Watch Trailer

The Taking of Pelham 1 2 3 (2009) Sinhala Subtitles | උද්වේගකාරී දිනයක්.. [සිංහල උපසිරසි]

සුබ අලුත් අවුරුද්දක් වේවා… පහුගිය දවස් ටිකේ වැඩ ටිකක් ගොඩගැහිලා තිබ්බ නිසා උපසිරසියක් අරන් එන එක පොඩ්ඩක් විතර පරක්කු වුනා. කොහොම හරි ලැබිච්ච පොඩි ඉඩත් මේ වැඩේටම යොදලා ඔන්න මං අද තවත් ලස්සන චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් ආවා. අඩවියේ ලෂාන් සහෝදරයා අඳුරගන්නේ මං පළවෙනි කඩඉම පහුකරන්න ඔන්න මෙන්න ඉන්නක…

සුබ අලුත් අවුරුද්දක් වේවා…

පහුගිය දවස් ටිකේ වැඩ ටිකක් ගොඩගැහිලා තිබ්බ නිසා උපසිරසියක් අරන් එන එක පොඩ්ඩක් විතර පරක්කු වුනා. කොහොම හරි ලැබිච්ච පොඩි ඉඩත් මේ වැඩේටම යොදලා ඔන්න මං අද තවත් ලස්සන චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් ආවා. අඩවියේ ලෂාන් සහෝදරයා අඳුරගන්නේ මං පළවෙනි කඩඉම පහුකරන්න ඔන්න මෙන්න ඉන්නකොට. එදා ඉඳන් උපසිරසි වල අඩු පාඩු පෙන්නලා දීලා, චිත්‍රපටි හඳුන්වලා දීලා උපසිරසි හදන්න මාව ගොඩක් දිරිමත් කලා.

The Mummy චිත්‍රපටි මාලාව, Vanilla Sky, Bend it Like Beckham වලට උපසිරසි හැදුවේ ලෂාන් සහෝදරයා නිසා. මේ අතරේ මං උපසිරසි හදපු The Taking of Pelham One Two Three (1974) චිත්‍රපටයේ උපසිරසිය පලවීමත් එක්ක ලෂාන් සහෝදරයා ඒ චිත්‍රපටයේම නව නිර්මාණය වන The Taking of Pelham 123 (2009) චිත්‍රපටයට උපසිරසියත් ඔයාම හදන්න කියලා යෝජනා කලා. ඒ වෙනකොට අඩවියේ චිත්‍රපටය ගැන ලිපියක් විතරයි තියෙන්නේ කියලා කිව්වා. ඉතින් ඒ යෝජනාවත් ආදරයෙන්, බොහොම කැමැත්තෙන් බාර අරන් අද ඔයාල වෙනුවෙන් මේ සිංහල උපසිරසිය අරන් ආවා.
ඇත්තටම මේ
උද්වේගකාරී දිනයක්…

2009 ජූනි 12 වනදා තිරගත වීම ආරම්භ වුන මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Tony Scott විසිනි. Top Gun, Enemy of the State, Man on Fire, Déjà Vu, Unstoppable වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට රාශියක අධ්‍යක්ෂකවරයෙක්.

පළමු චිත්‍රපටය මෙන්ම මුදල් ලබා ගැනීමේ අරමුණින් උමං දුම්රියක් පැහැරගැනීමත්, ප්‍රාණ ඇපකරුවන් නිරුපද්‍රිතව බේරා ගැනීමත් මෙම චිත්‍රපටයෙන් දැක්වෙනවා.
Denzel Washington, John Travolta, John Turturro, Luis Guzmán, Michael Rispoli සහ James Gandolfini මෙහි රංඟනයෙන් දායක වෙනවා.

විනාඩි 106ක් පුරා දිවෙන මෙම චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය ඇ.ඩො. මිලියන 100ක් වන අතර බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩො. මිලියන 150ක් වේ. මෙම චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 6.6ක්, Rotten Tomatoes 51% ක අගයක් ලැබී ඇත. Google පරිශීලිකයින්ගෙන් 88%ක කැමැත්ත මෙම චිත්‍රපටයට ලැබී ඇත.

