කොහොමද අපිට පුළුවන් වුණොත් පොතක තියෙන චරිත වලට පණ දෙන්න. ආ..? නියමයි නේ… මම අද ඔයාලට අරගෙන ආව සලරුව ඒ වගේ එකක්. නම ඉන්ක්හාට්(Inkheart). මේ සලරුව නිර්මාණය වෙන්නේ ඉන්ක්හාට් කියන නමින්ම ලියවුණු පොතක් පාදක කරගෙන. නමුත් මේ සම්බන්ධයෙන් ලියවුණු තවත් පොත් 2ක් තියෙනවා. ඒවා නමින් ඉන්ක්ස්පෙල් (Inkspell) සහ ඉන…

කොහොමද අපිට පුළුවන් වුණොත් පොතක තියෙන චරිත වලට පණ දෙන්න. ආ..? නියමයි නේ… මම අද ඔයාලට අරගෙන ආව සලරුව ඒ වගේ එකක්. නම ඉන්ක්හාට්(Inkheart). මේ සලරුව නිර්මාණය වෙන්නේ ඉන්ක්හාට් කියන නමින්ම ලියවුණු පොතක් පාදක කරගෙන. නමුත් මේ සම්බන්ධයෙන් ලියවුණු තවත් පොත් 2ක් තියෙනවා. ඒවා නමින් ඉන්ක්ස්පෙල් (Inkspell) සහ ඉන්ක්ඩර්ත් (Inkdearth). හැබැයි මේ සිනවා පටයට පාදක වෙන්නෙ ඉන්ක්හාට් කියන පොත විතරයි. මේ ග්රන්ථ තුනේම නිර්මාණකරුවා, හරියටම කියනවා නම් නිර්මාණකාරිය වන්නෙ Cornelia Funke කියන ජර්මන් ජාතික කතුවරියයි.
මං කිවුවනෙ මේ සිනමා සිතුවමට පාදක වෙලා තියෙන්නෙ මුල් පොත විතරයි කියලා. නමුත් අනිත් පොත් 2ත් හරිම රසවත් පොත් 2ක්. පුදුමයි ඊට පස්සෙ ඒ පොත් 2න් සිනමාපට නිර්මාණය නොවෙච්ච එක ගැන. මේ සිනමාපටය නිකුත් වුණේ 2008 වර්ෂයේ. සිනමා පටය අධ්‍යක්ෂණය කරන්නෙ Iain Softley කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. සිතුවමේ නිෂ්පාදනයට ඉන්ක්හාට් ග්‍රන්ථයේ කතුවරියද දායක වෙලා තියෙනවා. සිනමා පටය 6.1 ක IMDb අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. සිනමාපටය පුරාවට අපිට හම්බෙන චරිත ටිකයි ඒවට පණපොවන නළු නිළි කැල ගැනත් පොඩ්ඩක් බලමු එහෙනම්…
මෙම සිනමා පටයේ ප්‍රධානම චරිතය තමයි මෝටිමර් ෆෝල්චාට්. මේ චරිතය රඟදක්වන්නෙ Brendan James Fraser දන්නවා ඇතිනෙ මෙයාව, අර මමී (Mummy) ෆිල්ම් සෙට් එකේ හිටියේ. අන්න එයා තමයි මේ. මෙයාගෙ දුව, ඒ කියන්නෙ මැගී ෆෝල්චාට් විදිහට සිනමා පටයේදී අපිට හමුවන්නෙ Eliza Hope Bennett කියන යොවුන් නිළිය. දැනට මෙයාගෙ වයස 22යි (මට වඩා අවුරුද්දක් වැඩිමල්නෙ. චඃ අපරාදෙ :D). මෙහෙම හිටියට මෙයා 2013 වසරේ සම්මානයකුත් දිනාගත්තා. මෙයාගෙ, ඒ කියන්නෙ මැගීගෙ අම්මා නැත්නම් මෝටිමර්ගේ බිරිඳ විදිහට Sienna Guillory රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම ඩස්ට්ෆින්ගර් ලෙස