Watch Trailer

Marrowbone (2017) Sinhala Subtitles | දෙලොවක් අතර ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]

හැම අවුරුද්දකම මුල් කාර්තුව බොහොම දුරට භයානක චිත්‍රපටිවලින් වැහිල යන කාලයක්. ඉතින් මේ කාලය ඇතුලෙ හොඳ, නරක, සාමාන්‍ය චිත්‍රපට ගොඩක් එලියට එනව විවිධ දිශාවලින්. ඒ වගේම මේ ගොඩක් බොහොම දෙනෙකුගේ අවධානයට පාත්‍ර නොවී යට යනවා. නමුත් මේ අතරේ තියන හොඳ නිර්මාණ කොහොම නමුත් අවසානයේ ඉහල එනව… ඉතින් මේ කාර්තුවේ නික…

හැම අවුරුද්දකම මුල් කාර්තුව බොහොම දුරට භයානක චිත්‍රපටිවලින් වැහිල යන කාලයක්. ඉතින් මේ කාලය ඇතුලෙ හොඳ, නරක, සාමාන්‍ය චිත්‍රපට ගොඩක් එලියට එනව විවිධ දිශාවලින්. ඒ වගේම මේ ගොඩක් බොහොම දෙනෙකුගේ අවධානයට පාත්‍ර නොවී යට යනවා. නමුත් මේ අතරේ තියන හොඳ නිර්මාණ කොහොම නමුත් අවසානයේ ඉහල එනව… ඉතින් මේ කාර්තුවේ නිකුත් වුන භයානක චිත්‍රපට අතරෙන් මම The Lodgers (2017), Welcome the Stranger (2018), Cô Haû Gaí (2016), Wildling (2018), Corbin Nash (2018) කියන නිර්මාණ 5 ඔබ වෙත මීට පෙර අරගෙන ඇවිත් තියනව. නමුත් මේ සුදානම ඒ සියල්ලටම වඩා මම කැමති වුන, මගේ මතය අනුව මේ වසරේ මෙතෙක් මම අරගෙන එන හොඳම නිර්මාණය (භයානක චිත්‍රපටවලින්) ඔබ වෙත අරගෙන එන්න… (අමතක කරන්න එපා මෙතෙක් කියන පදය හොඳේ… ඉදිරි අනාගතය ගැන බොහොම බලාපොරොත්තු තියන් ඉන්න මේ මොහොතේ…). මේ ඔබ වෙත ගෙන එන්නට සුදානම් නිර්මාණය බොහොම හොඳ කතාවක් එක්ක, බොහොම අපුරූ පෙරලි කිහිපයක් එක්ක පොදිබැද ගත්ත එකක්.

2017 සැප්තැම්බර් මාසයේ 11 වැනිදා ටොරන්ටෝ සිනමා උළෙලේ දී මුලින්ම ප්‍රදර්ශය වුන මේ සලරුව 2017 වසරේ ඔක්තෝබර් 11 වැනිදා තමයි ප්‍රංශයේ දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වෙන්නෙ. ඒකත් සීමිත ප්‍රදර්ශනය කිරීමක් හැටියට සීමිත සිනමා ශාලා ගණනක. ඒ සිනමා ශාලා 7 ක දින 14 ක කාලයක් පුරාවට. මේ කාලය පුරාවට මේ අපූරු සිනමා නිර්මාණය ඩොලර් මිලියන 11.2 ක මුදලක් උපයා ගන්න සමත් වෙලා තියනව, ලේසි නැහැ නෙව සිනමා ශාලා 7 කින් මෙහෙම ගණනක් උපාය ගන්න එක. මින් පෙර The Orphanage (2007), The Impossible (2012), Palm Trees in the Snow (2015) වැනි ප්‍රසිද්ධ නිර්මාණ වෙනුවෙන් පිටපත් රචනය කල Sergio G. Sánchez ගේ කුළුදුල් අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මෙහි පිටපතත් ඔහුගේමයි. තිරයේ දකින මුහුණු වෙන්නෙ George MacKay (Captain Fantastic , Pride), Anya Taylor-Joy (Morgan, Split), Charlie Heaton (Stranger Things ටෙලි කතා මාලාව), Mia Goth (Everest, Nymphomaniac: Vol. II), Matthew Stagg වගේ නවක නමුත් දක්ෂ නළු නිලි පිරිසක්.