චිත්‍රපටය ගැන මුලින්ම අඩවියේ ලිපිය පලකල සහෝදරයාටත්, මේ චිත්‍රපටය මට හඳුන්වා දී වෙන්කර දුන්න ලෂාන් සහෝදරයාටත් මගේ හදපිරි ස්තුතිය පුද කරනවා.

ඩෙනසිල් වොෆින්ටන් සහ ජොන් ට්‍රැවොල්ටා කියන්නේ ඉතින් බලන්න වටිනම චිත්‍රපටයක් තමයි…

එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා…

~ ජය වේවා ~

2009 දෙසැම්බර් 3 පොතේ ගුරා සොහොයුරා විසින් පල කළ ලිපිය.

අද මම කට්ටියට අරගෙන එන්නේ ත්‍රාසයෙන් පිරි මරු ක්‍රියාදාම චිත්‍රපටියක්. මම මුලින් මේක එච්චර ගණන් ගත්තෙ නැහැ, ඒත් මගේ යාළුවෙක් තමා මේක එල කියල කිවුවේ. ඔන්න ඒ නිසා කට්ටිය එක්කම බෙදා ගන්නවා.

කතාව කෙටියෙන් කිවුවොත් මෙහෙමයි. මෑන්හටන් නගරයේ තවත් කාර්යබහුල දිනයක් උදා වෙයි. මිනිසුන් දහස් ගණනක් එහා මෙහා ගෙනියන Pelham 1 2 3 නම් උමං දුම් රියක් අවිගත් කොල්ලකරුවන් පිරිසක් තමන් භාරයට ගන්නවා. එදා පාලක මැදිරියේ භාරව කටයුතු කරන්නේ පගා ගැනීමකට සැක කරුවෙකු වූ Walterයි. කොල්ලකරුවන් ඩොලර් මිලියන 10 ක් කප්පම් වශයෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් මේ ගනුදෙනුව කතිකා කරගන්න කැමති වෙන්නේ මේ Walter එක්ක පමණයි.

මේක 1974 දී නිකුත් වුන බයිස්කෝප් එකක නැවත නිර්මාණයක්. ත්‍රාසය සපිරි මේ බයිස්කෝප් එක එක හුස්මට බලන්න පුලුවනි.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,670 downloadsDownload The-Taking-of-Pelham-123-2009.zip57 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,670 downloadsDownload Subtitles57 KB

49 comments

  1. දිනුක

    එළ බයිස්කෝප් එකක් වගේ.ස්තූතියි.දැන්ම බාමි.....

  2. shiwantha

    ela mekath gannawa thanx machan

  3. yohan

    මට කවුරු හරි කියනවාද saw 1,2,3,4,5 මොන වගේ කථා මාලාවක්ද කියලා

  4. DareDevil87

    බාන්නත් ඕනේ... ඒත් කෝ ඒකට මගේ hard එකේ ඉඩක්... :(

  5. Ram raj

    මමත් මේ පිචර් එක සීඩී ෂොප් එකක දැක්කා.නමුත් ගනන් ගත්තේ නෑ. හොද නලුවෝ එහෙම නැත්තං වැඩක් නැතුව ඇති කියලා මම හිතුවේ. බලමු මමත් එහෙනම් මේක බාන්නම්.

  6. kathu

    මම මෙක බැලුවා.. එළ film එක.!

    yohan- මචං saw series එකක් වගෙ. Jig saw කියන පිළිකාවකින් පෙලෙන මිනිහෙක් තමන්ගෙ වටා පිටාවෙ අයව death task එකකට දාලා test කරනවා. එ ජීවිතය බෙරගන්න කරන සටනෙදි සමහරු මැරෙනවා. Jig saw මිනීමරුවෙක් විදිහට ප්‍රසිද්ද වෙනවා..... නියම story එක.. one of my favoirtes..!! 1 ඉදලා පිලිවෙලට බලන්න..

