Watch Trailer

Paa (2009) with Sinhala Subtitles | තාත්තගෙයි පුතාගෙයි කථාව… [සිංහල උපසිරැසි සමග]

හසන්ත මාලිංග සොහොයුරා විසින් එවන ලද ලිපිය… සැබෑ ජීවිතයේ තාත්ත සිනමා පටයේ පුතා වෙලා සැබෑ ජීවිතයේ පුතා සිනමා පටයේ තාත්ත වෙලා. ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන් රංගනයෙන් දායක වන සිනමා පටයක් තමයි අද අරගෙන ආවෙ. සිනමා පටය නම් ටිකක් විතර පරනයි හැබැයි රසවත්. ඒ නිසාම ගොඩක් අය මේ…

 

හසන්ත මාලිංග සොහොයුරා විසින් එවන ලද ලිපිය…

සැබෑ ජීවිතයේ තාත්ත සිනමා පටයේ පුතා වෙලා සැබෑ ජීවිතයේ පුතා සිනමා පටයේ තාත්ත වෙලා. ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන් රංගනයෙන් දායක වන සිනමා පටයක් තමයි අද අරගෙන ආවෙ. සිනමා පටය නම් ටිකක් විතර පරනයි හැබැයි රසවත්. ඒ නිසාම ගොඩක් අය මේ වෙනකොට බලලත් ඇති. කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් ලස්සන සංවේදී කතාවක්.

IMDb දර්ශකයේ නාට්‍ය සහ කොමඩි ලෙස වර්ගීකරණය කර ඇති පැය 2යි මිනිත්තු 13ක් පුරා දිවෙන මෙම සිනමා පටය R. Balki කියන අධ්‍යක්ෂවරයා විසින් තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. 2009 දෙසැම්බර් 04 වැනිදා ඉන්දියාව ඇතුළු තවත් රටවල් 4කදී ප්‍රදර්ශනය ඇරඹි මෙහි ප්‍රධාන නළුවන්ගේ චරිත ලෙස රංගනයෙන් දායක වන්නේ මම කලින් කිව්ව වගේ ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන් විසින් වන අතර ප්‍රධාන නිලිය ගේ චරිතය ජනප්‍රිය නිලි විද්‍යා බාලන් විසින් රඟ දක්වනවා. 2010 වසරේ ජාත්‍යන්තර ඉන්දියානු සිනමා ඇකඩමි සම්මාන උළෙල, 2010 Filmfare සම්මාන උළෙල වගේම තවත් 2010 පැවති ඉන්දියානු සම්මාන උළෙල දෙකකදී මෙම සිනමාපටය වෙනුවෙන් අමිතාබ් බච්චන් වසරේ හොඳම නළුවා සම්මානය දිනාගන්නා අතර ප්‍රධාන නිලිය ලෙස රංගනයෙන් දායක වන විද්‍යා බාලන් වසරේ හොඳම නිලිය සම්මානයත් හිමිකරගන්නවා. එය අමිතාබ් බච්චන් ජාත්‍යන්තර ඉන්දියානු සිනමා ඇකඩමි සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානය ලබාගත් 3 වන අවස්ථාව වන අතර Filmfare සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත් 5 වන අවස්ථාවයි. IMDb දර්ශකයේ හොඳම ඉන්දීය සිනමා පට 250 අතර 203 වන ස්ථානයේ පසුවන මෙම සිනමා පටය මේ වන විට IMDb දර්ශකයේ 7.1/10 ක අගයක් දිනාගන්නට සමත්වෙලා තියෙනවා. පෙර පළවූ ලිපියෙන් රන්දික පෙරේරා සහෝදරය කතාව ගැන ලස්සන විස්තරයක් එක්ක ලිපියක් දීල තියෙන නිසා මම කතාව ගැන කියන්න යන්නෙ නෑ. ඉතිං බලපු අයටයි නොබලපු අයටයි හැමෝටම සිංහල උපසිරැසි එක්කත් බලන්න කියල ආරාධනා කරනව.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක්!

