එකෝමත් එක කාලයක බොලිවුඩ් සිනමාවෙ බොහොම සුන්දර නළුවෙක් හිටියා. ඒ හාදයා රඟපාන හැම ෆිල්ම් එකක් වගේම සුපර් හිට් උනා. බොලිවුඩයේ ආදරවන්තයා විදියට ලේබල් ගැහිච්ච මේ හාදයා නිසා වයස් භේදයක් නැතුව ෆිල්ම් හෝල් අතුරු සිදුරු නැතුව පිරිලා ගියා. සමහර ෆිල්ම් වල නම් කියද්දි ඒ ෆිල්ම් එකේ කතාව අකුරක් නෑර මතකයෙන් කියන්…

එකෝමත් එක කාලයක බොලිවුඩ් සිනමාවෙ බොහොම සුන්දර නළුවෙක් හිටියා. ඒ හාදයා රඟපාන හැම ෆිල්ම් එකක් වගේම සුපර් හිට් උනා. බොලිවුඩයේ ආදරවන්තයා විදියට ලේබල් ගැහිච්ච මේ හාදයා නිසා වයස් භේදයක් නැතුව ෆිල්ම් හෝල් අතුරු සිදුරු නැතුව පිරිලා ගියා. සමහර ෆිල්ම් වල නම් කියද්දි ඒ ෆිල්ම් එකේ කතාව අකුරක් නෑර මතකයෙන් කියන්න පුළුවන් තරමේ උන්මාදනීය රසිකයන් පිරිසක් මේ නළුවා වටේ එකතු උනා. හැබැයි අවාසනාවකට Chennai Express චිත්‍රපටයෙන් පස්සෙ තමන්ගෙ රසිකයන් වෙනුවෙන් දැනෙන දෙයක් දෙන්න මේ නළුවට බැරි උනා. 2013 වසරෙන් පටන්ගත්ත මේ අසාර්ථකත්වය 2018 වෙනකොට බොහොම උච්චතම තැනකට ඇවිල්ලා මේ නළුවගෙ අන්තිම චිත්‍රපටය Flop එකක් උනා. එච්චර තමයි. එතනින් පස්සෙ 2023 වෙනකම් මේ නළුවා ප්‍රධාන රංගන දායකත්වය සපයන කිසිම චිත්‍රපටයක් ප්‍රේක්ෂකයන්ට දැකගන්න අවස්ථාවක් ලැබුනෙ නැහැ. එක පිට එක ලැබුණු දරුණු අසාර්ථක වීම් මැද, වසර 5කට ආසන්න දීර්ඝ නිහැඬියාවකට පස්සෙ මෙන්න ඔහු එනවා. මොකද උනේ කියලා මේ වෙද්දිත් අපි හැමෝම දන්නවා.

Shah Rukh Khan. එහෙමත් නැත්නම් අපි ආදරයට කියන්නෙ King Khan කියලා. එදා මෙදා තුර භාරත දේශය විසින් නිෂ්පාදනය කරපු දැවැන්තම Global Brand එක විදියට Shah Rukh Khan හැඳින්වූවොත් මම හිතන්නෙ මම වැරදි නැහැ. අවුරුදු 4-5කට පස්සෙ කරලියට ආපු මේ හාදයා ෆිල්ම් හෝල් ටික රත් කරලා, එදා මෙදා තුර බොලිවුඩ් සිනමාවෙ බහුතරයක් බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා සුන්නද්දූලි කරලා දැම්මේ තමන් තවමත් බොලිවුඩයේ රජු කියලා මුළු ලෝකයටම පෙන්නන ගමන්ම, තමන් අසාර්ථක වෙනකම් බලාගෙන හිටපු පිරිසට රත්වෙන්නම හොඳ කනේ පහරක් එල්ල කරමින්.

