Watch Trailer

Mighty Joe Young (1998) | ජෝ සහ යන්ග් [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ තවත් ලස්සනම ලස්සන චිත්‍රපටයක් අරගෙනයි මේ ඔයාලව හම්බවෙන්න ආවේ. ඉතින් මේ උපසිරැසිය නම් මට ටිකක් ඉක්මනට ගේන්න පුළුවන් වුණා මමත් පෞද්ගලිකවම මේකට ගොඩක් කැමති නිසා ඉක්මනට ගේන්න පුළුවන් වුණා. වැඩි කතා මොකටද නේ අපි ඉතින් චිත්‍රපටය දිහාවට යමු නේ. මේ චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ 1998 වස…

Mighty Joe Young (1998)

ඉතින් කොහොමද යාළුවනේ තවත් ලස්සනම ලස්සන චිත්‍රපටයක් අරගෙනයි මේ ඔයාලව හම්බවෙන්න ආවේ. ඉතින් මේ උපසිරැසිය නම් මට ටිකක් ඉක්මනට ගේන්න පුළුවන් වුණා මමත් පෞද්ගලිකවම මේකට ගොඩක් කැමති නිසා ඉක්මනට ගේන්න පුළුවන් වුණා. වැඩි කතා මොකටද නේ අපි ඉතින් චිත්‍රපටය දිහාවට යමු නේ.

මේ චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ 1998 වසරේදීයි. ජෝ නම් ගෝරිල්ලෙක් වටා තමයි කතාව දිව යන්නේ ජෝ කියන්නේ එසේ මෙසේ ගෝරිල්ලෙක් නෙමෙයි මතකයිනේ ඔයාලට King Kong (2005) චිත්‍රපටය ඒකේ ඉන්නවා වගේ විශාල ගෝරිල්ලෙක් ඉතින් ජෝ කුඩා කාලෙදිම ජෝ ගේ අම්මව දඩයක්කාරයින් විසින් මරා දමනවා. ඉතින් ඊට පස්සේ ජෝ හැදෙන්නේ ජිල් යන්ග් නම් තරුණිය සමඟයි. ඉතින් මේ ගෝරිල්ලා ජිල් යන්ග් සමඟ දැඩි ඇල්මෙන් බැඳීමකින් තමයි ජීවත් වෙන්නේ. හිටි ගමන් සත්වාරක්ෂක කණ්ඩායමක් ජෝ ජීවත්වුණු කැළය ඝවේෂණයට පැමිණෙනවා ග්‍රෙග් කියන්නේ සත්වාරක්ෂක එකේ සාමාජිකයෙක් ජෝ ට දැනට ජීවත්වන කැළයේ ආරක්ෂාව මදි නිසා වෙනම සත්වාරක්ෂක භූමියකට ඔහුව ගෙනයන්න ග්‍රෙග් විසින් ජිල්ව කැමති කරගන්නවා. අවසානයේ ජෝව වෙනම සත්වාරක්ෂක අභය භුමියකට රැගෙන එනවා හෝ.. හෝ.. මේ කතාව පටන් ගත්තා විතරයි ඈ… මෙතන ඉඳන් මම කතාව කියන්න යන්නේ නෑ ඔයාලම ඒ ටික බලන්නකෝ. ටිකක් පරණ එකක් නිසා ගොඩක් අය බලලත් ඇති මේක නේ.

ඇත්තටම මේක හරිම සංවේදී කතාවක්. සතෙක් කොතරම් දරුණුවට පෙනුනත් ඇත්තටම එහෙම නෑ කියලා මෙහි ආදර්ශයක් සපයනවා. ඉතින් තව දෙයක් කියන්න ඕනි මේකේ කොපිය නම් ටිකක් ලොකුයි ඉතින් පොඩි කොපි තිබුණත් ඒවා තිබ්බේ හඬකවපු ඒවා මමත් ඉතින් ඉස්සෙල්ලා ඒකක් බෑවේ මට හරිගියේ නැති නිසා නැවත ඉංග්‍රීසි භාෂාවෙන් තියන මේ කොපිය බෑවා. කැමතිනම් ටොරන්ට් සයිට් එකකින් ඒ ෆිල්ම් එක බාගෙන බලන්න. හැබයි කතාවේ රසයට ඒක බාධාවක් වෙයි කියලයි මගේ හැඟීම (පොඩඩ්ක් ඩේට ඉතින් වැඩිපුර ගියාට මේ කොපියම ගන්න නේද) ඉතින් එහෙනම් මම යන්න කියලයි ලෑස්තිය. ඉඩ ලැබුණොත් තවත් චිත්‍රපටයකට උපසිරැසි ගෙන එන්නම්. යන ගමන් ඔයාලගෙ වටිනා අදහසකුත් අකුරු කරල යන්න අමතක කරන්න එපා. හැමෝටම ජය වේවා…!!!

Deep Rising (1998) on IMDb

 

 

1.77 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

C7908C34F0205C345D69504F0E9C2A038A21D9B0 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

706 downloadsDownload Mighty_Joe_Young_1998_baiscopelk.zip42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/waruna.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

706 downloadsDownload Subtitles42 KB

18 comments

  1. Darahana

    මේ ෆිල්ම් එක නම් සුපිරියි. අනිවා මේක බානව. සින්හල උපසිරසට බොහොම ස්තුතියි සහෝ.

  2. එල්.සී. දමැල්

    නියමයි
    උපසිරසට තුති
    ජය

  3. Kulanjana Maduranga

    niayamai…thanks VARUNA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  4. thilina

    meka patta film eka mn meka podi kale balala tiynva 2 times .ayooo dan apahu balnna venva neh meka

  5. “චූටී මල්ලි”

    ඉස්සර බැලුවා
    සබට තුති
    ඔබට ජය......

  6. අදිත ප්‍රවීන්

    ගොඩක් ඉස්සර බලපු පට්ටම ෆිල්ම් එකක් තමයි .
    බොහොම ස්තුතියි වරුණ අයියා සබට .

  7. Darshana

    King kong man ada baluwe :D heta meka balanawa ^_^ thanks...

  8. kavinda

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

  9. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට…

  10. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  11. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    අනේ හම්මේ, වරූ අයියා පරණ උනත් සුපිරි ෆිලුමක සබ් එකක් ගෙනල්ලා.
    නිකමටවත් කිව්වේ නෑ නේ, මේකට සබ් කොරනවා කියලා.
    බැලුවා කියලා මතකයක් තියෙනවා
    හරියටම ෂුවර් නෑ
    ඒ කෙසේ වෙතත් සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    ජයෙන් ජයම වේවා!!!

  12. Jack

    නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  13. රොයිලි

    බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  15. හසන්ත මාලිංග

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම සබ් දාන්න ශක්තිය ධෛර්යය කාලය ලැබේවා. :D
    ජය වේවා.. :D

  16. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  17. nidi

    Waruna, oya sub kala filmswalin 5k beluwa onna. parana wunath asawen bala inn puluwan film ekak. thanks!

  18. akhila upendra

    තැන්ක්ස් වරුණ.... හොඳ ෆිල්ම් එකක්..... ආසාවෙන් බලන්න පුළුවන් පවුලේ ඔක්කොමලා එක්ක....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.