ආදර කතා නම් ඕනේ තරම් අහලා දැකලා ඇති. සැබෑ ජිවිතයෙද ඒක වෙනසක් නෑ. මට විශ්වාසයි. ගොඩක් අය අත්විදලා/විදවලා ඇති. ගොඩක් ආදර කතා පටන් ගන්නවට වඩා ඉක්මණට ඉවර වෙනවා. විශ්වාසය නැතිවීම වගේ නොයෙක් සැලකිය යුතු කාරණාත් එක්ක. මෙහෙම කියනවට තරහා වෙන්න එපා, අද කාලේ නම් ගොඩක් ආදර කතා කියන්නේ හරිම විහිළුවක්. ඒ මොකද දැ…

ආදර කතා නම් ඕනේ තරම් අහලා දැකලා ඇති. සැබෑ ජිවිතයෙද ඒක වෙනසක් නෑ. මට විශ්වාසයි. ගොඩක් අය අත්විදලා/විදවලා ඇති. ගොඩක් ආදර කතා පටන් ගන්නවට වඩා ඉක්මණට ඉවර වෙනවා. විශ්වාසය නැතිවීම වගේ නොයෙක් සැලකිය යුතු කාරණාත් එක්ක. මෙහෙම කියනවට තරහා වෙන්න එපා, අද කාලේ නම් ගොඩක් ආදර කතා කියන්නේ හරිම විහිළුවක්. ඒ මොකද දැන් මේක සමහරුන්ට විහිළුවක් වෙලා. කට්ටියගේ භාෂාවෙන් කියනවනම් ආතල් එකට කාලේ කන්න කරන වැඩක්. තමන්ගේ සහකාරිය/සහකරුවා තෝරගන්න වැඩේ හරියට කලේ නැත්තම් තමන්ටමයි විදවන්න වෙන්නේ. එදිනෙදා ජීවිතයේදීම අපිට කී දෙනෙක් හමුවෙනවද, එහෙමත් කෙනෙක් අපේ ජීවිතයට එනවා, ඇවිත් ලැගුම් අරගෙන ජීවිතාන්තය දක්වාම එකට ඉන්නවා. නැත්තම් මගදී දාලා යනවා. එහෙමත් අයගෙන් අබ්බගාත කොල්ලෙක්ව/ කෙල්ලෙක්ව බාර ගන්න ගොඩක් අය අකමැති වෙන්න හැකිළෙන්නේ නෑ. මොකද ඒක කරදරයක් හැටියටයි දකින්නේ. ඒත් ඇත්තටම ආදරය කරනවනම් මේ වගේ ප්‍රශ්ණ කියන්නේ බොහොම පොඩි දේවල්. මොකද ආදරය කියන්නේ මිට වඩා වැඩි යමක්.
එහෙම ආබාධිත කෙනෙක් තමයි විල්[විලියම්] ට්‍රේයිනර් කියන්නේ. මෙයාටත් පෙම්වතියක් ඉන්නවා. නමුත් වැස්ස දවසක පාර මාරු වෙන්න ගිහින් අනතුරකට ලක් වෙලා විල්ට ඇවිදගන්න බැරිව යනවා. මේකෙන් එයාගේ සුෂුම්නාව තුවාල වෙනවා. ඒකෙන් අතේ ඇගිලි සීමිත ගානක් තමයි හොලවන්නත් පුළුවන්. විල් කියන්නේ යම්තාක් දුරකට සල්ලි තියෙන කෙනෙක්. ඒත් ඉතින් එහෙමයි කියලා එයාගේ පෙමව්තිය එයා ලග නතර වෙන්නේ නෑ. ඔහොමම මතක තියාගන්න මං මේ පෙම්වතිය ගැන පස්සේ කියන්නම්. ලුවීසා කියන්නේ සාමාන්‍ය ෂොප් එකක වැඩ කරන කෙල්ලක්. ඒත් දවසක ඒ ෂොප් එකේ අයිතිකාරයා එයාව රස්සාවෙන් අස් කරනවා. සල්ලි කියන දේ හොදාකාරවම අවශ්‍යතාව තියෙන ලුවීසා කොහොමහරි රස්සාවක් හොයාගන්නවා. ඒ තමයි මේ විල්ව බලාගන්න වැඩේ. විල් ඉන්නේ ගෙදර සේවකයක් නම් ඉන්නවා නේතන් කියලා ඒත් ඒක ප්‍රමාණවත් නෑ. ඒ නිසා ලුවීසාව විල්ව බලාගන්න වැඩේ ලැබෙනවා. විල් නම් ලුවීසාට පොඩ්ඩක්වත් කැමති නෑ. ඔහොම කාලය යත්ම මේ දෙන්නා ගොඩක් සුහද වෙනවා. දවසක් විල්ගේ ගෙදරට එනවා එයාගේ පරණ පෙම්වතිය. ඇය නමින් ඇලීෂියා, නිකන් නෙවෙයි විල්ගේ හොදම යාළුවා රූපට් කියන හාදයෙක් එක්ක විල්ව බලලා යන්න.මේ දෙන්නාගේ පැමිණීම නම් විල්ට හොද දෙයක් වෙන්නේ නෑ. මාස හයකට වතාවක් විල්ව වෛද්‍ය පරික්ෂාවට ලක් කරන්න රෝහලට යන්නත් තියෙනවා.