පඨාන් ෆිල්ම් එක ගැන කියනවා නම් මේක ඇවිල්ලා දුර්භීක්ෂ සමයක වැටුණු වැස්සකට සමානයි. මොන තරම් හොඳ හින්දි චිත්‍රපට ආවත්, මොන තරම් සල්ලි කන්දක් යට කරලා හින්දි ෆිල්ම් ආවත්, ඒ කිසිම ෆිල්ම් එකකට බැරි උනා ප්‍රේක්ෂකයා ෆිල්ම් හෝල් එකට ගෙන්න ගන්න. හින්දි සිනමාවෙ පතාක යෝධයෝ වෙච්ච සල්මාන්, අමීර්, රිතීක්, රන්බීර් වගේ හැමෝම තම තමන්ගෙ උපරිමයෙන් උත්සාහ කරත් මේ ව්‍යසනය නවත්තගන්න ඒ කාටවත් බැරි උනා. කොටින්ම කියනවා නම් නිෂ්පාදකවරු හින්දි ෆිල්ම් වලට අතගහන්න දෙගිඩියාවෙන් ඉන්න වෙලාවක තමයි ෂාරුක් තමන්ගෙ Comeback එක දෙන්නෙ. The King is Back to Save His Kingdom! මේ තමයි මට දෙන්න පුළුවන් එකම නිර්වචනය. වසර 30කට ආසන්න කාලයක් තිස්සෙ තමන් බොහොම පරිස්සමෙන් රැකගෙන, ආරක්ෂා කරගෙන ආපු හින්දි සිනමාව රැකගන්න කිං ඛාන් තමන්ගෙ අන්තිම වගේම බලවත්ම තුරුම්පුව වෙච්ච පඨාන් පාවිච්චි කලා කිව්වොත් වරදක් නැහැ. හැබැයි මේක තනි සටනක් නෙමෙයි. රජා විදියට ශාරුක් සටනට බහිද්දි බොලිවුඩයේ අනිත් සගයන්ගෙන් ශාරුක්ට බොහොම හොඳ සහයෝගයක් ලැබුණා. විශේෂයෙන්ම, යාශ් රාජ් ෆිල්ම්ස්ලා එයාලගෙ Spy Universe එකත් මේ වෙලාවෙම නිවේදනය කරලා ප්‍රේක්ෂකයන්ගෙ කුතුහලය උච්චතම තැනකට ගේන්න ලොකු කාර්‍ය භාරයක් කළා.

YRF Spy Universe. සමහරවිට මේක වෙන්න පුළුවන් බොලිවුඩ් රසිකයෙක්ට මෑත ඉතිහාසයේදී අහන්න ලැබිච්ච ප්‍රීතිමත්ම ආරංචිය. යශ් රාජ් චිත්‍රපට නිෂ්පාදකයෝ මේ වෙද්දි නිළ වශයෙන්ම නිවේදනය කරලා තියෙනවා Tiger චිත්‍රපට මාලාවේ සල්මාන් ඛාන් – කත්‍රිනා කායිෆ් සහ, War චිත්‍රපටයේ රිතීක් රෝෂන් සහ පඨාන් චිත්‍රපටයේ ශාරුක් ඛාන් – දීපිකා පදුකෝන් යන බොලිවුඩයේ දැවැන්තම නළු නිළියන් සමගින් ඔවුන්ගේ මෙම චිත්‍රපට සියල්ලම එකතු කරමින් සිනමා විශ්වයක් නිර්මාණය කරන බව. මේක රසිකයන්ගෙ පැත්තෙන් වගේම සිනමාව පැත්තෙන් ගත්තත් දැවැන්ත පිම්මක්. නිකමට හිතලා බලන්න, හින්දි සිනමාවේ ලොකුම තරු බලයක් තියෙන, හින්දි සිනමාවේ බලවත්ම චරිත 5ක් එකම චිත්‍රපටයකින් දකින්න ලැබුනොත් කොහොම තියේවිද කියලා. ඉතිං, ඒ සැලැස්මේ ආරම්භයක් විදියට පඨාන් චිත්‍රපටය වෙනුවෙන් ඉහත නම් සඳහන් කරපු දැවැන්ත චරිතයක් විනාඩි 15-20ක ක්‍රියාදාම පිරිණු Extended Cameo එකක් තුලින් බලාගන්න රසිකයන්ට අවස්තාව ලැබිලා තියෙනවා. ඒ වගේම, මේ වසරේම නිකුත් වෙන්න නියමිත Tiger 3 චිත්‍රපටය වෙනුවෙන් පඨාන් විදියට ශාරුක් සම්බන්ධ වෙනවා කියලා මේ වෙද්දි නිළ වශයෙන් තහවුරු කරලා තියෙන්නෙ. සමහරවිට Tiger 3 චිත්‍රපටයේ අවසානයට කබීර් විදියට රිතීක් රෝෂන්වත් ගෙනෙල්ලා Spy Universe එකේ ප්‍රධාන චරිත 5 ම අතිශය ප්‍රථම වතාවට ප්‍රේක්ෂකයා හමුවට ගෙන්න යශ් රාජ්ලා ප්ලෑන් කරනවා වෙන්නත් පුළුවන්. හැබැයි, එහෙම දෙයක් වෙනවා නම් ඒ චිත්‍රපටය මෙතුවක් කාලෙකට හින්දි සිනමාවෙ හැම රෙකෝඩ් එකක්ම කඩනවා වගේම, මේ වගේ දැවැන්ත ප්‍රධාන තරු 5ක් එකම චිත්‍රපටයකින් දැකගන්න ලැබෙන අතිශය ප්‍රථම අවස්තාව විදියට බොලිවුඩ් සිනමා ඉතිහාස පොත් වල රන් අකුරින් ලියවේවි.

