට පැනලා ගියා.
ඔහුට සහය දුන්නේ ශකිනාගේ තාත්තා අශ්‍රෆ් අලී.
ඒ නිසාම හමීද් ඉක්බාල් විසින්
අශ්‍රෆ් අලි හෙවත් සකීනාගේ තාත්තට
මරණ දණ්ඩනය නියම වෙනවා.

ඒත් ඉන් පසුවවත් ඔහුට සැනසීමක් ලැබුනේ නැහැ.
ඔහුගේ හදවතේ තවත් එක් ආශාවක් හට ගත්තා.
සිය සොල්දාදුවන් මරා දැමූ මිනීමරුවාට මරණ දණ්ඩනය ලබා දීම.
ඒත් ඒක කරන්න බැරි වැඩක් වුනා.
මන්ද තාරා සිං ඔහුට ළගා වීමට නොහැකි දුරකින් සිටියා.
හින්දුස්තානයේ කොහේ හෝ සිටියා.

ඉතින් මේ ඔහුගේ වෛරයේ කතාවයි…

මේ අවුරුද්දේ අගෝස්තු 11 වෙනිදා තිරගත වීම ආරම්බ කල චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ. 2001 අවුරුද්දේ තිරගත වුනු Gadar: Ek Prem Katha චිත්‍රපටියේ දෙවෙනි කොටස විදිහට තමයි මේ චිත්‍රපටිය නිපදවෙන්නේ. අධ්‍යක්ශනය කර්න්නේ පලමු චිත්‍රපටිය අධ්‍යක්ශනය කරපු Anil Sharma. රංගනයෙන් දායක වෙන්නේ සනී ඩියෝල්, අමීශා පටේල් සහ උත්කර්ශ් ශර්මා. පලමු චිත්‍රපටියේ අමීශාගේ සහ සනීගේ පුතා විදිහට රඟපාපු කෙනාම තමයි මේ චිත්‍රපටියෙත් පුතා විදිහට රඟපාන්නේ. ඒ වගේම ලස්ස්නම ලස්සන සිංදු ටිකකුත් අඩංගු වෙනවා. පලවෙනි චිත්‍රපටියේ සිංදු දෙකකුත් අලුත් තාලෙට අහන්න පුලුවන්. මේ චිත්‍රපටය Action, Adventure, Drama, Thriller යන කාණ්ඩ වලට අයත් වන අතර පැයි දෙකයි විනාඩි 50 ක ධාවන කාලයකින් යුක්තයි. චිත්‍රපටයේ  බෙදාහැරීම් කටයුතු සියල්ල Zee Studios හරහා සිදු කරනු ලබයි. බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.

තවත් චිත්‍රපටියකින් හමුවෙනකන් ගිහින් එන්නම්.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HDRip පිට‍පත සඳහා ලබා දී ඇත.

10,467 downloadsDownload Gadar-2-2023.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Gadar 2 (2023) Sinhala Subtitles, Gadar 2 (2023) Sinhala Sub, Gadar 2 Sinhala Sub

Subtitles

10,467 downloadsDownload Subtitles53 KB

10 comments

  1. Naveen Mbr

    බොහොම ස්තූතියි අක්කේ!

  2. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සිස්.

    Gadar: Ek Prem Katha - 2001 ෆිල්ම් එකටත් සබ් දෙන්නකෝ.

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි මුතු ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්...☺☺♥♥

  5. Anonymous

    thanks sis..

  6. Lasantharathnasirirox

    Tnx උපසිරැසියට.බුදු සරණයි !!
    ජයවේවා !!!

  7. baiscopelk ishu

    Sub ekata thx sis

  8. mindika

    Thanks !!!

  9. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.