ඔන්න ඉතින් යාලුවනෙ අවුරුදු දෙකකට පස්සෙ ඒ කියන්නෙ 2017 සැප්තැම්බර් මාසෙට පස්සේ ආයෙත් මං සිංහල උපසිරැසියක් අරගෙන ආවා. ඉස්සෙල්ලම කියන්න ඔනේ හසා අයියා තමා ඉතින් ෆිල්ම් එක වෙන්කරල දුන්නෙ. විමා අයියත් සබ් වගයක් දුන්නා කරන්න. තැන්ක්ස් දෙන්නටම. මං නම් වැඩිය ෆිල්ම් බලන කෙනෙක් නෙමේ ඉතින් ටිවි සිරීස් තමා ඉතින…

ඔන්න ඉතින් යාලුවනෙ අවුරුදු දෙකකට පස්සෙ ඒ කියන්නෙ 2017 සැප්තැම්බර් මාසෙට පස්සේ ආයෙත් මං සිංහල උපසිරැසියක් අරගෙන ආවා. ඉස්සෙල්ලම කියන්න ඔනේ හසා අයියා තමා ඉතින් ෆිල්ම් එක වෙන්කරල දුන්නෙ. විමා අයියත් සබ් වගයක් දුන්නා කරන්න. තැන්ක්ස් දෙන්නටම. මං නම් වැඩිය ෆිල්ම් බලන කෙනෙක් නෙමේ ඉතින් ටිවි සිරීස් තමා ඉතින් පන්න පන්න බලන්නෙ.. කලාතුරකින් තමා ෆිල්ම් එකක් බලන්නෙ. ඔහොම ඉද්දි හම්බිච්ච ෆිල්ම් එකක් තමා මේ Monsoon Shootout කියන්නෙ. YouTube Trailer එක බලද්දිම නිකන් අමුතුයි. මේ ෆිල්ම් එක ඉස්සෙල්ලම නිකුත් වෙලා තියෙන්නෙ 2013දි. IMDb Rate එක 6.5ක්. ඒවගේම මේ ෆිල්ම් එකෙ අධ්‍යක්ෂවරයා තමයි අමිත් කුමාර්. එයාම තමයි කතාව ලියලත් තියෙන්නෙ. ප්‍රසිද්ධ නළු Vijay Varma, Nawazuddin Siddiqui, Neeraj Kabi යන අය තමයි ඉන්නෙ. Nawazuddin ඉන්නවා දැක්ක ගමන් හිතුනා ෆිල්ම් එක අමුතුයි කියල. ඔයාල scared games TV Series එක බලනවා නම් ඒකෙ ගයිතොන්ඩෙයි විදිහට ඉන්නෙ Nawazuddin.
YouTube Trailer එක ගැන කියන්නම්කො. මෙන්න මෙහෙම සීන් එකක් තියෙන්නෙ. පොලිස් නිලධාරියෙක් අපරාධකාරයෙක් පස්සෙ පන්නලා ගිහින් අල්ලගන්නවා. අල්ලගත්තම අපරාධකාරයට වෙඩි තියන්න අවස්තාවක් එනවා. YouTube Trailer එකෙ එච්චරයි තියෙන්නෙ සාරංශයක් විදිහට. යුටියුබ් විඩියො එක ඉවරවෙලා විඩියො එකෙ තවත් විඩියො දෙකකට ලින්ක් දෙකක් දෙනවා. ඒ තමයි වෙඩි තියනව කියල තීරණය කරනවා නම් ඊට අදාල විඩියෝ එක. අනිත් එක වෙඩි තියන්නෙ නැ කියල තීරණය කරනවා නම් ඒට අදාල විඩියො එක. ඉතින් මං වෙඩි තියනවා කියල තෝරගත්තොත් වෙඩි තිබ්බම වෙන්නෙ මොනාද කියල අදාල විඩියො එකෙන් පෙන්වනවා. අනිත් එකෙ වෙඩි තිබ්බෙ නැත්නම් මොනවා වෙයිද කියල පෙන්වනවා.
ටිකක් අමුතුයි නේද.මේ මොන trailer ජාතියක්ද?
හරි ඔන්න එහෙනම් මං කතාවට එන්නම්කො. මේ කතාවේ ඉන්නවා පොහොසත් ව්‍යවසායකයන්ගෙන් කප්පම් ගන්න සෙට් එකක්. ඒගොල්ලො කරන්නෙ සල්ලි දුන්නෙ නැත්නම් අදාල කෙනාව මරල දානවා. ඒකට ඔය මිනිස්සු මරන්න යන්නෙ ශිවා කියල කෙනෙක්. විශේෂත්වය තමයි මේ මනුස්සයා මිනිමරන්නෙ පොරවකින්. පොර කියන්නෙ තුවක්කුවකින් වෙඩි තියන්න ඔනෙ එකෙක්ට පුලුවන්ලු. ඒත් ඒකෙන් මිනිමරන්න හිතේ හයියක් ඔනේලු.