Paul Bettany ද, මෝටිමර්ගේ අක්කා වෙන එලිනෝ විදිහට Helen Mirren ද, ඩස්ට්ෆින්ගර්ගේ බිරිඳ වෙන රොක්සෑන් විදිහට Jennifer Connelly දරංගනයෙන් දායක වෙනවා. ඒ වගේම ප්‍රධාන දුෂ්ටයා වෙන කැප්රිකෝන් විදිහට Andy Serkis රංගනයෙන් දායක වෙනවා. ලෝඩ් ඔෆ් ද රින්ග් චිත්‍රපට මාලාවේම ස්මීගල්, නැත්නම් ගොලම් විදිහට රංගනයෙන් දායක වෙන්නේ මෙයා තමා. ඒ වගේම ටින් ටින් සිනමා පටයේ කැප්ටන් හැඩොක්ට හඬ සඳහාත්, මෑතදී නිකුත් වෙච්ච Planet of the Apes සිනමාපට දෙකේ සීසර් විදිහටත්, තම දායකත්වය ලබා දෙනවා. මෙයත් එසේ මෙසේ නළුවෙක් නෙවෙයි. සම්මාන පිට සම්මාන ගත්ත නළුවෙක් තමා. එහෙනම් දැන් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමුකෝ…
මෝටිමර් ෆෝල්චාට් කියන්නෙ විශේෂ හැකියාවක් තියෙන කෙනෙක්. මෙයා යම් විදිහකින් යම් කතා පොතක් ශබ්ද නගා කියෙවුවොත් ඒ පොතේ තියෙන චරිත වලට පණ දෙන්න මෙයාට පුළුවන්. මෙහෙම හැකියාව තියෙන එකම කෙනා මෙයා නෙවෙයි. මෙහෙම අය හුඟ දෙනෙක් ඉන්නවා. පොදුවේ මේ අයට කියන්නෙ සිල්වර්ටංලා (Silver Tongues) කියලයි. ඉතින් ඒ වුණාට මේ මෝටිමර් දැනගෙන හිටියෙ නෑ එයාට එහෙම හැකියාවත් තියෙනවා කියලා එකදවසක රාත්‍රියක ඉන්ක්හාට් කියන පොතේ ඉන්න චරිත තුනක් එළියට එනකම්ම. එයා ඉන්ක්හාට් කියන පොත කියවද්දි ඒකෙ ඉන්න කැප්රිකෝන් කියන දුෂ්ටයා, ඔහුගේ සගයා බැස්ටා සහ ඩස්ට්ෆින්ගර් කියන ඉන්ද්‍රජාලිකයා චරිත පොතෙන් එළියට එනවා. හැබැයි එහෙම එයාලා එළියට එනකොට මෝටිමර්ගේ බිරිඳ පොත ඇතුළට යනවා. කොහොම හරි මේ සිදුවීම වෙලා වසර 12ක් පමණ ගතවෙනවා. මේ වසර 12 පුරාවටම මෝටිමර් උත්සාහා කරන්නෙ කොහොම හරි ඉන්ක්හාට් පොතේ කොපියක් හොයාගෙන එයාගෙ බිරිඳ, රේසාවපොතෙන් එළියට ගන්නයි… එහෙනම් එයා ඒ පොත හොයා ගනීද, වසර 12ක් තිස්සෙ මේ ලෝකෙට ආපු කැප්රිකෝන්, බැස්ටා, ඩස්ට්ෆින්ගර් මොනවා කරනවා ඇත්ද, ඇත්තටම මගීගෙ අම්මා ඉන්නෙ පොත ඇතුළෙද? ඒ පොත ඇතුළේ ඉන්න භයානක සතා මොකාද? මේ හැමදේටම පිළිතුරු ඔයාලම හොයාගන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. පවුලෙ සැමටම මේ සිනමා පටය කම්මැලි කමකින් තොරව, මිනිත්තු 106ක් පුරාවට රස විඳින්න පුළුවන්…එහෙනම් සිනමා පට රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන් අපි යනවා. Baiscopelk එන හැමෝටම බුදු සරණයි…!!!
