Watch Trailer

Born in China (2016) Sinhala Subtitles | මේ ඇත්තටම චීනයද? [සිංහල උපසිරැසි සමඟ]

චීනය කියනකොටම මොනවද අපිට මතක් වෙන්නෙ? අහස උසටම නැගුණු බිල්ඩින් ගොඩකුයි, වාහන වලින් වැහිච්ච පාරවලුයි, සෙනග පිරිණු නගරයි, කොටින්ම කිව්වොත් තනිකරම කොන්ක්‍රීට් ගොඩක් තමයි කෙනෙකුගෙ හිතේ මැවෙන්නෙ. ඒ වුනාට චීනය කියල කියන්නෙ අපිට හිතාගන්නවත් බැරි විශාලත්වයකින් සහ විවිදත්වයකින් යුතු රටක්. මේ ස්ටෝරිය දිගඇරෙන…

චීනය කියනකොටම මොනවද අපිට මතක් වෙන්නෙ? අහස උසටම නැගුණු බිල්ඩින් ගොඩකුයි, වාහන වලින් වැහිච්ච පාරවලුයි, සෙනග පිරිණු නගරයි, කොටින්ම කිව්වොත් තනිකරම කොන්ක්‍රීට් ගොඩක් තමයි කෙනෙකුගෙ හිතේ මැවෙන්නෙ. ඒ වුනාට චීනය කියල කියන්නෙ අපිට හිතාගන්නවත් බැරි විශාලත්වයකින් සහ විවිදත්වයකින් යුතු රටක්.

මේ ස්ටෝරිය දිගඇරෙන්නෙ ඒ කොන්ක්‍රීට් ගොඩෙන් ගොඩාක් ඈත තැනක. Disney nature චිත්‍රපටි ඒකකය 2016 අවුරුද්දෙදි ඉදිරිපත් කරපු වාර්තා චිත්‍රපටිය තමයි මේ. හිම දිවියන්, වඳුරන්, චීරු මුවන්, කොකුන් සහ චීනයටම අවේණික පැන්ඩා සතුන් ගැන ඉතාමත්ම අපූරු විදියට කතාව ගොඩනැගෙනව. ඩිස්නි නේචර් චිත්‍රපටි ගැන ඉතින් අමුතුවෙන් කියන්න උවමනා නැහැනෙ. Monkey Kingdom (2015), Bears (2014), Chimpanzee (2012) කියන චිත්‍රපටි බලපු අය දන්නව ඇති මම මේ කියන්න උත්සහ කරන්නෙ මොකක්ද කියල. වාර්තා චිත්‍රපටි කිව්වහම ගොඩක් අය හිතන් ඉන්නෙ බලං ඉන්න හරිම කම්මැලි හරිම බෝරිං චිත්‍රපටි වර්ගයක් කියල. හැබැයි ඩිස්නි නේචර් චිත්‍රපටි වල තියන විශේෂත්වය තමයි, සාමාන්‍ය අපි නරඹන ක්‍රියාදාම, ත්‍රාසජනක චිත්‍රපටි වල වගේම ආරම්භයේ සිට අවසානය දක්වාම එකිනෙකට සම්බන්ද වෙන සිදුවීම් ඇතුළත් කතන්දරයක් තමයි එයාල නිතරම ඉදිරිපත් කරන්න උත්සහ කරන්නෙ. ඒ නිසා තමයි එයාල සමහර චරිත වලට නම් දාන්නෙ. Monkey Kingdom චිත්‍රපටියෙ ඒ ලක්ෂණය ගොඩක් හොඳින් දැකගන්න පුලුවන්. අන්න ඒ නිසා මේ කතාවෙත් විවිද චරිත රංගනයෙන් දායක වෙනව.

තමන්ගෙ පවුලට අලුතින් එකතු වුනු නංගි නිසා තමන්ට පවුල තුල හිමි වුනු තැන අහමි වුන වඳුරු කොල්ලෙක් තමයි “ටාවෝ ටාවෝ” කියන්නෙ. මෙයාගෙ කතාව එක් පැත්තකින් නිරුපණය කරද්දි ලෝකයේ උසම සානුව වුනු කිංහායි සානුවේ ජිවත් වෙන හිම දිවි පවුලක් ඉන්නව, අම්මයි පැටව් දෙන්නයි විතරයි ඉන්නෙ.අම්මගෙ නම “ඩාවා”. ලඟකදී තමන්ගෙ බල ප්‍රදේශයට බලෙන් ආපු තවත් හිම දිවි පවුලකගෙන් එල්ල වන තර්ජන හමුවෙ තමන්ගෙ පැටවුන් ජිවත් කරවන්න ඇය ගන්න වෑයම හරිම දුක්බරයි. තමන්ගෙ අලුත උපන් පැන්ඩා පැටවා තමයි “මෙයි මෙයි” මෙයාට ගස් නගින්න පුදුම ආසාවක් තියෙන්නෙ. “යා යා” ඒ කියන්නෙ පැන්ඩා අම්ම තමන්ගෙ පටිය තමන්ගෙන් වෙන් වෙන දවස වෙනකං රැකබලාගන්න ආකාරය වෙලාවකට හරිම විනෝදජනකයි.