ඒ වගේම මේ කතාවේ පොලිසිය පැත්තෙන් ඉන්නවා ඛාන් කියල පොලිස් නිලධාරියෙක්. ඛාන්ට අපරාදකාරයෙක් හම්බුනාම කවදාවත් පොලිසියට අරන් යන්නෙ නැ… පොරව මරල දාල මොකක් හරි සීන් එකක් කියනවා. අපරාදකාරයා ගාව තුවක්කුවක් තිබ්බා.. වෙඩි තිබ්බා. ඔය කතාව තමා කියන්නෙ. ඒ වගේම පරිවාස කාලේ ඉන්න නිලධාරියෙක් ඉන්නවා මෙන්න මේ නිලදාරියා කරන දේවල් මත තමා කතාව තීරණය වෙලා තියෙන්නෙ. සාරංශයක් විදිහට කිව්වොත් පොලිසියයි ශිවායි අතර වෙන ගැටුමක් තමයි තියෙන්නෙ. ඒත් ඔයාල හිතන දේ නෙමෙ වෙන්නෙ ෆිල්ම් එකෙ. ඒක බලන්නම ඔනේ. ඒ වගේම තමා මේ ෆිල්ම් එකෙන් ලොකු පාඩමක් කියල දෙනවා.
“අපි ජීවිතයේ කරන එක තෝරාගැනීමක් හින්දා ඕනෑම දෙයක් වෙනස් වෙන්න පුලුවන්. තෝරාගැනිම හින්දා මුලු කතාවම උනත් කනපිට පෙරලෙන්න පුලුවන්. ඒ වගේම තමා සමහර දේවල් තියෙනවා අපි තොරාගැනීම කොහොමකරත් කාටහරි වන්දි ගෙවන්න වෙනවා. ඒ හින්දා තමන්ගෙ ජිවිතය පිලිබදව තීරණයක් ගද්දි හොදට හිතල ගන්න ඔනේ!”එහෙනම් හැමොටම ජයවේවා! ලිපිය බොරින් වගේද මන්ද. කමෙන්ට් එකක් දාගෙන යන්න යාලුවනෙ. ෆිල්ම් එක ගැන මොකද ඔයාල හිතන්නෙ බලලා ඉවර වෙලාම කියන්නකො. ඒ වගේම මේ වගෙ අමුතු ෆිල්ම් සිංහල උපසිරැසි නැති ෆිල්ම් තියෙනවා නම් කියන්න. ම්ං පුලුවන් වෙලාවට උපසිරැසි කරන්න බලන්නම්.😊✌️

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
2,938 downloadsDownload Monsoon-Shootout-2017.zip14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධි (තාඕ) මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-03-18
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බුද්ධි (තාඕ) මිහිරංග
Subtitles
16 comments
හසිත මධුෂාන්
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) ..
ජය වේවා.!!Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!madusrp1
The Driver (2019). me film ekata sub eka dipanko machan. supiri zombi ekak
Suranjan
Thanks machan.....jayawewa......!
dimuthuc2
Thanks bro. Keep it up!
sampath n perera
thanks brother
nish47
ස්තූතියි සහෝ
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Saranga J. Liyanagama
Thanks
Pavi
thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shaggie
Thnks mchn
melinda
thank you
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
ශසිත් සඳරුවන්
සබට තුති වේවා!
දිගටම සබ් දෙමු ආ...
ජය!
Advertisement
![Monsoon Shootout (2017) with Sinhala Subtitles | මෝසම් වෙඩි තැබීම [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/11/Monsoon-Shootout-2017.jpg)

සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!