මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා. මම සමහර හින්දි චිත්‍රපටි වලට නම් එච්චරම කැමැත්තක් නැහැ. මොකද සමහරක් හින්දි චිත්‍රපටි තාත්වික බවින් තොර වනවා මෙන්ම ප්‍රේක්ෂක මනසට අර්ථාන්විත බවක් එකතු කරන්නේ නැහැ. නමුත් ප්‍රේක්ෂකයාට සිතීමට යමක් ඉතිරි කරන, ජීවිතයට යම්කිසි අර්ථ…

මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා. මම සමහර හින්දි චිත්‍රපටි වලට නම් එච්චරම කැමැත්තක් නැහැ. මොකද සමහරක් හින්දි චිත්‍රපටි තාත්වික බවින් තොර වනවා මෙන්ම ප්‍රේක්ෂක මනසට අර්ථාන්විත බවක් එකතු කරන්නේ නැහැ. නමුත් ප්‍රේක්ෂකයාට සිතීමට යමක් ඉතිරි කරන, ජීවිතයට යම්කිසි අර්ථාන්විත පණිවුඩයක් ලබා දෙන චිත්‍රපටිද බොහෝමයක් තිබෙනවා. මම ඒ වගේ චිත්‍රපටියකට තමා අද උපසිරැසි අරන් ආවේ. මම මේ චිත්‍රපටියේ දකින විශේෂත්වය තමා ආදරය සහ ඒ සම්බන්ධ හැඟීම් ඉතාමත්ම තිවුර ලෙස දැක්වීම. මට හිතෙන විදියට මේ චිත්‍රපටියෙන් ආදරය යනු කුමක්ද කියා ඉතාමත් හොඳින් අර්ථ දක්වනවා. ආදරය සහ ආශාව යන හැඟීම් දෙක පටලවාගෙන තියෙන අද සමාජයට මේ චිත්‍රපටියෙන් ඉතාමත්ම හොඳ පණිවුඩයක් ලබා දෙන බව මම හිතනවා. ඒ නිසා මම හිතන්නේ හැමෝම මේ චිත්‍රපටිය නරඹන්න ඕන කියලා.ඉතාමත්ම ලස්සන , මතකයේ රැඳෙන ගීත කිහිපයක් මේ චිත්‍රපටියේ තිබෙනවා. “Aisa Kyun Hota Hai ” ගීතය ඒ අතරින් එකක්.
මම මේ චිත්‍රපටියේ එක් ගීත ඛණ්ඩයක් උපුටා දක්වන්නම්. ඔයාලා බලන්න එයින් ආදරය කොතරම් විචිත්‍රවත් ලෙස ඉදිරිපත් කරනවාද කියා…………..
♪ මේ ලොවම… ♪
♪ ඔබ නැත්නම් නිකන්ම හිස් තැනකි ♪
♪ කෙලෙසද මා දරා ගන්නේ… ♪
♪ කෙලෙසද මා ඔබට පවසන්නේ? ♪
♪ ”එකඳු මොහොතක් හෝ මා හට ♪
♪ ඔබ අමතක කර සිටිය නොහැකි බව” ♪
♪ ”දහවල පුරාවටත්, රාත්‍රිය පුරාවටත්…” ♪
♪ මගේ හදවත… ♪
♪ උමතුවෙන් ඔබවම පතන්නේ. ඇයි? ♪
දැන් අපි චිත්‍රපටිය දිහාට හැරෙමු. මේ තමා එක් රැයකින් සහීඩ් කපුර්ව, සුපිරි තාරකාවක් බවට පත් කළ ඔහුගේ මුල්ම චිත්‍රපටි රංගනය. මෙහි ප්‍රධාන නිළිය ලෙස රඟපාන්නේ අමිරිතා රාඕ වන අතර සංගීතය අනු මලික්ගෙනි. අනූ මලික් කියන්නේ Baazigar, Akele Hum Akele Tum, Border, Main Hoon Na යන අතිශය ජනප්‍රිය ගීත අඩංගු චිත්‍රපට වලටද සංගීතය නිර්මාණය කළ ශිල්පියායි. මෙහි රංගනය වෙනුවෙන් සහීඩ් කපුර්ට, Filmfare Best Male Debut සම්මානය හිමි වුණා. එමෙන්ම අමිරිතා රාඕට IIFA සම්මාන උළෙලේදී Best Female Debut සම්මානයත් හිමි වුණා. එමෙන්ම මෙම චිත්‍රපටිය තවත් සම්මාන රැසක් දිනාගෙන තිබෙනවා.