පඨාන්ගෙ කතාව ගැන මං මුකුත්ම නොකියා ඉන්නම්. හැබැයි, පඨාන් ගැන මගේ අවංක අදහස මෙහෙම කියන්නම්. පඨාන් කියන්නෙ පට්ටම ෆිල්ම් එකක් නම් නෙමෙයි. හැබැයි, බලන කෙනාට හොඳ විනෝදාස්වාදයක් දෙන විදියට හදපු හයි බජට් මාස් ෆිල්ම් එකක්. පොඩි පොඩි අවුල් තිබ්බත් සමස්තයක් වශයෙන් පවුලේ සැමට එකට ඉඳගෙන, කිසිම අවුලක් නැතුව බොහොම විනෝදෙන් බලන්න කාලෙකින් ආපු හොඳ ෆිල්ම් එකක් විදියට පඨාන්ව හඳුන්වන්න පුළුවන්. ෆිල්ම් එක පුරාම ශාරුක්ට අමතරව කැපී පෙනිච්ච අනිත් චරිතය තමයි විලන් විදියට ආපු ජෝන් ඒබ්‍රහම්. කාලෙකින් හින්දි සිනමාවෙන් දැකපු පවර්ෆුල්ම විලන් කෙනෙක් විදියට පඨාන් ෆිල්ම් එකේ ජෝන් ඒබ්‍රහම් රඟපාන් ජිම් චරිතය හඳුන්වලා දෙන්න පුලුවන්. පඨාන්-ජිම් දෙන්නගෙ එකිනෙකා පරයන ඇක්ෂන් සීක්වන්ස් ටික ෆිල්ම් හෝල් එකකින්ම බලාගන්න තිබ්බා නම් තමයි වටින්නෙ. ඒ වගේම පට්ටම බැක්ග්‍රවුන්ඩ් මියුසික් වැඩ කෑලි ටිකක් එක්ක ෂාරුක්ගේ සහ ජෝන්ගෙ එන්ට්‍රි දෙක නම් නියම බොලිවුඩ් සිනමා රසිකයන්ට නම් කාලෙකට අමතක වෙන එකක් නැහැ.

