ඔන්න ඉතින් මන් වගේ 11 වන උපසිරසි නිර්මාණය විදියට ටිකක් වෙනස් දෙයක් ගෙනාවා . ඒක හරියට මීට පෙර මම ඔබට ලබාදුන්නු “Krigan AKA A War” වගේ. ඒක ඩෙන්මාර්ක චිත්‍රපටයක්. අද මන් ගෙනාපු එක ඕස්ට්‍රේලියානු චිත්‍රපටයක්. මේක අයිති වෙන්නේ ” Crime, Thriller” ඝනයට. හැමදාම ඇමරිකන් ඉංග්‍රීසි චිත්‍රපට බලන බයිස්කෝප් රසික…

ඔන්න ඉතින් මන් වගේ 11 වන උපසිරසි නිර්මාණය විදියට ටිකක් වෙනස් දෙයක් ගෙනාවා . ඒක හරියට මීට පෙර මම ඔබට ලබාදුන්නු “Krigan AKA A War” වගේ. ඒක ඩෙන්මාර්ක චිත්‍රපටයක්. අද මන් ගෙනාපු එක ඕස්ට්‍රේලියානු චිත්‍රපටයක්. මේක අයිති වෙන්නේ ” Crime, Thriller” ඝනයට. හැමදාම ඇමරිකන් ඉංග්‍රීසි චිත්‍රපට බලන බයිස්කෝප් රසිකයන්ට මේක වෙනස් දෙයක් වේවි. ඕස්ට්‍රේලියාව කියන්නේ මිශ්‍ර රටක්, විවිධ ජාතීන් ජිවත් වෙනවා වගේම ඒ ජාතින්ගෙන් තමා ඕස්ට්‍රේලියාව කියන රට නිර්මාණය වෙලා තියෙන්නේ!! ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන භාෂාව ඉංග්‍රීසි තමා. කතා කරන භාෂා විලාසයේ පොඩි වෙනසක් තියෙනවා. මේ ටික කිව්වේ නිකම් දැනුමට වගේ. IMDB අගය 6.4ක ඉහල අගයක් ලබාගන්න සමත් වෙලා වගේම මේ අවුරුද්දේ “Sydney Film Festival”එකට තේරිලත් තියෙනවා.
දැන් කතාව පැත්තට හැරෙමු. කව්ද බලමු ෆිල්ම් එකේ මාතෘකාවට දාලා තියෙනේ “තරුණිය” කියන්නේ !! පරීක්ෂක ස්වාන් “GOLDSTONE” කියන ප්‍රදේශයට පැමිණෙන්නේ අතුරුදහන් වූ චීන තරුණියක් හොයාගෙන. GOLDSTONE ප්‍රදේශයෙන් දුරකථන ඇමතුමක් ඇවිත් තියෙනවා “ඒ වගේ කෙනෙක් මෙහෙ ඉන්නවා” කියලා ඒක නිසා තමා ස්වාන් මෙහෙට එන්නේ. තරුණිය හොයා ගන්න එක ලේසි වගේ හිතාගෙන ආවට ඇත්තටම GOLDSTONE එකේ වෙන්නේ වෙනස්ම දෙයක්. ඒ අතුරුදහන් වෙන හැම කෙල්ලෙක්ම ගණිකා වෘර්තිය සදහා තමා පැහැර ගැනීම් කරලා තියෙන්නේ. මේ තරුණියන් සති දෙකෙන් දෙකට එක එක ප්‍රදේශයන් වලට ප්ලේන් එකෙන් ගෙනියනවා. සති දෙකකට තරුණියන් පස් දෙනෙක් GOLDSTONE ප්‍රදේශයට එනවා. පරීක්ෂක ස්වාන්ට මේ ගැන දැනගන්න ලැබෙනවා. මේ සියලුම තරුණියන් තමන්ගේ අකමැත්තෙන් තියා ගන්නවා වගේම ඔවුන්ට කිසිදු මුදලක් ලබා දෙන්නේ නැහැ මේ මිනිස් ජාවාරම ගෙනියන පිරිස. පරීක්ෂක ස්වාන් නගරයේ තියෙන තවත් පරික්ෂකවරයෙක් වෙන “ජෝෂ්” ගේ උදව් ඇතිව මේ ජාවාරම නවත්තන්න දරන උත්සාහය මේ චිත්‍රපටය තුලින් පෙන්නන්නේ. පරීක්ෂණ අතරේදී දැනගන්න ලැබෙනවා නගරාධිපති මේ දෙයට සම්බන්ධයි වගේම ඉඩම් අධිකාරියේ ටොමි සහ ෆර්න්ස් ක්‍රීක් ආයතනය පවත්වාගෙන යන ජොනි ගේ අල්ලස් ගැනීම්, මිනීමැරුම් වගේ තවත් අපරාධ කිහිපයක්. මේ චිත්‍රපටය රුගත කිරීම් කරලා තියෙන්නේ කාන්තාරයක වගේ, හැමෝම දන්න විදියට කාන්තාරේ ගස් කොලන් නැති පාලු පැත්තක් වුනාට, කාන්තාරෙත් ලස්සන දේවල් තියෙනවා අපි නොහිතන. ඒ වගේ ලස්සන තැන් කිහිපයකුත් මේ චිත්‍රපටයෙදී දකින්න පුළුවන් වෙයි. කම්මැලි නැතුව මේ චිත්‍රපටය බලන්න පුළුවන් වෙයි කියලා හිතනවා. එහෙනම් මම අදට සමු ගන්නවා. තවත් උපසිරසියකින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Goldstone.2016.720p.BluRay.x264-FOXM
Goldstone.2016.720p BluRay HEVC x265-RMTeam
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,654 downloadsDownload Goldstone.2016.Baiscopelk.com_.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/NaveenNisal2-e1480714670262.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නවින් නිසල් ධනුෂ්ක
Subtitles
13 comments
අසිත
Kulanjana Maduranga
niayamai…thanks NAVEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි.
මාලින්ද
ටහිකෙන කඩ්ඩක් බන් මුන්ගෙ තියෙන්නෙ. අර යාස්, ෆෙලාස්, ගානකොට මොනවා කියවනවද කියලා අන්ද මන්ද වෙනවා.
මාලින්ද
තව එකක්. මේකෙ ෆෙලා කියල කියන්නෙ මචං ඒ පලාතේම අය, ස්වදේශිකයො වගේ අය හඳුන්වන තේරුමක් දෙන වචනයක්.
yasitha
Thanx bro . mekatath sub deepanko loku deyak bn . The Curious Case of Benjamin Button 2008 වර්ෂයේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටිය සහ තවත් සම්මාන 13 සඳහා නිර්දේශ වූ විශිෂ්ඨ ගණයේ සිනමා නිර්මාණයක් 7.8 imdb
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Kithmal
සබ් එකට ගොඩක් ස්තූති සහෝ ... අනේ පුළුවන්නම් Cannibal Holocaust 1980 Movie එකට සබ් එක කරලා දෙන්නකො..
punsara
tnx saho apu gaman dilane
Dulanga
Thanks
Nishan
Thanx bro..
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rukshan37
Ela
Advertisement

elama saho thanks