අපි දැන් චිත්‍රපටියේ කතාව දිහාට ටිකක් හැරෙමු. රජීව් (සහිඩ්) සහ පායල් (අමිරිතා) පොඩි කාලේ ඉඳන්ම හොඳ යාළුවො. ඉතින් යම්කිසි දෙයක් නිසා මේ යහලුකම ප්‍රේමයක් බවට පත් වෙනවා. පායල්, රජිව්ට ඇත්තටම ආදරය කරත්, රජීව් එයාගෙන් බලාපොරොත්තු උණේ වෙන දෙයක්. මේ නිසා මේ දෙන්නගේ ප්‍රේමයට කුමක් වේද? තව, රජිව්ගේ යාළුවා මැම්බෝ (Vishal Malhotra) සහ පාසලට අලුතෙන් එන අලීෂා (Shenaz Treasurywala) මේ ප්‍රේම කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා මේ චිත්‍රපටිය නරඹලාම දැන ගන්න කියලා මම ආරාධනා කරනවා. ලස්සන ආදර කතාවක් නිසා සැම දෙනාටම බලන්න කියලා මම ආරාධනා කරනවා. හා තව එකක්, මතක ඇතුව comment එකකුත් දාල යන්න (බැනල උණත් කමක් නැහැ). ඔයාලා දාන comments අපිව තවත් දිරිමත් කරනවා. අමුතු විදියේ English movie එකක් එක්ක ඉක්මනටම හම්බවෙමු. ඔබට ජය.
3AA52AD1DDCC06A2D5FB7FB9284AACEA6D4DECBC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,100 downloadsDownload Ishq.Vishk_.2003.baiscopelk.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/IsharaV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර වෙත්තසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉෂාර වෙත්තසිංහ
Subtitles
46 comments
jack
නලින්
ස්තුතියි ඉෂාර සහෝ
ජය වේවා!
keerthi
Maru parana lassana movie ekakne
Good ma good jobNuwan Tharaka (Reno)
සුපිරි ගොඩාක් ස්තුතියි මචන්
කලින් බලලා තියෙනවා එ්ත් සබ් එකත් එක්ක ආයේ බලනවාkelum
thawath hindi film ekak neda ? .niyamai.thnx bro.....
Chami
ස්තුතියි යාළුවා මාත් එච්චර හින්දි වලට කැමති නෑ ඒත් මේ වගෙ ලස්සන ආදර කථා වලට කැමතියි....
Mayura Suraj
Uba oya kwwa sng eka nm patta lassanai. film eka balala nam na. dan balanna ona. jaya
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි ඉෂාර සහො :D :D ජය
යශෝධ
කලින් බලලා තියෙනවා මචන් .. කිව්වත් වගේ නියම ෆිලුමක් තමා..
අම්රිතා ඉන්න ඒවා ඉතින් කොහොමත් බලනවා..
උපසිරසට බොහෝම ස්තූතියි.. මෙන්න බානවා....
ජයම වේවා.. !
එලස්ස්ස්.....ස්වර්ණරේඛා
ලස්සන ෆිල්ම් එකක් ,මාත් බලන්න ආසවෙන් හිටිය එකක් ,ඒත් මගහැරුණා .දැන් සබ් එක්කම බලනවා ,
බොහොම ස්තුතියි ,දිගටම සබ් දෙන්නniroshan
හින්දි නම් බලනවා අඩුයි. යාලුව දීපු නිසා නොබල කොහොමද. සබ් එක කලින් දීපු එකට වඩා හොදට ලියල තියෙනවා. ගොඩක් හොදයි. මගෙනුත් ඔයාගෙ දෙවන නිර්මානයට සුබ පැතුම්.
සමීර චතුරංග
කලින් බලලා තියෙනවා මේක..ඒත් සබට ස්තුතියි.