එහෙනම්, මගේ කතාව අවසන් කරන්නම්. 2015 වර්ෂයේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම කරනකොට හිතේ තිබුනෙ එකම එක හීනයක් විතරයි. කවදාහරි ෂාරුක්ගේ ෆිල්ම් එකකට උපසිරැසියක් කරන එක. අවුරුදු 8කට පස්සෙ අද ඒ අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන් උනා. ඒකත්, ෂාරුක්ට වගේම සමස්ත බොලිවුඩයටම අතිශය තීරණාත්මක චිත්‍රපටයකින්. ඉතිං, වසර 8ක උපසිරැසි ජීවිතේ පුරාවට, උපසිරැසි 148ක් පුරාවට බලාපොරොත්තු වෙච්ච හැමදෙයක්ම වගේ ලැබුනා. බොහෝ දුරට මේ තමයි උපසිරැසිකරුවෙකු විදියට මගේ ගමනේ අවසානය. වැඩ රාජකාරීත් එක්ක උපසිරැසි ගැන්වීම් වෙනුවෙන් කාලයක් වෙන්කරන්න බැරි තරමට කාර්‍ය බහුල වෙලා දැන්. දැන් ඉන්න අලුත් පරපුරේ සමහර වෙබ් අඩවි වල ක්ෂණීක උපසිරැසිකරුවො වගේ නෙමෙයි, දීපු හැම උපසිරැසියක්ම චිත්‍රපටය බල බල, දෙබස් එකින් එක අහ අහා, එකින් එක ගලප ගලප පරිවර්තනය කරලා තමයි උපසිරැසි 148ක් ඔබ වෙතට ගෙනැල්ලා තියෙන්නෙ. සමහරවිට 148 පොඩි ඉලක්කමක් කියලා හිතේවි. හැබැයි, ඒ 148 වෙනුවෙන් මගේ ජීවිතෙන් වැය කරපු පැය ගාණ, විනාඩි ගාණ බැලුවොත් ඒක නම් කවුරුවත් හිතනවට වඩා ලොකු අගයක් ගනීවී. උපසිරැසිකරණය කියන්නෙ මට දෙවනි පවුලක් හදලා දීපු තැන. ඒ සහෝදරකම් අදත්, හෙටත්, හැමදාමත් ජීවිතේ තියෙනකම් තියේවි. මේ උපසිරැසිකරුවෙක් විදියට සමුගැනීමක් විතරයි. බයිස්කෝප් පවුල වෙනුවෙන් අවශ්‍ය ඕනම වෙලාවක, ඕනම තැනක මම ඉඳීවි. කාටහරි වචනෙකින් හරි හිත රිදුණා නම් සමාවෙන්න ඕනෙ. සමහර වෙලාවට වැරදි තැන් තදින් විවේචනය කරලා ඇති. ඒ වෙලාවට මගේ ලිපි වලින් ලියවිච්ච අකුරු තද වැඩි වෙන්න ඇති. අදින් පස්සෙ මගෙන් එහෙම විවේචන එන එකක් නැහැ. මගේ ලිපි දිග වැඩියි, කියවන්න බෑ කියලා කාගෙන්වත් මැසිවිලි එන එකක් නෑ. එහෙනම්, අරුමයකින් හරි අපි කවදාහරි දවසක නැවත හමුවෙන්න ලියවිලා තියෙනවා නම් මේ විදියෙ උපසිරැසියකින් නැවත හමුවේවි. එහෙම නැත්නම්, මේ තමයි සමුගැන්ම. දුකක් නැහැයි කියන්න බැහැ. හැබැයි, සතුටින් නවතින්නම්. ආයුබෝවන්!

ප.ලි : HD පිටපතේ පොඩි පොඩි කොටස් කීපයක් වැඩිපුර තියෙනවා හෝල් කොපියට වඩා. ලොකු දෙයක් නම් නැහැ. ඒ වගේම, නිදි මරාගෙන ඉඳලා HD පිටපතක් ආපු ගමන් මට දැනුම් දීලා, සබ් එක Sync කරගන්නත් ලෝභ නැතුව උදව් කරපු රවිඳු හේෂාන් මල්ලිටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනෙ.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
pathaan sinhala sub

76,337 downloadsDownload Pathaan-2023-Sinhala-Subtitle.zip54 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

76,337 downloadsDownload Subtitles54 KB

82 comments

  1. Dinesh Priyankara Lamahewa

    Download link ekak nane
    Baiscopedownloads eketh film eka ne....

    1. Ravindu_Heshan

      දැණ් දාලා තියෙන්නෙ සහෝ

    2. sachintha

      සිංහල උපසිරැසියට ස්තූතියි සිසිල සහෝ..
      ජය...

      උපසිරැසි වලින් අයින් වෙනවා කිවුව එකට නම් පට්ට අවුල් බන්..

  2. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසි දෙනකල්මයි බලන් හිටියේ. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඒ වගේම ඉදිරියටත් උපසිරැසි කරන්න කාලය ශක්තිය ලැබෙන්න කියලා පාර්තනා කරනවා. ජයවේවා!