IMDB මීටරයේ 6.6 ක අගයක් ලබාගෙන ඇති මේ නිර්මාණයට රෝටන් ටෝමාටෝ 43% ක අගයකුත් ලබාගෙන තිබෙනවා. පැය 1 කුත් මිනිත්තු 50 පුරා දිව යන මේ නිර්මාණය Drama, Horror, Thriller යන කාණ්ඩයන් තමයි නියෝජනය කරන්නේ.

කතාව මෙහෙමයි, ජැක්, බිලී, ජේන්, සෑම් කියන්නෙ එක පවුලක සහෝදර සහෝදරියන්. මොවුන් එංගලන්තයේ ඉදල ඇමරිකාව බලා රහසේ පැන එන්නට භයානක හේතුවක් තියනව. මොවුන් මේ එන්නෙ තමුන්ගේ මවගේ පිය උරුමයෙන් ලද නිවහනට. අතීතය අමතක කිරීමේ අරමුණෙන් ඇමරිකාව බලා පැමිණි මේ පවුලට බොහොම සතුටු දායක ගිම්හානයක් තමයි වෙරළ ආසන්න මේ පැරණි නිවහනේ ගත කරන්නට ලැබෙන්නෙ. ඔවුන් ඇලී නම් තරුණියක් සමඟත් මිතුරු වෙනව. ඉතින් මේ සුන්දර ජිවිතයට කළු වලාකුලක් හමා එන්නේ ගමනේ වෙහෙසත් එකක් මව රෝගාතුරව මියයාමත් එකක්. කිසිදු දරුවෙක් තවමත් වයස අවුරුදු 21 ඉක්මවා ගිහින් නැහැ, ඉතින්බ ලධාරීන්ගේ ඇස ගැටුනොත් මොවුන් බෙදා වෙන් කිරීම සහතිකයි, ඉතින් මරණ මංචකයේ ඉන්න අම්ම මොවුන්ගෙන් පොරොන්දුවක් ගන්නව හැමදාම එකට ඉන්න ලෙස, ඒ වෙනුවෙන් වැඩිමහලු පුතා ජැක් වාසය අවුරුදු 21 සපිරෙන්න ඔන්න මෙන්න තියන එකේ එතෙක් සැගවිලා ඉන්නා ලෙස. ඉතින් පිටත ලෝකය එකක් තියන සියලුම සම්බන්ධකම් අත්හැර දමන මේ දරුවන් මේ විශාල වතුයායේ නිවසට වී සැගවී කාලය ගත කරනව…. නමුත් ඔවුන්ගේ ජීවිතය පෙරමෙන් සාමකාමී එකක් නම් වෙන්නේ නැහැ. ඒ අට්ටාලයේ සිටින හොල්මනක් නිසාවෙන්…. ඔවුනට සිදු වෙනව අට්ටාලය මුද්‍රා තියන්න, ගෙදර සියලුම කණ්නාඩි ආවරණය කරන්නට (මේ කරණය බොහොම වැදගත්)… ඒ හොල්මන එක තැනක කොටුකර තැබීමට…

නමුත් ඔවුන්ගේ කරදර එපමණක් නෙමෙයි… මවගේ මියයාම එක්ක ඔවුන් හැරදා පැමිණි රහසක් ඔවුන් පසුපස නැවතත් පැමිණෙනවා. ඒ වගේම ඔවුනට සිදු වෙනවා මවගේ මරණය ජැක්ගේ වයස සම්පුර්ණ වනතෙක් රහසක් හැටියට තබා ගැනීමට, මේකට නීතිඥයෙක් බොහොම අකුල් හෙලන බවත් ඔබට පෙනෙයි, ඒ ඔහුට වෙනත් යටි අරමුණක් ඇති නිසාවෙන්… මේ අතර ඇලී මෝස් පණිවුඩයක තරම් දුරකට ඈත් වෙනව පවුලේ දරුවන්ගෙන්… පිටතට යාමට හැක්කේ ජැක් හට පමණයි… රහස් ගොඩක් බිත්ති හතරක සිර කරගෙන ගෙවන මේ ජීවිතය ලෙහෙසි එකක් නම් නෙමෙයි, මේ රහස් සියල්ල ඔබට දැකගත හැකි වේවි අපුරුවට… ඒ වගේමයි මෙහි අවසානය බොහොම නොසිතුවක් වනවාට කිසිම සැකයක් නැහැ.