Kulanjana Maduranga
mmth kalin baluawata sinhala sub ekka nemei baluwe.dn sub ekkama balanna puluwan.subata thanks ISARA saho.digatama sub denn.jayen jaaya....
waru
Kalin balala na. godaak thanks
Thanu
Thanx saho sub 1ta... Ara denawa kyapu "amuthu widihe english movie" 1 ikmanata denda hode...
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Aditha Praween
නියම චිත්‍රපටියක්
මම ආසම නිළියක් ඉන්නේ
අනිවා බලනවා .
දිගටම මේ වගේ සබ් දෙමු .
:Dආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
balala තියේ කියල මතකයක් නම් තියේ...ඒත් හරිහැටි නිච්චියක් නැ බොලේ..
ඒ නිසා අරගෙන බලන්න ඕනේ..
ජය වේවා.Asela
ජයවෙවා ෆිට් තමයි හොදේ
kavinda gamage
සුපිරි ගොඩාක් ස්තුතියි
“චූටී මල්ලි”
කලින් බලලා නෑ
බලමුකො ට්‍රයි එකක් දිලා
මේක බලන්න
සබට තුති
ඔබට ජය........ඉෂාර වෙත්තසිංහ
මෙතෙක් අදහස් දැක්වූ සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. ෆිල්ම් එකකට සබ් දාන්න අපි ගන්න මහන්සියට වටිනාකමක් එකතු කරන්න ඔබ දක්වන අදහස් බොහෝ සෙයින් ඉවහල් වෙනවා. අදහස් දැක්වූ ඔබ සියලු දෙනාට නැවත වරක් බොහොම ස්තුතියි..........
Chami.S
Thanks for sub..
La හිරු
පට්ට ඇති කියල හිතනව... බලමුකො... බොහොම ස්තුතියි සහෝ........
nuwan
elama thamai machan thank you wewaa....!
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ, ජයවේවා.
Isu DP
Niyama Filumak Wage....
Adara Kathawak Ne... Balamu Blamu....
Ara Genawai Kiypu Amuthu English Eka Ikmanin Gemu....
Subata Thuthi...
Jaya Wewa !!! :-) :-)banuka
supiri film 1k.............
akshege film tikkak dennako.......sasanka
machan patta film ekak mama essara balala thiyanava aith balanava machan thanks sub ekata
lasanthi
thanks saho................... lassana film ekak, sub ekka aye balanawa,,,,,,,, give us more films...........................
වරුණ රංගජිත් (වරූ)
තෑන්ක්ස්…
ජය වේවා… සහෝ…dilsap
ty bro
nice film
keep it up :)siraa
thanks.
බොහොම ස්තුතියි සහෝ, ජයවේවා.Mihiraj
Thanks, නියමයි නියමයි,
රොයිලි
බොහොම ස්තූතියි ඉෂාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉෂාර වෙත්තසිංහ
මෙතෙක් අදහස් දැක්වූ ඔබ සියළු දෙනාටම ගොඩක් ස්තුතියි.
sarange
tnx.
nuwan
thank you machan
ඉෂාර වෙත්තසිංහ
මෙතෙක් අදහස් දැක්වූ ඔබ සියලු දෙනාට ගොඩක් ස්තුතියි.
lahiru
:D ela ah
ඉෂාර වෙත්තසිංහ
මෙතෙක් අදහස් දැක්වූ ඔබ සියලු දෙනාට ගොඩක් ස්තුතියි.......................
tharaka23
mage favoritema monie 1k thanks sub dunnata.....
ඉෂාර වෙත්තසිංහ
මෙතෙක් අදහස් දැක්වූ ඔබ සියලු දෙනාට ගොඩක් ස්තුතියි………
Naween
Post එක නම් පට්ට ඈ...
කතාවත් අනිවා පට්ට ඇති.
උපසිරැසියට බොහොම තෑන්ක්ස් සහෝ...
ඔබට ජය...!ඉෂාර වෙත්තසිංහ
ස්තූතියි Naween සහෝ...................
P.K
I've watches this movie before...Nice one...Thanx for the sub saho..
Advertisement

නියමයි සහෝ...
ස්තුතියි සබ් එකට........