  3. Anonymous

    තැන්ක්ස් ලොක්කා

  4. මයුර

    සබට බොහොමත්ම තුති සහෝ. ඉස්සරහටත් අපිට ශක්තියක් වෙන්න.

    ජීවිතේ හැම යහපත් වැඩ කටයුත්තක්ම සාර්ථක වේවා

  5. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි සිසිල සොයුර ..........

    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

  6. Naveen Mbr

    මේක සමුගැන්මක් නෙවෙයි කියලා හිතනවා. ඔයාගේ පෞද්ගලික ජීවිතයේ වැඩ රාජකාරි සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි වෙනුවෙන් තවත් උපසිරැසි අරගෙන එන්න කාලය ලැවේවා කියලත් පතනවා. බොහෝම ස්තූතියි සිසිල අයියේ!

  7. Pavith Wijesooriya

    ගැම්මක් තමයි

  8. Pavith Wijesooriya

    මේක සමුගැන්මක් කියල හිතන්නේ නෑ අයියේ. ආයේ අනිවා හමුවේවී.

  9. හේමන්ත

    ස්තුතියි සිසිල...
    කරපු / කරන සේවය අද්විතීයයි...
    ස්තුතියි බයිස්කෝප්...

  10. oshanda

    ammo lokka.. kalekin... thanks hode

  11. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි සිසිල සහෝ
    මම බයිස්කෝප් පවුලට සම්බන්ධ උන මුල් කාලේ හොඳ ෆිල්ම් ගැන දැනුවත් කරලා
    මට දීපු සප් එකනම් කවදාවත් අමතක වෙන්නේ නෑ. ඒ නිසයි මටත් අද මෙච්චර දුරක් එන්න ලැබුනේ.
    මට වගේම තවත් උපසිරසිකරුවන්ට ඔයා මෙහෙම උදව් කරලා ඇති.
    කවුරු කොහොම කිව්වත් ඔයා ලියපු අලංකාර ලිපි අපි ආසාවෙන් කියෙව්වා
    ඒවා දිග මදි උනා මිසක් වැඩි වෙලානම් නෑ.
    සමුගැනීමක් නෙමෙයි ආපහු ලස්සන ලිපියක් එක්ක 150* කඩයිමෙන් හම්බෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
    නැවතත් බොහෝම ස්තූතියි... ජය වෙවා !

  12. dilan

    thx bro

  13. Kevin D...

    Thanks...

  14. Vidu

    "දැන් ඉන්න අලුත් පරපුරේ සමහර වෙබ් අඩවි වල ක්ෂණීක උපසිරැසිකරුවො වගේ නෙමෙයි, දීපු හැම උපසිරැසියක්ම චිත්රපටය බල බල, දෙබස් එකින් එක අහ අහා, එකින් එක ගලප ගලප පරිවර්තනය කරලා තමයි උපසිරැසි 148ක් ඔබ වෙතට ගෙනැල්ලා තියෙන්නෙ. සමහරවිට 148 පොඩි ඉලක්කමක් කියලා හිතේවි. හැබැයි, ඒ 148 වෙනුවෙන් මගේ ජීවිතෙන් වැය කරපු පැය ගාණ, විනාඩි ගාණ බැලුවොත් ඒක නම් කවුරුවත් හිතනවට වඩා ලොකු අගයක් ගනීවී."

    මෙන්න මේ කතාව නම් 1000000% ක් ඇත්ත.ෆිල්ම් එක ඇවිල්ලා පැය කිහිපයකින් අනික් පැත්තට ගූගල් ට්‍රාන්ස්ලේටරේ දාලා දෙන කට්ටිය දැන් ඉන්නේ. ක්ෂණික උපසිරැසි කරුවන්ටම හරියන්න දැන් වෙනම ෆෑන් බේස් එකකුත් ඉන්න එකේ කොලිටියට සබ් දාල වැඩක් නෑ දැන්. තමන්ගේ වටිනා කාලේ තමන්ගේ වැඩකට යොදාගන්න එක තමයි හොදම වැඩේ.

    සිසිල බොසාට ජය හා සතුට...

