Watch Trailer

Paradise (2024) Sinhala Subtitles | අදුරු පාරාදීසයේ රාවණා සංචාරය [සිංහල උපසිරැසි]

බයිස්කෝප්වාසින් ට සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං අරගෙන ආවෙ 2024 ජූනි 28 වන දින තිරගත වූ ඉන්දියන් – ශ්‍රී ලංකා සම නිෂ්පාදනයෙන් හැඩවුණ සිනමාපටයකට උපසිරැසිය රැගෙනයි. මේ මගේ පස්වෙනි මලයාලම් උපසිරැසිකරණයයි. මේ සිනමාපටය අධ්‍යක්ෂණය කලේ, අපේ ලාංකීය සිනමා වංශකතාවේ විශිෂ්ඨතම අධ්‍යක්ෂකවරයෙක් වන ප්‍රසන්න වි…

බයිස්කෝප්වාසින් ට සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං අරගෙන ආවෙ 2024 ජූනි 28 වන දින තිරගත වූ ඉන්දියන් – ශ්‍රී ලංකා සම නිෂ්පාදනයෙන් හැඩවුණ සිනමාපටයකට උපසිරැසිය රැගෙනයි. මේ මගේ පස්වෙනි මලයාලම් උපසිරැසිකරණයයි.

මේ සිනමාපටය අධ්‍යක්ෂණය කලේ, අපේ ලාංකීය සිනමා වංශකතාවේ විශිෂ්ඨතම අධ්‍යක්ෂකවරයෙක් වන ප්‍රසන්න විතානගේ මහතායි. ඒ වගේම මේ සිනමාපටය ඉදිරිපත් කලේ මනි රත්නම් හා සිවා අනන්ත් යටතේ පවතින Madras Talkies බැනරය යටතේ යි. ඒ වගේම මේ සිනමා පටය නිෂ්පාදනය කලේ  Newton Cinema විසින්.

ඒ වගේම Roshan Mathew, Darshana Rajendran හා ලාංකීය විශිෂ්ඨ නළුවන් වන ශ්‍යාම් ප්‍රනාන්දු හා මහේන්ද්‍ර පෙරේරා මේ සිනමාපටයේ රංගනයෙන් දායක වෙනවා. ඔවුන්ගේ රංගනයත් මේ සිනමාපටයේ බොහො ඉහලින් කැපි පෙනෙන්නට තිබුනා. එ වගේම සුමිත් ඉලංගෝ(ශ්‍රී) ද මෙහි රංගනයෙන් දායක වෙනවා.

ඒ වගේම මේ සිනමාපටය බොහො සම්ම්මාන සදහා නිර්දේශ වූවා. 28 වෙනි බුසෑන් අන්තර්ජාතික සිනමා උලෙළේ දී Kim Jiseok සම්මාණය ප්‍රසන්න විතානගේ මහතා දිනාගනු ලැබුවා.ආසියානු සිනමාවෙ  වෙසූල් අන්තර්ජාතික සිනම උලෙළේ දි ප්‍රසන්න විතානගේ මහතා Golden Cyclo සම්මානයට නිර්දේශිත නාම අතරට ගිය අතර, Prix du Jury Lycéen සම්මානය දිනාගන්නා ලදී.

28 වෙනි බුසෑන් අන්තර්ජාතික සිනමා උලෙළේ දී Kim Jiseok සම්මාණය ප්‍රසන්න විතානගේ මහතා දිනාගත් මොහොත

ඒ වගේම ආසියානු සිනමා උලෙලේදී සම්මාන කීපයක් සදහාම නිර්දේශ විය.

  • හොදම සිනමාපටය
  • හොදම අධ්‍යක්ෂණය – ප්‍රසන්න විතානගේ මහතා
  • හොදම සංස්කරනය – ශ්‍රීකර් ප්‍රසාද්
  • හොදම තිර රචනය – ප්‍රසන්න විතානගේ හා අනුෂ්ක සේනානයක

New York Indian Film Festival නිව්යෝර්ක් ඉන්දියානු සම්මාන උලෙළේ දී ද සම්මාන කීපයකට මේ සිනමාපටය නිර්දේශ වුනි.

  • හොදම අධ්‍යක්ෂණය – ප්‍රසන්න විතානගේ
  • හොදම නළුවා – රොෂාන් මැතිව්
  • හොදම නිළිය – දර්ශනා රාජේන්ද්‍රන්

FIPRESCI Grand Prix 2023 දී හොදම සිනාමපටය සදහාත් නිර්දේශ විය.  Las Palmas de Gran Canaria International Film Festival දී හොදම සිනමාටය යන සම්මානය දිනා ගන්නා ලදී.

එහෙම නම් සිනාමාපටයේ කතාව දෙසට හැරෙමු. ඔයාලා හැමෝම දන්නවානේ 2022 දි ලංකාව ලොකු ආර්ථික අරබුධයකට මුහුණ දුන්නා. ඉතිං ඒ කාලේ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ අපේ රටේ වුන දේවල් ටිකක්. ඉතිං ඒ වගේ කාලෙකත් අපේ පාරාදිසය හොයාගෙන ආපු ඉන්දියානු සංචාරක යුවලකට අත් විදින්න වුන ඛේදනීය ඉරණමක් ගැන තමා මේ කතාව ගලාගෙන යන්නේ. 

එහෙම නම් මේ සිනමාපටය නරඹන්න කියලා මං ඔයාලාට ආරාධනා කරනවා. තවත් මෙ වැනිම උපසිරැසියකිං ඔබ හමුවන තෙක් ඔබ සැමටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.

 

https://en.wikipedia.org/wiki/Gentleman_(1993_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.

5,900 downloadsDownload Paradise-2024.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,900 downloadsDownload Subtitles27 KB

6 comments

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි රවිදු සහෝ උපසිරැසියට

  2. Mano

    Godak sthuthi..Jaya wewa!

  3. mindika

    Thanks !!!

  4. Pradeep

    prappeda (2024) මලයාලම් ෆිල්ම් එකට අනිවා සබ් එක ඕන

  5. Aravinda

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.