එක්තරා දවසක විල්ගේ ගෙදරට ආපු ලියුමක තිබුණු දෙයක් නිසා විල්ගේ අම්මයි තාත්තයි අතරේ ඇතිවන රණ්ඩුව ලුවීසාට ඇහෙනවා. ලුවීසා මේ ගැන දැනගත්තට තමයි විල්ට තවත් ගොඩක් සුහද වෙන්න වගේම එයාව සතුටින් තියන්න උත්සහ කරන්නේ. ඒත් ලුවීසාට පෙම්වතෙක් ඉන්නවා. පැට්රික් කියලා. එයා වෘතිමය වශයෙන් කරන්නේ ක්‍රීඩා ආශ්‍රිත දේවල්. පැට්රික් නම් කැමති වෙන්නේ නෑ මේ ලුවීසයි විල් අතරේ ඇතිවන සුහදතාවයට. ඒ අතරේ විල්ගේ පරණ කෙල්ල ඇවිත් එයාගේ වෙඩින් කාඩ් එක දීලා යනවා. ඒ වෙන කවුරුවත් එක්ක නෙවෙයි මිත්‍රවරුණේ විල්ගේ හොදම යාළුවා වෙච්චි රූපට් එක්ක. මෙතනින් පස්සේ නම් වෙන දේ මං කියන්න යන්නේ නෑ. එහෙම උනොත් කතාවේ රසය නැති වෙනවා. ලස්සන සිදුවීම් පෙළක් අවසානය වෙනකන්ම බලාගන්න පුළුවන්. ලස්සන සින්දු ටිකකුත් තියෙනවා.
IMDb දර්ශකයේ 7.8 ක අගයක් මේ වෙද්දී මේ සලරුවට ලැබිලා තියෙනවා. ධාවන කාලය පැයකුත් විනාඩි පනහකුත් වෙනවා. ඒවගේම මේක Drama, Romance කියන කැටගරියට තමයි අයත් වෙන්නේ. නිකුත් වුණේ 2016 ජූනි 3 වෙනිදා. අධ්‍යක්ෂණය නම් Thea Sharrock. තිර රචනය Jojo Moyes. මේ චිත්‍රපටියේ ලොකු විශේෂයක් තියෙනවා. ඔයාලා දන්නවද Me Before You කියන්නේ Jojo Moyes කියන ඒ සුපිරි කතුවරිය විසින් 2015 ජනවාරි 5 වෙනිදා එක්සත් රාජධානියේ එළිදක්වන ලද සුපිරි ආදර නව කාතාවක්. Me Before You පොත එළිදැක්වීමත් පසුව 2015 වසර පුරා නිකුත් වූ පොත් අතරින් වැඩිම අලවියකට ලක්වුණු පොත බවට පත්වෙනවා. මෙතනින් පස්සේ තමයි Thea හා Jojo එකතුවෙලා මේක සුපිරි සලරුවක් බවට පත්කරලා අද අපි අතට මේ පත් කරලා තියෙන්නේ. Box office තුල ඇමරිකානු ඩොලර් මිලියන 33.9ක මුදලක් උපයා තියෙනවා. චිත්‍රපටිය සදහා අයවැය ඇමරිකානු ඩොලර් 20,000,000 වියදම් වෙලා තියෙනවා. නමුත් චිත්‍රපටිය එළිදැක්වූ පළමු සතිය තුල ඇමරිකාව තුල පමණක්,ඇමරිකානු ඩොලර් 18,723,269 (3 ජූනි 2016 දිනට) උපයා තියෙනවා. නමුත් මේ වනවිට ඇමරිකානු ඩොලර් 39,670,975 (14 ජූනි 2016 දිනට) උපයාගැනීමට හැකියාව ලැබිලා තියෙනවා.
