මෙච්චර කාලයක් බයිස්කෝප් එකේ සබ් බලලම අද පලවෙනි වතාවට බයිස්කෝප් එකට සිංහල සබක් කරලා දුන්නා.ඒ හින්දා අනිවාර්යෙන්ම වැරදි ගොඩාක් ඇති. ඒවටත් බැනගෙන අඩුපාඩුත් කියාගෙන කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නෙ එපා. මම කතාව ගැන නම් කියන්න යන්නේ නෑ.ඒත් time traveling, space traveling වගේ විද්‍යා ප්‍රබන්ධ කතා වලට…

මෙච්චර කාලයක් බයිස්කෝප් එකේ සබ් බලලම අද පලවෙනි වතාවට බයිස්කෝප් එකට සිංහල සබක් කරලා දුන්නා.ඒ හින්දා අනිවාර්යෙන්ම වැරදි ගොඩාක් ඇති. ඒවටත් බැනගෙන අඩුපාඩුත් කියාගෙන කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නෙ එපා.
මම කතාව ගැන නම් කියන්න යන්නේ නෑ.ඒත් time traveling, space traveling වගේ විද්‍යා ප්‍රබන්ධ කතා වලට වඩා ගොඩක් වෙනස්, වෙනස්ම විදියකට හිතපු ෆිල්ම් එකක් කියලා මට කියන්න පුළුවන්. sci-fi, thriller, action කාණ්ඩයට තමා මේක අයත් වෙන්නේ.මේකට 5.0ක IMDB rate එකක් හම්බෙලා තියෙනවා.තව මේකේ ඉන්න කට්ටියත් වැඩි ප්‍රසිද්ධ කට්ටිය නෙමෙයි.ඒත් ලොකු කුතුහලයක් තියෙන අවසානයේ කාටවත් හිතාගන්න බැරිවිදියට තමා මේක ඉවර වෙන්නේ.
මේ ෆිල්ම් එකේ කෙනෙක් තාරකා පිපිරීමක් ගැන විස්තරයක් කරනවා.මට හිතුනා ඒ ගැන පොඩි විස්තරයක් කියලම ඉවර කරන්න. මේ ගැන ඔයාලා ගොඩක් කට්ටිය මටත් වඩා දන්නවත් ඇති, ඒත් මේක ඒ ගැන දන්නේ නැති අය වෙනුවෙන්.
තාරකාවක් එයින් ශක්තිය නිපදවන්නේ එහි ඇති හයිඩ්‍රජන්-හීලියම් බවට න්‍යශ්ටිකව සිදුවන විලයන ප්‍රතික්‍රියාව හේතුවෙනි.මෙය දිගින් දිගටම සිදු වීමෙන් එම තාරකාවේ හරය තුලින් යකඩ(Fe) තැන්පත් වීම දිගින් දිගටම සිදුවනවා.එමගින් තාරකාවෙන් පිටකරන ශක්තියට අමතරව තාරකාවේ හරය තුලින් ගුරුත්වාකර්ශණ බලයක් ඇති වීමට පටන් ගනී.කාලයත් සමගම හරය තුලින් යකඩ ප්‍රමාණය වැඩි වීම නිසා තාරකාව ටිකෙන් ටික විශාල වේ.එම හරය තුල විශ්වයේ ඇති පදාර්ත සියල්ලම ඇතුලත්ව ඇත.
අපගේ ලගම තාරකාව වන සූර්යයා මේ විශාලවන අවස්තාවන වන විට බුධ හා සිකුරු ග්‍රහයන්නේ කක්ෂයන්ගෙනුත් පිටතට විශාල වන බව විද්‍යාඥයන් මත පළ කරයි.නමුත් අපගේ සූර්යයා මේ තත්වයට පත් වීම සදහා මේතාක් ජීවත් වූ කාලයක් තවත් ඉදිරියත් අවශ්‍ය වේ.ඒ අනුව අපගේ සූර්යයාට එය සිදු වීමට තවත් අවුරුදු බිලියන 5ක් පමණ කාලයක් ගතවෙයි.
ඉතාමත් අධික කාලයක් ගත වූ පසුව තාරකාවේ හයිඩ්‍රජන් මට්ටම අවසන් වූ පසු, හරයෙන් නිකුත් වන ගුරුත්වාකර්ශණ බලය එම තාරකාවෙන් පිටකරන ශක්තිය ඉක්මවා ගිය පසු එම මුළු තාරකාවම එහි හරයේ වූ අධික ගුරුත්වාකර්ශණ බලයට යටත් වීමට සිදුවේ.එහිදී සිදු වනුයේ තාරකාව පිටත පෘෂ්ඨයේ සිට මුළු තාරකාවම එහි මධ්‍යයට ක්ෂණිකව කඩාගෙන යාමයි.මෙම අවස්තාවේ සිදුවන අධික පිපිරීමෙන් එම තාරකාව තම මුළු ජීවිත කාලයම පිට කල මුළු ශක්තිය හා සමාන ශක්තියක් එක් ක්ෂණයකින් පිටකරයි.මෙම පිපිරීම super nova අවස්තාව යැයි හදුන්වයි. පෘතුවිය සෑදීමට ඉවහල් වූ එම තාරකා පිපිරීම “මහා පිපුරුම”(big bang) ලෙස හදුන්වනවා.
ඉතින් මේ පිපිරීමෙන් ඉතාමත් ශක්තිමත් ගැමා කිරණ වශයෙන් එම පිපිරීම සිදු වූ ස්ථානයෙන් දෙපසට ශක්තිය නාබි ගතව විහිදෙයි. මෙම අවස්තාවෙන් පසු අවස්තාව වනුයේ අප ඔක්කොම අය දන්නා කළු කුහරයක(Black Hole)අවස්තාවයි. ඉහත සදහන් කල මේ ගැමා කිරණ කදම්බ මුළු විශ්වය පුරා ආලෝක වර්ශ බිලියන ගනනක් දුර ගමන් කරයි. එම ගැමා කිරණ මාර්ගයේ ග්‍රහලෝක පැවතුනහොත් අනිවාර්යෙන්ම එහි අවසානය එයයි.
හරි එහෙනම් තවත් සබක් අරගෙන එන්න බලාපොරොත්තුවෙන් මම දැනට ගියා. ඔයාලත් මේ ඇදිරි නීති දවස් වල පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න.
ENJOY YOUR SELF!
(මනුෂ්‍යයෙක් තමාටම දෙවිවරුන් සාදාගන්නේද?
ඒවා දෙවිවරු නොවෙත් ය.)
යෙරෙමියා 16:20