නමුත් ඒ නොසිතූ අවසානය බොහොම ලස්සන එකක් වෙන්නෙ මේ නිර්මාණය බොහොම භයානක සිනමා නිර්මාණ යොදාගන්නා Jamp Scares වැනි බාල ක්‍රම භාවිතා නොකර කතාවේ ගුප්ත බව හා කතාවේ ගුණාත්මක බව තුල කැටි කරගත් රහස් තුලින් ඔබගේ හිතට ඇතුල් වීමට වෙර දරන නිසාවෙන්. අනික මෙහි සංගීතය භයානක චිත්‍රපටයක් වෙනුවෙන් නිර්මාණය කල එකක් යැයි ඔබ හිතන එකක් නැහැ ඒ බොහොම වෙලාවට ඒ සංගීතය ඩිස්නි සමාගමේ ලස්සන ළමා කතාවක වගෙයි, ඒකටත් හේතුවක් තියන බව අමතක කරන්න එපා… ඒ වගේම කලින් මතක් කළා වගේ කණ්නාඩි ආවරණය, පෝස්ටරයේ බිදුණු කණ්නාඩියක් යොදා ගැනීම මේ සියල්ලේම සැගවුන අරමුණු තිබෙන බව අවසාන වශයෙන් ඔබට කියන්නම්. ඉඩක් තියේ නම් මේ නිර්මාණය ඉඩක් දෙන්න බොහොම ලස්සන අත්දැකීමක් වේවි… හිතට වදින ලස්සන කතාවක්… එහෙනම් ආයෙත් උපසිරසක් එක්ක හමුවෙනතුරු මම ඔබෙන සමුගන්නවා, ඔබ සැමට ජය වේවා !!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

36 comments

  1. Bandaramudiyansi

    Wow supiri ne
    Horror ewa nm maru... thanks you....❤ ❤ ❤

  2. geeganagamage

    බොහොම ස්තුතියි අනිවාර්යයෙන්ම බලනවා.

  3. chamilapiumantha

    thnkz bro

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  6. chamal kalum

    the secret of marrowbone neda saho?

  7. Amalka Himeshan

    Thanks sub ekata

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Nirosh C

    ස්තුතියි සමීර සහෝ.ජයවේවා!

  10. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  11. .comDevinda

    නියමයි හොරර් ඒවා උපසිරස කරන්න ස්තූතියි

  12. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  13. kasunkavinda

    patta

  14. pooji123

    Page not found kiyala watenavane.help me

  15. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  16. malith

    Ela ela

  17. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  18. Haashan Dhanushka

    thnxxx

  19. ranga11112

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  20. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
    ජයෙන් ජය.

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. imalka437

    Link eka wada karanne na bro..

  23. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  24. indika_shalinda

    The.Debt.Collector 2018 me flim akata subtities dannako

  25. Pramukmili

    thanxxx bro...

  26. AsithaDilruwan

    ela ela thanks saho

  27. eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  28. tharidu sagara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
    ජය වේවා

  29. Hashan M. Priyadarshana

    Thanx bro sub ekata

  30. Sajithlakshan

    බොහොමත්ම ස්තුතියි

  31. Arrow T

    nice film and sub.Thank you

  32. chang

    download karanna bane..page not found kiyala enawa

  33. Atstds

    Maru film ekak wage.sub ekata thanks bro.good luck...

  34. yasith Maduran

    Supper......

  35. Anonymous

    Thank

  36. Angela Kumarasinghe

    Me marrowbone sub eka download wenne nahane