  15. Malith

    Hy

  16. Chaminda

    මෙතෙක් කලක් අපිවෙනුවෙන් වුනු මහන්සියට තුති. නවතින්න එපා ඔතනින්. අපිවෙනුවෙන් නැවත එන්න...❤️❤️❤️❤️❤️❤️

  17. Anonymous

    Thanks

  18. Ravindra

    Thanks

  19. Dasitha

    Thank you for your valuable service brother. Good Luck

  20. විමා

    සබට භෝම ස්තුතියි බන්.

    ආවොත් යන්නම වෙනවා
    ගියොත් ආයේ එන්න පුළුවන්..
    ඒ නිසා ගිහින් එමු ඈ... :)

  21. Yash

    Thanks brother
    Thank you sooo much for everything.

  22. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    තවත් පිරිසකගේ සිනමා රසවින්ඳනය වෙනුවෙන්ම තමන්ගේ වටිනා කාලය මහන්සිය කැපකරලා සිංහල උපසිරැසියක් නිර්මාණය කරලා ඉතාමත් ඉක්මනින්ම එම උපසිරැසි නිර්මාණය රසවින්ඳනය ලබන්නට එය බලාපොරොත්තුවෙන් සිටින අයට ලබාදීලා එමඟින් ඔවුන් ලබන රසවින්ඳනය දෙස බලාසිටිමින් සතුටු වෙන්න පුළුවන්නේ බොහෝම අතලොස්සකට විතරයි! ඔබත් ඒ අතලොස්ස අතරින් එක් කෙනෙක්! ඒ වගේම පෞද්ගලිකව මට බයිස්කෝප් සිංහලෙන් පවුලේ ඉන්න සහොදරයෙක් හොඳ මිතුරෙක් සහ කාර්යශූර්ය උපසිරැසිකරුවෙක් විදියට අවිවාදයෙන්ම හඳුන්වලා දෙන්න පුළුවන්! කිසිම ලාභ අපේක්ෂාවකින් තොරව අනුන් වෙනුවෙන්ම කැපවී ඔබ මේ කල මෙහෙවරට වචන වලින්ම අගයක් දෙන එකත් ලොකු අභියෝගයක් අවසාන වශයෙන් ඔබගේ අනාගත යහපත් සිතුම් පැතුම් ඔබ පැතු ආකාරයෙන්ම ඉෂ්ට සිද්ද වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා!

  23. Nisal

    ek tha tiger eka br update karanawada

  24. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  25. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  26. තාරක නුවන් දිල්හාර

    උපසිරැසියට ස්තුතියි...! ෆිල්ම් එක නම් හෝල් එකේ බැලුවා...
    ආයේත් සබ් එකත් එක්කත් බැලුවා... Extended Scene සමගම..
    You can forget the cinema, but you can't ignore SRK.
    උපසිරැසිකරණයේ අවසානය අරක මේක කියලා ලියලා තියෙනවා, විකාර..
    බයිස්කෝප් එකේ කොහේද අන්තිම සබ් එක කියල එකක්. :v
    වැඩ අඩු කාලෙක, ආයේ දවසක හමුවෙමු..! මේ අවකාශය තුලම..!
    ජයෙන් ජය!!!!

  27. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    සමුගැනීම තාවකාලික එකක් වේවායි පතමි....!
    මේ මම වගේ පොඩි විවේකයක් අරන් වැඩ අඩු කාලයක් ආවාම ආයෙ පටන්ගමු සහෝ...

  28. Hashan

    Thnx sagor for the sub ❤️❤️

  29. Buddhika Lakmal (laKMal)

    ...බොහෝම ස්තූතියි උපසිරැසියට...
    සබ් 148ක් නිදිමරාගෙන මහන්සිවෙලා අපි වෙනුවෙන් ගෙනාපුවට බොහෝම ස්තූතියි....

  30. ishan

    thnx machn sub ekta

  31. සාරංග J ලියනගම

    Thanks

  32. Sew

    උපැසිරැසියට බොහොම ස්තූතියි !

    All time fav SRK ගේ කම්බැක් එක නිසා 1st day first show මේක 3 පාරක් බැලුවා. ඒ වගේම ෆෑන්ස්ලාඑක්ක තියටර් චියර්කරකර එන්ඩ් එකට ඩාන්ස් කරකර බැලුවා.
    දැන් මේ extended version එකත් බලනවා.

