Watch Trailer

Immortal (2026) Sinhala Subtitles | නුඹ කවුද? [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

ආයුබෝවන් යාළුවනේ! ඉතින් සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් අඩවියෙන් අරගෙන එන තවත් අලුත්ම අලුත් දමිළ (Tamil) චිත්‍රපටයක උපසිරැසියක් එක්ක එකතු වෙන්න. අද මම අරගෙන ආවේ 2026 සැප්තැම්බර් 4 වෙනිදා නිකුත් වුණු, වෙනස්ම විදියේ කතාවක් තියෙන සුපිරි ෆිල්ම් එකක්.

මේ චිත්‍රපටය තමයි "Immortal (2026)". මේක අධ්‍යක්ෂණය වගේම තිර රචනය කරන්නේ මාරියප්පන් චින්නා (Mariappan Chinna) විසින්. මේකේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න දක්ෂ නළු G.V. ප්‍රකාශ් කුමාර් (G.V. Prakash Kumar) එක්ක කයාදු ලෝහර් (Kayadu Lohar) සහ ආදිත්‍ය කතීර් (Adithya Kathir) කියන ජනප්‍රිය නළු නිළියන්. පැය 2 යි විනාඩි 11 ක් පුරා දිවෙන මේ චිත්‍රපටය, Monster Horror, Erotic Thriller, Fantasy, සහ Romance කියන ෂානරයන්ට අයත් වෙනවා.

කතාව පැත්තට හැරුනොත්...

මේකෙ කතා නායකයා අල්ලපු ගෙදර ඉන්න තමන්ගේ සිහින කුමරිය වගේ ලස්සන තරුණියක් ගැන හිතින් ආදරයක් ඇති කරගන්නවා. ඉතින් එයා මේ කෙල්ල එක්ක සමීප වෙනවා කියලා මනෝ පාරක් ගහගෙන ලස්සන හීන ලෝකෙක තනිවෙලා ඉන්නකොට තමයි කතාව කණපිට පෙරළෙන්නේ. හදිසියේම මේ මනඃකල්පිත ආදර ලෝකයට කොහේදෝ ඉඳන් එන අතිශය බිහිසුණු අද්භූත රාක්ෂයෙක් (Monster) කඩා වදිනවා. එතැන් ඉඳන් මේ තරුණයාව දඩයම් කරන්න ඒ රාක්ෂයා පස්සෙන් එන්න ගන්නවා.

ලස්සන ආදර කතාවක් විදියට පටන් ගන්න මේ කතාව එකපාරටම හිතාගන්නවත් බැරි තරම් භයානක අතකට තමයි හැරෙන්නේ. ඇත්තටම මේ රාක්ෂයා කවුද? ඌ ඇයි මේ තරුණයාවම හොයාගෙන එන්නේ? මේක ඇත්තටම සිද්ධ වෙන දෙයක්ද නැත්නම් එයාගේ හිතේ මවාගත්ත මායාවක්ද? මේ හැමදේටම උත්තර දැනගන්න නම් ඔයාලට අනිවාර්යයෙන්ම ෆිල්ම් එක බලන්නම වෙනවා. කුතුහලය උපරිමයෙන් තියෙන, අන්තිම වෙනකන් මොකක් වෙයිද කියලා හිතාගන්න බැරි ත්‍රාසජනක අත්දැකීමක් මේකෙන් ඔයාලට බලාගන්න පුළුවන්.

විශේෂයෙන්ම Horror සහ Thriller ෆිල්ම් බලන්න ආස අයට මේක සුපිරිම අත්දැකීමක් වෙයි කියලා සහතික වෙන්න පුළුවන්. එහෙනම්, රෑට තනියම ෆෝන් එකට හෙඩ්සෙට් එකක් ගහගෙන ලයිට් නිවාගෙන මේ වෙනස්ම විදියේ ත්‍රාසජනක ෆිල්ම් එක බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.

ඉතින් එහෙනම් තවත් ෆිල්ම් එකකින් නැවත හමුවෙමු. බයිස්කෝප් අඩවිය වෙනුවෙන් උපසිරැසි ගෙන ආවේ මම, චතුර සඳීප. කම්මැලි නැතුව බලන්න, සුභ දවසක්!

Rank: Bronze
Ratings
Reviews
0
Subtitles
18
Downloads
75.4K
Readers' rating
No reviews yet

Write a review of Chathura Sandeepa →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

8 comments

  1. Buddhika laKMal

    මෙකට සබ්දුන්නට තෑන්ක්ස්

    Reply
  2. ඕෂද එරංග (Era Boy)

    අඩෝ තැන්ක්ස් බන් මේකට සබ දුන්නට!

    Reply
  3. Dissanayaka Prasad

    Thankyou

    Reply
  4. danushka

    මේකේ 75%ක්ම බොරුනෙ යන්නෙ,කිසිම දෙයක් තේරෙන්නෙ නෑ,ටිකක් බලල දාන්න හොද මූවී එකකට සබ් එකක් දෙද්දි,

    Reply
    1. SW

      එහෙම අවුලක් නම් නෑනේ Bro .Film එක හොදට තේරෙනවා.

      Reply
  5. Omindu Senanayaka

    Thanks

    Reply
  6. Shan

    sub eka download karanna bahane.

    Reply
  7. Ruchira Ravisara Dharmapala

    Aio meka nam patha gon part ekak parade mage time Eka kiyala hituna Antymta.

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.