 

රන්දික පෙරේරා සොහොයුරා විසින් පළකරන ලද පෙර ලිපිය…

මම අද මේ අරගෙන ආවේ ලොවම මවිත කළ ඉන්දියාවේ සුපිරි නළුවෙක් වන අමිතාබ් භච්චන් රඟපාන චිත්‍රපටියක්. මෙය IMDB හී 7.6 ලබා ගත් අනර්ඝ නිපැයුමක්. හොදම කථාවට Cheeni Kum මඟින් 2008 දී නම යෝජිත වූ අර්. බාල්කීගේ අධ්‍යක්ෂණයෙන් හා තිර පිටපත ලිවීමෙන් මෙම කථා මාලාව පණ ගැන්වෙයි.

මෙහි කථාව ගැන කියනවනම්, මේ කථාව පටන්ගන්නේ අමෝල් (අභිෂේක් භච්චන්) නැමැති දේශපාලකයා පාසලකට තෑඟී බෙදාදීමට පැමිනෙන උත්සවයකින්, මෙහිදී අනර්ඝ නිර්මාණයක් තැනූ ළමයා දැකීමෙන් කම්පාවට පත්වෙන දර්ශණයකින්. දැන් අපි හැරෙමු මේ ළමයා දිහාට, අවුරො (අමිතාබ් භච්චන්) නැමැති අවු12 වයස වූ නමුත් කලාතුරකින් ඇතිවන්නා වූ රෝගයක් වන progeria ( මේ රෝඟය ගැන ) නැමැති රෝඟයෙන් පෙලෙන බුද්ධිමත් ළමයෙක්. මෙම රෝඟය නිසා මොහුගේ පෙනුම අවු 50 ක 60ක ආකාරයට පත්වෙයි. මෙයට ප්‍රතිකාර නොමැත. ඔහු ජීවත් වෙන්නේ තම මව හා තම මවගේ මව සමඟයි. මෙහි ඉතිරි ටික කියන්න යන්නේ නෑ මම මොකද මෙන්න මේකෙන් මේකේ පෙර දසුන බලන්න කෝ පියා ගැන දැන ගන්නයි. ළමයා ගැන වැඩි තොරතුරු දැන ගන්නයි මේක බාන්නම වෙනවා…

 

 

Paa (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Paa – DVDRip – XviD – 1CDRip –

Paa 2009 Hindi 720p BRRip CharmeLeon Silver RG

ලබා දී ඇති උපසිරසිය DVDRip සහ BRRip පිටපත් සඳහා අදාළ වේ.

3,793 downloadsDownload Paa-2009-BR.zip123 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,793 downloadsDownload Subtitles123 KB

51 comments

  1. spnd

    niamai aiya mama me movie 1 baluwa ela adenawa...meka hoda copyyakda????

  2. patha

    පට්ට ෆිල්ම් එක!

  3. Enri

    අයියෝ 700mb කොපියක් නැද්ද?

  4. Tharindud

    ela ela

  5. maneesh

    baami

  6. Peter

    Is this the Hindi version of Benjamin Button?

  7. රන්දික පෙරේරා

    අපේ දමිල මිත්‍රයන් වෙනුවෙන් මම ඔවුනට සුභ තයිපොන්ගල් උත්සවයක් ප්‍රාර්ථනා කරනවා...

    කමන්ට් දාපු හැමෝටම ස්තූතී....!!

    ජය වේවා...!!!

  8. Vishwa

    Thanx machan....

  9. kathu

    ඊයෙ රෑම download කලා. දැන් බලන්නයි තියෙන්නෙ...එළකිරි...!!

  10. සුභාෂ්

    onna baanna damma . .. thnkoo wewaa . ..

  11. Uraj Deemantha

    හෆ්ෆා කාලෙකින් හින්දි ෆිල්ම් එකක් බැලුවේ නෑ...... :( බාලම බලමු.....!! :)

  12. රංබංඩා

    Where can I find subtitles?

  13. Gihan

    maru mareeeeeeeeeeeeeeeee maru machan........

