Watch Trailer

Jathi Ratnalu (2021) Sinhala Subtitles | ජාතික වස්තු…!!! [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාහට. යලිත් නිහැඬියාවකට පසු බයිස්කෝප් අඩවියට ගොඩවෙන්න හදන්නේ මේ වසරේ තවත් අතිසාර්ථක ලෙස තිරගතවෙලා අවසන් වුනු චිත්‍රපටයක් ඔබවෙත අරගෙන. තනිකර කොමඩි ප්‍රභේදයේ චිත්‍රපටියකට අත ගහන්නේ ටික කාලෙකින් සහ හොඳ කොමඩි චිත්‍රපටයක් තෙලුඟු සිනමාවට නිකුත් වෙන්නෙ බොහෝ කාලෙකින්. ඉතිං පහ…

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාහට. යලිත් නිහැඬියාවකට පසු බයිස්කෝප් අඩවියට ගොඩවෙන්න හදන්නේ මේ වසරේ තවත් අතිසාර්ථක ලෙස තිරගතවෙලා අවසන් වුනු චිත්‍රපටයක් ඔබවෙත අරගෙන. තනිකර කොමඩි ප්‍රභේදයේ චිත්‍රපටියකට අත ගහන්නේ ටික කාලෙකින් සහ හොඳ කොමඩි චිත්‍රපටයක් තෙලුඟු සිනමාවට නිකුත් වෙන්නෙ බොහෝ කාලෙකින්. ඉතිං පහුගිය අප්‍රේල් 11 ප්‍රයිම් ඔස්සේ ඩිජිටල් අවකාශයට මුදා හැරුණු වසරේ සාර්ථකම කොමඩි තෙලුඟු චිත්‍රපටය ඔබේ අතට මෙලෙස පත් කරන්නට ප්‍රමාද වීම ගැන මුලින්ම සමාව ඉල්ලා සිටින අතර එයට ප්‍රධානම හේතුව මෙහි තිබුණු ලයින් 3300කට අධික දෙබස් ලයින් ප්‍රමාණය බව සඳහන් කරන්න කැමතියි. අවුරුදු සමය අතරතුර නිසා නිතරම මේ මත්තේ යෙදී සිටින්නටත් කාලයක් නොලැබුණු නිසයි උපසිරැසිය ඔබ අතට පත් කරන්න මෙතරම් ප්‍රමාද වුනේ. සාමාන්‍යයෙන් කොමඩි චිත්‍රපට වල දෙබස් ප්‍රමාණය වැඩි බව දන්නා නමුත් මගේ උපසිරැසි ජීවිතයේ දුටු දිගම උපසිරැසිය මෙය වේවි යැයි මම කීයටවත් හිතුවේ නැහැ. කෙසේ වෙතත් කොමඩි රසයට හානි නොවෙන ලෙස කාලය අරං හෙමින් උපසිරැසිය අවසන් කර ලබාදීමයි මගේ වුවමනාව වූයේ. මොකද බයිසකොප් අඩවිය ගැන ඔබ තබා ඇති විස්වාසය කොතරම්ද කියනවානම් හදිසියෙන් දෙන උපසිරැසියට වඩා ප්‍රමාදවී හෝ ගුණාත්මකව ලබාදෙන අප අඩවියේ උපසිරැසිය නිකුත් වනතුරැ ඔබ බලාසිටින බව අප දනිමි. ඒ විස්වාසයට අප ගරු කරන්නෙමු!

චිත්‍රපටය කෝටි හතරක බජට් එකකින් නිපදවූවක්…
ප්‍රමුඛ පෙලේ නළු නිලියන් නොවන, සාමාන්‍ය නළු නිලි කැලක් රංගනයේ යෙදෙන චිත්‍රපටයක්…
නමුත් කෝටි හැත්තෑවක්-අසූවක් උපයාගෙන බොක්ස්ඔෆිස් මල්ල තද කරගන්නට සමත් වූවක්…
IMDB මනාප පන්දාහකට ආසන්න ප්‍රමාණයකින් 7.4/10 අගයක් ලබාගත් චිත්‍රපටයක්…
2021 දෙවන කාර්තුවේ තෙලුඟු සිනමාවේ බොක්ස්ඔෆිස් පෙරලියක් කල චිත්‍රපටයක්…
තෙලුඟු සිනමාව ගැන උනන්දුවෙන් සිටි සියලු දෙනා එනකල් බලාගෙන හිටපු චිත්‍රපටයක්…
ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ,
මේ අවුරුද්දේ ආපු හොඳම චිත්‍රපටයක්..
කාලෙකින් ආපු හොඳ කොමඩියක්…
ඉතිං නොබල අත අරින්නේ කොහොමද?