  7. Rotiya

    එල එල.මන් ඔය පෑහෑර ගන්න සිද්දි තියෙන ෆිල්ම් වලට කෑමති.
    බාමු බාමු. :D

  8. yohan

    @kathu

    thanx macho.....

  9. Danya

    බැලුවා බැලුවා....එළ.

  10. රොයිලි

    එල ෆිල්ම් එක මචං, මම බැලුවා. ස්තූතියි මචං.

  11. Danya

    බාගෙන බැලුවා..එළ.

  12. Pra

    ඔන්න මේකත් බෑවෙන්න දෑම්මා...........thnku wewa......

  13. k.s.supun

    Thanks machan

  14. Kasun.D

    එල.....
    තැන්ක්ස්

  15. kamal chandana

    මේකේ ඉන්න ප්‍රධාන නලුවෝ දෙන්නා කවුද කියලා දන්න අය
    මෙ film 1 නෝබලා ඉන්නෙ නැ thankssssssss machan film 1ta

  16. kasun

    math download wenna damma,,thnx yaar

  17. sandalu

    insidious film ekatath sinhala upasirasi dannako.....
    thak you very much the taking of the pelham 123 film ekata upasirasi dammata...............
    ela...............mare maru....................
    super........................b

  18. sandalu

    upasirasi download karanna giyama error kiyala wetenawa
    plz help me

  19. sanj

    Meke sub nane pls upload karnnako

    1. dis

      machan uba meke sub hoya gaththatha?
      pls give me

  20. Vimu

    Film 1a labila tika dawasak wenawa. thama baluwe na sub nathi nisa, plz saho puluwan nam sub dennako.

  21. dis

    ane machanla sinlaha sub meke nane
    pls help me to find sinhala sub for The Taking of Pelham123

  22. indika

    me film eke sub ekak nathda?

  23. ShariAllen

    ko yko subtitle

  24. Lakshansilva18

    Sub nane bn

  25. Reman ANthony

    ssub eka dannko saho

  26. Anonymous

    PLS UPLOAD SUBTITLE

  27. හසිත

    BluRay එකට සබ් එක දාන්න.

  28. එල්.සී. දමැල්

    අලුත් පරණ භේදයකින් තොරව ලැබෙන වෙලාවට අනුව හොඳ සිනමාපට දිගටම ‌ගේන්න හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
    Collection පිටුවේ මග ඇරුණු චිත්‍රපට කරන්න කියලා කරපු ඉල්ලීමට එකඟ වුණ එක ගැන ගොඩක් සතුටුයි. සහෝ වගේ අය අඩවියට සෑහෙන වටිනවා. ❤️
    මේ උපසිරසටත් ස්තුතියි. :)
    ජය! ✌️

  29. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  30. Anonymous

    bohoma sthuthiy. parana eka dunnata aluth ekath dei kiyala hithuwe na.
    oya nisa hoda films godak blnna puluwan wuna,
    bohoma sthuthiy

  31. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකි ලෙසට ඉපැරැණි චිත්‍රපට සඳහා උපසිරැසි ලබාදෙන ලෙස ඉල්ලමි.

    ඇල්ෆඩ් හිච්කොක්ගේ මෙතෙක් ලබා නොදුන් චිත්‍රපට සඳහා උපසිරැසි ලබාදෙන ලෙසට ඉල්ලීමක් කරමි.

  32. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  33. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  34. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  35. Udaya Fdo

    Thanks malli

  36. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:
    The Courier (2020)
    Thunder Force (2021)
    The Dry (2020)

  37. Suranjan

    Thanks jayawewa....!

  38. Priyantha Dayakeerthi

    රොෂාන් සමීර ජයසිංහ සොයුර,
    ඔබේ මෙම සිංහල උපසිරසියටත් ස්තුතියි, කලින් නරඹලා නම් නැහැ.

  39. nisa

    thnx bro

  40. Pramukmili

    Thanx bro..........

  41. indika75

    thanks..

  42. සිවෙන්ද්‍ර

    ස්තූතියි සබ් එකට

  43. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  44. Dewadithya

    Thanks for sub!

  45. jagath55

    Thanks

  46. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  47. nilanka

    thanks....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.