Oru Jaathi Jaathakam (2025) Sinhala Subtitles ආයුබෝවන්, රේටිං ටිකක් අඩුයි වගේ තමා. ඒත් මේක අත අරින්න බැරි චිත්‍රපටියක් නිසා උප සිරැසිය දුන්නා. ඇත්තටම කියනවා නම් මේක බලන්නම ඕනෙ මලයාලම් රොමැන්ටික් කොමඩියක්. කිසි වෙනසක් නෑ අපේ සමාජයටත් මේක කෙලින්ම අදාළ කර ගන්න පුළුවන්. බොහෝ විට ඔබේ කතාවත් වෙන්න පුළුවන…

Oru Jaathi Jaathakam (2025) Sinhala Subtitles

ආයුබෝවන්, රේටිං ටිකක් අඩුයි වගේ තමා. ඒත් මේක අත අරින්න බැරි චිත්‍රපටියක් නිසා උප සිරැසිය දුන්නා. ඇත්තටම කියනවා නම් මේක බලන්නම ඕනෙ මලයාලම් රොමැන්ටික් කොමඩියක්. කිසි වෙනසක් නෑ අපේ සමාජයටත් මේක කෙලින්ම අදාළ කර ගන්න පුළුවන්. බොහෝ විට ඔබේ කතාවත් වෙන්න පුළුවන්.

කසාද බඳින එක කොච්චර අමාරුද කියල තේරෙන්නෙ මේකෙ ප්‍රධාන චරිතය ඒ කියන්නෙ ජයේශ්, එයා කියන හැටියට මම්බරාතු ජයේශ් මනමාලියක් හොයන්න කන කට්ට දැක්කම. ජාතිය ආගම කුලය පෙනුම අධ්‍යාපන සුදුසු කම් රැකියාව එකී මෙකී සේරම එක්ක දාහක් කොන්දේසි එක්ක හඳහනත් ටක්කෙටම ගැලපෙන කුල කාන්තාවක් හොයා ගන්න කරන උත්සාහයෙන් වාසිය තියෙන්නෙ එයාට කපු කම් කරන මංගල ආයතනයට විතරයි. එයාම කියන හැටියට එයා ඒකේ දිගු කාලීන ගණු දෙනු කාරයෙක්.

ඉතිං මෙයා ගෙදරට නාකි වෙන කල්ම මනමාලියො හොයන එක තමා කතාව.එයාට එක එක අකරතැබ්බ වලට මූණ දෙන්න සිදුවන හැටි සහ අන්තිමට මොකද වෙන්නෙ? ඇත්තටම දෙදෙනෙක්ගෙ ගැලපෙන්න ඕනෙ මොකක්ද? ආ අමතක උනා ඒ අස්සෙ තවත් නූතන සමාජයෙ පවතින තවත් කාරණාවක් ගැනත් මේකෙ කතාව යනවා. කොහොම උනත් සමාජයට හොඳ පණිවිඩයක් දෙන කතාවක් මේක.

විනීත් ශ්‍රීණිවසන් මේකෙ ප්‍රධාන චරිතය රඟපානවා. නිකිලා විමල්, බාබු ඇන්තනි ඇතුළු පිරිසක් මෙහෙ රඟපානවා. එම් මෝහනන්ගෙ චිත්‍රපටයක් මට හිතා ගන්න බෑ මේ ටොපික් එක ගැන මලයාලි ප්‍රේක්ෂකයො එච්චර උනන්දු නොවුනෙ ඇයි කියල. ඔයාල බලලම කල්පනා කරන්න.

එහෙනම් තව ලස්සන උපසිරැසි කීපයක් සමග හමු වෙමු

Oru Jaathi Jaathakam (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ-HDrip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

2,965 downloadsDownload Oru-Jaathi-Jaathakam-2025.zip72 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Oru Jaathi Jaathakam (2025) Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

2,965 downloadsDownload Subtitles72 KB

1 comment

  1. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ඉල්ලීම ලබා දුන්නට
    Anpodu Kanmani ෆිල්ම් එකත් සලකලා බලන්න
    ජය වේවා!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.