ආයුබෝවන් ඔබ සැම දෙනාටම. මෙවරත් මම ඔයාලට රැගෙන ආවේ මලයාලම් සලරුවක්ම තමයි. මේක මගේ තුන්වන උපසිරැසි ගැන්වීම. තෝරාගත්තේ Pathemari(2015) කියන ෆිල්ම් එක. මේකට රගපාන්නේ Mammootty කියන නළුවා. තවත් විදියකින් කියනවා නම් Dulquer Salmaan ගේ තාත්තා. නළුවා නම් පරණයි තමයි. එහෙමයි කියල නොබලා ඉන්නෙපා. රංගනය විශිෂ්ට…

ආයුබෝවන් ඔබ සැම දෙනාටම. මෙවරත් මම ඔයාලට රැගෙන ආවේ මලයාලම් සලරුවක්ම තමයි. මේක මගේ තුන්වන උපසිරැසි ගැන්වීම. තෝරාගත්තේ Pathemari(2015) කියන ෆිල්ම් එක. මේකට රගපාන්නේ Mammootty කියන නළුවා. තවත් විදියකින් කියනවා නම් Dulquer Salmaan ගේ තාත්තා. නළුවා නම් පරණයි තමයි. එහෙමයි කියල නොබලා ඉන්නෙපා. රංගනය විශිෂ්ටයි. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Salim Ahamed විසින්.
ෆිලුම ගැන කියනවා නම්, IMDB අගය 8.4/10ක් විදියට තමයි සටහන් වෙන්නේ. ෆිල්ම් එක අයිති වෙන්නේ Drama කියන කාණ්ඩයට. 1960 ගණන්වල වගේ දුප්පත් මිනිස්සු බෝට්ටුවෙන් තමයි බොහෝවිට රැකියාවක් හොයාගන පිටරට ගියේ. එහෙම මිනිස්සු අරගන ගිය රුවල් බෝට්ටුවට කියන නමක් තමයි මේ පත්තේමාරි කියන්නේ. ඒ විදියට රට යනකොට මුණ දෙන දුෂ්කරතා මොනවද, එහෙ ගිහින් වැඩ කරන්නේ කොයි විදියටද, සල්ලි හොයාගන්න කොයි තරම් මහන්සි වෙනවද, ගමේ අය, පවුලේ අය කියන්නේ මොනවද, හිතාගන ඉන්නේ මොනවද, අන්තිමේට දරුවන්ගෙන් පවුලේ අයගෙන් මේ අයට ලැබිය යුතු නම්බු නාම ආදරේ ලැබෙනවද මේ සියල්ලම මේ ෆිල්ම් එක පුරාවටම නියමෙටම පෙන්නලා තියනවා. ඇත්තටම හොඳ කතාවක් කියන්න පුළුවන්. බොහොම සුළු පිරිසක් තමයි මලයාලම් චිත්‍රපට බලන්නේ. නමුත් ඔබ බැලුවොත් අනෙක් ඉන්දියානු චිත්‍රපටි වල නැති විශේෂත්වයක් ඔබට පෙනේවි. මන්ද මලයාලම් ෆිල්ම්වල එයාලා ඇත්ත ඒ විදියටම පෙන්නනවා. ගහනකොට උඩ ගිහින් වැටෙන සීන් එහෙම දකින්න ලැබෙන්නේ අඩුවෙන්. අනික පරිසරය බොහෝ විට අපේ ලංකාවේ පරිසරයට සමානයි. ඒ නිසා අපිට ඒක දැනෙන ප්‍රමාණය වැඩි.
දැන් මේ මොහොතේ මේ ලිපිය කියවන අය සමාජයේ විවිද තරාතිරම් වල ඉන්න පුළුවන්. නමුත් ඔබ දැන් ඉන්න මට්ටමට ඔබට ඒමට සමහර විට ඔබ පොඩි අවදියේ දී ඔබේ අම්මා හෝ තාත්තා මැදපෙරදිග වැඩ කළා වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් අයියා අක්කා හෝ පවුලේ ඥාතියෙක් වෙන්නත් පුළුවන්. නමුත් ඔබෙන් අද ඔවුනට ලැබිය යුතු දේ ඔබ ලබා දුන්නද. සමහර විට ඔබ ලබා දෙන්න ඇති සමහර විට එහෙම නොදෙන්න ඇති. ඒ කොහොම උනත් ඔබට මේ ෆිලුම වඩාත් ගැලපෙනවා. අරගනම බලන්න. ඔබ එහෙම දුන්නේ නැත්තන් අනිවා ඔබ ඒ දේ දෙයි. දුන්න මදි වගේ නම් තව වැඩිපුර දෙයි. ඔබ ඔවුනට ආදරේ කරයි ගොඩක්. එහෙමත් නැත්තම් ඔබ පිට රටක ගොස් ඔබේ පවුල වෙනුවෙන් කැපවුන කෙනෙක් නම් ඔබට ඔබේ අතීතය සිහි වෙයි. සමහර විට ඔබට අඬයි. අරගනම බලන්න. ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Pathemari (2015) Malayalam DVDRip x264 AAC 5.1 E-Subs-MBRHDRG
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
777 downloadsDownload Pathemari-2015-Baiscopelk.com_.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SPD” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SPD
Subtitles
16 comments
Sisitha Harshana
prasad
godak stuti .
Amila Lakmal (Bandi)
ඔයා නිච් මාකට් එකකට සබ් කරන්නේ. මං ඒකට ගොඩක් ගරු කරනවා. මමත් ආසම මලයාලම්
මයුර සුරාජ්
අනේ “ සංචාරම්“ මලයාලම් චිත්‍රපටියටත් සබ් දෙන්නකෝ.මං ඒකට ගොඩා...ක් ආසයි
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.නිරෝෂ්
මල්ලි, කැත නැතුව පවුලත් එක්ක බලන්න පුලුවන් ලස්සන මලයාලම් ෆිල්ම් ටිකක් දෙන්නකෝ.
SPD
මේ ෆිල්ම් එක පවුලත් එක්කම බලන්න පුළුවන් එකක් සහෝ
SPD
මේ ෆිල්ම් එක පවුලත් එක්කම බලන්න පුළුවන් එකක් සහෝ
D.Chamara
bohoma sthuthi sahooo
aruna prasad
තෑන්ක්ස් මචන්..මලයාලම් එකක්නම් ආයෙ කතා දෙකක් නෑ සුපිරිම තමා..ඉස්සරහටත් සබ් කරන්න,ජය වේව!!
Kulanjana Maduranga
niayamai…malayalam films nm supiri ...thanks SPD saho..sub ekata..idiriyatath thawa malayalam films denn.jaya wewa……
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි…….!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hemantha De Silva
නියම එකක්....
Thanks P.S.D.
Thanks Bais...රිශාන්ත
Thanx brother
Advertisement

පතේමාරිත් දාලද, බලන්නම ඕනේ