IMBD අගය 7.2කුත්, කුණු තක්කාලි අගය 83% කුත් හිමි වෙලා තියෙන්නෙ නිකං වෙන්න බැහැනෙ. සොබාදහමට ප්‍රිය කරන අයට ගොඩක් හොඳ අත්දැකීමක් ලබාගන්න පුලුවන් වේවි. මේක බලද්දි ඇත්තටම මේ චිනෙද, නැත්තන් වෙන රටක්ද කියල හිතුනොත් පුදුම වෙන්න එපා. චීනයේ හැංගිච්ච සව්න්දර්ය හරිම ලස්සනට නිරුපණය කරල තියනව. බොක්ස් ඔෆිස් අදායම ඇ.ඩො.මි 25ක් ලබාගැනීමට හැකි වෙලා තියනව.

අවසන් වශයෙන් එක දෙයක් කියන්න තියනව. “චීනයේ විශ්වාසයක් තියනව කොකෙක් ඉගිලී යන කොට ඌ රැගෙන යන්නෙ මිය ගිය සත්වයෙකුගෙ ආත්මයක් කියල, මේ ජිවිතයෙන් ඊලඟ ජිවිතයට.” මෙන්න මේ අදහස චිත්‍රපටිය රසවිඳින්න උදව් වෙනව.

එහෙනං තවත් බල බල ඉන්න එපා දැන්මම ඩව්න්ලෝඩ් වෙන්ඩ දාන්ඩ. හැමෝටම තෙරුවන් සරණයි! ජය වේවා!

 

 

 

 

Due to copyright complications, we do not provide torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.

2,913 downloadsDownload Born-in-China-2016.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/wayantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වයන්ත සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,913 downloadsDownload Subtitles31 KB

26 comments

  1. Udara Damith Dissanayaka

    ෆිල්ම්
    එහෙම ඒවාට සබ් කරන්ඩ ගොඩක් අය ඉන්නවා
    බලන්ඩත් ගොඩක් අය ඉන්නවා
    මේ වගේ වාර්තා ඒවා
    බයිස්කෝප්
    එකේ අඩුයි ගොඩක්
    පුලුවන්නම් මේවගේ ලස්සන ඒවාට සබ් දෙන්ඩ
    විවුස් ඩවුන්ලෝඩ් කරන ගැන අඩුවෙයි
    එත් මේවා හෙන වටිනවා

    1. anangaya

      ekanm sirama katawa machn

  2. Sudeepa4638

    Thanks sahooo............

  3. Sanath Indika

    thx brooo

  4. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  5. ranga11112

    උපසිරැසියට ස්තුතියි සහෝ..

  6. IreshSampath

    thanks

  7. sampath n perera

    උපසිරැසියට ස්තුතියි සහෝ..

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  9. neshan

    thank you...

  10. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  11. kuma.lk

    Thanks machan

  12. gayanH

    tnx machan.me wage awa thamai wediyen oni.lagadi baiscope la dunnu harley davidson ekath maru.

  13. anonymoususer

    Thanks!

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. විමා

    වටිනා වැඩක් බොහොම ස්තුතියි සහෝ උපසිරසට

  16. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  17. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ……!

  18. avasanka

    AWOSME

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි වයන්ත සහෝ.
    ජය.

  21. kelumchathuranga

    thanks

  22. ricadodamien

    Thank U wayantha brother, it was very beautiful. all the best to baiscope team.............

  23. mangalaP

    Thank you.

  24. Waruna Kamalawansha

    මේවා සුපිරි වාර්තා චිත්‍රපටි... බොහෝම ස්තූතියි උපසිරැසි ගෙනාවාට....

  25. Hassy

    මෙන්න මේ වගේ වැඩි කියවිලි නැති බලන් ඉන්න තියෙන රටවල් වල හැටි culture එක ගැන දැනගන්න තියෙන ෆිල්ම් වලට තමා මම කැමතිම. බොහොම ස්තුතියි!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.