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම WEB පිටපත් සඳහා අදාළ වේ.
3,420 downloadsDownload Higher-Power-2018.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිකේෂ් තුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-05
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිකේෂ් තුෂාන්
Subtitles
21 comments
Hashan M. Priyadarshana
Hashan M. Priyadarshana
පුළුවන් නම් Alpha Gateway film එකට සබ් දෙන්න :)
Anonymous
සුපිරි... දිගටම සබ් කරන්න කියලා සුබ පතනවා
සොහාන් ජයසූරිය
පළමු සබ් එකට සුභ පතනවා සහෝ.. තව තවත් වැඩි වැඩියෙන් සබ් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. දිගටම රැඳිලා ඉන්න බයිස්කෝප් අඩවියත් එක්ක.. මහන්සි වෙලා ලියලා තියෙන ලිපියටත් ගොඩක්ම ස්තූතියි..
සාරංග
ස්තුතියි !
ශශී ඩී.ජාගොඩ
බොහොම ස්තුතියි.
ඒ වගේම පළවෙනි උපසිරසියට සුබපැතුම්!Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
ස්තුතියි සහෝ sub එකට.
ජය වේවා!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....Anonymous
බොහොම ස්තුති! ඉදිරියටත් කරගෙන යන්න. ජය!
එල්.සී. දමැල්
පළමු උත්සහය වෙනුවෙන් උණුසුම් සුභපැතුම්!
indika75
ස්තුතියි .පළමු උපසිරැසියට සුබපැතුම් !!!
Thusitha
බොහොම ස්තුති සහොදරයා ....
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...
D.Chamara
bohoma sthuthi sahoo
Anonymous
Thanks bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SHantush
THanks for sub.
Dewadithya
Thanks for sub!
melinda
thank you
Chaminda Lakruwan
ස්තූති සබ් එකට
Advertisement
![Higher Power (2018) Sinhala Subtitles | උසස්ම බලය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/higher-power-2018.jpg)

බොහොම ස්තුතියි බ්‍රෝ සුබ පතනවා පලවෙනි සබ් එකට දිගටම කරන් යන්න සබ් කරන වැඩේ :) :) ඉදිරියේදිත් baiscopelk site එකේ දකින්න ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා..
ජය වේවා.!