ආ…… මේ…. කස්ටිය අයිස් බකට් නාලද ඉන්නෙ…. මේ ළඟදි නම් දෙන්නෙක්ද කොහෙද නෑවා… දන්න අය දන්නවා ඇතිනේ… 😉
2009 April 17 පළකළ ලිපිය.
සුරංගනා කතාවක් වගේ ෆිල්ම් එකක් ගැනයි මේ කියන්න යන්නෙ..පොඩි අයට වැඩියෙන් ගැලපෙන එකක්..නමුත් හොද කතාවකින් රසවින්දනයක් ලබාගන්න හැකියාව තියෙන ඕන කෙනෙක්ට ගැලපෙනව..කතාව මෙහෙමයි..එක් පුද්ගලයෙක් ඔහුගේ සිගිති දියණියට සුරංගනා කතාවක් කියනව පොතක් බලාගෙන..නමුත් මේ පුද්ගලයා විශේෂ කෙනෙක්..ඔහු කියන කතා ඇත්ත වෙනව..මේ බව ඔහු දැනගන්නකොට පරක්කු වැඩියි..මම එහෙම කිව්වෙ ඇයි කියල ඔයාලට තේරෙයි කතාව බැලුවොත්..මොහු දියණියට කියවපු Inkheart නැමැති පොත අමුතු එකක්..එහි සියලු චරිත මෙලොවට පැමිණියොත් කොහොම වෙයිද?දුශ්ටයා,වීරයා වගේම අනික් සියලුම චරිත සැබවින්ම මෙළොවට පැමිණියොත්?ඔවු ඇත්තටම ඔවුන් සියල්ලම මෙලොවට පැමිණෙනව..මේ කතාවෙ ආරම්භය විතරයි..මෙතැන් සිට තමයි අපිට බලන්න දෙවල් තියෙන්නෙ..වෙනස් විදියක කතාවක්..ලස්සනයි..ඔයාල ක්‍රියාදාම,මිණීමැරුම්,හොල්මන් චිත්‍රපට වලින් හෙම්බත් වෙලා නම් බලන්න Inkheart ..වෙනසක් දැනේවි හිතට..
Due to copyright issues, we do not provide any torrent links.
Inkheart.2008.1080p.BrRip.x264.BOKUTOX.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,678 downloadsDownload Inkheart.2008.baiscopelk.zip93 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
53 comments
zoniczz
රොයිලි
පොඩි අයට වැඩියෙන් ගැලපෙන එකක් කිව්ව හින්දද කොහෙද වැඩියෙ කවුරුත් බාලා නැති පාටයි. දැන් කට්ටිය ටිකක් විතර ලොකු අයනේ. හිහ් හිහ්......
Anonymous
ane meka download karanna ba.....please puluwan nam ayith me film eka daanna.......please
Anonymous
torrent eka e site eken remove karala. please ayeth link ekak danna
gessy
elakiri machanzzzzzzz
thanxRamraj
මේකත් බැරි වෙළානේ.
Ramraj
මේකත් මට අතහැරිලා වගේ.
Viraj
බොහොම ස්තූතියි
sajith
හොද කතාවක් නේද තියෙන්නේ... කෝ ඉතින් අදනේ මම ආපස්සට ගිහිල්ලා බැලුවේ... එල කිරි....
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) තුති……. :)
ලක්ෂාන් නිලංක
මේ අපේ සමනනෙ දීලා තියෙන්නෙ....මෙන්න බෑවා...එලඑල...ජය වේවා....!
prabhath
denakan hitiye film eka thiyenawa subeka vgelapeda dn ne thanks
කේ.යූ.ජී. උදාර
නියමයි සමනා.........
සබට වගේම ලෝබ නැතුව ලිව්වටත් තුති.Jack
පට්ට
ස්තුතියිමචෝ සබ් එකට.Shehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
රවිඳු නිපුන්
එල එල..
ඔය තියෙන්නේ..
දෙනකල් හිටියේ...
තැන්කූ වේවා!!Supun
me hama film ekakama blu ray clip eka dnavanam hodai. sinhala subtitle godk vatinava e vagema video clip ekat hoda unama godk vatinava
Supun
nttm me hama film ekakama sinhala sub ekata galapena br rip eke link eka hari danavanam hodai yaluvaneee
Supun
elxxx macho sub ekata
Nimasha Wijewardana
ගොඩක් ස්තූතියි යාලු, ජය වේවා
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්ත )
නියමයි සහෝ.
බ්ලැක් පැන්තරයා කිව්වා වගේම සබ් එක දීලා.
නියමයි නියමයි.
බලන්න වටින කතාවක් වගේ.
සබ් එකට ගොඩ ගොඩාක් ස්තූතියි!
දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය ලැබේවා!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!නලින්
ස්තුතියි සමනා.. මේක ඒ දවස්වල බැලුවට මොකද දැන් නම් මතක නැහැ.
සිංහල සබත් දැන් තියන එකේ ආයේ නිවාඩු පාඩුවේ බලන්න ඕනේ..
ජය වේවා!
වරුණ රංගජිත් (වරූ)
niyamai samana
niyamai
supiri film 1kata sub genahalla tiyenne
oyta jayama wewa...me
Thanks
ගයාන් රූකාන්ත (ජෝනා)
පැන්තර් සබ් එකක් කොරලා හික්ස්
ඔන්න ගත්තා මචෝ සබට තුති ජය.!! :) :)Ishan
අනේ කවුරුහරි මේ film වලටත් sub හදන්නකෝ...
Make Your Move (2O13)
Bad Johnson (2O14)
Better Living Through Chemistry (2O14)vihanga
Thanks a lot bro..........
ඉසු ඩිපි (Isu DP)
නියමයි සමන් සහෝ.. :-P
හොද කතාවක් වගේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!Yenu
Thank you............
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!D CRAIZY
සබට බොහොම ස්තූතියි සහෝ...!
Nuwan
thanx malli sub walata
puluwannam menna me film ekatath sub denna
I, Frankenstein (2014)Saman Prasad ( Black Panther )
Mekata sub eka dila thiyenne aiye. search karala balanna. adahas dakwimata sthuthi. :)
Sanjaya
උපසිරැසියට ස්තුතියි සහෝ…!
චන්දිම අමරසිංහ
niyamai thaz..
Tharindu
Thank you wewa...:)
Kulanjana Maduranga
ela ahhhhhhhhhh....subata thanks SAMAN saho.ohoma yn....jaya wewa...........
sachith
thanks a lot friend. Budusaranai!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)janaka kalu
elakiri machanzzzzzzz
thanx...“චූටී මල්ලි”
හිතුනොත් බලන්න ඔනි සමනෝ
කොහොමත් මේ පොත් මාසෙනෙ
එල
කවුද බන් ඔය නාපු අය
සබට තුති
ඔබට ජය............search engine
Thanks for finally talking about > Inkheart (2008) |
පොත් කියවනකොට බලාගෙනයි.[සිංහල උපසිරසි සමඟ] | බයිස්කෝප් සිංහලෙන් < Liked it!
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි ආ, මම කැමතිම ජාතියේ එකක්, බොහොම ස්තුතියි උපසිරසියට,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. උපසිරැසි එක්ක ආපහු බලන්නම්කෝ. ජය෴෴ :P :P
ශාන් විමුක්ති [විමා]
උබත් දැන් හොද පොටකට හැදීගෙන එනවා
නාපු උන්ව මට මතක නැහැනේ බන්
ඔන්න එහෙනම් උබ කෝල් එකක් දීලා කියාපු විදියටම කමෙන්ට් කරන්නයි හදන්නේ
'ෂාහ් මරුනේ බන් නියම ෆිලුමක් ඈ
උබ O/L ඉංග්‍රීසි පාස් නේ
ඉන්ටව් එකෙන් සමත්නේ,
විභාග සහතිකේ ඉදිරිපත් කොලානේ සබ් එක එවන්න කලින්
එළකිරිස් ඈ
සබ් එකට බොහොම ස්තුතියි'ඔන්න අර කමෙන්ට් එක දැම්මා
ආයේ කෝල් කරලා කරාර කරන්ට එපා ඈ
අයි මට ඔහොම කමෙන්ට් එකක් දන්නා කිවුවේ බන් o.OSaman Prasad ( Black Panther )
o.O
earnga pathirage
ela bn
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
Amila Buddhika
jaya wewa
wade nam ela
barida Spiderwick Chronicles movie ekata subs dennatharindu
thank you very much..:-)
nilantha
The Hobbit: The Battle of the Five Armies eke sub dennako
nidi
Saman, surangana katha wunath hondata idiripath karala thiyenawa nam bala inna puluwan. kohomath film kiyanne mayawakne. mekath niyamai. mata nam Jurasic World film ekata wediya hondai.(mage taste eka, honde.) thanks. lipiyath godak hondai. ekatath thanks!
Advertisement

thnkz aiya...oyage blod eken thama dan mama films download karanne...eth sinhalen comments danna bane apita? :-(