විශේෂයෙන්ම මේකේ ඉන්න චරිත ගැන කතා කරනවානම් ප්‍රධාන චරිත දෙක වන ලුවීසා ක්ලාක්ට රංගනයෙන් දායක වන්නේ Emilia Clarke එහෙමත් නැත්තම් ගොඩක් අය එයාව Game Of Thrones වල අපේ මකර රැජිණ, ඩනේරිස් අක්කියා විල් ට්‍රේයිනර්ට රංගනයෙන් දායක වන්නේ Sam Claflin හෙවත් The Hunger Games: Catching Fire වල හිටිය ෆීනික්. පැට්ට්‍රික් විදිහට රංගනයෙන් දායක වන්නේ Matthew Lewis හෙවත් අපි පොඩි කාලේ බලපු Harry Potter චිත්‍රපට මාලාවේ නෙවිල්. ලුයිසාගේ සහෝදරිය වන කැත්රිනා ක්ලාක් විදිහට රංගනයෙන් දායක වන්නේ Jenna Coleman හෙවත් Captain America: The First Avenger වල හිටිය කොනී. ඊළගට විල්ගේ තාත්තා ස්ටීවන් ට්‍රේනර් හැටියට රංගනයෙන් දායක වන්නේ Charles Dance හෙවත් Game Of Thrones කතාමාලාවේ අගුටුමිට්ටා විසින් මරා දමා අප අතරින් වෙන් වූ ටයිවින් ලැනිස්ටර්.
අඩුම තරමේ ලිපිය කියෙව්වමවත් තේරෙනවා ඇතිනෙ මේක සුපිරි ලව් ස්ටෝරියක් කියලා. රංගනයෙන් දායක උනෙත් එසේ මෙසේ කට්ටියකුත් නෙවෙයිනේ. සමහරවිට මං වගේ ගොඩක් දෙනා මේක බලන් ඉන්න ඇති. ඒ අය සදහාම ඔන්න ඒකත් දුන්නා. මේක කරනවට වඩා මං අපේ කට්ටියගෙන් මේක බේරගන්න ලොකු සටනක් දෙන්න වුණා. මොකද ඒ තරමටම කට්ටිය මේක අරගන්නමයි උත්සහ කලේ.ඒත් දුන්නේ නෑ. මං මේක ගිය අවුරුද්දෙම කියලා ඉල්ලුවහම මේ සලරුව මට දීපු රොයිලි අයියාටත්, පස්සේ මේක මට අදාළ කරපු හසන්ත අයියටත්, තාමත් කොහොමහරි උපසිරැසි දැනුවත් කරන සමීර චතුරංග අයියටත් ගොඩක් තුති. මේක අරගන්න කෙල හලපු අයට විනාඩියයි තප්පර දෙකක නිශ්ශබ්දතාවයකුත් පවත්වන්න කැමතියි. මේ සලරුවේ පොතත් මං ළග තියෙනවා කැමති කට්ටිය කියන්න මං PDF එකත් ඕනේ නම් දෙන්නම්. කතාව බලන එක මං ඔයාලට බාර කරලා යන්නම්. මතක ඇතිව අදහසකුත් දාලා යනවනම් වටිනවා ඉතින්.
එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. තවත් මේ වගේ සුපිරි සලරුවකින් හමුවෙමු.
හැමෝටම, ජයෙන් ජය.!!
Blu-Ray පිටපතට යාවත්කාලීන කර ඇත.
Due to copyright issues, we do not provide any torrent links.
Me.Before.You.2016.720p.BRRip.950MB.MkvCage
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
46,585 downloadsDownload Me-Before-You-2016-Blu-Ray.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
95 comments
Kawshalya Dushyan
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
Thanks for Bluray Update
me
Thanks
Mayura
ඔන්න බලාගෙන ඉඳිය පිලුම දාලා. ඒත් බූරේ එනකම් අමාරුවෙන් හිත හදන් ඉන්නවා බන්ස්. අර විනාඩියයි තප්පර දෙකේ මෙව්ව එක මටත් අදාළයිද මන්දා. කෝමහරි ගොඩක් ඉස්ටූටියි. ඒ වගේම අර පීඩීඑෆ් එකත් මට දාහන්. මේකේ නවල් එකේ පාට් 2 එකකුත් ආවලු නේහ්. ඩේස් විතවුට් යූ ද මොකක්දෝ නමක් වගේ තිබ්බේ. ඒකත් තියෙනවා නම් ඩීපන්. ඔලුව මැද්දටම බලලා කෙලපන් චාමර
Arjuna Vidanagama
Meke Webrip ekath thiyenawa.eth meka Update karanne nane ithin.
kavinda
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට.ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
Bandu
thankuuuuuuuuuuuuuuuuuuuuuuu
widuranga
supiri kathwak wage brooooo
balana gaman inne
thanx for subvikum
niyanai sahoo..supiri bandayak ne genalla tiyenne..jaya wewa..
සමන් ප්‍රසාද්
අඩෝ චාමරයා...
මං මේ කමෙන්ට් එක දාන්නෙත් ගෙදර ඉඳන් නෙවෙයි.
මට ගෙදර ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න පුළුවන් ඕන නම්.
ඒත් ලිපිය කියෙව්වම ඔහේ නිකන් පේජ් එක ක්ලෝස් කරලා යන්න බැරි වුණා.
මේ ෆිලුමට මං ඇහැ ගහගෙන හිටියේ ට්‍රේලර් එක බලපු දවසේ ඉඳන්.
ලව සුපිරියක් කියලා දන්නා නිසා හිතුවේ අපේ රෝමියෝ සබ දෙනවා ඇති කියලා.
උගෙන් අහපුවාම තමා උඹ කරනවා කියලා දැනගත්තේ...
මාත් මේකට සබ දාන්න ආසාවෙන් තමා උඹෙන් ඇණ ඇණ මේක කරනවාමද, ෂුවර්ද කියා කියා ඇහුවේ.
කොහෙද ඉතින්. තෝ ඉතින් කරනවා කිවුවා නොවැ නොවැරදීවම... -_-
මේ ලව නම් මෙහෙම බලලා බෑ.
Br එනකම්ම ඉන්නවා.
Br අප්ඩේට් එක උඹ පරක්කු කළොත් අම්මපා උඹව මං මරනවා...
එහෙනම් සබට තුති...
ජය වේවා...!!!
ප:ලි: මොනා වුණත් ලව් කියන එක නම් මට තාමත් විහිළුවක් තමා... :Dප්‍රණීත් චින්තක
ලව් එකක් නැති අපට මෙව්වයින් තමා කොල්ලෝ ගොඩ යන්න තියෙන්නේ.
උපසිරැසියට බොහෝම ස්තුතියි මචෝ.
තවත් උපසිරැසියකින් කාරිය හමුවෙමු ඈ...yasas
meka denakan bro hitiye tnx for the sub..
රොයිලි
අහ් මේක කලේ ඔබ තුමාද? බොහොම සන්තෝෂයි. බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila
Thanks mchn...!
Dulanga
Thanks
නාලක ජයසිංහ
Thanks
Onna Ada udenma Download karanawaDanushka
thank you for the sub.keep up the good work.