2019 ආපු Agent Sai Srinivasa Athreya චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කල නවීන් පොලිශෙට්ටි සමගින් රාහුල් රාමක්‍රිෂ්ණා සහ ප්‍රියදර්ශි තමයි මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙන්නෙ. නවීන් පොලිශෙට්ටි ගැන කතා කරොත් නවීන් පොලිශෙට්ටි, විජේ දේවරකොණ්ඩා යනු කලක් තිස්සේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ රංගනයේ නිරතවෙමින් සිනමාවට පිවිසීම බොහෝ කලක් අරගල කරමින් පරිශ්‍රමය දැරූ සමකාලීන සහෝදර රංගන ශිල්පීන්. නවීන් මුලින්ම සිනමා තිරයේ අවකාශයක් ලැබෙන්නෙ 2012 දී Life Is Beautiful චිත්‍රපටයෙන්. පසුව විවිධ චිත්‍රපටය කීපයක සහය චරිතවල නිරත වූවත් Agent Sai Srinivasa Athreya චිත්‍රපටයේ ප්‍රධාන චරිතයෙන් ඔහු දැඩි ප්‍රේක්ෂක පැසසුමකට ලක්වනවා. ඒත් සමගම ඔහුට බොලිවුඩයේ Chhichhore 2019 චිත්‍රපටයේද සහය චරිතයක රංගනයේ යෙදීමට අවස්ථාව හිමිවනවා. බලාපොරොත්තු තබාගත හැකි දක්ෂ නළුවෙක් ලෙස නවීන් පොලිෂෙට්ටිව ඒ සමග හැඳින්වූ අතර, ජාති රත්නාලු චිත්‍රපටයත් සමග එය වඩ වඩාත් තහවරු වනවා. ඉතින් නවීන් පොලිෂෙට්ටිට අමතරව මේ චිත්‍රපටයේ නිළිය ලෙස ෆාරියා අබ්දුල්ලා නවක මුහුණක් තෙලුඟු සිනමාවට දායාද වෙනවා. මීට අමතරව මුරලි ශර්මා, වෙන්නිල කිෂෝර්, බ්‍රහ්මජී, විජේ නරේෂ්, තනිකෙල්ලා භරණි යන අයද සෙසු චරිත සඳහා දායක වන අතර ඊට අමතරව සිනමාපට 1150කට අධික ප්‍රමාණයකට රංගනයෙන් දායක වුනු ගිනෙස් වාර්තාලාභී ශ්‍රේෂ්ඨ විකට නළු බ්‍රහ්මන්නන්දම් මහතාද මෙහි ආරාධිත රංගනයක් සඳහා දායක වනවා. ඔහු රංගනයේ යෙදෙන තිර කාලය තුල මුළු චිත්‍රපටයම ඔහු විසින් සොරාගන්නවා කිව්වොත් නිවැරදියි. ඊට අමතරව කීර්ති සුරේෂ් සහ විජේ දේවරකොණ්ඩාද මෙහි සුළු ආරාධිත රංගනයක නිරත වනවා. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ජාතික සම්මානලාභී මහානටී අධ්‍යක්ෂක නාග් අශ්වින් විසින් වෛජයන්ති සිනමා නිෂ්පාදන පවුලට අයත් ස්වප්නා සිනමා බැනරය යටතේය. නවක සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන අනුදීප් KV විසින් මෙය අධ්‍යක්ෂණය කරනු ලැබ තිබෙනවා.

කතාව ගත්තොත්, ශ්‍රීකාන්ත්, රවී සහ ශේකර් යන තරුණ කොල්ලෝ තුන්දෙනා යනු ජෝගිපෙට් ගමේ නිතර අවමානයට ලක්වෙන, කාලකන්ණි ලෙසින් සැලකෙන පුද්ගලයෝ තුන්දෙනෙක්. තරුණ ලේ වැඩීමත් සමග මේ පරිසරය දිගින් දිගට දරාගන්න බැරිම තැන මොවුන් හයිද්‍රාබාද් වෙත ගොස් ජීවිතේ ස්ථාවර කරගන්න බලාපොරොත්තුවෙන් ඒ සඳහා පිටත් වෙනවා. ඉන් පසු සිද්ධ වෙන පෙරළිකාර සිදුවීම් රැසක් ඔබට චිත්‍රපටය අරගෙන බලාගෙන ගියොත් නරඹන්න පුළුවන් වේවි 😉. එතනින් එහාට කියන්න යන්නේ නැහැ. මිනිත්තු 150ක් පුරා දිවෙන කොමඩි චාරිකාව ඔබටම බාරයි.