  14. රොයිලි

    @ රන්දික පෙරේරා,
    අහ් අදත් එල ෆිල්ම් එකක් ගැන ලියලා නේද සහෝ. එල එල ජයවේවා කිව්වා.

    @ රංබංඩා,
    සබ් torrant එකේම තියෙනවා මචෝ. :)

  15. kosala

    thankkkkkkkkkkkkkkkkkkkkkkksss

  16. :::SlaPp3r:::

    නියමයි සුපිරි ෆිල්ම් එකක්...බොහෝම ස්තූතියි...ගෝල සහෝ පුළුවන්නම් පොඩි ඉල්ලීමක් තියනවා... AVATAR(2009) තියෙනවනම් ඉක්මනට දෙන්න...

  17. shiwantha

    honda film ekak kiyala hithenawa dl wenna damma.thanx machan

  18. රංබංඩා

    ඉස්තුතීයි රොයිලි මචෝ.

  19. රන්දික පෙරේරා

    කමන්ට් දාපූ හැමෝටම ස්තූතී...

    ආයිමත් මම මේ කියන්නේ අතාරින්න එපා, මේ චිත්‍රපටිය ඇත්තටම අපුරූ ණිර්මාණයක්. නොබාපු කට්ටිය බාගෙන බලන්න.

    රොයිලි සහෝ දන්නවානේ මම වේලාව හම්බ වුනොත් මම බයිස්කෝප් එකට නොලියා ඉන්නේ නෑ... (එදා මම කීව චිත්‍රපටි 5න් 2ක් රොයිලි සහෝදරයා ඵල කළා. ඔන්න මම කීව ඉතිරි 3නෙන් 2ක් දැනට ඵළ කලා. තව තව එනවා ඉදිරියට... ;) )

    ජය වේවා...!!!

  20. Madu

    niyami ayya!bohoma isthuthee...

  21. mahen

    තැන්කියු මම බැවා නියමයි

  22. kathu

    Site එක අලුත් කරලා තියෙන්නෙ...!! අපූරුයි...

  23. Priyantha

    eka film eka

  24. AL1717

    Ela kiri Mekath Bagannawa Thankssssss

  25. Anonymous

    ela

  26. kamal gayan

    best film ekak a.......

  27. prami

    එළ film එක.බලලා හුග දවසක්.comment කරන්න පහු වුනාට sorry.

  28. basuru

    maxa maxa sahodarayini

  29. Janaka

    ela film 1ka. Royli,My Name is Khan denne nadda sinhala sub ekka.

  30. mn

    thanks....
    nice film...........

  31. nuwan

    sinhala subtitle nadda....

  32. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  33. Lahiru

    Meke Sinhala Subtitle Dennako

  34. nidi

    parakku wela wunath kamak nehe. hindi notherena api wage ayatath balanna mekata sinhala subs denawada? please!

  35. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  36. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  37. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ලස්සන පිලුමක්. ඒවගේම තමා අමිතාබ්ගෙ ඇක්ටින්. සබත් ආය ලෙසටම ඇති. බයිස්කෝප් අංක එක. බොහෝම පිං.

  38. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  39. අසිත

    lassan kathawak balanna

  40. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  41. Thisara Neo

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  42. කවි

    උපසිරසියට ස්තුති !

  43. samanmali

    Lafzon Ki Kahani (2016),Half Girlfriend (2017) sub plz..

  44. Daredevil

    Death at a Funeral මේ film සෙට් එකටත් සබ් ඕන මචන්.. ඉක්මනට දෙන්නකෝ..

  45. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. NElson

    Me File eka torrent walin download wenne nahaneee
    Kauruhari kiyanawada reason eka
    mama goda dawasak try kala

  47. Ashan Lakshitha

    Thanks saho. Puluwan nm Raajneeti (2010) film ekatath sub dennako...

  48. Shadow

    Elama...

  49. Anonymous

    cheeni kum full movie ekath dannako

  50. Dilhara

    Me link ek wed ne. ayet denn puluwand?

    1. Hiran Ganepalla

      ගැටලුව නිවැරදි කලා සහෝ. නැවත උත්සාහ කරන්න.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.