    ආයෙම සබ් එකකින් හමුවෙමු නේ
    ෂාරුක්ගෙම ජවාන් එක්ක

  33. viraj

    thanks.........

  34. Thimal

    Thanks machan.. sub ekata.. jaya wewa machn... ❤️

  35. Manu

    Godaak sthuthi..Jaya wewa!

  36. Anonymous

    Dear Silila Malli,

    Thank you very very much for your service for gave us till today. I wish you very all the best and your dreams may come true. Good luck brother and stay safe. Thank you again..

  37. Sanindu Lakkitha

    අවුරුදු ගානකට පස්සේ අද බයිස්කෝප් එකට ආවා. ඇයි කියලා කියන්න තරම් විශේෂ හේතුවක් නෑ. නිකමට හිතිලා ආවේ. ඒ එනකොට පඨාන් එකට සබ් එක දීලා. හැබැයි එකේ සිංහලෙන් ගහලා තිබ්බ ටයිටල් එක දැකලා පොඩි දෙගිඩියාවක් ආව නිසා තමා ලිපිය කියවන්න ආවේ. බැලින්නම් සිසිල අයියගෙ අන්තිම සබ් එක. දෛවය හරි පුදුමයි

    ෆිල්ම් එකක් හරි විදියට රසවිදින එක ගැන මම ඉගෙන ගත්තේ බයිස්කෝප් එකෙන්. බයිස්කෝප් එක නොතිබුනානම් අදටත් ෆිල්ම් පහ හයක් එකට ගහපු ඩීවීඩී එකකින් කරන්න වැඩක් නැති කමට ෆිල්ම් එකක් බලන කෙනෙක් විතරක්ම වෙන්න තිබුනා. හැබැයි දැන් ඊට වඩා සෑහෙන්න ඉස්සරහට ඇවිත් ඉන්නවා. ඒ හැමදේකට ස්තූති කරන්න ඕනි දේවල් අතරේ උඩින්ම ඉන්නේ බයිස්කෝප් එක. රොයිලි අයියගෙන් පටන් ගත්තාම සිය ගානක් වෙච්ච බයිස්කෝප් උපසිරස දුන්න හැමකෙනාටම ඒ ස්තුතිය යන්න ඕනි. ඒ අතරිනුත් උඩින්ම ඉන්න කෙනෙක් තමා සිසිල ප්‍රසාද්. ආටිකල් එකේ කියලා තියෙනවා වගේ සබ් තියෙන්නේ 148ක් උනාට ඒ ටිකේ කොලටි එක ගැන කියන්න වචන නෑ.

    ස්තුති, අපි වෙනුවෙන් වැය කරපු ඒ හැම විනාඩියකටම සහ සිනමා වගේම සමස්ත කලාවම බල්ලට ගිහින් තියෙන රටක මිනිස්සුන්ගේ ඔලුව ටිකක් නිදහස් වෙන්න ඒ මිනිස්සුන්ට තේරෙන භාශාවෙන් ලෝක සිනමාව පරිවර්තනය කරලා දුන්නට.

    - සනිදු ලක්ඛිත ®️ -

  38. Migara Bamunusinghe

    great work. Thanks lot

  39. Anonymous

    tnx bro

  40. Anonymous

    Super

  41. අචින්ත

    සබ් එකට බොහෝම ස්තූතියි සහෝදරයා.
    පුළුවන් වුණාම ආයෙ එමු..ජයම වේවා සහෝදරයා!

  42. Tharaka

    Thanks for every sub you gave to us...!!!

  43. Tharaka

    Thanks for every sub you gave to us...!!!
    wish you all the best broo..!!!

  44. Bobee

    Thanxx for your service bro Yo Yo

  45. Dasun

    Hats off to you for your precious time and energy. Wish you all the best for future...

  46. chinthaka.max4

    thanks machan

  47. krishan

    film eka download karanna link ekak nadda

  48. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  49. chanaka.n.k

    thanks bn..............

  50. Lasantharathnasirirox

    බොහෝම ස්තූතිය..,web කොපියකට sub දෙනකං හිටියෙ..ජයවේව..බුදු සරණයි..!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.