නිලුපුල් මධුකප්‍රිය පෙරේරා
හම්මේ මම සාමාන්‍යයෙන් ලව් ස්ටෝරි බලන්නේ නැහැ.
හැබැයි මේකනම් ඔන්න බලනවා.
හැබැයි බ්ලුරේ එනකන් ඉන්නවා..
උබ එහෙනම් විමාගෙන් ෆිලුම ඉස්සුවා නෙහ්.
හොද වැඩේ ඕකාට.
උපසිරසියට ස්තුතියි. ඔබට ජය ..Gathsara Umesh Kumara
හම්මේ ඔන්න සබ්එක දිල්ලා තැන්කූ හොදේ.....
නිරෝෂ්
ස්තුතියි චාමර සහෝ.ජයවේවා !
සුරේෂ් ජයතිලක
අපි නං ඉතිං විඳල වත්, විඳවල වත් නෑ.
කමක් නෑ ඉතිං මේක බලලවත් අත්දැකීමක් ලැබෙයිනේ.kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !boka
url ekata hash eka copy karala torrent ek aragena ba ganna vidiya kiyanna kauru hari help karanna plz
එල්.සී. දමැල්
THANKZZZ CHAMARA!
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
සිංහබාහු
ස්තුතියි සහෝ sub එකට. පුලුවන් නම් pdf එක මේ mail එකට දානවාද?. [email protected]
wayantha
මං නං හිතන්නෙ නෑ ලිපිය කියවපු කිසිම කෙනෙක් මේ ෆිලුම නොබල ඉඳියි කියල,
ගොඩක් ස්තූතියි වගේම පින් සහෝ උපසිරස ලබා දුන්නට. මේකනං නොබල බැහැ,
දිගටම මේ වගේ සොඳුරු නිර්මාණ වලට sub කරන්ඩ ශක්තිය දෛරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව,
තෙරුවන් සරණයි!Kulanjana Maduranga
niayamai…supri filumak.balannama ona 1k.thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!Asitha
elama thanks
chathura
pdf eka denawada yalu ehenam mata
Chämàrá Sâmpáth
ඊමේල් එක දෙන්ට සහෝ
mindika
Thanks !!!!!!!!!!!!!
pramuk
thanx............
KASSA
thamxxxxxx
Sajeevi
Thanks
Shenin Perera
tnx saho, matath PDF eka denna ([email protected])
Shenin Perera
tnx saho... Br eka awata passema balanawa, matath PDF eka denna ([email protected])
Nilanthi Senadheera
Thanks for everything. Good luck!
tharana
Thanks sub ekata...
Mahesh
Sub ekata thanx aaaaaaaaaaa
Dil2D
thanks mchn sub ekta eth hash ek comment ekk widiyata hari denwanam satutui site eke hoyanana amarui
අමිල මනනදේව
Tnx bro patta film eka...
Ishan Madusha
උපසිරැසියට ස්තුතියි.සහෝ Guardians of the Galaxy ඉතිරි episodes වලට උපසිරැසි දෙන්න.ජය..
chiran chathura
ස්තුතියි සහො..
Shane
Link eka nathuwa nam wadak na...
shantha
Mata pdf eka denna puluwanda bos. Thanx sub walata.
Manjula Kumara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..!
ජය වේවා!!!venuka
thanx sub ekata
link eka comment line eke wath damma nama godak prayojan wath machan
jaya wewa...Yomal Senanayake
ඇඩුන බං............
MAXX93
අනේ මචංලා මේවයේ බ්ලූරේ ආව ගමන් සබ් එක බ්ලූරේ එකට වෙනස් කරපංකෝ.පෙරේදා මේකේ බ්ලූරේ ආවේ.තාම සබ් HCHD එකට.ෂීට්
kavinda
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට .
BLURAY update කලාට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!Ishan Madusha
නියමයි.උපසිරැසිය br update කලාට ස්තුතියි.සහෝ Guardians of the Galaxy එකේ ඉතිරි episodes
ටිකටත් උපසිරැසි කරන්න.ජය වේවා!
Advertisement

Ada Mama Eka.....Subata Thuthi Chamra Saho.....Digatama sub denna...Jaya wewa!!!!