දැවැන්ත ප්‍රචාරණ වැඩසටහන් ගණනාවකින් පසුව මාර්තු 11 ලොවපුරා විවෘතව ඇති සිනමාහල් වල තිරගතවීම සඳහා නිකුත් වුනු මේ චිත්‍රපටය පළමු දිනයේ දී ඉන්දියානු රුපියල් කෝටි 5ක හොඳ ආරම්භයක් සමග කික් ස්ටාට් එකක් ලබාගත් අතර ප්‍රේක්ෂකයින්ගේ ධනාත්මක ප්‍රතිචාර හිමිවීමත් සමග දෙවන දිනය එය කෝටි 15ක් බවට පත්වුයේ දැවැන්ත ගමනක ආරම්භයකට මුල පුරමින්. මාර්තු 26 වනවිට එය ඇමරිකාවේ තිරගතවෙමින් ඇමරිකානු ඩොලර් මිලියනයේ ආදායම් සීමාව පසු කරන්නට සමත් වූයේ මාස්ටර් චිත්‍රපටයද පසු කර යමින්. අප්‍රේල් 11 එය ඇමේසන් ප්‍රයිම් හරහා ඩිජිටල් අවකාශයට නිකුත් වනවිට චිත්‍රපටය ඉහලින්ම බ්ලොක්බස්ටර් ලේබලය අලවාගන්නට සමත්ව තිබුනා.

එහෙනම් යන්න අවසරයි. අරගෙන බලන්න කියල ආරාධනා කරනවා බලලා රසවිඳින්න කියල ආරාධනා කරනවා. මේක මට උපසිරැසි කරන්න අවස්ථාව ලබාදුන්නු ඇඩ්මින් මණ්ඩලයටත් ස්තුතිය පල කරන ගමන්, බයිස්කෝප් පවුලේ සහෝදර උපසිරැසිකරුවන් හැමෝමවත් මතක් කරන ගමන් හැමදාම අදහසක් පල කරන සැමට හෘදයාංගම ස්තුතිය පල කර සිටිනවා. ඒ වගේම විවේචනයක්, අගයකිරීමක්, බැනුමක්, දිරිගැන්වීමක්, වැරද්දක්, නිවැරදි කිරීමක් ඔය මොනවහරි කියන්න තියේනම් අදත් පහල තීරුව විවෘතව තිබෙනවා එහි අදහසක් පලකරගෙන යන්නත් ආරාධනා කරනවා. ඒ වගේම එතන කියන්න බැරි දෙයක් තියේ නම් [email protected] ඊමේලයට උනත් ඕනම දෙයක් එවන්න ඔබට හැකියාව තියෙනවා. වැරද්දක් තිබේ නම් ඒවා නිවැරදි කරගන්න අප ඕනම වෙලාවක සූදානම්ව සිටින බවත් සඳහන් කරන්න කැමතියි. ඔබට අප හා සමීප වන්නට තවත් ඉඩකඩ වෙන්ව පවතින තැන් කීපයක්ද පහලින් සඳහන් කරන ගමන් මා සමුගන්නවා. ඔබට ජයෙන් ජය..!!!

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පිටුව – https://www.facebook.com/Baiscopesinhalen/
බයිස්කෝප් සිංහලනේ නිල ෆේස්බුක් එකමුතුව – https://www.facebook.com/groups/Baiscopesinhalen/

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

14,130 downloadsDownload Jathi-Ratnalu-2021.zip104 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

14,130 downloadsDownload Subtitles104 KB

38 comments

  1. Neo

    Thanks brother
    Keep it up

  2. Deshan

    අඩේහ් මේක නම් දෙනකන් බලන් හිටියේ
    උපසිරසියට ස්තුතියි සහෝදරයා
    ජය වේවා!!

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  4. tharidu16

    thanks machi

  5. Anonymous

    Thank you brother

  6. Kasun

    Comedy nm wadya balanne na
    Hbai wisthare hatyata nobalath ba wage

  7. Sameera

    Godak isthuthii....maga balagena hitiya sub 1k..

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:

    MANDELA (2021) Tamil Proper HDRip

  9. Anonymous

    Thankz bn

  10. Sahan

    Thanks brother
    Digtma aluth ewa demu

  11. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  12. Anonymous

    Thankz machi

  13. isuru srinath sjs

    හුග දවසකින් නේ.. එලම..
    බොහොම ස්තුතියි මචං..

  14. Kushan

    Thankz sub akta

  15. tharidu16

    macho -mandala- eka avilla neda. sub1 karapanko

  16. Jevan

    Thanks machi

  17. kelum

    thank u bro..

  18. Anonymous

    Sub ekata thanks brother

  19. samith

    Thanks brother

  20. මයිකි

    තැන්ක්ස් මචො සබට

  21. Kevin

    Thanks brother
    Keep it up

  22. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  23. Anonymous

    Thanks brother

  24. Shaggy

    බොහොම ස්තූතියි සහෝ

  25. Navod

    Font eka mokadda bro meke.. wada nane..

    1. Anonymous

      same issue bro not working

  26. Malith Samarawickrama

    Thanks bro sub ekata

  27. indika75

    thanks..

  28. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  29. Udaya Fdo

    Thank you

  30. TEP

    sadaranayak karala thyenawa kepawimak karala thiyenawa thanks for give us this sub.

  31. lakshan

    thanks .....................

  32. shash

    balapu pattama joke eka

  33. ruchika

    king 2008 telugu movie ekata sub one

  34. Anonymous

    Thank you very much

  35. jagath55

    Thanks

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.